Connect with us

World

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නක්..

Published

on

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක අද අලුයම හටගත් ගින්නකින් බන්ධනාගාර රැඳවියන් 41 දෙනෙකෙු මිය ගොස් තිබෙනවා. 

මෙම ගින්නෙන් බන්ධනාගාර රැඳවියන් 08 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර තවත් 72 දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇති බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ. 
ඉන්දුනීසියාවේ වේලාවෙන් අලුයම 03 ට පමණ ගින්න හටගෙන තිබෙනවා. 

ගින්න හටගෙන ඇත්තේ අධික තදබදයක් පැවති සිර කුටියකයි. එම කුටියේ රැඳවිය හැකි පිරිස 40 දෙනෙකු වුවත් රැඳවියන් 120 දෙනෙකු එහි රඳවා සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
2,000 කට වැඩි රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයේ රඳවා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published.

World

ස්නයිපර් ප්‍රහාරයකින් රුසියානු හමුදා ප්‍රබලයින් තිදෙනෙක් මරුට..

Published

on

By

යුධ පෙරමුණේ දී රුසියානු අණ දෙන නිලධාරීන් තිදෙනෙකු යුක්‍රේන ස්නයිපර් ප්‍රහාරයන්ට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුක්රේන රුසියා ගැටුම අද 11 වන දිනටත් ක්‍රියාත්මක අතර ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිත ප්‍රහාර දැඩි වී ඇති බව සඳහන්.

මේ අතර ලොව ප්‍රමුඛතම ඩෙබිට් කාඩ් සමාගම් 02 ක් වන මාස්ටර් සහ වීසා කාඩ්පත් සමාගම් රුසියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.

ඒ යුක්රේන ජනාධිපති ව්ලොද්මිර් සෙලෙන්ස්කි සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි

විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති එම සංවාදයේ දී යුක්රේනයට ආර්ථික සහය ලබාගැනීම සහ රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

මේ අතර රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡා විදේශිකයින් වෙත යුක්රේනය කළ ඉල්ලීමට අමෙරිකානුවන් 3,000 ක් ප්‍රතිචාර දක්වා ඇති බව වොෂින්ටන් ඩී සී හි පිහිටි යුක්රේන තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබෙනවා

යුරෝපා රාජ්‍යයන් රැසක් යුක්රේනයේ භූමියේ සටන් කිරීමට තම හමුදා යෙදවීමෙන් වැලකී සිටින නමුත් යුක්රේනයට උපකාර කිරීම සඳහා යුධ ආධාර ලබා දීමට කටයුතු කළා

Continue Reading

World

රුසියානු බැංකු චීන කාඩ් වලට හැරෙයි..

Published

on

By

රුසියානු ප්‍රධාන බැංකු ගණනාවක් මාස්ටර්කාඩ් සහ වීසා කාඩ් වෙනුවට යුනියන් පේ කාඩ්පත් නිකුත් කිරිම අරඹා තිබෙනවා.

ඒ, ලොව විශාලතම මුදල් ගණුදෙනු ජාලයන් දෙක වන වීසා සහ මාස්ටර්කාඩ් සමාගම්, රුසියාවේදී තම සේවාවන් නවතා දමන බව පැවසීමෙන් අනතුරුවයි.

ඒ අනුව මේ වන විටත් රුසියාවේ විශාලතම මූල්‍ය සමාගමක් වන Sberbank සහ Alfa Bank මෙන්ම Tinkoff යන බැංකුද මේ වන විටත් යූනියන් පේ ජාලය හා සම්බන්ධ වී ඇති බව සඳහන්.

යුනියන් පේ යනු චීනයේ ප්‍රධානතම මුදල් ගණුදෙනු ජාලය වන අතර, එය රුසියාවේ මීර් ගණුදෙනු ජාලය හා සම්බන්ධ වී මෙම නව ගණුදෙනු කාඩ්පත් පාරිභා්ගිකයන්ට නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

Continue Reading

World

ගුවන් තහනම් දමන සියළු රටවලට පහර දෙනවා.. පුටින් බටහිර තැති ගන්වමින්…

Published

on

By

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.

රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර දීම ආරම්භ කර ඇත. කීව් අගනුවර ද හමුදා විසින් වට කරනු ලැබ තිබේ.

ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්රේනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. දින දෙකක් වැනි කෙටි කාලයකදී යුක්රේනය අත්පත් කර ගැනීම රුසියන් ජනාධිපතිවරයාගේ අරමුණ වූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.

කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී, ජනතාව ඒකරාශී කර ගනිමින්, හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, දිනෙන් දින යුද ගැටුම් දිග්ගැස්සෙමින් පවතී.

මේ වනවිට සෑම බටහිර රටක්ම රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසය. තමන්ට යුක්රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි නමුත්, යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කරමින්, යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්, ජනාධිපති පුටින්ට ස්තුති කරමින් රුසියාවේ මොස්කව් අගනුවර ජන රැළියක් ද පැවැත්විණි. දහස් ගණනන් පුටින් හිතවාදීහු ඊට සහභාගී වූහ.

– රොයිටර්/ලංකාදීප

Continue Reading

Trending