Connect with us

Local

ඉක්මනට බිල්පත් ගෙවන්න ලංකා විදුලි බල මණ්ඩලය දැනුම්දේ..

Published

on

අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා විදුලි බිල්පත නිසි කලට කිරීම අත්‍යවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී එම්.ආර්. රණතුංග මහතා සඳහන් කරයි.

එනිසා නොපමාව විදුලි බිල්පත් ගෙවීමට කටයුතු කරන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

නිවසේ සිට ආරක්ෂාකාරී ලෙස විදුලි බිල ගෙවිය හැකි බවත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හෝ ජංගම දුරකථන යෙදවුම භාවිතා භාවිතා කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

අද වන විට ලංකා විදුබල මණ්ඩලයට අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සහ ජනතා අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිද පවසන ඔහු බිල්පත් ගෙවීම මගින් ලැබෙන ආදායම ඊට මහත් පිටුවහලක් බවත් පැවසීය.

කොරෝනා ව්‍යාප්ත තත්වය හමුවේ දෛනික විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් අපහසු තත්ත්වයක් තුළ වුව ද විදුලිබල මණ්ඩලය තම ජාතික යුතුකම නොපිරිහෙලා ඉටු කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending