අපි හැමෝටම තියෙනවා ආතතිය .ඇත්තටම මේක නැති කෙනෙක් නෑ.ඒක හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා.ඒකට හේතුව අපි ගෙවන මේ ඒකාකාරී ජීවන රටාව.
මිනිස්සු මේ ආතතිය පිටකරන ක්රම තියෙනවා.සමහරු ඒක හොද විදියට පිට කරනවා යම් යම් දේවල් වලට ඇබ්බැහි වෙලා.ඒකෙන් එක පැත්තක් තමයි කලාව.ඒක අමුතුම ඇබ්බැහි වීමක්.
සමහරු ඕකේ අනිත් පැත්තත් අනුගමනය කරනවා.ගෙදර දරුවන්ගේ , බිරිදගේ,සැමියගේ පිටින් මේ ආතතිය පිට කරනවා.ඒකයි අද ලෝකයේ ගෘහස්ථ හිංසනය වැඩි.මේ ඒකාකාරී බව නිසා ගෘහස්ථ හිංසනය වැඩි වෙත්ම දික් කසාද නඩු වැඩි වීමටත් එක් පැත්තකින් හේතුවක් වී ඇති බව පේනවා.
සමහරු මේ ආතතිය මී විතක් තොල ගාල එළියට දානවා.එක එක කෙනා එක එක විදියටයි මේ ආතතිය පිට කරන්න පුරුදු වෙලා තීන්නේ.ඒක ඇත්තටම සාමන්යයි.
මේ කිසිම ක්රමයක් අනුගමනය නොකරන පුද්ගලයා දිගු කාලීන මානසික තෙරපීමකින් පසුව මානසික රෝග වලට ගොදුරු වෙනවා.ඒ අතරින් විශාදය කියන්නේ එවැනි රෝගයක්.
මේ කොරෝනා අවධියේ මේ මානසික ආතතිය මිනිස්සුන්ට වැඩිපුරම බලපාපු දෙයක්.ඉතින් මේ අවධියේ මිනිස්සු විවිධ දේවල් වලට ඇබ්බැහි වීමක් වුණ බව පෙනුනා.ගොඩක් අය කලාවට.එහි ප්රතිපලයක් ලෙසින් කවි,කතා ආදී පොත් , සිතුවම්,ගීත ,…. ආදී බොහෝ දේ කලඑලි බැස්සා වගේම කරලියට එමින් තිබෙනවා.
මෙහි තව පැත්තක් ලෙස තවත් සමහර කොට්ටාසයක් සොබා දහම සමග ජීවත් වුණා.ඒක ඉතාමත් හොද පැති කඩක්.එමගින් නිර්මාණශීලී මිනිසුන් ගොඩක් බිහි වෙනවා.මම කියූ නොකියූ පැති ගණනකින් මිනිස්සු මේ ආතතිය පිට කරගන්න විවිධ සූත්ර අනුගමනය කරා වගේම කරමින් ඉන්නවා.
ඇත්තටම අපි හරියට කල්පනා කරොත් ආතතිය නැති කෙනෙක් නෑ.ඉතින් මේ ඒකාකාරී ජීවන රටාව තුළ කුමන හෝ ආකාරයකින් ඒකාකාරී බවින් මිදෙන්න.මම කියන් නෑ වැරදි දේට ඇබ්බැහි වෙන්න කියලා.ඒත් මම කියන්නේ තාමට ගැළපෙනම දේ මේ මොහොතේ කරන්න කියලා.එය කුමක් වුවත් තමන්ටත් අන් අයටත් අර්ථයක් වෙන දෙයක් නම් බොහෝ හොදයි.කෙසේ වෙතත් තමන්ට ආසා හිතෙන දෙයකින් ජීවිතය අර්ථවත් කර ගන්න.
ඉතින් සහෘදයනි,
මේ සටහන මා තබන්නේ කිසියම් හෝ ආතතියකින් අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් තෙරපෙන මා ඇතුලු සියලුම දෙනා වෙනුවෙනි !
-පන්චලී පරණගම-