Connect with us

Woman

අහම්බෙන් ජීවිතයට මුණගැසෙන අය සමහර ජීවිත වෙනස් කරේ හිතා ගන්නවත් බැරි විදියට..

Published

on

සිහිනයේ සේයාරූ…. (අවංක ආදරයකින් දෙහදක් එකතු උනා….)

දෙවන කෙටි කතාව

“මචන් ටිකක් හිමින් යමන්කෝ බන්…පාරේ තව මිනිස්සු යනවා අපි විතරක් නෙවෙයි….”
“උබ බය නොවී ඉදපන් බන්…එහෙම අවුලක් නෑ..උබ හිතුවද මන් මේ පුරුදු වෙන්න වාහන ඩ්‍රයිව් කරනවා කියලා…”
“කියන දේ අහපන් සචින්.. කොහෙද උබට වාහනයක් අතට ගත්තම මුකුත් මතක නෑනේ…”
සචින් වාහනයේ වේගය වැඩි කරන්නට වූ නිසාවෙන් මලිඳු ඔහුට අනතුරු ඇගවීය….
“උබ බය නොවී ඉදපන් බන්..අයි කැන් මැනේජ් ඉට්…….”
“අනේ මන්දා බන් උබට කියන කට හොදයි……”
“අයියෝ මොකද බන් මේ…එන්ජෝයි කරපන්කෝ ටිකක්…”
“අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා උබ…”
එක පාරටම සචින් වාහනය නතර කලේය….
“ඕහ් මයි ගෝඩ්…”
“මොකද්ද සචින් උබ ඒ කරේ…යකෝ කෙල්ලෙක් නේද?….”
“කතා කර කර ඉදලා හරියන්නේ නෑ..බැහැලා බලමු….”
“මචන් කේස් එක ටිකක් සීරියස්…මෙයාට සිහියත් නෑ..ඉක්මනට හොස්පිට්ල් එකට අරන් යමූ…”
“හරි මචන් උබ වාහනේ ගනින්..මන් මෙයාව අරන් එන්නන්..”
සචින් තුවාලවී සිටි තරුණියව ඔසවාගෙන ඔහුගේ වාහනයට රැගෙන ආවේය….ඒ වන විටත් ඇයගේ හිසෙන් ලේ ගලන්නට විය…..

“මිස්ටර් සචින්..ප්ලීස් මෙතන ඔයාගේ සයින් එක දානවද?”
හෙදිය භාරකරු වශයෙන් සචින්ගේ අත්සන ලබා ගත්‍තාය….
“කොහොමද දැන් පේශන්ට….”
“දැන් ඩොක්ටර් ඒවි…ඩොක්ටර් එක්ක කතා කරන්න….”
“තැන්ක්යූ මිස්…”
හෙදිය පිටව ගියාය…..
“මොකද්ද සචින් මේ කරගත්තේ…බලපන් දැන් මොනවා වෙයිද…”
“උබ බය නැතුව ඉදපන් බන්…එයාට කරදරයක් වෙන්නේ නෑ….”
“අන්න ඩොක්ටර් එනවා. අපි කතා කරලා බලමූ…..”

“ඩොක්‍ටර් කොහොමද පේශන්ගේ තත්ත්වේ….”
“පුතා කලබල වෙන්න එපා…දැනට එයාට මුකුත් ප්‍රශ්නයක් නෑහ්….හැබැයි එයාට සිහිය එනකන් අපිට මුකුත් කියන්න අමාරුයි…. ඇක්සිඩන්ට් එකෙන් මොලේට හානියක් වෙලා තියනවා…..කොහොම උනත් මේකේ බලපෑමක් තියෙන්න පුලුවන්..අපි බලමූ එයාට සිහිය ආවම….”
“හරි ඩොක්ටර් තෑන්ක්ස්..”
සැත්කමෙන් පසුව ඔවුන් ඇයව සැරහුම් කාමරයෙන් වෙනත් කාමරයකට මාරු කලාය…

“සචින්…මේ අර ගර්ල්ගේ පර්ස් එක……..”
මලිඳු ඇයගේ බෑගයේ තිබුණු මුදල් පසුම්බිය සචින්ට පෙන්වීය..ඔහු ඇයගේ ජාතික හැදුනුම්පත සචින්ට දුන්නේය….
“මයුමි කළුපහන…”
“ලස්සන නමක් නේද බන්…”
“නම විතරක් නෙවෙයි සචින්…කෙල්ලත් මාරම ලස්සනයි….බලපන්කෝ හරියට ඉටි රූපයක් වගේ…”
“මේ වෙලාව ඕවා කතා කරන වෙලාවක් නෙවෙයි බන්…කොහොම හරි මේ ගර්ල්ගේ ගෙදර අයට මේක කියන්න ඕන……”
“එයාට සිහිය එනකන් ඉන්න වෙනවා මොනවා කරන්නත්…”
“ඔව් එයාට සිහිය ආවම ගිහින් කතා කරමූ….”

පසු දින මයුමිට නැවත සිහිය ලැබුනු බව දැනගත් සචින් ඇය බැලීමට රෝහලට ගියේය……
“නංගි ඔයාට කොහොමද දැන්..ප්‍රශ්නයක් නෑහ් නේද?….”
“මන් හොදින්…ඒ..ත්….ඔයා කවුද?…”මයුමි පුදුමයෙන් වගේ සචින්ගෙන් ඇහුවා..
“ආ…නංගි..මේ..මන්…සචින්…ඔයා ඇක්සිඩන්ට් උන වෙලාවේ මන් තමයි ඔයාව හොස්පිට්ල් එකට අරන් ආවේ…”
“ඇයි මට මොකද්ද උනේ…මන් මොකද මෙහේ කරන්නේ…අනේ…… මගේ ඔලුව පැලෙන්න වගේ….”
“හරි හරි නංගි….මුලින් ඔයා රිලැක්ස් වෙන්න..මන් ඔක්කොම ඔයාට කියන්නන්…..”
සචින් මයුමිගේ හිස අතගෑවේ දයාබර ලෙස ඇය දෙස බලමිනි…
“නංගි ඔයා කොහෙද..ගෙදර අය ගැන මට විස්තර ටිකක් කියන්න..ටෙලිෆෝන් නම්බර් එකක් නැද්ද….එතකොට අපිට පුලුවන් ඔයා ගැන එයාලට කියන්න…”
“මගේ ගෙදර අය….ඒ කවුද..කොහේද ඉන්නේ..අනේ මට මුකුත් මතක නෑනේ…”
මයුමි කෑගසමින් අඬන්නට විය….
“හරි හරි නංගි…ඔයා බය වෙන්න එපා..මන් ඉන්නවනේ..දැන් හොද ලමයා වගේ අඩන්නේ නැතුව ඉන්න……”
මයුමිට ඇගේ පරණ ජීවිතයේ කිසිවක් මතකයේ නොතිබුනි…..එය ඇක්සිඩන්ට් එක නිසා ඇතිවූ බලපෑමකින් සිදු වූවකි….
“ඒ කියන්නේ ඩොක්ටර්…..”
“ඔව් පුතා…එයාගේ මතකය නැති වෙලා…කවදා කොහොම ආයෙත් මතක් වෙයිද කියලා කියන්න අමාරුයි…..ඒක අද වෙන්නත් පුලුවන් හෙට වෙන්නත් පුලුවන් නැත්තන් මාසෙකින් මාස දෙකකින් ජීවිත කාලෙටම නැති වෙන්නත් පුලුවන්….”
වෛද්‍යවරයා මයුමිගේ තත්තවය පිළිබඳව පැහැදිලි කලේය..
“දෙයියනේ මන් මොකද්ද මේ කරේ…”
සචින්ට තමන් ගැනම කලකිරීමක් ඇති විය. තමාගෙන් සිදු වූ වැරැද්ද නිවැරදි කර ගැනීමට හැකිවේදැයි ඔහු බිය විය……

මයුමිගේ තත්ත්වය යහපත් වන තෙක් ඇයව රෝහලේ නතර කර ගත යුතුයැයි වෛද්‍යවරයා පැවසීය….ඇය පිළිබඳ කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය…….
“සචින් අපි මොකද්ද මචන් මේකට කරන්නේ…කෙල්ලට කිසිම දෙයක් මතක නෑනේ…”
“මොකද්ද උබ කිව්වේ…මට ඇහුණේ නෑ…”
“උබ මේ ලොකේ නෙවෙයිද බන් ඉන්නේ…”
සචින්ගේ හැසිරීමේ වෙනසක් ඔහුට තේරුණි…..
“කවුරු ගැනද බන් ඔච්චරටම කල්පනා කරන්නේ….තනියම හිනා වෙවී…පිස්සුද උබට…”
“ඔව් බන් මට පිස්සු…මයුමිව දැක්ක දවසේ ඉදන්….”

“මොනවද මිනිහෝ කියන්නේ..උබට ඇත්තටම පිස්සුද?…ඒ කෙල්ල ගැන අපි මුකුත් දන්නේ නෑ..අඩුම තරමේ ඒ කෙල්ලට එයාවවත් මතක නෑ …උබ මෙහේ පිස්සු කියවනවා…”
“ඉතින් ඒකට මොකද බන්…මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි…”
“මචන් සචින් විකාර කතා කරන්න එපා බන්…”
“මට උදව් කරපන් බන්….ප්ලීස් උබ මගේ යාලුවනේ….”
උබට හොදටම ශුවර්ද ඔය කරන්නේ හරි දෙයක් කියලා…”
“යා මචන් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ශුවර්…මන් එයාට ආදරෙයි බන්….ඇත්තටම ආදරෙයි….”
“හරි මචන් උබ කියනවනන් මගේ ෆුල් සපෝර්ට් එක මන් උබට දෙන්නන්…”
“තෑන්ක්ස් මචන්…තැන්ක්යූ වෙරි මච්…”
“හරි දැන් ඔය කතාව මයුමි දන්නවද…එයා උබට කැමති වෙයිද?….”
“එයා දන්නේ නෑ බන් හැබැයි එයා අකමැති වෙන එකක් නෑහ්..මන් එයාව මැරි කරලා ලස්සනට ජීවත් වෙනවා…”
“හරි එයා අකමැති උනොත්…”
“මට මගේ ආදරේ ගැන විස්වාසයි බන්..කෙනෙක්ට අවංකවම ආදරේ කරනවනන් ඒ ආදරේ අපිට ලැබෙන එක කාටවත් නතර කරන්න බෑ….”
“හරි මචන් උබේ කැමැත්තක්….දැන් කවද්ද ඕක කියන්නේ කෙල්ලට…”
“මන් හෙටම යනවා බන්…උදේම ගිහින් කියනවා…….”
“මාත් එන්නන් උබත් එක්ක යන්න…හෙට උදේම යමූ….”

සචින් පසුදා උදේම රෝහලට ගියේ ඔහුගේ හිතේ මයුමි වෙනුවෙන් ඇති වුනු ආදරය ප්‍රකාශ කිරීමටයි…..නමුත් ඒ වන විට ඇය පෙනෙන්නට නොසිටි නිසාවෙන් සචින් කලබලයට පත් විය…
“ඩොක්ටර් අර ඇඳේ හිටපු පේශන්…..”
“ආ……මයුමි නේද…සුභ ආරංචියක්…එයාට පරණ දේවල් ඔක්කොම මතක් උනා…මන් කිව්වේ එයාගේ මතකය කවදා කොහොම ලැබේවිද දන්නේ නෑ කියලා…ඒත් වාසනාවට එයාගේ මතකය ආයෙත් ලැබුනා……
“ඩොක්ටර් ඒ කියන්නේ එයා…”
“ඔව් මේ දැන් එයාගේ පවුලේ අය ඇවිත් එයාව එක්කන් ගියේ….”
“හරි ඩොක්ටර් තැන්ක්යූ වෙරි මච්….මන් ඉක්මනටම එන්නන්…”
ඔහු ඇයව සොයාගෙන වේගයෙන් දිව ගියේ රෝහලේ සිටි අයවද පුදුමයට පත් කරමිනි….

“මයුමි……..ඔහොම නතර වෙන්න….”
ඇය ඔහු දෙස හැරී බැලුවේ ඔහුගේ කටහඩ අදුරගත් නිසාවෙනි…
“අයියා…….”
ඇය සචින් ලගට දිව ආවාය….ඇයගේ ඇස්වල කදුලු පිරී තිබුනි….
“අයියා….මන් හිතුවා ඔයා මාව හොයාගෙන එයි කියලා….”
මයුමි එසේ කියමින් සචින්ට තුරුලු විය….
“මට දෙයක් කියන්න තියනවා…”
“ඔව් කියන්න….මටත් දෙයක් කියන්න තියනවා..”
“මුලින් මන් කියන්නන්….”
සචින් ඇය ලග දණගසා ඇයගේ අත අල්ලා ගත්තේය…..
“මන් ඔයාට ආදරෙයි මගේ පිස්සු කෙල්ලේ… බැරිද මට හැමදාටම ඔයාගේ අයිතිකාරයා වෙන්න හ්ම්ම්…..”
ඇය කදුලු පිරුණු ඇස් වලින් ආදරණීය ලෙස සචින් දෙස බැලීය….
“මාත් දෙයක් කියන්නද”
“හ්ම්ම් කියන්න…”
“මාත් ඔයාට ආදරෙයි මගේ පිස්සු කෝලම…..බැරිද හැමදාටම ඔය හදවත මට තියාගන්න දෙන්න…මන් පරිස්සං කරන්නන් හැමදාටම… “
“අද ඉදන් මගේ හදවත විතරක් නෙවෙයි හැමදේම මගේ චූටි මැණිකට විතරමයි…….”
ඔයාගේ ආදරේ කවදාවත්ම අඩුවක් කරන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න පුලුවන්ද?
“සත්තකින්ම….කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ….මේ හදවත ගැහෙන්නේ එක්කෙනෙක් වෙනුවෙන්….ඒ ඔයා විතරමයි….
සචින් ඇයගේ නළල මත හාදුවක් තැවරුවේ දැනෙන නොදැනෙන පරිදිය….

(මේ කතාව නෝට් පෑඩ් එකේ ලියලා ගොඩක් කල්…. මට කතාවේ අවසානය කොයි විදියට අවසාන කරනවද කියලා හිතා ගන්න බැරි උනා…මේකේ අන්තිම සංවේධීව ඉවර කරනවද නැත්තන් සතුටු හිතෙන විදියට ඉවර කරනවද කියලා ගොඩක් හිතුවා…..මන් ලියපු කතාවල ආදරවන්තයෝ කවදාවත් එකතු වුනේ නෑ…මේ කතාවත් එහෙම අවසන් කරන්න ඕන කියලා හිතුවා….ඒත් වෙනසකටත් එක්ක මේ කතාවේ ආදරවන්තයෝ එකතු කරා ගොඩක් අයගේ ඉල්ලීමට…..නැත්තන් කියවන අය හිතයි මන් මහා ආත්මාර්ථකාමී, ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් කියලා…)

ඔයා කෙනෙක් ලග නතර වෙලා…… ඒ කෙනාගෙන් ඔයා බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙනවා කියලා ඔයාට ඇත්තටම දැනෙනවා…….එහෙනන් ඒ කෙනාව කවදාවත්ම අතාරින්න හිතන්නවත් එපා….මොකද මේ ලෝකේ දැනෙන්න ආදරේ කරන්න පුලුවන් ඒ හිතේ අවංකවම ඔයාගේ රූපේ විතරක්ම ඇඳලා ඒ රූපේ චුට්ටක්වත් මැකෙන්න නොදී පරිස්සම් කරන අයට විතරයි…

රැඳෙනා හිතේ සුසුමක් තරම්….
සංසාරෙම හුරු ඒ සුවඳේ පැටලිලා…..
මගේ ජීවන ගමනට ඔය හිත ඉගි කලා…..

✍ඉඳුසරා කරුණාරත්න

Click to comment

Leave a Reply

Your email address will not be published.

Woman

රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර… 9 වන කොටස…

Published

on

8 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

💘ස්නේහ වර්ෂා…💘

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර…)

9 වන කොටස…..

දින සති ගෙවෙමින් කාලය ගත වූයේ අධ්‍යාපන කටයුතුවලටද වැඩි අවධානයක් යොමු කරමිනි….පාසලේ අධ්‍යාපන කටයුතු වලට අමතරව භාහිර පන්තිවලද අධ්‍යාපනයටද සියල්ලන්ම කාලය වැය කළහ…..

සාරන්‍යාගේ හිත නොසන්සුන්තාවයක පවතී….ඒ කිසිවෙක් නොමැතිව තනිවම ගමේ සිටින ඇයගේ මව පිළිබඳවයි….පියාත් නොමැතිව ඇය තමාව කොයිතරම් හොඳට බලා ගත්තේ ද….. උපන්දාසිට කෙදිනකවත් තම පියාව නොදුටු තමාට පියාගේ ආදරය ලබා දුන්නේ අම්මා ය.. ඇය හැකි උපරිමයෙන් තමාගේ ඉගෙනීම් කටයුතුවලට උදව් කළාය.. කඩයප්පම් විකුණමින් කෙසේ හෝ එදිනෙදා වියදමට මුදල් සොයා ගත්තාය….සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ විභාගය සඳහා ගමේ පාසලටම යෑමට තමා කැමැති බව කීවත් ඇය පැවසුවේ ඊට වඩා කොළඹ ලොකු ඉස්කෝලෙකට ගොස් තමාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිම කරගන්නා ලෙසටය.. ඒ සඳහා සියලු වියදම් තමා කෙසේ හෝ සොයා දෙන බවට ඇය පොරොන්දු වූ හැටි සාරන්‍යාට මතක් විය… කෙසේ හෝ තම මවගේ බලාපොරොත්තු ඉටු කරන බවට ඇය තරයේ සිතා ගත්තාය….

“මොනවද බං ඔය තරම් කල්පනා කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද…..”
සඳලිගේ හඬින් ඇය පියවි සිහියට පැමිණියාය……
“මුකුත් ප්‍රශ්නයක් නෑ බං…. මට අම්මා මතක් උනා… මෙහෙට ඇවිල්ලා මාව ඇරලලා ගියාට පස්සේ අම්මා ආවෙත් නෑ මට යන්න උනෙත් නෑ ….”
සාරන්‍යා දුක් මුසු ස්වරයෙන් පැවසුවාය…..
“අම්මට කොහොමත් මෙච්චර දුර එන්න බෑනේ…. අනිත් එක තමයි ස්කෝල පටන් අරන් ලොකු කාලෙකුත් නෑ …..”
“ඒක තමයි සඳලි … මට හිතෙනවා අම්මව ගිහින් බලලා එන්න…මේ දවස් වල ක්ලාස් දිගටම …. කිසිම නිවාඩුවක් නෑ…..”
“ඒක නං ඇත්ත බං.. ටර්ම් ටෙස්ට් එකත් ලඟයි නේ ..හැබැයි මේ මාසයේ අන්තිමට දවස් තුනක නිවාඩුවක් තිනවා මං හිතන්නේ… පෝයකුත් එක්කම තමයි නිවාඩුව වැටිල තියෙන්නෙ….. එහෙම වුනොත් අම්මව බලන්න යන්න පුළුවන්… මාත් එන්නං ඕන්නං ඔයත් එක්ක යන්න..”සඳලි සාරාන්‍යා දෙස බලමින් කීවාය..

“ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද මාත් එක්ක ඇවිත්…”
“නෑ සාරන්‍යා …මං එන්නම් කොහොමත් මං ගමේ යන්න හිටියේ… අම්මට කියන්නන් ඔයත් එක්ක ඔයාගේ ගමේ යනවා කියලා… ප්‍රශ්නයක් වෙන එකක් නෑ..”
ඇය කිව්වේ සාරාන්‍යාගේ අතකින් අල්ලා ගනිමිනි…
“අනේ තැන්ක්යූ සඳලි…. දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ…මං හරි බයෙන් හිටියේ…එහෙනන් අපි එහෙම කරමු…”
සාරන්‍යා කීවේ උතුරා යන සතුටකිනි …

සාරන්‍යාට සඳලිව මුණ ගැසුණේ අලුත්
පාසලේ දී ය… සාරන්‍යා නැවතී සිටියේ පාසලට සමීපයෙන් ඇති බෝඩිමකය… එහි තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු නතරවී සිටියහ…මාසිකව බෝඩිමට ගාස්තුවක් ගෙවිය යුතු අතර ආහාර පාන ආදී සියලු පසුකම් ඔවුන්ට ලැබුණි… එසේම ආරක්ෂිතව බවින් උපරිම විය… බෝඩිමේ අයිති කාරිය වූයේ මැදිවයසෙ කාන්තාවකි…ඇයද ඉතා කරුණාවන්ත චරිතයකි.. සඳලි නැවතී සිටියේද එම බෝඩිමේමය. එම නිසා ඔවුන් දෙදෙනා හොඳම යහළුවන් විය……

මේ වන විට පවන් හා සාරන්‍යා බොහෝ සේ ළඟින් ඇසුරු කළ අතර හොඳ මිතුරන් බවට පත් විය…. විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකදීම දෙදෙනා මුණ ගැසී කතා බහ කළහ…

“සාරන්‍යා කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…. අපි කතාබහ කරාට ඔයාගෙ විස්තර මොකුත් මම දන්නේ නෑ.. ගම වන්නියේ කියලා නං දන්නවා.ඒකත් එදා රැග් කරනකොට අරුන් කිව්ව නිසා තමයි ඉතින් දන්නෙ…..”
“වන්නියේ… කවුද කිව්වේ…”
සාරන්‍යා පවන් දෙසට හැරෙමින් ඇසුවාය….
“සඳරැස් කිව්වේ ඇයි නැද්ද…”
“පිස්සුද අනේ….මගේ ගම බිබිලේ ..ඔයාට සඳරැස් බොරු කියලා…”ඇය සිනාසෙමින් කීවාය…
“ඕ රියලී….මුන් ටික මාව අන්දලා එහෙනම්…. සොරි සාරන්‍යා …”
“ඒකට කමක් නෑ මම බිබිලේ… අද දැනගන්නකො හරියට…ලස්සන ගමක අහිංසක කෙල්ලෙක් මං …..”
ඇය හුරතල් ලෙස පැවසුවාය…
“ලස්සනයි කියන එක නං ඇත්ත ….ඒත් අහිංසකයි කියන එක නම් පිළිගන්න අමාරුයි…..”පවන් කීවේ වෙනතක් දෙස බලන ගමන්ය…
“ඇයි මං අහිංසක නැද්ද ?….”
“අනේ මන්දා ඉතින් ඕවා….ඉතින් තව විස්තර ටිකක් කියන්නකො….”
“නෑ ඊට කලින් කියන්නකෝ මං අහිංසක නැද්ද කියලා ….”
“හරි හරි සොරි… අහිංසකයි තමයි..අහිංසක රටක් වටී …”
පවන් කීවේ ඇයගේ නහයටද අතින් තට්ටුවක් දමමිනි….
“දැන් කියන්නකෝ ඉතින් පවුලේ විස්තර…”
“හ්ම්ම්…මම පුංචි ගමක දුප්පත් කෙල්ලෙක් …මට ඉන්නේ අම්මා විතරයි….අම්මා තමයි මගේ මුළු ලෝකෙම.. අපි ඉන්නේ පුංචි ගෙදරක….අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕන නිසා තමයි මම කොළඹ ලොකු ඉස්කෝලෙකට ආවේ….ඒක මගේ කැමැත්තකින් කරපු දෙයක් නෙමෙයි…හැමදේම අම්මා වෙනුවෙන්…”ඇය හිස් අවකාශය දෙසට නෙත් යොමු කරමින් කීවාය…
“එතකොට තාත්තා.. එයා මොකද කරන්නේ…..”
“මං ඒ ගැන කතා කරන්න කැමති නෑ පවන්… ඇත්තම කිව්වොත් ඒ ගැන කතා කරන්න කැමති නෑ නෙවෙයි ඒ ගැන කතා කරන්න දන්නෙ නැහැ….”සාරන්‍යා කීවේ වේදනාත්මක ස්වරයෙනි…
“ඒ මොකද ඒ… තාත්තා ගැන මොකුත්ම දන්නේ නැද්ද…..අඩුම තරමේ නමවත්….”
“නමනන් උප්පැන්න සහතිකේ තියෙනවා…. හැබැයි කවදාවත් දැකලා නෑ… අම්මගෙන් ඇහුව ට අම්මා මොකුත් කියන්නෙත් නෑ…. අම්ම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ… ඉතින් මං අහන්නෙත් නෑ …”
ඇය එක් අතකින් කඳුළු පිසදමන ගමන් කීවාය…

“අනේ මට සමාවෙන්න සාරන්‍යා … මං ඒක එච්චර හිතුවේ නෑ… වැරදි දෙයක් ඇහුවනන් ඇත්තටම සමාවෙන්න මට….”
පවන් ඇය දෙස බලමින් කීවේය…. ඇගේ නෙතින් ගලා යන කඳුළු සීරුවට ඔහුගේ අතින් පිස දැමුවේය….සාරන්‍යාටද එහි කිසිදු අමුත්තක් නොවීය….. ඇයද ඔහුට ඉඩදී අහිංසක ලෙස බලා සිටියාය….
“ඒකට කමක් නෑ පවන්…ඔයා මන් ගැන මුකුත් දන්නේ නෑනේ….”ඇය කීවේ මඳ සිනහවක් මුවේ රඳවාගෙනය…

පවන්ගේ ජිවිත කතාව ද ඇයගේ කතාව මෙන්ම දුක්බර කතාවක් බව ඇය දැන නොසිටියේය…
“ඉතින් කියන්නකො ඔයා ගැනත් විස්තර ටිකක් …..”
“මං කියන්නම් …ඔයාට හිතෙයි මගේ කතාව ඔයාගේ කතාවට වඩා ගොඩක් වෙනස් එකක් කියලා…මං කාත් එක්කවත් මේවා කියන්න ගිහිල්ලා නැහැ ..යාළුවෝ කීප දෙනෙක් ඇරුණම වෙන කවුරුවත් දන්නෑ …ඒ එයාලා අපේ ගෙදර එන නිසා….”
“හ්ම්ම්…මට තේරුම් ගන්න පුළුවන් ….ඔයා කැමතිනම් ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්නම් විතරක් මට කියන්න ….”
“අනිවාර්යෙන් මං ඔයාට කියන්නම් …මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ රට… අම්මව දැකලා තියෙන්නේ ෆොටෝ වලින් විතරයි….තාත්තා නම් මතක ඇති කාලෙක තුන්පාරක් විතර ලංකාවට ඇවිත් ගියා… අම්මව දකින්න ආසයි… මොනවා කරන්නද …තාත්තා කියන විදියට අම්මා අසනීපෙන් ඉන්නේ ..ඒකයි ලංකාවට එන්නේ නැත්තේ ….මට සහෝදර සහෝදරියෝ කවුරුවත් නෑ…. පුංචි කාලේ ඉඳන් මාව බලාගන්න මැගී අම්මා…මට ලංකාවෙන් ඉන්නේ ඉතින් එයා විතරයි….ඔන්න ඕක තමයි මගේ ජීවිත කතාව…පවන් කීවේ දුක් මුසු සිනහවකින් මුව සරසාගෙනය…

පවන්ගේ කතාව ඇසූ පසු සාරන්‍යාට දැඩි දුකක් සිතට දැනුණි …ඇයට අත් වී ඇති ඉරණමටම පවන්ට ද මුහුණ දීමට සිදු වී ඇත ….නමුත් ඇයට අම්මා සිටි අතර දුක සතුට මෙන්ම සෑම කරදරයකදීම ඇයගේ මව ඇය අසලම සිටියාය …නමුත්
පවන් කවදාවත් ඇයගේ මව දැක තිබුණේ නැත…

කෙතරම් යාන වාහන සැප පහසුකම් මාලිගා මෙන් ගෙවල් තිබුණද ඔහුට කිසිදු මානසික සහනයක් ලැබුණේ නැත…දෙමව්පිය ආදරය ද ඔහුට අහිමි වී තිබේ….ඒ හැම පාළුවක් ම නැති කරගැනීමට ඔහු කළේ ගීත ගායනා කිරීමයි …..එය ඔහුගේ ජීවිතයයි…..සංගීතය යනු බොහෝ රිදුනු මිනිසුන්ගේ සිත් සුවපත් කළ ඖෂධයක් බවට නම් සත්‍යයකි….

ඔන්න අද එපියත් ටිකක් වැඩිපුර දුන්නා ඔයාලට…ඊළග එපියෙන් බලමුකෝ සාරන්‍යා මොනවද පවන්ට කිව්වේ කියලා ….මන්නන් හිතන්නේ දෙන්නා සෙට් වෙයි…අනේ මන්දා බලමුකෝ ..හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන අනිද්දා කතාව අරන් එනකන්…..ආදරෙයි හැමෝටම…

ඊළඟ වර්ෂාවෙන් හමුවෙමූ…

ඉඳුසරා කරුණාරත්න✍️

Continue Reading

Woman

රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර … 8 වන කොටස..

Published

on

7 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

❤️ස්නේහ වර්ෂා …..❤️

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර …)

ඔන්න ළමයි අද එපියත් ටිකක් විතර වෙනස්…..හැමෝම ඉතින් ගොඩක් ආස ඉස්කෝලේ කාලෙට නේ….බලමුකෝ ඉතින් නේද පවන්ගේ හිතෙ සාරන්‍යා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා …හැමදාම කියනවා වගේ වැස්සේ තෙමිලා අසනීප නම් වෙන්න එපා ළමයි ……..

8 වන කොටස…..

පවන් පාන්දරින්ම නැගිට කඩිනමින් සූදානම් වූයේ වේලාසනින්ම පාසල වෙත යාමටයි…මැගී අම්මා විසින් සාදා දුන් තේ කෝප්පයද පානය කර විවේක කාලය සඳහා සකස් කර දුන් දහවල් ආහාරයද රැගෙන පාපැදියෙන් පාසල බලා පිටත් විය…ඔහු පාසලේ ශිෂ්‍ය නායක මඩුල්ලේ සාමාජිකයෙක් වීම නිසා පුරුද්දක් වශයෙන් කල් ඇතුවම ඔහු පාසලට ගියේය….ඒ යන විට පාසලේ ප්‍රධාන ගේට්ටුව අසළදී ඔහු දුටු දර්ශනයෙන් තරමක් පුදුමයට පත් විය…
“හායි ගුඩ් මෝර්නින් පවන්….”
“ගුඩ් මෝර්නින් සාරන්‍යා…”
ඔවුන් දෙදෙනා එකිනෙකාට සුභ පැතුම් එක් කර ගත්හ….
“ඔයා මොකද උදේ පාන්දරම කරන්නේ …ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් ඔයාද?…..”
“අම්මෝ නෑ නෑ…මන් ඉතින් කොහොමත් වේලාසනින් එනවා…මියුසික් රූම් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් අස්පස් කරලා දාලා ටයිම් තිබ්බොත් සිංදුවක් ප්‍රැක්ටිස් කරනවා…එහෙම නැත්තන් ඉතින් මීඩියා යුනිට් එකේ වැඩ ටික බලනවා…ඕවා තමයි …”
පවන් කීවේ ඔහු පැළඳ සිටි ඔරලෝසුව දෙස බලන ගමන්ය….
“ඒක නෙවෙයි ඔයා මොකද්ද උදේ පාන්දර කරන්නේ …ගෙවල් ලගද තියෙන්නේ …”
“ඔව් ඔය ඉස්සරහට තියන පාරේ ගියාම චුට්ට දුරයි….මටත් හිතුණා අද උදේම එන්න ඕන කියලා ..ඒ නිසා ලෑස්ති උනා ආවා…යාළුවා තාම කොණ්ඩේ ගොතනවා…අදට විතරක් එයාව දාලා ආවා….”
ඇය සිනාසෙමින් කීවාය…
“මරු යාලුවෝ….එහෙමත් කරනවද?…”
“අපෝ…..ජීවිතේට වෙලාවට වැඩක් කරන්න දන්නේ නැති මනුස්සයෙක් තමයි මගේ යාලුවා…හැමදාම කරේ මිනිස්සු රස්තියාදු කරවපු එක…ඒ නිසා පනිශ්මන්ට් එකක් තියෙන්නත් එපැයි….ඔන්න ඔහේ ආපු දෙන්….”සාරන්‍යා කීවේ ඇඟට පතට නොදැනෙන ලෙසය….
“හරි හරි…ඕවා ඉතින් ගෑණු ලමයින්ගේ ප්‍රශ්නනේ…කොල්ලෝ අපිට අදාළම නෑ…”
පවන් කී දෙයට සාරන්‍යාද සිනාසුණේය….
“මේ ඒක නෙවෙයි …ඔයා කිව්වා නේද මීඩියා යුනිට් එකක් මේ ස්කූල් එකේ තියනවා කියලා ….”
සාරන්‍යා අලුත් පැනයක් පවන් වෙත යොමු කළාය …
“ඔව් තියෙනවා… අපි තමයි ඒක කරන්නේ ..”
“මේ මාත් ආසයි ඒකට ජොයින් වෙන්න ..මාව ගනීද?…..”
“ඔව් අනිවාර්යෙන්ම …මම මීඩියා යුනිට් එක භාර මිස් එක්ක කථා කරලා බලන්නන්….ඔයාට එනවුන්සින් එහෙම පුලුවන්ද……”
“ඔව් පුළුවන් ….තව මට හොඳට ලියන්නත් පුළුවන් …”
“වාව් නියමයිනේ…අපි කතා කරලා බලමූ…එකතුවෙලා හොඳ වැඩක් කරන්න පුලුවන් …”
පවන් කීවේ සාරන්‍යා දෙස බලමින් සිනාසෙමිනි…..
“අනිවාර්යයෙන්…මන්නන් ආසයි ගොඩක්…”සාරන්‍යා කීවේ උතුරා යන ප්‍රීතියෙනි…
“ඒ පවන්…මොකද්ද බන් ඔතන වෙන්නේ…”
සඳරැස්ගේ කෑගැහිල්ලට දෙදෙනාම පිටුපස හැරී ඇතුළුවීමේ දොරටුව ලෙස බැලූහ…සඳරැස් ඔවුන් වෙතට දුවගෙන ආවේය….
“අඩෝ මචන් පවන්…ගුඩ් මෝර්නින්…මොකෝ මේ අද වේලාසනින්…මන් ගෙදරටත් ගියා..මැගී අම්මා කිව්වා උබ ඉස්කෝලෙට ආවා කියලා …”සඳරැස් කීවේ පවන්ගේ කර වටේ අත යවමිනි….
“ඔව් බන්…අද ටිකක් කලින් එන්න හිතුණා…මියුසික් රූම් එක පැත්තේ යන්න හිතාගෙන ආවේ…එනකොට සාරන්‍යව දැක්කා එයත් එක්ක ටිකක් කතා කර කර හිටියා ….”පවන් කීවේ සාරන්‍යා දෙසට නෙත් යොමු කරමිනි….
“අප්පටසිරි …කොල්ලා සිංදු රසවිඳින එක කෙසේ වෙතත් උබ ලස්සන මෙලඩියක් දාන්න වගේ ට්‍රයි කරන්නේ …නයිස් ට්‍රයි මචන්….අපෙනුත් ෆුල් සප් එක….”සඳරැස් සාරන්‍යාට නොඇසෙන පරිදි රහසින් කීවේය …
“හෙලෝ ගයිස්…කට්ටිය මොකද මෙතන කරන්නේ …”විහඟද ඔවුන් සිටි තැනට පැමිණියේය….
“පොඩි කයියක් දාගෙන හිටියා බන්…”
සඳරැස් පිළිතුරු දුන්නේය ….
“එහෙනම් මං ඇතුලට යන්නම් පවන්..ඔයාලා හිමින් සැරේ එන්නකෝ….”
“හරි සාරන්‍යා …අපි එන්නන් ඔයා යන්න…”
සාරන්‍යා ඇයගේ මිතුරියත් සමඟ පන්තිය ඇතුළට ගියාය….
“සිරාවට මොකක්ද මචං මෙතන උනේ …..”
විහඟ අලුත් පැනයක් ඉදිරිපත් කළේය …
“ඒ මොකුත් නෑ බං ….නිකන් කතා කරකර හිටියා ….ඒව වැඩක් නෑ අපි දැන් යමුකෝ …”යැයි කියමින් පවන් පිරිසට එකතු විය…..

උසස් පෙළ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ මුල්ම දිනය එදින විය ….මුල් කාල පරිච්ඡේද හතරෙන් පසුව විවේක කාලය ආරම්භ විය…උදෑසන හමු වූවාට පසුව පවන්ට සාරන්‍යා සමග කතාබහ කිරීමට අවස්ථාවක් උදා නොවීය…විවේක කාලයේ අවසාන වීමත් සමග සිසුන් සියල්ලෝම පන්ති කාමරය තුළට රැස්වූහ …
“ඒ පවන් කියන්නකො ලස්සන සිංදුවක්.. මේ පීරියඩ් එක ෆ්‍රී….. අද පොල්ටිකල් මිස් ඇවිත් නෑ….”සඳරැස් පවන් ගෙන් ඉල්ලීමක් කළේය…
“අන්න මරු අයිඩියා එක අපි දෙන්නන් මියුසික් එක….”
“දැන් සින්දු කියන්න මූඩ් එකක් නෑ බං….”
පවන් ඔවුන්ගේ ඉල්ලීමට අකමැත්ත පළ කළේය …
“අඩෝ මොකක්ද බං…සිංදුවක් කියපන්කො…”
“ඒකනෙ බන් සින්දුවක් කියපන්කෝ….”
ඔවුන් අසළ සිටි සිසුන්ද පවන්ට ඇවටිලි කළහ….
“හරි එහෙනම් කියන්නම්කො ……”
“අන්න නියමයි …ඔව් පිළිගන්න වේදිකාවට යුගයේ කඩවසම්ම පෞරුෂය පවන් සත්සර සේනානායක .. “
පන්තියේ සිසුන් සියල්ලෝම අත්පුඩි සංනාදයක් පැවැත් වූහ….

සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා……..
වෙරළේ රළ මැන්නා……
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී….

කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු …. කඳුළෙන් කටු මත විෂ තිබුණා ….
බිඳුණොත් බඳුනක පිළියම් කරනට…
බැරි කැලලක් මතුවී පෙනෙනා… සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා… වෙරළේ රළ මැන්නා….//

පවකින් පෙර අත් භවයක සිදුවූ …
සිතකින් සිතකට දුක පිරුණා…
මගේ අත දිගු කළ හැකි හැම තැනදී… ඔබ අත මා දුරකින් තිබුනා…
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා….
වෙරළේ රළ මැන්නා…
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී……//

අසංක ප්‍රියමන්ත මහතා විසින් ගායනා කරන ලද ගීතයක් පවන් ඔහුගේ හඬින් සියල්ලෝම ඉදිරියේ ගායනා කළේය …සැබැවින්ම පවන්ගේ කටහඬ ඉතාම මියුරුය… අසන්නන්ගේ සවනට මී පැණි වක් කරන්නාක් මෙන් ඒ හඬ ඉතා කන්කලුය…ගීතය ගායනා කර අවසාන වන තෙක්ම ඔහුගේ ඇස් රැඳුනේ සාරන්‍යා අසළයි…සිසුන් සියල්ලෝම මීයට පිම්බාක් වැනිය….ඔහුගේ හඬට වශී නොවන්නෙකු නැති තරම්ය….සියල්ලෝම වික්ෂිප්තව බලා සිටියි….පවන්ගේ නෙත් තවමත් සාරන්‍යා අසළය…

“මේ කෙල්ල…කොල්ලා සිංදුවනන් කිව්වේ ඔබට තමයි හොඳේ…බලපන් තවමත් බලාගෙන ඉන්නවා මේ පැත්ත….”
සඳලි සාරන්‍යා දෙසට හැරෙමින් පැවසුවාය .
“පිස්සු කියවන්න එපා සඳලි…එයා මොකටද මන් වෙනුවෙන් සිංදු කියන්නේ ..අනික එහෙම කරන්න තරන් සම්බන්දයක් අපි අතරේ නෑනේ….”සාරන්‍යා කීවේ පවන් දෙසට නෙත් යොමු කරන ගමන්ය…
“හරි ඉතින් එහෙම සම්බන්ධයක් පස්සේ හරි ඇති වෙන්න පුළුවන් නේ ….”
“මොන වගේ දෙයක් ගැනද සඳලි උඹ කියන්නේ ….”
“හරි හරි අපි බලමුකෝ….”
“අනේ බලන්නකෝ ඒ කොල්ලගෙ ලස්සන ..හරියට හින්දි ෆිල්ම් වල ඉන්න නළුවෙක් වගේ …හැබැයි සාරන්‍යා ඌව ගැලපෙන්න උඹට නම් තමයි ඔන්න…ආයේ කතා දෙකක් නෑ….”
අමන්දිද සඳලිගේ කතාව තහවුරු කළාය…
“විකාර කියවන්න එපා බං ….අපි මේ ඉස්කෝලෙට ආවෙත් අළුතින්…ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න මම කැමති නැ……”සාරන්‍යා මිතුරියන්ට ඇයගේ විරෝධය පළ කළාය….
“මොනා උනත් සාරා උඹට බය වෙන්නන් දෙයක් නෑ….උබේ තනියට පවන් ඉන්නවා …කෙල්ලට මොනවා හරි උනොත් කොල්ලා එකෙන්ම ගේමට බහිනවා …”අමන්දි සිනාසෙමින් කීවාය…
“උඹලටනන් හොඳටම පිස්සු ….”සාරන්‍යා සිනාව මැඩ ගනිමින් කීවාය…
“බලාගන්න පුළුවන් ඉස්සරහට කාටද පිස්සු කියලා .. නැද්ද? සඳලි …”
“එහෙනන් ඒකත් ජය සිරි මංගලම් කිව්වා..”
“කෑගහන්න එපා බන් කාටහරි ඇහුණොත් වැරදියට හිතයි …..මං යනවා බං ලයිබ්‍රි එකට….”යැයි කියමින් සාරන්‍යා හිඳගෙන සිටි පුටුවෙන් නැගිට පන්තියෙන් පිටත් වූවාය..යෙහෙළියන්ද ඇගේ පිටුපසින්ම පුස්තකාලය වෙතට ගියහ…

අද එපිය ටිකක් වැඩිපුර දුන්නා ඔයාලට…කියවලා බලන්නකෝ කොහොමද දැනෙන්නේ කියලා …ආයෙත් අපි හම්බවෙන්නේ අනිද්දට ..එහෙනන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන..ආදරෙයි ඔක්කොටම….

ඊළග වර්ෂාවෙන් හමුවෙමූ….

ඉඳුසරා කරුණාරත්න✍️

Continue Reading

Woman

රිඳුම් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර…. 7 වන කොටස..

Published

on

6 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

❤️ස්නේහ වර්ෂා….❤️

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර…..)

ඔන්න අද එපියත් කියවලා බලන්නකෝ ළමයි කොහොමද දැනෙන්නේ කියලා ඔයාලට….ඔයාලත් ඉතින් ඉස්කෝලේ යන කාලේ ආදරේ කරලා ඇතිනේ නේද…..සමහරවිට මේ ඔයාලගේ ආදර කතාව වෙන්නත් පුලුවන් …කලින් එපිය මතකයිනේ ඔයාලට.. …

7 වන කොටස……

“අම්මටසිරි…මොකද්ද බන් ඒ උනේ…මොනවා උනත් මන් කරපු වැඩේ හින්දා කොල්ලට හොඳකුත් උනා එහෙනන් …”සඳරැස් සිනාසෙමින් පැවසුවේය…..
“එපා බන් ඔහොම දේවල් කරන්න….උබලා නිකන් මිනිස්සුන්ගෙන් පලිගන්නවා වගේනේ…ඔහොමද බන් ඉස්කෝලෙට අළුතින් ආපු ළමයින්ට සළකන්නේ…පිස්සු වැඩ කරන්න එපා බන්…කෙල්ලෝ අපි වගේ නෙවෙයිනේ….”
පවන් කේන්තියෙන් සඳරැස්ට කෑගැසුවේය….
“අඩේ හරි බන්…විහිලුවක් කරේ ඉතින් …ඒකෙන් අපිට උනේ නරකක් උනාට උබට හොඳක් උනානේ…නැද්ද විහඟ….”
සඳරැස් විහඟ දෙස බලමින් කීවේය…
“ඔව් ඔව් හොඳක්නන් උනා තමයි ..අනේ පලයන් බන් යන්න…”
“මොනවා උනත් කෙල්ල මාර ලස්සනයි බන්..බලපන්කෝ කොණ්ඩේ ..කර්ලි කොණ්ඩයක් තියන කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් පින් කරන්න ඕනලු බන් සෑහෙන්න…බලපන්කෝ සෙක්සි ලුක් එක…කොල්ලෝ ට්‍රයි එකක් දීපන් හොදේ…උබටම තමා සෙට් වෙන්නේ ඒකිව…”
“මොනාද මනුස්සයෝ කියවන්නේ…ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන් වැඩක් කරගෙන…අනේ මන්දා උබලනන්….”
“ඒ ඔහොම ඉදපන් බන් අපිත් එනකන්…”
පවන් එතැනින් ඉවත්ව යනවිට ඔවුන් දෙදෙනාද පවන් පසුපස යන්නට වූයේ පවන් කෝපයෙන් සිටින බව දන්නා නිසාවෙනි….

පවන් නිවසට ළගාවන විට සවස දෙක හමාරට ආසන්න විය…ඔහු නිවසට ගොස් තමා රැගෙන ගිය පොත් බෑගයද පසෙකින් තබා ඇඟපත සෝදාගෙන දහවල් අහාරය ගත්තේ කඩිනමින් ඔහුගේ රාජකාරිය අවසන් කර මිතුරන්ට වුනු පොරොන්දුවද ඉටු කිරීමට අවශ්‍ය නිසාය….පවන් ඔහුගේ ජීවිතයේ වැඩිපුරම කැමති ස්ථානය වූයේ ඔහුගේ සංගීත කාමරයයි…එම කාමරය තුළ විවිධ වර්ගයේ ගිටාර් වර්ග කිහිපයක් හා පියානෝවක් තිබුණි….ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ ගිටාර් වාදනය කිරීමටයි……ගීත නිර්මාණය , භාණ්ඩ වාදනය හා ගීත ගායනය සඳහාද ඔහු සැබෑ දක්ෂයෙකි…ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ කෙදිනක හරි ලංකාවේ නම ගිය ගායකයෙක් වීමයි…ඒ සඳහා ඔහු නිතරම කාලය වෙන් කලේ ඉගෙනීමේ කටයුතුවලටද අවධානය යොමු කරන ගමන්මය…..ඔහු තමන් කැමතිම ගිටාරය රැගෙන වත්ත පහළ වූ අඹ ගස යටට ගියේ සංගීතය රසවිඳීමට නිදහස් වටපිටාවක් සන්සුන් පරිසරයක් අවශ්‍ය බව දන්නා නිසාවෙනි…

ඔහු ගිටාරයේ තත් පිරිමදිමින් ඔහුගේ තාලයට මිහිරි සංගීතයක් ගොඩ නැගුවේය…නමුත් ඔහුට සැරෙන් සැරේ මතකයට නැගෙන්නේ පාසලේදී සිදුවූ සිදුවීම් පෙළයි..සාරන්‍යාගේ හමුවීම ඔහුගේ සිත මඳක් නොසන්සුන්තාවයකට පත් කළේය…ඇත්තටම ඔහුට කුමක් සිදුවෙලාද….පවන් ප්‍රශ්නය තුළ දැවෙමින් සිටියේය….අවසානයේ ඔහු තීරණය කලේ සාරන්‍යාගෙන් ඈත් වී සිටින බවටය…

“පුංචි මහත්තයා මක්කැයි ඔය හැටි කල්පනා කොරන්නේ…”දිගු වෙලාවක් කල්පනාවේ සිටි පවන්ව දැක ඇය ඔහු සමීපයට ආවාය….
“මුකුත් නෑ මැගී අම්මේ…”
“මුකුත් නැතිවෙන්න බෑ…මන් දොර ළග ඉදන් පැය කාලක් තිස්සේ බලන් ඉන්නේ…සිංදු කියනවට වඩා කල්පනා කරන එකනේ කොරන්නේ….”
“එහෙම මුකුත් නෑ මැගී අම්මේ..අනේ මන්දා ඔයත්….”
පවන් මැගීව අතින් ඇද ඔහු ළග තිබුණු පුටුවෙන් වාඩි කරවා ගත්තේය….
“ඔය ඔය තියන දාංගලේ…තව ඩිංගෙන් මන් බිමට වැටෙනවා….”
“හරි හරි මැගී අම්මේ..මන් ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද…හැබැයි ඔන්න මන් ගැන වැරදියට හිතන්න බෑ …..”
පවන් කීවේ මැගීගේ අතක් අල්ලාගනිමිනි..ඒ ඔහුට සිටින එකම යෙහෙලියයි…ඔහුට තමාගේ මව මෙන් දැනෙන්නේ ඇයවයි….ඒ තරමටම ඇය පවන්ට මවක් සේ ලැදිය…කෙදිනකවත් දැක නැති ඔහුගේ මව නැති අඩුව පිරවූයේ මැගී අම්මාය….ඔහු පවන්ව රැකබලා ගත්තේ ඇයගේම දරුවෙකු ලෙස සිතාගෙනය….
“මැගී අම්මා කවදහරි ආදරේ කරලා තියනවද?….”
“අපේ අප්පේ පුංචි මහත්තයෝ…මේ නාකි මගෙන් අහන ප්‍රශ්න…”
මැගී පැවසුවේ කම්මුලට අතක් තබා ගනිමිනි….
“එහෙම කියන්න එපා මැගී අම්මේ…බලන්නකෝ ඔය ඉන්නේ තාම අවුරුදු විස්සේ ගෑණු ලමයෙක් වගේ හැඩට…..කවුද කියන්නේ ඔයා නාකියි කියලා…..”
පවන් කීවේ ඇය අසළ ඇන තියා ඉඳගනිමිනි….
“මන් බැඳලා නෑනේ පුංචි මහත්තයෝ…”
“ඒක මන් දන්නවා මැගී අම්මේ….ඒත් ඇයි ඒ…”
“ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් පුංචි මහත්තයෝ..අපි හිතන පතන දේවල් ඒ විදියටම වෙනවනන් මේ ලෝකේ මීට වඩා කොයිතරන්නන් ලස්සනද?….”ඇය හූල්ලමින් පැවසුවාය….
“ඔයා කාටවත්ම ආදරේ කරලා නැද්ද එතකොට….”
“නැත්තෙමත් නෑ….”
“ආව් ආව් කවුද බොලේ ඒ…..”පවන් කීවේ මුහුණේ සිනහවක් රඳවාගෙනය….
“හිත ගියපු එක්කෙනෙක් හිටියා….එයාව ලැබෙන්නේ නෑ කියලා දැනගත්තට පස්සේ මන් හැමදේම අතෑරලා දැම්මා…”
මැගී පැවසුවේ ඈත අහස දෙසට නෙත් යොමු කරමිනි….
“ඇයි ඒ එයාව ලැබුනේ නෑ කියලා කිව්වේ…”
“ඒක ගොඩක් දිග කතාවක් පුංචි මහත්තයෝ…මන් නිවී සැනසිල්ලේ කියන්නන්කෝ….”
මැගී අම්මා පවන්ගේ හිස අතගාමින් කීවාය….
“හරි එහෙනන් මැගී අම්මා මට කතාව කියන්න ඕන හරිද?….”
“හරි හරි පුංචි මහත්තයෝ…දැන් කර කර හිටපු වැඩේ ඉවර කරන්නකෝ….”
“මට පොඩි ගමනක් යන්න තියනවා මැගී අම්මේ…..”
පවන් කීවේ ගල් මේසය උඩ තිබුණු ගිටාරය අතට ගනිමිනි…
“මේ ගොම්මන් වේ ගෙන වෙලාවේ කොහේ යන්නද….දැන් 5ටත් කිට්ටුයි….”
“හරි හරි මැගී අම්මේ…මන් ටින් ගාලා ගිහින් එන්නන්….”
පවන් කීවේ මැගී අම්මාගේ කම්මුලක් අතින් මිරිකමිනි……
“රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕන හොදේ….ලොකු මහත්තයා අහන ප්‍රශ්න වලට අන්තිමට උත්තර බඳින්න වෙන්නේ මට ඕං….”
“හරි හරි වැඩි වෙලා යන්නේ නෑ…පැය භාගෙන් කොල්ලා ගෙදර ….”
යැයි කියමින් පවන් ඔහුගේ පාපැදියද රැගෙන නිවසින් පිට වූයේ යාලුවන් ඔහු එනතුරු බලා සිටින බව දන්නා නිසාය..ඇත්තෙන්ම ඒ ඔහුගේ විදියයි….පොරොන්දුවක් වුවහොත් ජීවිතේ පරදුවට තියා හෝ එය ඉටු කරයි…සැබවින්ම මෙවැනි චරිත අද සමාජයේ දැකගැනීමට ඇත්තේ අතළොස්සකි…..

පවන් ක්‍රීඩා පිටියට යන විට හවස් වී තිබුණි….මිතුරන් සමඟ කතා බහේ යෙදී සිටීමෙන් අනතුරුව ඔහු නැවතත් තම නිවස බලා පැමිණියේ මැගී අම්මාගේ උපදෙස් අනුවය…..රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව පවන් උඩු මහලට ගියේ ඔහුගේ ප්‍රියතම ගිටාරයද අතැතිවය….උඩු මහලට සඳ කිරණ වැටී තැනින් තැන ආලෝකමත් වී තිබුණි….ඔහු ගිටාරයක් රැගෙන අත්වැට ලගට පැමිණියේ ඔහුගේ සිත මේ වන විට පඹ ගාලක පටලැවී ඇති බව දැණුනු නිසාය…සැබවින්ම තමාට කුමක් සිදුවී ඇතිද..යාලුවන් පැවසූ පරිදි සාරන්‍යා පිළිබඳව තමාගේ හිතේ හැඟීමක් ඇති වෙලාද….එසේනන් තමා කුමක් කරන්නද…මැගී අම්මට සිදුවූ දෙයම තමාටත් වේවිද….ඔහු නොයෙකුත් ප්‍රශ්න වල තෙරපෙන්නට විය…දිගු වෙලාවක් කල්පනාවේ ගැලී සිටි ඔහු චන්ද්‍රයා නොපෙනී යෑමත් සමඟම එතැනින් පිට වූයේ හෙට දිනය ගැන කිසිවක් සිතාගත නොහැකිවය……

සොරි ළමයි ඊයේ දෙන්න බැරි උනා කතාව ….ආයෙත් කතාව දෙන්නේ අනිද්දා ..ඒ නිසා ඉවසීමෙන් ඉන්න හැමෝම..බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා …..පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක්…..

ඊළඟ වර්ෂාවෙන් හමුවෙමු….

✍️ඉඳුසරා කරුණාරත්න

Continue Reading

Trending