Connect with us

Local

අති විශේෂ ගැසට්ටුවක් එයි.. දේපල රාජසන්නක කරන්න බලය ලැබේ…

Published

on

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කරන අයට දඩ නියම කිරීමටත් ඊට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටත් රජය විසින් නීති සකස් කර තිබේ.

අදාළ නීති ප්‍රතිපාදන සඳහන් විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

අදාළ පුද්ගලයන්ගේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වන නඩු විභාගයකින් පසුව ඔවුන්ගේ චංචල සහ නිශ්චල දේපළ රාජසන්තක කිරීමට සියලු බලතල හිමි වෙයි

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending