Connect with us

Local

කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

Published

on

ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය පෙරේදා (06 වැනිදා) සිට අක‍්‍රීය වූ අතර ඉන් පසුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ක‍්‍රියාත්මක වෙමින් තිබූ මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාරය (මොගොවොට් 60) සපුගස්කන්ද (මෙගොවොට් 68) වශයෙන් බලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් ඉවත්ව ඇත.

මේ නිසා 06 වැනිදා රාත‍්‍රියේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදුවූ අතර බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබූ බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටියේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගොවොට් 900 කි. නමුත් සති කිහිපයක සිට එම බලාගාරයේ මෙගොවොට් 300 කින් සමන්විත එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අලූත්වැඩියා කටයුත්තක් සඳහා නතර කර තිබිණි.

ඒ අතරතුර කැලණිතිස්ස බලාගාරයේ ජීටී – 07 බලාගාරය හදිසියේ නතර වූ පසු විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ක‍්‍රියාත්මක වෙමින් තිබූ නොරොච්චෝල බලාගාරයේ මෙගොවොට් 300 ක එක් යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත්වී අක‍්‍රීය වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.

අක‍්‍රීය වූ මෙගොවොට් 300 නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක් කිරීමට දින හතකට වඩා යන බවද ඔවුහු පැවසූහ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඞීසල් හා දැවිතෙල් බලාගාර සඳහා ලබාදීම පමා කිරීම නිසා බරපතළ විදුලි අර්බුදයක පෙර නිමිති මතුවී ඇතැයිද ඔවුහු කියා සිටියහ.

හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවුවහොත් එම බලාගාරවලට අවශ්‍ය ඞීසල් මිලදී ගැනීමට ඩොලර් ප‍්‍රශ්නය හරස් වී ඇතැයිද ද ඉංජිනේරුවෝ කියා සිටිති.

වාර්ෂිකව මෙරට විදුලි ඉල්ලූම මෙගොවොට් 250-300 කින් පමණ ඉහළ ගියත් 2006 න් පසු එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි නොකළ නිසා ඉදිරි කාලයේදී අඛණ්ඩව රටට විදුලිය ලබාදීම මහ අවුලක බවද ඔවුහු කියා සිටිති.

දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ දිනකට කපන පැය ගණන තීරණය කිරීම නොව දිනකට විදුලිය ලබාදිය හැකි පැය ගණන තීරණය කිරීම යැයිද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියති.

ශිරාන් රණසිංහ
– divaina

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Local

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට ඉන්ධන ලීටරය රුපියල් 121යි.. පොලිස් පිරවුම්හලෙන්.. 

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අඩු මිලට ඉන්ධන නිකුත් කරන වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශනය කළේය.

නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම් හලේ පිරවුම් යන්ත‍්‍රය අනුව ලීටරයක් රුපියල් 121.19 මුදලකට නිකුත් කරයි.

මේ වන විට රට පුරා බෙදුම්හල්වල කිසිදු ඉන්ධන වර්ගයක් මෙම මිලට අලෙවි නොකරයි.

කෙසේ වෙතත් බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍ය බවයි.

පොලිස් රථ වාහන කොට්ඨාශයේ පිරවුම්හලේ සිදුවීම ගැන විමර්ශනයක් කරන්නැයි උපදෙස් දුන් බවද ඔහු පැවසීය.

Continue Reading

Local

මැයි අවසානයේ ඉන්ධන නැතිව රට වසා දමන තත්වයක්..

Published

on

By

මෙම මැයි මාසය අවසන් වන විට ඉන්ධන නොමැතිව රට වසා දමන්නට සිදු වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

අද වන විට ලංකාවේ බෙදාහරින්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන බවද ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන හොඳ තෙල් ලෙස පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තත්ව පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නිලාකිවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Continue Reading

Trending