කොවිඩ්-19 රෝග පාලනය කිරීම සඳහා රජය ගන්නා වූ ක්‍රියාමාර්ග සාධනීය නැති බවත්, අනාගතයේ දී සිදුවන ව්‍යසනකාරී තත්ත්වයට තමාට වගකීමට නොහැකි බව සඳහන් කරමින් ඊයේ (06) දිනයේ දී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් කොවිඩ්-19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වුණා.
මෙම ඉල්ලා අස්වීමත් සමඟ සමාජය තුළ දැඩි කතාබහක් ද නිර්මාණය වී තිබුණු අතර රජය විසින් ගෙන යන ලබන කොරෝනා රෝග මර්දන වැඩසටහන ගැන ජනතාව අතර මතවාදාත්මක කතාබහක් ද ඇතිව තිබුණා.
වෛද්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව අද (07) දිනයේ දී පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසීමක් කර සිටියා.
එහිදී මාධ්‍යවේදිනිය විමසා සිටියේ “වාර්තා වුණා ඇමතිතුමා කොවිඩ්-19 රෝග මර්දනයට රජය ගන්න ක්‍රියාමාර්ග සාධනීය නැහැයි කියන කාරණය පදනම් කරගෙන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කමිටුවෙන් ඉවත් වෙලා තියෙනවා. මෙතනදී ඇමතිතුමා මේ කමිටුවේ ගැටලුවක් ඇතිවෙලා තියෙනවද? නැත්නම් යුද හමුදාව මැදිහත් වීමේ මොකක් හරි අර්බුදයක් ඇතිවෙලා තියෙනවද ? ඇයි මේ විදිහට ප්‍රවීණයෝ කමිටුවෙන් ඉවත් වෙන්නේ?…” ලෙසිනි.
එයට පිළිතුරු ලබාදෙමින් කැබිනට් සම ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ තමන් දැනුවත්ව කමිටුව තුළ කිසිදු අර්බුදයක් ඇතිව නොමැති බවයි. ඒ සම්බන්ධ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් විමසන ලෙස අමාත්‍යවරයා පවසා සිටියා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “අපි අගේ කරනවා එතුමා ඇතුළු සමස්ත වෛද්‍ය ක්ෂේත්රයේ සෑම කෙනෙකුම විශාල දායකත්වයක් මේ වෙනුවෙන් දක්වලා තියෙනවා. යුද හමුදාව හැටියට දක්වපු දායකත්වයත් අපි සෑම විටම අගය කරනවා. එමෙන්ම ඔබ දන්නා පරිදි මෙම සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි තමයි මේ වතාවෙත් රට අකර්මණය කිරීමටකට එහෙම නැත්නම් ලොක්ඩවුන් කිරීමටකට අපි අනුගත වුණේ සෞඛ්‍ය අංශවල නිර්දේශ සහ ඒ අයගේ උපදෙස් සහතිව” ලෙසයි.
රජය හැටියට ඉදිරියටත් කටයුතු කරන්නේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය අංශවල උපදෙස් සමඟ ඉතාම පැහැදිළිව පැවසිය යුතු බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියා.
-am.lk-