Connect with us

Politics

ඉතාලි ගිය අගමැති බොලොඤ්ඤා නුවරට ළඟාවෙයි..

Published

on

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.

ගුවන් තොටේදි අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරින් සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ මහත් හරසරින් පිළිගත්හ.

ජී20 අන්තර් ආගමික සමුළුව 2021 (G20 Interfaith Forum Italy) හෙට (12) දිනයේ දී බොලොඤ්ඤාහි දී ආරම්භ වීමට නියමිතය.
සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයට එක්ව සිටියි. මෙම සමුළුව මේවර පැවැත්වෙන්නේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” තේමාව යටතේය.
ජී20 අන්තර් ආගමික සමුළුවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැගී (Mario Draghi) මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි (David Sassoli ) මහතා සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් (Borut Pahor) මහතා එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයන්ගෙන් කිහිපදෙනෙකි.

සටහන සේනක ගමඇතිගේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ජනපති අගමැති දෙදනා පිටරට කතානායක මහින්දට මෙරට රාජ්‍යනායක බලය හිමිවේ..

Published

on

මෙරට 7 විධායක ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා අද 18 ඇමැරිකාව බලා පිටත්ව යෑමත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලි සංචාරක නිරත විමත් නිසාවෙන් මෙරට ආණ්ඩුක්‍රම විවස්ථාවට අනුව මෙරට රාජ්‍ය නායකත්වය පාර්ලිමෙන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත වෙත හිමිව ඇත.

එ අනුව රාජ්‍ය නායකයින්ගේ නැවැත පැමිණිම තෙක් මෙරට ත්‍රිවිධ හාමුදා පොලිසිය ඇතුලු සියලු විධායක බලතල මහින්දයපා වෙත හිමිවනු ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මෙවැනි වාතාවරණයක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි.

Continue Reading

Local

එ.ජා.ස 76 අමතන්න ජනපති ගෝටාභය රටෙන් පිටව ඇමැරිකා යයි..

Published

on

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන පලමු අවස්ථාව මෙන්ම එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සමුළුව අමතන පළමු අවස්ථාව ද මෙය වේ.

Continue Reading

Politics

එලොවටත් නෑ මෙලොවටත් නෑලූ.. කොළඹ පොහොට්ටු හටනක්..

Published

on

By

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ ඇමතිවරුන් දෙදෙනෙකු හා මන්ත්‍රීවරයෙක් ගැටුමකට මුල පුරා ඇති බවට වාර්තා වේ.

ඒ පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම හේතුව මතයි.

මෙම ස්ථාන මාරුව මුල් කොටගෙන ජගත් කුමාර මන්ත්‍රීවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ගාමිණී ලොකුගේ හා සරත් වීරසේකර යන අමාත්‍යවරුන් සමග ගැටුමකට මුල පුරා ඇත.

මේ වන විට ජගත් කුමාර මන්ත්‍රීවරයා පාදුක්ක සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරන ලද්දේ ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ උවමනාවට විෂය භාර සරත් වීරසේකර අමාත්‍යවරයා බවටයි ජගත් කුමාර මන්ත්‍රීවරයා චෝදනා කරයි.

හිටපු පොලිස් ස්ථානාධිපති වෙනුවට ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ හිතවතෙකු මේ වන විට පාදුක්ක පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර තිබෙන බවත් ජගත් කුමාර මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

මේ කුපාඩි වැඩේ නොකරන ලෙස තමා සරත් වීරසේකර මහතාගේ ඉල්ලා සිටියත් ඔහු එය ගණන් නොගෙන ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සමග එකට එකතු වී තමාට එරෙහිව ප්‍රහාරයක් දියත් කර ඇති බවටයි මන්ත්‍රිවරයා තොරතුරු හෙළිදරව් කරයි.

එළැඹෙන 27 වැනි දිනට පෙර මේ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැතිනම් තමා දැඩි පියවරක් තබන බවට අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා.

තවද ජගත් කුමාර මන්ත්‍රීවරයා සිද්ධියට සම්බන්ධ ලොකුගේ හා වීරසේකර අමාත්‍යවරුන් දෙදෙනා හඳුන්වන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති ඇමතිවරුන් දෙදෙනෙක් ලෙසයි.

Continue Reading

Trending