Connect with us

Sports

ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කරන්න එන ස්මාර්ට් පන්දුව..!

Published

on

තාක්ෂණික පෙරළියක් කරමින් ක්‍රිකට් ස්මාර්ට් වෙයි. මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඒ වෙනුවෙන්ම නිෂ්පාදිත විශේෂිත ස්මාර්ට් පන්දුවක් භාවිත කරන බවට විදෙස් මාධ්‍ය වර්තාකර සිටී.

‘ස්පොර්ට්කොර්’ නම් සමාගම සහ කලක පටන් ක්‍රිකට් උපකරණ නිෂ්පාදන සමාගමක් වන ‘කොකබුරා’ සමාගම එක්ව මෙම පන්දුව නිර්මාණය කර තිබේ.

මෙම නව ක්‍රිකට් පන්දුව තුළ ඉලෙක්ට්‍රොනික පරිපථයක් සවිකර ඇති අතර එහි සංවේදක මගින් පන්දුවේ වේගය, පන්දුව කැරකෙන වට ගණන මෙන්ම පන්දුවෙන් ජනනය කරන බලය ද ඒ මොහොතේම ගණනය කරගත හැකිය.

එම තොරතුරු පරිගණකයක්, ස්මාර්ට් දුරකතනයක් හෝ ස්මාර්ට් ඔරලෝසුවක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි.

මෙම පන්දුවෙන් ක්‍රිකට් විශ්ලේෂකයින්ට වැඩි වාසියක් සැලසෙන අතර පන්දුව පන්දු යවන්නාගේ අතින් මිදී පතිත වන තුරු කැරකැවෙන වට ගණන, පන්දුව පතිත වීමෙන් අනතුරුව පන්දුව කැරකැවෙන වේගය වැනි දත්ත ද එම පරිපථය මගින් ගණනය කරගත හැකිය.

පන්දුව අතින් නික්මෙන වේගය මෙන්ම පිත්තේ වදින විට පන්දුවේ වේගය ද මෙයින් සටහන් කරගත හැකි අතර පන්දුවේ බලය ද මේ නව ස්මාර්ට් පන්දුව ඔස්සේ දැන ගත හැකි වීමද විශේෂත්වයකි.

පන්දු යවන්නා විසින් පන්දුව යවන විට වැය කරන ශ්‍රමයද, පන්දුවේ බලයද නිරීක්ෂණය කළ හැකි අතර මෙම දත්ත තරග වදින කණ්ඩායම් දෙකට මෙන්ම විකාශන ආයතනය වෙත ද ඒ මොහොතේම ලබා දීමට හැකිය. මෙය ඉතිහාසයේ විශේෂතම සොයා ගැනීමක් ලෙසින් ක්‍රිකට් විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

අගමැති ඉල්ලා අස්වීමට කිසිදු සූදානමක් නෑ.. රොහාන් වැලිවිට..

Published

on

By

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසි විටෙකත් නොපැවසූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කළ බව අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කරයි 

එමෙන්ම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් හෝ  කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

Continue Reading

Sports

ෂෙන් වෝන් අභාවප‍්‍රාප්ත වේ…

Published

on

By

Australia ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පා දග පන්දු යවන ක‍්‍රීඩකයෙක්වූ ෂේන් වෝන් අභාවප‍්‍රාප්ත වී ඇත.

තායිලන්තේදී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මියයන විට ඔහු 52 වැනි වියේ පසු විය.

Continue Reading

Local

දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා.. හොද ආතල් එකක් ඇති.. ඉරාජ්..

Published

on

By

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය ගායනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාද එක්වී තිබේ.

ඒ සඳහා සම්බන්ධ වන සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

මෙහි දැක්වෙන්නේ එම සටහනයි.

***

Dambulla Giants කන්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු 
රංගනයෙන් දායකත්වය දෙන්නේ ක්‍රිකට් ගහන්න තහනමට ලක්වුන
සුපිරි නලු Niroshan Dickwella ලු…
ගායනා කරන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරිය Tehani Imara මිස්
Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා 
ක්‍රිකට් fan කෙනෙක් නිසා මමත් ගියා ඉතින් බලන්න එතනට 
සුපිරි තරු අස්සේ මමත් පිටිපස්සෙන් ඉදලා ඔලුව දාලා photo එකකුත් ගහගත්තා 

Continue Reading

Trending