Connect with us

Local

කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීමට කැබිනට් අනුමැතිය අරන්.. අනුර කුමාර..

Published

on

රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට  / සමාගම්වලට   පැවරීමේ  උත්සහයක  ක්‍රියාමාර්ගවල යෙදී සිටිනවා. 

 පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ කිහිප දෙනෙකු ගෙන යන ක්‍රියාමාර්ගය වහා නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. 

” මේ ආණ්ඩුව / පාලනය ගොඩනැගීමේ ප්‍රධානම සාධකයක් කරගත්තේ ජාතික සම්පත් ආරක්‍ෂා කරනවා කියන මතය. පැවති රනිල්-මෛත්‍රී ආණ්ඩුව ජාතික දේපළ විකිණීමට විරුද්ධව විශාල මතයක් ගොඩනැගී තිබුණා. ඒ මතය කොල්ලකමින් වර්තමාන පාලනය පිහිටවූවා”  දැන්  ඒක  අමතයි

එම පක්ෂයේ නායක අනුර දිසානායක පසුගිය   (12) පක්ෂ මූලස්ථානයේදි පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළේය. 

රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට  / සමාගම්වලට   පැවරීමේ  උත්සහයක  ක්‍රියාමාර්ගවල යෙදී සිටින බව ද   එය  පෙන්වා දිම‍ සදහා  මෙම මාධ්‍ය හමුව පත්වන බව ජවිපෙ නායක අනුර කුමාර  එහිදී සඳහන් කළේය.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය. සම්ප

” මේ ආණ්ඩුව / පාලනය ගොඩනැගීමේ ප්‍රධානම සාධකයක් කරගත්තේ ජාතික සම්පත් ආරක්‍ෂා කරනවා කියන මතය. පැවති රනිල්-මෛත්‍රී ආණ්ඩුව ජාතික දේපළ විකිණීමට විරුද්ධව විශාල මතයක් ගොඩනැගී තිබුණා. ඒ මතය කොල්ලකමින් වර්තමාන පාලනය පිහිටවූවා”  දැන්  ඒක  අමතයි  .

 හම්බන්තොට වරාය විකිණීමේදී අදාළ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ඊට විරුද්ධව මේ කිසි කෙනෙක් ඡන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ සිට රාජපක්‍ෂවරු ගණනාවක් පාර්ලිමේන්තුවේ හිටියත් වරාය චීනයට ලබාදීම හෝ බදු සහන ලබාදීමේ ගැසට් නිවේදනයට විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැ. එදත් එම විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කළේ අපේ මන්ත්‍රී කණ්ඩායම විතරයි. 

එදත් අපි පෙන්වා දුන්නේ මොවුන් ව්‍යාජ දේශප්‍රේමය තවරා ගත් අය බවයි. ඔවුන් ගෙන ගියේ බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැස් තියෙන ක්‍රියාකලාපයක්. වර්තමාන බලය පිහිටුවාගෙන අපේ රටේ විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විකිණීමට සූදානම් වෙනවා. ඒ වගේම විකුණා තිබෙනවා. 

කොවිඞ් වසංගතය හමුවේ ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයන් ගැන සංවාදයක් කිරීමේ හැකියාව රට තුළ නැති තත්වයක් තුළ පවා ආණ්ඩුව කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි. 

පසුගිය   සදුදා   කැබිනට් මණ්ඩලය සූම් තාක්‍ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේ ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක්, එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස ලබා නොදී මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ වාචිකව යම් යම්  කරුණු  ඉදිරිපත් කළ කරුණු අනුව කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත් ගෑස් ගබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකුණන්න තීරණය කරලා. එපමනක්  නෙ‍ාවේ  

විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අත්සන් කරන ගිවිසුම ආදී සියලු දේ පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙනවා. 

මේ වෙලාවේ  ජනතාව ආණ්ඩුවෙන්  බලාපොරොත්තු වෙන්නේ  

ආර්ථික ගැටලු, කොවිඞ් ව්‍යසනය, සම්බන්ධයෙන් උත්තර ජනතාව අපේක්‍ෂා කරද්දී  කොවිඩි  .තත්වය  අඩමිමා  කරගෙන  කෙරවලපිටිය බලාගාරය හා එයට ගෑස් සැපයුම් මාර්ගය ඇමරිකානු සමාගමකට  පවරා දීමේ අවසන් තීන්දුව ගෙන තිබෙනවා.

එහිදි  කිසිදු  ඇමතිවරයකුට  කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී එම පත්‍රිකාව සම්මත කළ බව කාර්ය සටහන්වල සඳහන් කර තිබෙනවා.   

ඒ  ආකාරයට මේ ආණ්ඩුව හැසිරේනවා  එපමණක් නොවේ 

කොළඹ වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීන සමාගමට :

මීට පෙර 2021.07.31 දින වරාය ඇමතිවරයා කොළඹ වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීනයේ සී.අයි.සී.ටී. සමාගමට පවරා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තා.  සේවා සැපයුම් මධ්‍යෂ්ථායක්  ස්ථාපිත කරිමටද  අවසරදිමට  කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තා. 

අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අද අයිති නැහැ. නමුත් විශාල ආදායමක් උපයන්නේ  නාවික සේවා සැපයුම් මධ්‍යෂ්ථායක්  ලබාදීම මගිනුයි. එමගින් 2018දී බිලියන 5.6ක ආදායමක් උපයා තිබෙනවා. 

පසුගිය වසර දෙකේ යම් ප්‍රමාණයක ආදායම් අඩුවෙන්න ඇති. නමුත් දැන් ඒ සේවා සැපයීමේ අයිතිය අවුරුදු 35කට චීන සමාගමට ලබාදී තිබෙනවා. ඒවෙනුවෙන් අක්කරයක් බදුදී තිබෙන්නේ මාසයකට රු. ලක්‍ෂ 8.5ක් වැනි මුදලකට. 

අක්කර එක හමාරක් සිමෙන්ති සමාගමකට ලබාදී තිබෙන්නේ මාසික කුලිය ලක්‍ෂ 22කට. 

නමුත් චීනයට ලබාදී තිබෙන්නේ ලක්‍ෂ අට හමාරක කුලියකට. තවත් ඉඩමක් අක්කර 1.25ක් පමණ දී තිබෙන්නේ ලක්‍ෂ 135ක් වූ මාසික කුලියකට. 

ජාතික දේපළ නිසි තක්සේරුවකට යටත් නොකර විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ ධනය සුදු කර ගැනීම සඳහා කළු සල්ලි සුදු කර ගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. 

සෙලෙන්දිවා : ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම

මීට පෙර පර්ක් ආයතනය වශයෙන් ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම් සිදුකළ ආයතනය අහෝසි වූවාට පසුව සෙලෙන්දිවා ආයතනය පිහිටුවා එම කාර්යය කරගෙන යන්න පටන් ගෙන තිබෙනවා. 

ඩොලර් මිලියන 400ක් උපයා ගන්න විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, 

( වසර 15ක්  පමණ පැරණි  පෞරාණික  වටිනාකමක්ද සමිතයි )  ගෆුර් ගොඩනැගිල්ල,  යොක් ගොඩනැගිල්ල ,  ග්‍රැන්ට් ඔරියට් හොටලය ,   හිල්ටන් හෝටලය සහ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය  ආදි  වටිනා සම්පත්  මේ  දෙසැම්බර් 31ට පෙර   විකුණා දැමීම සඳහා රාජපක්‍ෂගේ  ආණ්ඩුව  කටයුතු කරමින්  ඉන්නවා 

 කොම්පඤ්ඤ වීදියේ ඉතාමත් වටිනා ඉඩම  ගුවන් හමුදාවට අයත් ඉඩමක් පිට්ටනිය 

ඉපරැණි පෞරාණික ඉඩම්  ආර්ථික වටිනාකම් සහිත  විකුණා  දැමිමට තිර්ණය කරලා 

, අක්කර 42ක් වූ වැලිකඩ බන්ධනාගාර ඉඩම විකුණා දැමීමට සැලසුම්කර තිබෙනවා. 

දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියෙකුගේ භූමිකාව අද මේ පාලකයන් ප්‍රවේශ වී තිබෙනවා. හැබැයි ආණ්ඩුව බලයට ආවේ 

විකිණූ සම්පත් ආපහු ගන්නවා කියලා. බහුතර ජනතාවක් ජාතික සම්පත් ආරක්‍ෂා කරගන්න පරමාර්ථයෙන් ඉන්නවා. මාධ්‍ය  වේදියෝ  වන ඔබත්  ජාතික ස්ම්පත්  රකින්න  පරමාර්ථයක් තියේන පුද්ගලයෝ  මේ පාලකයෝ බලයට ආවේ  අන්න ඒ ජනතාවගේ ලෙංගතුභාවය අඩු මිලට කොල්ලකමිනුයි.  බලයට ආවේ   

එහේත් 

”කොමිස්වලට රටේ දේපළවිකුණමින් තිබෙනවා”

කොවිඞ් වසංගත තත්වය හමුවේ කවුරුත් තිගැස්මට පත්වෙලා ඉන්න වෙලාවක යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළවිකුණමින් තිබෙනවා. 

රාජපක්‍ෂ පවුලට අයිති දේපළ විකුණනවා නම් අපි කවුරුත් බාධා කරන්නේ නැහැ.  තිස්ස  මැදමුලන ඉඩම් විකුනාගෙන කන්න  අපි  හ්කට විරුද්ධ  නැහැ   ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට හෝ ඔහුගේ පාලනයට රටේ සම්පත් පවරා දී නැති බව ඔවුන් තේරුම් ගත යුතුයි. 

මේ පාලකයන්ගෙන් වැඩි පිරිසකගේ දේපළ තියෙන්නේ, දරු මුණුබුරන් ඉන්නේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්වල. එවැනි පාලකයෝ  අපේ රටේ ජාතික සම්පත්  මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් විදේශ සමාගම්වලට පවරා දෙමින් තිබෙනවා. 

මේ අයට අපේ රට හෝ රටේ පුරවැසියන් පිළිබඳව ආදරයක් තිබෙනවා නම් වෙන රටක පදිංචි වෙන්නේ නැහැ. මේ අය ඇවිත් ඉන්නේ බිස්නස් එකකට බව පසුගිය ජනාධිපතිවරණයේදී අපි ජනතාවට අවධාරණය කළා. මොවුන් විවිධ විදේශ සමාගම්වලට අපේ රටේ දේපළ පවරා දෙන්න බලයට පත්වුණු කොන්ත්‍රාත්කරුවන්. රටේ පාලකයන් නෙවෙයි. 

අපේ රටේ මුල් පුටුවෙත් මුදල් අමාත්‍යාංශ පුටුවෙත් වාඩිවෙලා ඉන්නේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියක ඉන්න අය. 

තික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය අපි  පරාජය කළ යුතු බව ජනතාවට අවධාරණය කරනවා.

 කොවිඞ් තත්වය හමුවේ මේ සම්බන්ධයෙන් ජනතාව සමග කරුණු පැහැදිලි කරන්න බාධා වී තිබෙනවා. නමුත් ආණ්ඩුව ඒ තත්වය තුළ රටට විනාශකාරී ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මේ ක්‍රියාදාමයට එරෙහිව පොදු ජනතාව කරළියට පැමිණිය යුතුයි. 

පසුගිය 06 සදුදා වැනිදා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධ අඩංගුව සූම් තාක්‍ෂණය මගින් වාචිකව ඉදිරිපත් කර කෙරවලපිටිය බලාගාරයේ අයිතිය  කලමනා කරණ  අයිතිය  ඇමරිකානු සමාගමකට ලබාදීමට ගත් තීන්දුව වහාම හකුළා ගත යුතුයි. 

 අපි  මෙරට  ඇමැති  මංණ්ඩලයෙන්  අහනවා  එවැනි කැබිනට් පත්‍රිකාවක් දැක්කාද  පුලුවන්නම් ජනතාවට කියන්න  එහේම ආ‍වා කියලා  මේසේ   කැබිනට් පත්‍රිකාවක්  ඉදිරිපත් නොකර  මෙවැනි   ප්‍රයන්ත  ගන්නේ   එවුන්ගේ  දේපල විකිණිමේ පරමාර්ථය නිසා

මෙවැනි කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව ලංකාවේ පළවැනි වතාවට තීන්දු අරන් තිබෙනවා. රටට, ජනතාවට විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලයටත් හංගනවා. 

රටට ඉදිරිපත් කරන්න බැරිනම්, ජනතාවට ඉදිරිපත් කරන්න බැරිනම්, විවෘතව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ඉදිරිපත් කරන්න බැරිනම් ඒ හැම දේකින්ම කියවෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුළේ තිබෙන හොරකමයි. 

කෙරවලපිටිය බලාගාරය, වරාය ඉඩම්, අපේ  රටේ පෞරාණික දේපළ විකිණීම සඳහා රාජපක්‍ෂ කොන්ත්‍රාත්කරුවන් දරන ප්‍රයත්නය පරාජය කළ යුතුයි. සියලු දෙනාට එය වෙනුවෙන් පෙළගැසෙන ලෙස අපි ආරාධනා කරනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

මැයි අවසානයේ ඉන්ධන නැතිව රට වසා දමන තත්වයක්..

Published

on

By

මෙම මැයි මාසය අවසන් වන විට ඉන්ධන නොමැතිව රට වසා දමන්නට සිදු වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

අද වන විට ලංකාවේ බෙදාහරින්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන බවද ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන හොඳ තෙල් ලෙස පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තත්ව පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නිලාකිවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Continue Reading

Local

මහ බැංකුව පොලී අනුපාතය ඉහළ දමයි..?

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 අංක 04 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය අද (19) දින පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 වැනි දින රැස්විය.

එහිදී මෙම වසරේ අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 700 බැගින්, පිළිවෙලින් 13.50% සහ 14.50% දක්වා ඉහළ නැවීමට තීරණය කෙරුණි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක වරක දී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවූ විශාලතම පදනම් අංක ගණන වේ.

පසුගිය සතියේ (මැයි 11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91, 182 හා 364 යන කාණ්ඩ තුනටම අදාළ පොලී අනුපාතිකයන් 24% සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර එම පසුබිම හා පවතින උද්ධමනකාරී වටපිටාව තුළ, ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් ඉහළ යාමට වැඩි ඉඩක් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Continue Reading

Local

ආර්ථික ආපදාව පූර්ණ මානව ආපදාවක් බවට පත් කොට මේ රටේ බින්න බැසීමේ බාහිර බලවතුන්ගේ සැලසුමෙහි කොටස්කරුවන් වන්න එපා..

Published

on

By

අද සිදුවෙමින් පවතින දේ පිළිබඳව සම්පූර්ණ චිත්‍රය’ දකින ලෙසත් ආර්ථික ආපදාව ‘පූර්ණ මානව ආපදාවක්’ බවට පත් කොට මේ රටේ බින්න බැසීමේ බාහිර බලවතුන්ගේ සැලසුමෙහි කොටස්කරුවන් බවට කිසිසේත්ම පත් නොවන ලෙසත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සියලු ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ මහතා මෙම ඉල්ලීම සිදුකරනු ලැබූයේ පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයේදී සිය අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“මැයි 09 වැනිදා සවස සහ රාත්‍රී කාලයේ ඇති වූ බිහිසුණු අපරාධකාරී ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව මියගිය අප සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ, ප්‍රාදේශීයව මියගිය අනෙකුත් පිරිස්වල, ගිනිබත් වූ නිවෙස් හිමි පවුල්වල සාමාජික සාමාජිකාවන් සියලුදෙනාම වෙත අපගේ සාතිශය සංවේගය පළ කර සිටිනවා. ඔළුව තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා, එදා අරලියගහ මැදුරට ආපු සෙනගින් කොටසක් හෝ ගාලුමුවදොරට ගියොත් ඇති විය හැකි තත්ත්වය කුමක්ද, කියා. මට තේරෙන්නේ නැහැ, හිටපු අගමැතිතුමා ධුරයෙන් ඉවත්වීමට මනස හදා ගත්තනම් එදා අරලියගහ මැදුර ඇතුළේ එක්එක් අයට ආවේගකාරී කතා පැවැත්වීමට ඉඩ දුන්නේ ඇයි?, කියා.

‘ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට…’

අප අද රටක් ලෙස මුහුණ දී සිටින්නේ ආර්ථික ආපදාවකටයි. සමහරුන්ට එය මානව ආපදාවක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍යයි. ඒ නිසා තමයි සමහරුන්ට ගාලුමුවදොර සාමකාමී විරෝධතාවට ගස්සවන්න ඕනේ වුණේ. එය සදාචාර හේතුවක් කරගනිමින් සමහරුන්ට පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනිබත් කිරීමට ඕනේ වුණේ ද ඒ නිසයි. එහෙම මුළු රටම ගිනි තිබ්බාම තමයි මානව ආපදාව ඇති වන්නේ. ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් වුණාම තමයි ‘ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය ක්‍රියාත්මක වන්නේ නැහැ. එහි පොලිසියට, හමුදාවට බැහැ’ කියන තත්ත්වය ජාත්‍යන්තරව ගොඩනැගෙන්නේ. එවිට තමයි ජාත්‍යන්තර වශයෙන් හමුදාමය අතපෙවීමක්, ආක්‍රමණයක් වුවත් සිදුවිය හැකි වාතාවරණය නිර්මාණය වන්නේ. මම කියන්නේ නැහැ, ඔය ගහගත්තු ගිනිතියපු සියලුදෙනා මේ පුළුල් චිත්‍රය දැනගෙන ක්‍රියාත්මක වුණා, කියා. නමුත් කවුරුකවුරුත් දැන හෝ නොදැන පොට පාදාගෙන යන්නේ බාහිර පාර්ශ්වවලට මේ රට තුළ බින්න බැසීමට හැකි තත්වය ඇති කිරීමටයි.

‘ප්‍රතිවාදීන්ට පහර දීමේ ආයුධය’

ගාලුමුවදොර සාමකාමී විරෝධතාවට පහරදුන්, පහරදීමට උසිගැන්වූ සියලුදෙනා අත්අඩංගුවට ගත යුතුයි. අපි එදා සවස මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය ලෙස ඒ බව පැවසුවා. ඒ තුච්ඡ ක්‍රියාව අපි දැඩි සේ හෙළා දැක්කා. නමුත් ඒ පහරදීම සමහරුන් තම ප්‍රතිවාදීන්ට පහරදීමේ ආයුධය බවට පත්කර ගත්තා. මේ බලන්න එක්තරා නිළියක් කරන ප්‍රකාශය. එය ‘කොන්ද කෙලින් තියාගෙන එන්න. ගිනි තියපියව් මුළු රටම. ඒක තමයි වෙන්න ඕනේ.’ ආදී වශයෙන් සිදු කරන ප්‍රකාශයක්. (හඬපටය සභාවට ඇසෙන්නට සලස්වයි) මේ නෝනාට අනුව අපේ ගෙවල් ගිනි තියපුවාම ප්‍රශ්නය විසඳෙනවා ද? මගේ ගෙදර ගිනි තැබීමට මුලින් ආවේ 12යි. පොලිස් නිලධාරීන්ට නියෝග ලැබිලා තිබෙනවා ‘මොකුත් කරන්න එපා! ඔහේ ඉන්න’ කියා. පසුව තව 23ක් ආවා. ඉන්පසුව ගේට්ටුව කඩාගෙන ඇතුළුවෙලා මගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන උපකරණ පවා කොල්ලකාලා තිබෙනවා මෙතැන තිබෙන්නේ ආණ්ඩුවට විරෝධය දැක්වීමක් පමණක් නොවෙයි ‘මහදවල් සියලුදෙනා බලා සිටියදී සිදුකළ’ කොල්ලකෑමක්. ඒක ඉතාමත් බිහිසුණු අත්දැකීමක්.

‘අයියලා මල්ලිලාගේ ප්‍රශ්න’

මට පෙර අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවා, ‘ආර්ථික අමාරුකම් නිසා පීඩාව ආවා. ජනතාව පීඩාව මෙහෙම පිට කළා’කියා. එහෙමනම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ රටේ ජනයා කම්පනයෙන්, ප්‍රකම්පනයට පත් වුණාම එදා මුජිබර් රහුමාන් මහත්තයලාගේ ගෙවල් හොයාගෙන ආවාද? මෙතැනදී සිදු වුණේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම. මානව හිමිකම් කොමිසම පැත්තෙන් මට ලැබුණු තොරතුරු අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජනාධිපතිවරයා උපදෙස් දුන්නා, ‘අරලියගහ මැදුරේ සිටින පිරිස ගාලුමුවදොරට පැමිණෙන එක නතර කරන්න’ කියා. මේක සියයට සියයක් හරිද, කියන්න මම දන්නේ නැහැ. මම මේ කියන්නේ ඔහුගේ කටඋත්තරය අනුවයි. ජනාධිපතිවරයාගෙන් ඉහත උපදෙස් ලැබුණාම ඔහු සූදානම් වෙලා තිබෙනවා කඳුළු ගෑස්, ප්‍රහාරක ජල ටැංකි ආදිය යොදා ගනිමින් ඒ පිරිස ගාලුමුවදොරට පැමිණීම වැළැක්වීමට. එම අවස්ථාවේදී පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ගෙන් විමසා තිබෙනවා, ‘මොකක්ද දැන් කරන්නේ?’ කියා එවිට ඔහු පවසා තිබෙනවා, ‘මම මේ පිරිසට ගාලුමුවදොරට එන්න දෙන්නේ නැහැ. මට ජනාධිපතිතුමාගෙන් ඕඩරයක් ආවා’ කියා. එවිට පොලිස්පතිවරයා පවසා තිබුණේ, ‘ඔයා ඕවා කරන්න යන්න එපා! අමාත්‍යාංශ ලේකම්ට කතා කරන්න’ කියායි. එවිට දේශබන්දු තෙන්නකෝන් අමාත්‍ය ලේකම්ට කතා කළාම එයත් කියනවා, ‘ඕවා කරන්න යන්න එපා! ඕවා අයියලා මල්ලිලාගේ ප්‍රශ්න. ඔතැන ඉන්නේ මහින්ද අගමැතිතුමාගේ ගෝලයෝ. ඔය මිනිස්සුන්ට ගහලා, අන්තිමේදී දෙන්නා ෂේප් වෙයි, ඔයාට අමාරුවෙ වැටෙන්න වෙයි. ඒ නිසා ඔයා ෂේප් එකේ ඉන්න’ කියා. එදා, මේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටුණු මැයි 09 වැනිදා හැම පොලීසියකටම නියෝග දීලා තිබුණේ ‘ෂේප් එකේ ඉන්න’ කියලයි. එදා යුද හමුදාව සක්‍රීය වුණේ නැත්තෙ ඇයි? මේක ප්ලෑන් එකක්.

‘ප්ලෑන් එක ක්‍රියාත්මකයි’

එදා අරලියගහ මන්දිරයට සෙනග ගෙනාපු මොට්ටයෝ දැන හෝ නොදැන ඉටුකළේ ඒ ප්ලෑන් එකේ කොටසක්. ඊළඟට පොලිසිය ක්‍රියාත්මක නොවීම, හමුදාව සක්‍රීය නොවීම යන සියල්ල මේ ප්ලෑන් එකේ කොටස්. ඊළඟට ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පෙරළීම මගින් ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට පවතින රජයේ ආයතන අසමත්, කියන මතය ජාත්‍යන්තරව තහවුරු කිරීම. අවසානයේ ශ්‍රී ලංකාව තුළට බින්න බැසීමට පොට පාදා ගැනීම. මෙතැන කාටහරි හිතෙනවනම් අපේ ගෙදරකට ගිනිතියලා, අප මරාදමලා මේ ප්‍රශ්නය එක දවසකින් විසදන්න පුළුවන් කියලා, එහෙම කරන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. කවුරුත් දැන හෝ නොදැන යන්නේ ඒ ප්ලෑන් එකට අනුවයි.

‘ඇමරිකන් තානාපතිනියගේ ට්විටර් පණිවිඩය’

මේක තවත් හොඳින් තේරුම් ගන්න ‘හරි ලස්සන කතාවක්’ කියන්නම්. ඇමෙරිකන් තානාපතිවරිය දැන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන නිතරම ට්විටර් පණිවිඩ දානවනෙ. මැයි 10 වැනි දා ඉඳන් හමුදාව සක්‍රිය කළාම එයා දාපු ට්විටර් පණිවිඩයේ තිබෙන්නේ ‘මෙසේ හමුදාව යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි. පිළිකුල් සහගතයි’ වැනි අදහසක්. නමුත් එයා ට්විටර් පණිවිඩයක් දැම්මේ නැහැනේ ’09 වැනි දා රාත්‍රියේ රට පුරා සිදු වූ දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනිබත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කළ පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න’ කියා. එම තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයේ හමුදාව යෙද වූ පසුවයි එයා ට්විටර් පණිවිඩයක් දමන්නේ. එයා අකැමැතියි හමුදාව යෙදවීම ගැන. එයාලාට අනුව මරාගැනිල්ල, ගිනි තැබීම දිගටදිගට යන්න ඕනේ, අංග සම්පූර්ණ මානව ආපදාවක් සිදු වෙන්න ඕනේ.

‘සාටකය දාගත්තු කපුටා අදත්’

අද මෙතැන වෙන්න තිබුණේ දෙපාර්ශ්වය කතා කරලා එකඟ වෙලා නියෝජ්‍ය කථානායක ධුරයට සුදුසු කෙනෙකු පත් කරගැනීම. අර ‘සාටකය දාගත්තු කපුටා’ අදත් බෙදීම ඇති කළා. මේ ‘කපුටා’ ඉන්නකම් අපි පෙන්වා දුන් අර ප්ලෑන් එක අනුවයි සියල්ල සිදුවන්නේ. මේ ‘කපුටා’ තමයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ‘කොරහත් බිඳගෙන යන’ ආකාරයට වැඩේ හැදුවේ. ‘කපුටාගෙ මෝඩ ගෝලයෝ’ තමයි ඒකට හවුල් වුණේ. මම මීට සති දෙකකට පෙර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතා කර කියපු දේ මතක ඇතැයි සිතනවා.

‘අගමැති ඔටුනු සිහින අපට නැහැ’

අපිට මේ සිදුවන සියල්ල හොඳින් තේරෙනවා. අපි දේශපාලනය කරන්නේ ඔය හිස් වන අගමැතිකමක හෝ ඇමතිකමක ‘ඔටුන්න’ දාගන්න නොවෙයි. අපට ඕනේ අපි මේ ඉන්න පීඩාව පාවිච්චි කරලා මේ රට ගොදුරු කරගන්න හදන න්‍යාය පත්‍රය පරාජය කරන්නයි. මම මේ රටේ සකල ජනීජනයාගෙන් ඉල්ලනවා, ‘එම බිහිසුණු න්‍යාය පත්‍රයේ චරිත, නළුවන් වෙන්න එපා!’ කියලා. දැන් බලන්න මේ ආර්ථික ආපදාව අස්සෙ කවුරුත් නොහිතපු තැනැත්තෙක් අගමැති පුටුවට ආවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ඡන්දෙනුත් පැරදිලා, පාර්ලිමේන්තුවට එන්න බැරුව අවුරුදු එකහමාරක් විතර ‘කෙකර ගගා’ ඉඳලයි පසුව මෙතැනට ආවේ. ඔහුට ලොතරැයියක් තමයි ඇදුනේ. එයාට ලොතරැයියක් ඇදීම ගැන අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි මේ වගේ ආපදාවකදී මෝඩයෝ වගේ වෛරය, ද්වේෂය මුල් කොටගෙන හැසුරුනොත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හෝ වෙනත් සිහින දකින අයගේ ඔලුවට ඔටුන්න වැටෙන්නෙ නැහැ. ඔටුන්න වැටෙන්නේ පිටරටක බලවතුන්ගේ ඔලුවටයි. ඒ නිසා බුද්ධිය පෙරදැරි කරගෙන තීරණ ගනිමු. මේ සිදුව ඇති දේ පිළිබඳව සම්පූර්ණ චිත්‍රය දකිමු.

‘රතු මල්ලිලා බයවෙලා’

ඒ නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා, ‘මැයි 09 වැනිදා නීතියේ ආධිපත්‍යය බිඳවට්ටපු සියලුදෙනාට විරුද්ධව පියවර ගත යුතුයි’ කියා. දැන් එක්එක් අය අත්අඩංගුවට ගන්නවා. ඒ අස්සෙ රතු මල්ලිලාගේ තරුණ සංගමයේ අය පොලිස් මූලස්ථානයට ගිහින් කියනවා ‘ඒක වැරදියි’ කියා. එයාලා දැන් බයයි තමන් අහුවෙයි කියා. එයාලා දැන් කියන්නේ ‘අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. අපට සිදුවුණු දේ ගැන දුකයි. වැරදි ඩී.අයි.ජී‌ු කෙනෙක් දාල තියෙන්නෙ. එයා දැන් අපේ අය අල්ලනවා. ඒකට අපි විරුද්ධයි’ කියලයි. එහෙමයි දැන් සූත්‍රය හැදෙන්නේ. අර වැදි නායකයා කියපු ආකාරයට මේ ආපදාව දිහා ‘මළකුණක් දෙස බලන කපුටු රැලක්’ වගේ බලන පිරිසට අන්තිමේදී වෙන්නේ, කොටමින් ඉන්නාවිට මළකුණත් වෙන අයෙකුට අයත් වෙන එක දිහා බලන් ඉන්න.

‘දරුවන් ඉදිරියේ පමණයි මා නිරුත්තර’

ඒ නිසා අපි යළිත් මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා, ‘මේ ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් වීමට ඉඩ තබන්න එපා!’ කියා. ඒ වගේම එදා 09 වැනිදා රාත්‍රියේ නීතියේ ආධිපත්‍යය බිඳවට්ටපු සියලු ආරක්ෂක ප්‍රධානීන් ඉවත් කරලා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාහැකි තැනැත්තන් ඒ තනතුරුවලට පත් කළ යුතුයි. මට සියල්ල දරාගත හැකියි, නමුත් මගේ දුවයි, පුතයි ‘අපේ පොත්පත් ටිකත් ගිනි තියලා’ කියනකොට මම කොහොමද ඒකට උත්තර දෙන්නේ? ඒ දෙන්නාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නන්. එම දරුවන් අපට තිබෙන දේශපාලන බලය කිසිදාක අයුතු ලෙස පාවිච්චි කරලා නැහැ. ඉතා සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වන ඒ දරුවෝ අහන ප්‍රශ්නවලදී විතරයි මම නිරුත්තර. මේ ගිනි තැබීම් සංවිධානාත්මක නැතිනම් කොහොමද තෙල් බූලි ගණන් ගෙන ආවේ? ඒ වගේම 225න් කොටසක් පමණක් තෝරාගෙන පහර දුන්නේ ඇයි? ඒකත් පැහැදිලිව දකින්න ඕනේ.

අපි කවර දේශපාලන මතවාදය දැරුවත් මේ මොහොතේ අපට වගකීමක් තිබෙනවා, මානව ආපදාවක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදී මේ ආර්ථික ආපදාවෙන් ගොඩඒම පිණිස කැප වීමට. ඒ නිසා මානව ආපදාවක් නිර්මාණය කිරීමට කිසිසේත් දායක නොවන ලෙස අපි කටයුතු කරමු”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Continue Reading

Trending