Connect with us

Local

ඉන්දියාව රාජතාන්ත‍්‍රික භාෂාවෙන් ලංකාවට අනතුරු අගවයි..

Published

on

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඒකපාර්ශවීය තීරණයක් නොගනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

නැගෙනහිර වරාය පර්යන්තයේ අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබාගෙන බටහිර පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය නම් කරන පාර්ශව සමඟ එක්ව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රාජය ගත් තීරණයෙන් පසු එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ බව පවසා ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රති නැව්ගත කිරීම්වලින් 70% කට සම්බන්ධ වන්නේ ඉන්දියාව යැයි ද ‘ද හින්දු’ පුවත් වාර්තාවේ දැක්වේ.

උපායමාර්ගික වැදගත්කමකින් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාව ඉහළ ප්‍රමුඛතාවක් දී ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.

ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ද මේ සම්බන්ධයෙන් ඉහළ වැදගත්කමක් ලබාදෙමින් සාකච්ඡාවට ලක් කර ඇත.

එම සංචාරයෙන් සතියක පසු නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දීය රජය අදානී සමාගම නම් කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය සේවකයන්ට ප්‍රකාශ කළ බව එම වාර්තාවේ දැක්වේ.

‘ද හින්දු’ වාර්තාවට අනුව වරාය පර්යන්තය කිසිදු විදේශීය පාර්ශවයකට විකිණීමකින් හෝ බදු දීමකින් තොරව පවත්වාගෙන යන බවත් 2019 වසරේ අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යෑමට සිය ආණ්ඩුව පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

අදාළ අවබෝධතා ගිවිසුමට අනුව නැගෙනහිර පර්යන්තයේ සියයට 51 ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන අතර ඉන්දියාවට සහ ජපානයට සියයට 49 ක අයිතිය හිමි වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ පාලනය සමයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

– lankadeepa

Local

දරුවන්ට Online අධ්‍යාපනය නොමිලේ….

Published

on

By

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

2021 ජුලි 21 දින වන විට මුල් අදියර ලෙස පාසල් 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත (Online) පන්ති e-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

විවිධ යෙදුම් හරහා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ දී දත්ත සඳහා දරුවන්ට වැයවන සැපයුම් සේවා ගාස්තු මෙන්ම අනෙකුත් දුෂ්කරතා මගහැරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ දී අවධානය යොමු විය.

රජය විසින් දැනටමත් විධිමත්ව ස්ථාපිත කර ඇති e-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක් ලෙස යොදාගත හැකි බව මෙම හමුවේ දී තීරණය කෙරිණි.

ඒ අනුව මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ට ලංකා රාජ්‍ය මේඝය තුළ ප්‍රමාණවත්තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කරදෙමින් දැනට වඩා විශාල සිසුන් පිරිසකට එකවර ඊට ප්‍රවේශවිය හැකි අවස්ථාව සලසන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක් සහ ගුවන්විදුලි සේවාවක්පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. එවැනි රූපවාහිනි හා ගුවන් විදුලි සේවාවක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය දැනටමත් සංඛ්‍යාත ලබාගෙන ඇති බව මෙහිදී හෙළිවිය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයතනයන්හි දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිත කර අදාළ සේවාවන්ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

සන්නිවේදන කුලුණු අලුතින් ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වනවිටත් මාර්ගගත අධ්‍යාපනය ලැබීමේ දී අන්තර්ජාල ආවරණ බාධා,ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම් නොමැතිව අසරණව සිටින දරුවන්වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් අවශ්‍ය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

ඒ අනුව ආර්ථීක දුෂ්කරතා මැද මාර්ගගත ඉගෙනීම් කටයුතුවල නිරත දරුවන්ගේ අධ්‍යාපනය සදහා සුදුසු ජංගම දුරකතන මෙවලමක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස්කර ඒ පිළිබදව තමන් දැනුවත් කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අන්තර්ජාල ආවරණය පිළිබද දැනට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් e -තක්සලාව මගින් ඉගැන්වීම තහවුරු කිරීම සඳහා ග්‍රාමීය වශයෙන් හඳුනාගත්මධ්‍යස්ථාන (උදා: ප්‍රජා ශාලා, නැණසල විහාරස්ථාන සහ පරිගණක සම්පත් මධ්‍යස්ථාන), “ e-තක්සලාව ඉගෙනුම් මධ්‍යස්ථාන ”ලෙස කුඩා සිසු කණ්ඩායම් සඳහා ඉගෙනුම් අවස්ථා සලසන මධ්‍යස්ථාන බවට පත්කරන්නැයි ද අමාත්‍ය නාමල්රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

අදාළ කටයුත්තේ දී ඉගෙනුම් අවස්ථා ලබාදීමට අවශ්‍ය මධ්‍යස්ථාන හඳුනාගැනීමේ කාර්යය සහ පරිගණක උපාංග ලබාදීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස්, අධ්‍යපනප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත්, කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරු සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

– midea unit

Continue Reading

Local

ඥාණසාර හිමිට V8 රථයක් කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජූලි 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ එය පක්ෂයට නැවත ලබා දිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

ඒ සඳහා රතන හිමියන් පොරොන්දු වු බවත් එය පක්ෂය සමග ඇතිකරගත් එකඟතාවයක් බවත්් ඥානසාර හිමියෝ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන්ට ජීප් රථයක් මිලට ගැනීමට මුදල් දුන්නේ ඇමෙරිකාවේ සිටින ව්‍යාපාරිකයෙක් බවද පැවසූ ඥානසාර යනු ඒ සඳහා සාක්ෂි ලෙස හඬ පට ද ඉදිරිපත් කරන ලදී.

රතන හිමියන් විසින් එම වාහනය ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ රතන හිමියන් විසින් තමන් වහන්සේට ප්ලේන්ටියක් වත් ලබා දී නැතැයිද කියා සිටිති.

Continue Reading

Local

වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ජාතික රෝහලේදී ගහලා..

Published

on

By

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි.

වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ලෙස හදුන්වමින් 13000 කට එම ස්ථානයේ එන්නත්කරණය කළ බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම කොළඹ ආසන්න තවත් රෝහල් කිහිපයකම ඒ ආකාරයේ එන්නත් කරණ සිදු කර තිබෙන බවද පැවසූ ඔහු එසේ තිබියදී උණවටුනේ පමණක් සිදුවීමට පරීක්ෂණ කරන්නේ කුමන නීතියකින්දැයි ප‍්‍රශ්න කලේය.

පරීක්ෂණ කරන්නේ නම් සියලු ස්ථානයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk