Connect with us

Politics

එලොවටත් නෑ මෙලොවටත් නෑලූ.. කොළඹ පොහොට්ටු හටනක්..

Published

on

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ ඇමතිවරුන් දෙදෙනෙකු හා මන්ත්‍රීවරයෙක් ගැටුමකට මුල පුරා ඇති බවට වාර්තා වේ.

ඒ පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම හේතුව මතයි.

මෙම ස්ථාන මාරුව මුල් කොටගෙන ජගත් කුමාර මන්ත්‍රීවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ගාමිණී ලොකුගේ හා සරත් වීරසේකර යන අමාත්‍යවරුන් සමග ගැටුමකට මුල පුරා ඇත.

මේ වන විට ජගත් කුමාර මන්ත්‍රීවරයා පාදුක්ක සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරන ලද්දේ ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ උවමනාවට විෂය භාර සරත් වීරසේකර අමාත්‍යවරයා බවටයි ජගත් කුමාර මන්ත්‍රීවරයා චෝදනා කරයි.

හිටපු පොලිස් ස්ථානාධිපති වෙනුවට ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ හිතවතෙකු මේ වන විට පාදුක්ක පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර තිබෙන බවත් ජගත් කුමාර මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

මේ කුපාඩි වැඩේ නොකරන ලෙස තමා සරත් වීරසේකර මහතාගේ ඉල්ලා සිටියත් ඔහු එය ගණන් නොගෙන ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සමග එකට එකතු වී තමාට එරෙහිව ප්‍රහාරයක් දියත් කර ඇති බවටයි මන්ත්‍රිවරයා තොරතුරු හෙළිදරව් කරයි.

එළැඹෙන 27 වැනි දිනට පෙර මේ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැතිනම් තමා දැඩි පියවරක් තබන බවට අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා.

තවද ජගත් කුමාර මන්ත්‍රීවරයා සිද්ධියට සම්බන්ධ ලොකුගේ හා වීරසේකර අමාත්‍යවරුන් දෙදෙනා හඳුන්වන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති ඇමතිවරුන් දෙදෙනෙක් ලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

LNG ඇමරිකාවට දුන්නාම ඒකකයක් රුපියල් 11ක් අඩුවෙනවා..

Published

on

By

විදෙස් රටවල් සමඟ ආයෝජන අවස්ථාවන් සිදු කිරීමට යාමේදී ජාතික සම්පත් විකුණනවායි විපක්ෂය බොරු ප්‍රචාර සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවිකිරීමේ උත්සවයට (25) සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“අද රටේ හැමතැනම උද්ඝෝෂණ, වැඩවර්ජන මෙහෙයවමින් විපක්ෂය විසින් රටේ ආර්ථික ක්‍රියාවලිය අකර්මණ්‍ය කරන්න උත්සාහ කරනවා. කොවිඩ් වසංගතය තුළ ලෝකයේ කිසිම රටක වැඩවර්ජන සහ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු වුණේ නැහැ. ආර්ථිකයට වඩා වැදගත් ජනතාවගේ ජීවිත බේරා ගැනීම යන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීන්දු කළා. ඒ නිසා ලෝකයේ අනිත් රටවල් සමඟ බලන විට ලංකාව එන්නත්කරණ අතින් සුවිශේෂී ස්ථානයකට පැමිණ තියෙනවා. අද ජනතාව ඒ ගැන කථා කරන්නේ නැහැ. පසුගිය කාලයේදී කොරෝනා නිසා මිනිස්සු මැරුණාම විවිධ ප්‍රචාර ගෙන ගියා. මළ මිනී පෙන්නුවා. අද ඒ සියලු දේ අවම කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම ලැබිල තියෙනවා. අද කවුරුත් මේ ගැන හොඳ කියන්නේ නැහැ. අද කාටවත් මේවා පෙනෙන්නේ නැහැ.

ලංකාව ලෝකයේ දරුණු වසංගතයකට මුහුණු දීල ඒ වසංගතය ජයග්‍රහණය කරපු ලෝකයේ අංක එකට පැමිණි රටක් ලෙස ශ්‍රී ලංකාව ගන්න පුළුවන්. අපි දුප්පත් රටක්. අපට බලය තියෙන රටක් නෙමෙයි. තාක්ෂණය අතින් විශාල දියුණු රටක් නෙමෙයි. එහෙත් අපට බලවත්, ධනවත් රටවල් අභිබවා කොරෝනා අවම කිරීමේ වැඩසටහන ඉතා හොඳට කරන්න පුළුවන් වෙලා තියෙනවා. වැටුණු ආර්ථිකය ගොඩගන්න මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කරල තියෙනවා. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙලා සහයෝගය දෙන්න ඕන.

ආණ්ඩුවකට තනිව ආර්ථිකය ගොඩනගන්න බැහැ. කොරෝනා වැඩි වෙද්දී රට වහන්න වහන්න කිව්වා. වැහුවා. මොකද වුණේ? අපට ලැබිය යුතු සියලු ආදායම් නැති වුණා. රේගු, සුරා බදු, සෘජු සහ වක්‍ර බදු ආදායම් අඩු වුණා. ඇයි ඒ? රට වැසූ නිසා. රට වහන්න කිව්වා. අපි වැහුවා. කොරෝනා වසංගතයෙන් රට බේරා ගත්තා. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම ආර්ථිකය වැටිල තියෙන්නේ. ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. ගෑස් වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. සිමෙන්ති වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. මේ සියල්ලම ආනයනය කරනවා. ආනයනය කරද්දී කන්ටේනර් ගාස්තු වැඩි වෙලා. රක්ෂණ ගාස්තු වැඩි වෙලා. විපක්ෂයේ අය මේවා දන්නවා. ඒත් කියන්නේ අඩු කරන්න කියලා. අඩු කරන ක්‍රමය පුළුවන් නම් කියල දෙන්න. ආර්ථිකයට සල්ලි ගස්වලින් කඩන්න බැහැ. විපක්ෂ නායක යන යන තැන කියන්නේ දෙන්නලු. දෙන්න තියෙන්න එපාය. තියෙන්න ලැබෙන්න එපාය. කාගෙන්ද ආදායම් ලැබෙන්නේ ?

ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ සෘජු හා වක්‍ර බදුවලින්. ජනතාව තලා පෙලා මේවා ගන්න බැහැ. කොරෝනා නිසා ජනතාව අමාරු තත්ත්වයක ඉන්නේ. කවුරු ආණ්ඩු කලත්, කවුරු ජනාධිපති වුණත් සල්ලි ගස්වලින් කඩන්න බැහැ. රට විවෘත කරලා ආර්ථිකයට ඉඩ දෙන්න ඕන. ආදායම් එන ඒවා සියල්ල නැති වෙලා. යුක්රේන සංචාරකයින් ගෙන එන විට යුක්රේන ගණිකාවෝ ගේනවා කිව්වා. සෘජු ආයෝජන ගේන්න ගියාම රට විකුණනවා කිව්වා. LNG බලාගාරය අවුරුදු පහකට දුන්නාම ජාතික සම්පත් විකුණනවා කියනවා. ආයෝජන සඳහාවත් අවස්ථාවක් දෙන්න බැහැ. LNG ව්‍යාපෘතිය තුළින් ඒකකයකට රුපියල් 30 ක් වියදම් වෙනවා. මෙම ව්‍යාපෘතිය තුළින් රුපියල් 19 යන්නේ. රුපියල් 11ක් එක ඒකකයකට අඩු වෙනවා. ඒ නිසා කෝටි ගණනක් ඉතිරි වෙනවා. නමුත් ජාතික සම්පත් විකුණනවා කියලා කඩාකප්පල් කරනවා. ගෑස් ඒකාධිකාරයක් දීල තියෙනවා කියනවා. ගෑස් ගන්න ලෝකයේ දර්ශක තියෙනවා. මිල ගණන් තියෙනවා. ඒ සඳහා ලෝකයේ පිළිගත් මිලක් තියෙනවා. ඔය කියන විදියට ගෑස් ඒකාධිකාරයක් කාටවත් දීල නැහැ. ඒ අවම මිලට ගන්න පුළුවන් විදියට ගිවිසුම සකස් කරල තියෙනවා. සංචාරක ව්‍යාපාරයටත් විරුද්ධයි, ආයෝජනවලටත් විරුද්ධයි,ආදායම් මාර්ග එන එකටත් විරුද්ධයි.

අද අපට ලෝකයේ ඕන රටකට ගිහිල්ලා ගෙවල් ගන්න පුළුවන්, රැකියා කරන්න පුළුවන්, ඡන්දය ඉල්ලන්න පුළුවන්, පුරවැසිකම ගන්න පුළුවන්. ඒත් ඇමෙරිකාවේ, එංගලන්තයේ කාටවත් මෙහෙ ඇවිත් මුකුත් කරන්න බැහැ. ජාතික සම්පත් විකුණනවා කියලා බොරු කියන්නේ නැතුව අපට අනිකුත් රටවල් ලබාදී ඇති අවස්ථාව ඒ රටවල අයටත් ලබාදෙන්න ඕන. එතකොට තමයි අපට විදේශ විනිමය එන්නේ. කවුරු කෑගැසුවත් අපි ජාත්‍යන්තර සමඟ වැඩ කරන්න ඕන. එහෙම නැතුව අපට ගමනක් යන්න බැහැ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

– media unit

Continue Reading

Politics

ඔළුව පාත් කරන කාලෙ ගියා.. ජනාධිපති එය දැනගත යුතුයි..- අගරදගුරු..

Published

on

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ සරුක්කුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රමාදය ගැන සොයා බැලීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (26) එම ස්ථානයට පැමිණියහ.

දැඩි ලෙස අපවිත්‍ර වී ඇති සරක්කුව වෙරළ තීරය කාදිනල් හිමියන් පැමිණීමට පෙර කිසියම් පිරිසක් පිරිසිදු කර තිබූ අතර එම අවස්ථාවේ එහි සංවාදාත්මක තත්ත්වයක් හට ගෙන තිබිණ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ ස්ථානයට පැමිණියේ, එම සංවදාත්මක තත්ත්වයෙන් අනතුරුවයි.

එම ස්ථානයට පැමිණි කාදිනල් හිමියන් රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ‍නැව ගිනි ගැනීමෙන් රටට වූ හානිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කරන ලෙසයි.

”මේක අපේ රට නැව් සමාගම්කාරයො යන්න යයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිතුමාගනේ ඉල්ලා සිටින්නේ මේ රටට හානියක් වුණ මේ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කළ යුතුයි. ඇයි මේ නැව දවස් ගණන් ගිනිගන් න ඉඩ තිබ්බෙ? ඇයි ඒ වෙලාවෙම නැව් එළියට ඇදගෙන යන සමාගම් සමග කතා කරලා ඒකට පිළියම් යොදන්න බැරි වුණේ? ඒවා ගැන විමර්ශනයක් කරන්න.. මම නඩුවකුත් දාලා තියෙනවා. මේ ධීවර ජනතාව වෙනුවෙන් දඩ මුදල් ඉල්ලලා මේ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත්ව ඉෂ්ඨ කරන්න”

තව ද නැව ගිනි ගැනීමෙන් ධීවර ජනතාවට විශාල පාඩුවක් සිදුව ඇති බවත් රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ද දැනගත යුතුව ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අදාළ සමාගමට සහ ඉන්ෂූවරන්ස් සමාගමට එරෙහිව මෙම නඩුව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යා යුතු බව අවධාරණය කළ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, ඒ සඳහා ජනතාව හඬ නැගිය යුතුව ඇති බවයි.

”අපේ රට ස්වාධීන රටක්. ජනාධිපතිතුමත් ඒක දැනන්න ඕන . ස්වාධීනත්වය අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් කතා කරන්න. එයාලා වෙනත් රටකට ගිහින් මේ වගේ දෙයක් කළොත් ඩොලර් බිලියන ගණන් ගෙවන්නෙ, මේක දැන් සාකච්ඡා කරලා වැඩක් නෑ. දැන් අපි බලපෑම් කරන්න ඕන. ජනතා හඬ නැගීම කරන්න ඕන. ධීවර ජනතාව හඬ නගන්න ඕන. කරුණාකරලා ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න කියලා මේ නඩුව කොම්පැනියට හා ඉන්ෂූවරන්ස් සමාගමට විරුද්ධව එයාලා මේ අපිට බලපෑම් කරලා නිලධාරීන්ට බලකරවලා සොච්චමක් දීලා බේරෙන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න බැහැ. මේක අපේ රට”

– NEWS1ST

Continue Reading

Politics

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ප‍්‍රසිද්ධ විරෝධයේ.. 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි.. වෘත්තීය සමිතිද එක්වෙයි.. දෙදිනක් රටම අදුරේ තබයි..

Published

on

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.

අම්මා තාත්තා වරදක් කලත් වැරදි බව ද සඳහන් කළේය.

ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කරන ලදී.

එහිදී වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ තම සටනට ආණ්ඩුවේ මෙම පක්ෂ සියල්ල සහයෝගය දෙන බවටත් එකහෙළා ප්‍රතිඥා දුන් බවයි.

දින දෙකක් රට අදුරේ තබමින් වැඩ වර්ජනයකට යන බවද වෘත්තීය සමිති නායකයන් එහිදී කියා සිටියහ

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.

අම්මා තාත්තා වරදක් කලත් වැරදි බව ද සඳහන් කළේය.

ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කරන ලදී.

එහිදී වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ තම සටනට ආණ්ඩුවේ මෙම පක්ෂ සියල්ල සහයෝගය දෙන බවටත් එකහෙළා ප්‍රතිඥා දුන් බවයි.

දින දෙකක් රට අදුරේ තබමින් වැඩ වර්ජනයකට යන බවද වෘත්තීය සමිති නායකයන් එහිදී කියා සිටියහ

Continue Reading

Trending