Connect with us

Woman

කෙළිලොල් ආදරයක අවාසනාවන්ත සමුගැනීම..

Published

on

හුස්මක් දුරින්

තෙවන කෙටි කතාව

“තමීරා, මන් කිව්වා අපේ අම්මට උබ අද අපේ ගෙදර එනවා කියලා……
“ඉතින් අම්මා මොකෝ කිව්වේ”
“අම්මෝහ් මොනා කියන්නද බන්, එයා කැමතියි උබ එනවට…….උබ එනවනේ ශුවර් එකටම..”
“හරි හරි පිස්සි….මන් එන්නන්කෝ ඉතින් ඔච්චරටම කියනවනන්…..” තමීරා එසේ කියමින් පවනිව වැළද ගත්තාය. පවනිත් තමීරාත් හොදම මිතුරියන්ය….ඔවුන් දෙදෙනා සහෝදරියන් මෙන් ඇසුරු කලහ…….

“අම්මේ….අපි ආවා…”
“ආහ්හ් මේ මේගොල්ලොනේ….මෙයාද අර කිව්ව යාලුවා”පවනිගේ මව ඇයගේ හිස අතගාමින් දයාබර ලෙස ඇසුවාය…..
“ඔව් අම්මේ, මෙයා තමයි තමීරා…මගේ හොදම යාලුවා….”පවනි කීවේ ඇයව තම මවට හදුන්වා දෙමිනි…..
“කොහොමද දුව ඉස්කෝලේ වැඩ එහෙම.හොදට කරගෙන යනවා නේද?…..”
“ඔව් ඇන්ටි…..හොදින් කරගෙන යනවා….”
ඇය කීවේ තේ කෝප්පයද ටීපෝව මත තබමිනි.
“ඒක හොදයි දුවේ, විභාගෙටත් තව වැඩි කල් නෑනේ….මහන්සි වෙන්න මේ ටිකේ හොදට…දුවට පුලුවන්නන් අපේ මේ මෝඩ මැටි අලේටත් ඕක කියලා දෙන්න… කිසිම උනන්දුවක් නෑහ්…”ඇය කීවේ පවනි දෙස රවා බලමිනි…..
“හරි හරි දැන් ඇති ඔය කතාව…අම්මටත් අනේහ් මන්දා.මොනවා කතා කරත් අන්තිමට මාව තමයි අල්ල ගන්නේ…අපි යමූ තමීරා එලියට…”ඇය තමීරවත් රැගෙන ගේ ඉස්සරහ වත්තට ගියාය……

“ශා මාර ලස්සනයිනේ….ඇන්ටිගේ ගාර්ඩ්න් එක………”
“ඔව් බන් ඕවා ඉතින් අම්මගේ වැඩ තමයි…”
නොසිතූ මොහොතක එතනට පැමිනි කඩවසම් රුව දුටු තමීරාගේ ඇස් පුදුමයට පත් විය..ඒ රූපයෙන් ඇස් අහකට ගැනීමට පවා ඇයට අමතක විය…මුහුණ පුරා වැඩුණු රැවුලත්, කඩවසම් සිරුරත් දුටු තමීරාට කිසිවක් කර කියා ගත නොහැකිව බලා සිටියාය…ඇය පියවි ලොවට ආවේ පවනිගේ කටහඩ ඇසීමත් සමගය…

“තමීරා…..මොකෝ බන් උනේ…නිකන් හොල්මනක් දැකලා වගේහ්……
“ඒක තමයි මොකෝ නංගි මෙයා බය වෙලා වගේහ්” ඒ කඩවසම් තරුණයා තමා ලගටම පැමිනියත් ඇයට ඒ පිලිබද සිහියක් නොතිබුනි.ඔහුගේ සුන්දරත්වය ඉදිරියේ ඇයගේ ඇස් ඔහුගෙන් අහකට ගැනීමට පවා අමතක විය…….
“ආහ්හ්…මුකුත් නෑහ් පවනි.
“කවුද නංගි මේ…ඔයාගේ යාලුවෙක්ද?…”
මදාර ඇසුවේ ඔහු මීට කලින් කිසි දිනෙක් ඇයව නොදැකපු නිසාවෙනි…..
“ඔව් අයියා…මේ මගේ හොදම යාලුවා තමීරා….”
“තමීරා මේ මගේ අයියා….”
“ආහ්…..”
“ඇයි නංගි..මෙයා ඔයාට කියලා නැද්ද? මන් ගැන” මදාර ඇය අසලින් වාඩිඋනේය….
“කියලා තියනවා ඒත් දැක්කේ අදනේ”
තමීරා කීවේ මදාර දෙස බලමිනි.
“අනේහ් මේහ් අයියා…තමුසේ ගැන මොනවා කියන්නද මෙයාට……වැඩේමයි…පුහ්හ්….”
“ඇත්තද නංගි, මෙයා මුකුත්ම කියන්නේ නැද්ද මන් ගැන…..” මදාර තමීරාගෙන් ඇසුවේ සිනාසෙමිනි.ඔහුගේ හිනාවත් ඔහු තරමටම ලස්සනය….
“වැඩේහ්මයි මෙයා ගැන කතා කරන්න.අපිට වෙන වැඩ නෑහ් කියලා හිතුවද කොහෙවත් ඉන්න කොල්ලො ගැන කතා කරන්න….”
පවනි කීවේ සමච්චලයට මෙනි.
“ඇත්තද මැඩම්…හා හා හරි ඉතින්…මන් අල්ලගන්නන්කෝ ඔහොම යන්……යාලුවගෙන් අහගන්නනන් මන් ඔක්කොම”….ඔහු කීවේ තමීරා දෙස බලමින් ඇසක් ඉගිකරමින්ය…..
“ඔව් ඔව් කියයි කියලම තමයි බය”
පවනි කීවේ සොහොයුරාට අතින් පහරක් ගසමිනි…

“මන් යන්නද පවනි….ගොඩක් හවස් වෙලා ගෙදර අයත් බලන් ඇති…..”
“හරි බන් පරිස්සමෙන් යන්න එහෙනන්…තනියම යන්න පුලුවන්ද?”
“ආවෙත් තනියමනේ බන්…ඉතින් යන්නත් වෙන්නේ තනියම තමයි…..”තමීරා කීවේ මදාර දෙස බලමිනි.
“නංගි මන් ඔයාව ගිහින් ඇරලන්නද?”
තමීරාට කිසිවක් කියාගත නොහැකිව ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය……
“අම්මේහ් බලන්න එපැයි ලැජ්ජාව…..අයියා කිව්වේ ගිහින් ඇරලන්නන් කියලා විතරයි……”පවනි කීවේ සරදමට මෙනි…..
“ඉන්න නංගි මන් බයික් එක අරන් එන්නන්..ඔයා ගේට් එක ලග ඉන්න…නංගි මගේ හෙල්මට් එක අරන් එන්න….”පවනි ගේ ඇතුලට ගියේ හිස් වැසුම රැගෙන ඒමටය. තමීරාට කිසිවක් සිතා ගැනීමට නොහැකිය. ඇය දැන් සිටින්නේ වෙනමම ලොවකය.නමුත් මදාර සිතෙහි ඇය පිලිබද පුංචි හෝ කැමැත්තක් ඇත්දැයි ඇයට අවිස්වාසයක් තිබුනි……
“නංගි නගින්න…මේ හෙල්මට් එකත් දාගන්න” ඇය තිගැස්සුනේ මදාරගේ හඩ ඇසුණාට පසුවය.
“ආහ්හ් හරි අයියාහ්..” තමීරා මෝටර් බයිසිකලයට නැග්ගේ පවනිටත් ඇගේ මවටත් සමූ දීමෙන් අනතුරුවය.මදාර ඇයව රැගෙන යාම පිලිබදව ඔහුගේ මව තුලද අපැහැදීමක් නොතිබුනි.එය තමීරාගේ සතුටට හේතුවක් විය.
“නංගි….හරියට අල්ලගන්න හරිද?…..”
මදාර ඇය දෙස හැරී බලා පැවසීය.
එය සනාථ කිරීමට මෙන් තමීරා හිස වැනුවේය.
තමීරාට මෙය පුරුදු නැති දෙයක් ලෙස දැනුනේ කෙදිනකවත් ඇය මෙසේ තරුණයෙකු සමග ගොස් නොතිබූ නිසාවෙනි….ඇයට මෙය දැනුනේ නුහුරු දෙයක් ලෙසය….ඔහු තමීරාව නිවස ඉදිරිපිට ගේට්ටුව අසලට ඇරලවීය…..
“නංගා…මන් යන්නද එහෙනන්…..”
“හරි අයියා…”
ඇය මදාරට සමුදී නිවස තුලට යන්නට සැරසී නැවතත් හැරී බැලුවේ ඇය වශී උනු ඔහුගේ සුන්දරත්වය දෙසය….මදාරද තමීරා දෙස බලා සිටිනු ඇය දුටුවේය…ඇය නැවතත් ඔහු සිටින තැනට පැමිනියාය….
“පරිස්සමෙන් ගිහින් එන්න අයියා…”
තමීරා ඉතා ආදරනීය ලෙසට පැවසුවේ ඔහු දෙස බලමිනි….
“මන් ගිහින් එන්නද එහෙනන්, නැත්තන් මට නතර වෙලා ඉන්න හිතෙයිද දන්නේ නෑහ්….”
ඔහු ඇය දෙස බලමින් සිනාසෙමින් කීවේය. තමීරා ඔහු යන දෙස බලා සිටියේ ඉතා ආදරනීය ලෙසය….

තමීරාට හැමවිටම මතක් වූයේ ඇය දුටු සුන්දර තරුණයාය….පවනිට මෙතරම් කඩවසම් සහෝදරයෙක් සිටින බව ඇය කලින් දැන නොසිටියාය..සැබවින්ම ඒ රුව ඇයගේ සිත තුල මැවෙන්නට පටන් ගත්තේ ඇයටත් නොදැනිමය…නින්දේදිද ඇයට මතක් වූයේ මදාරවය. ඔහුට කතා කිරීමටත් ඇය ලග ඔහුගේ දුරකථන අංකයක්වත් නොතිබුනි.හෙට දින පාසලේදි පවනිගෙන් ඒ පිලිබදව යමක් දැන ගැනීමට හැකි වන බවට ඇය සිතා ගත්තාය…..

“මොනාද බන් ඔච්වර කල්පනා කරන්නේ…”
“මේහ් මෙතනින් වාඩිවෙන්නකෝ ටිකකට..”
“මොකෝ බන් අවුලක්ද….කියපන්කෝ…”
පවනි ඇසුවේ තමීරාගේ මුහුනේ තිබුනු වෙනස ඇය හදුනා ගත් නිසාය….
“උබ මට කියලා නෑහ්නේ අයියා ගැන විස්තර මුකුත්…..”
එක්වරම ඇසීමට නොහැකි නිසාවෙන් ඇය එවැනි ප්‍රශ්නයක් ඇසුවේ පවනි සැක කරාවියැයි සිතූ නිසාවෙනි….
“ආව්ව්…ආව්ව්…මොකෝ…මොකෝ මේ එකපාරටම මගේ අයියන්ඩි ගැන අහන්නේ…..
“අනේහ් නිකන් ඉන්න පවනි…එහෙම දෙයක් නෑහ්..මන් නිකමට වගේ ඇහුවේ…එයා හරි හොද කෙනෙක්…”
තමීරා දෙස බැලූ පවනි සමච්චලයට මෙන් සිනා වූයේ ඇයගේ හිතේ තිබුනු දේ දැනගත් නිසා විය හැකිය….
“මාත් මේ උබට කියන්න හිටියේ…අයියත් මගෙන් ඔය ටිකම ඇහුවා..”
එම වචන ඇසූ පසු තමීරාගේ මුවගට සිනාවක් නැගුනේ ඇයටත් නොදැනිමය.
“ඒහ්…බලන්නකෝ කෙල්ලගේ මූනේ තියන හිනාව.හරියට හද පායලා වගේහ්…තවත් ලස්සන වෙලාද මන්දා…..”
“උබට විකාර, එහෙම මුකුත් නෑහ්….”
තමීරා එතනින් නැගිට ගියේ මුහුණේ පිරුනු සිනාවක්ද සමගිනි….
“මේහ්හ් අද හවසට අයියා එනවා කිව්වා ස්කූල් එක ලගට…චාන්ස් එක මිස් කරගන්න එපාහ් හොදේ මැනික….” ඇය පැවසුවේ සිනාසෙමිනි..

“නංගි……ටිකක් ඔහොම ඉන්න…”
“ටිකකට මෙහෙට එනවද?….”
තමීරාට කිසිවක් සිතා ගැනීමට නොහැකිව ඇය වටපිට බැලුවේ කවුරුන්හෝ ඔවුන් දෙස බලාගෙන ඇතැයි සිතූ නිසාවෙනි.
“ඇයි අයියා…ආහ්හ්…පවනි ගියානේ ගෙදර, අයියට හම්බුනේ නැද්ද?….”
තමීරා පැවසුවේ කිසිවක් නොදන්නා බවට අගවමිනි.මදාර පැමිනියේ ඇයව හමුවීමට බව තමීරා හොදින්ම දැන සිටියාය.
“මන් ආවේ ඔයාව හම්බවෙන්න නංගි….”
“මාව හම්බවෙන්න…ඒ මොකටද අයියේ….”
“ඊයේ හම්බුනාට හරියට කතා කරෙත් නැහ්නේ, ඔයාගේ නම්බර් එකවත් මට දෙන්නකෝ….”
ඇයටත් අවශ්‍ය වූයේ එයයි…නමුත් ඒ පිලිබදව කිසිවක් ඇය ඇගවූයේ නැත…
“මගේ නම්බර් එක මොකටද ඔයාට….”
“මුකුත් දන්නේ නෑහ් වගේ කතා කරන්න එපා නංගි…ප්ලීස් මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව නම්බර් එක දෙන්න මට…මන් කවදාවත් මෙහෙම කෙල්ලෙක්ගෙන් නම්බර් එකක් ඉල්ලලා නෑහ්……”
“අම්මෝහ් මෙයාගේ බොරු බලන්නකෝ…”
“බොරු නෙවෙයි නංගි, මන් ඇත්තමයි කියන්නේ…ඔයාට මාව විස්වාස නැත්තන් මන් තව එක විනාඩියක්වත් මෙතන ඉන්නේ නෑහ් ඇත්තමයි……”
මදාර මෝටර් සයිකලය පන ගන්වා එතැනින් පිටත්ව යෑමට සූදානම් විය. තමීරා ඔහුගේ අතින් අල්ලා නතර කලාය..
“හරි අයියේ..මන් දෙන්නන් නම්බර් එක.මට ඔයාව විස්වාසයි…”
ඇය එසේ කියමින් බෑගය තුලින් පෑනක් අරගත්තාය…..
“කෝ දෙන්න අත…..”
ඇය දුරකථන අංකය ඔහුගේ අල්ලේ ලිව්වාය…
“මන් යන්නන් නංගි…ගිහින් මැසේජ් එකක් දාන්නන්…”
“හරි අයියා…පරිස්සමෙන් යන්න…බුදුසරනයි….”
ඔහු එතැනින් ඉවත්ව යන තෙක්ම තමීරා බලා සිටියේ ඉතා ආදරනීය ලෙසටය. ඔහුගේ හිතේ තමා පිලිබද ආදරයක් ඇති බව ඇයට දැනුනි…..

මදාරත් තමීරාත් සමීපතමයන් බවට පත් වූයේ එකිනෙකා නොදැනුවත්වමය.පවනිත් ඇයගේ හොදම යෙහෙලියට සෑම වෙලාවකම උදව් උපකාර කලේ ඔවුන් දෙදෙනාගේ හැසිරීම තේරුන් ගත් නිසාවෙනි.
“තමීරා මොකෝ බන් දැන් අපේ අයියණ්ඩි කියන්නේ, උබලා දෙන්නා සෙට් නේහ්….”
පවනි කීවේ ඇසක් ඉගි කරමිනි
“පිස්සුද බන් උබට, එහෙම දෙයක් නෑහ්හ්….”
මොනාද බන් කියවන්නේ, දැන් උබ මට කියන්නේ උබලා දෙන්නා අතරේ එහෙම සම්බන්දයක් නැහ් කියලද?…….”
“දැනට එහෙම මුකුත් නෑහ්හ් බන්, තිබ්බනන් මන් උබට නොකිය ඉන්නේ නැනේ…”
“අපේ අයියගේ හිතේ උබ ගැන ලොකු කැමැත්තක් තියනවා, නැත්තන් මෙහෙම මැසේජ් කරන්නේ කෝල් කරන්නේ නෑනේහ්…”
පවනි එසේ කීවේ ඇයට ඒ පිලිබදව විස්වාසයක් තිබූ නිසාවෙනි.
“එහෙම දෙයක් තියනවනන් මට කියන්න එපැයි, මන් කොහොමද දැනගන්නේ කියන්නේ නැතුව”
“හරි හරි උබ බය නැතුව හිටපන්කෝ, මන් කතා කරන්නන් එයා එක්ක, මගේ අයියා උනත් මෙහෙම කෙල්ලෙක්ගේ හැගීම් එක්ක සෙල්ලන් කරන්න දෙන්න බෑනේ, මොන විකාරයක්ද…එයාට ඒක කියන්නවත් පෞරුෂයක් නැද්ද?”පවනි තරහෙන් මෙන් පැවසුවාය.
“එයා දැන් ඉස්සර වගේ මැසේජ් කරන්නේ නෑහ් බන්, මාව මග අරිනවා..මන් හිතන්නේ එයාට ගර්ල් කෙනෙක් හම්බවෙලා වෙන්නඇති”
“මොනාද තමීරා මේ කියන්නේ…එයාට පුලුවන්ද එහෙම කරන්න..ඉන්න මන් එයා ගැන බලාගන්නන්, උබ අවුල් නොවී හිටපන්කෝ”
පවනිගේ වචන් තමීරාගේ හිතට මහත් අස්වැසිල්ලක් විය
(මේ වගේ නංගිලා ඉන්න අයියා කෙනෙක් එක්ක යාලු වෙනවා කියන එකත් ඉතින් නරකම නෑහ්.ඒකත් පෙර වාසනාවක්.හැබැයි නංගි දැනගන්න ඕන ඉතින් ෆුල් සපෝර්ට් එක දෙන්න බෑහ් නොකියා)

“අයියාහ්…මට තමුසේ එක්ක ටිකක් කතා කරන්න ඕන……”
“කියන්න මොකෝ අවුල…”
“අවුලක් තමයි..මොකද්ද හලෝ මේකේ තේරුම, අර තමීරා පව් හලෝ…තමුසේ කැමතිනන් කියනවකෝ කැමතියි කියලා….”
“එයා කිව්වද එයා මට කැමතියි කියලා…”
මදාර ඇසුවේ පුදුමයෙන් මෙනි
“අනේහ් මේහ් ඔයා බබා…දන්නෙම නෑහ්..ඒ ලමයා ඔයාට කැමතියි හලෝ…පව් වැඩ කරන්න එපා….”
“අනේහ් මේහ් නංගි මගේ හිතේ එහෙම දෙයක් නෑහ්…එයාට ගිහින් කියන්න මනස්ගාත ඔලුවෙන් අතෑරගන්න කියලා..මට වදයක් වෙන්න එපාහ් කියන්න….”
ඔහු එතැනින් ඉවත්ව ගියේ පවනිටද බැන වදිමිනි..

පවනි සියලුම විස්තරය තමීරාට කීවාය.ඇය කදුලු පිරි දෙනෙතින් ඒ සියල්ල අසාගෙන සිටියේ කිසිවක් කර කියා ගත නොහැකිවය.ඇයි මුල්වතාවට ආදරය කලේ මදාරටය.ඔහුගෙන් එහා කිසිම කෙනෙක් ගැන ඇයට සිතීමටවත් නොහැකි විය.
“අනේහ් සොරි තමීරා…මන් හිතුවේ නෑහ් අයියා මෙහෙම කරයි කියලා….”
“ඔයා ඒකට මොනවා කරන්නද?…මගේ වැරැද්ද…..මන් තමයි එයාට ආදරේ කරේ…මේකට වග කියන්න ඕන මන්….”
ඇය කීවේ කොපුල් මත තැවරී තිබුනු කදුලු පිසදමමිනි.

මදාරගෙන් දුරකතන ඇමතුවක්වත් කෙටි පනිවිඩයක්වත් ලැබුනේ නැත.ඇය ඔහුගෙන් පනිවිඩයක් ලැබෙන තුරු මග බලාගෙන සිටියාය..නමුත් එයින් කිසිදු පලක් නොමැති බව ඇයටම වැටහෙන්නට විය…ඔහු යලිත් කවදාවත් ඇයව මුනගැසීමට නොයෙන බව ඇය දැන සිටියාය…..
හදිසියේම පැමිනි කෙටි පනිවුඩය නිසා ඇයගේ සිත කලබලයට පත් විය…එය මදාරගෙන් ලැබුනු පනිවිඩයක් වීම විශේශත්වයකි.
“මට ඔයාව හම්බවෙන්න ඕන…හෙට 2ට පාර්ක් එකට එන්න….”
ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය.නමුත් ඔහුගේ ආරාධනාව අහක දැමීමට නොහැකි නිසාවෙන් ඇය පවනිටත් රහසේ මදාර හමුවීමට යාමට තීරණය කලාය….

මදාර ඇයට දුරකතන ඇමතුවක් ලබා දුන්නේ ඇයගේ පැමිනීම තහවුරු කර ගැනීමටය.
“ආහ්හ්…නංගි….ඔයා ආවද?…..මන් ඒත් හිතුවා එන එකක් නැති වෙයි කියලා….”
ඇය කිසිවක් නොකියා බිම බලාගෙන සිටියාය…
“මොකද්ද නංගි මේකේ තේරුම…ඔයා මොනවද මන් ගැන හිතන් ඉන්නේ….”
ඔහු කීවේ දැඩි කේන්තියකිනි.තමීරාට කිසිවක් කියාගැනීමට නොහැකිව ගොත ගැසුවාය….
“අ…යි…යේහ්…මේහ්…මන්….”සොරි අයියේ…මගෙන් වැරැද්දක් උනානන් සමාවෙන්න…මන් යන්නන්…”
ඇය එතැනින් ඉවත්ව යාමට සූදානම් වන විටම මදාර ඇයගේ අතින් අල්ලා නතර කලේය…..
“ඒහ්හ්…ඔහොම ඉන්න ටිකක්…..කොහෙද යන්නේ…මන් තාම කතා කරලා ඉවර නෑහ්….මේ බලන්නකෝ මන් දිහා….ඔයාට මොනවා හරි දැනෙනවද?…..”ඔහුගේ ඇස් දිහා බලාගෙන සිටි තමීරාට කිසිදා නැදැනුනු අමුතු හැගීමක් දැනෙන්නට විය.
“අයියාහ්….ඔ…යාහ්…”
“ඔයා මුකුත් කියන්න ඕන නෑහ් කෙල්ලේ…..”
“ඒ කියන්නේ ඔයත් මට…….”
ඔව් මගේ මැනික….මාත් ඔයාට ගොඩාක් ආදරෙයි…..
ඔහු එසේ කියමින් ඇයව තුරුලු කරගත්තාය.තමීරාට මෙය සිතා ගැනීමටවත් නොහැකි විය..එවෙලේ තමීරාට මදාර ගැන ආදරය මුසු කේන්තියක් ඇති විය.
“ඔයා ගොඩක් නරකයි….මෝඩයා…..මාත් එක්ක කතා කරන්න එපාහ් ආයෙත්….”
ඇය ඔහුගේ කම්මුලට පහරක් ගසමින් එතැනින් පිටව ගියේ ඔහු දෙස බලා සිනාසෙමිනි…
“ඔහොම ඉන්න නංගි….”
ඔහු ඇය පසුපසින් ගියේය….
“අයියාහ්හ්….”
එක්වරම තමීරාගේ කෑගැසීමෙන් බියට පත් වූ ඔහු එවෙලෙම ඇය සිටි තැනට දිව ගියේය. ඒ දුටු දසුනින් ඔහුගේ සිත නොසන්සුන් බවට පත් විය. වේගයෙන් පැමිනි ටිපර් රථයක් ඇයව යටකරගෙන ගොස් තිබුනි.මදාර කෑගසාගෙන ඇය සිටින තැනට ගියේය..ඇයගේ හිසෙන් ඒ වන විටත් රුධිරය ගලමින් තිබුනි. ඇය ඒ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසු විය…..ඉතා අමාරුවෙන් තමීරා මදාර සමග කතා කලාය.
“අ…..යි….යාහ්හ්….ම..න්….ඔයාට…ගොඩ…ක්….ආදරෙයි…. ප්ලීස් මට එකම එක කිස් එකක් දෙන්න…මට….ඒ…හොදටම ඇති….”
ඔහු කදුලු පිරුනු දෙනෙතින් මුල් වතාවට ඇයගේ නළල මත හාදුවක් තැබීය…..
“අනේහ්…නංගි…මාව දාලා යන්න එපාහ්…ප්ලීස්..මට ඔයාව ඕන රත්තරන්…”ඔහු එසේ කියමින් ඇයගේ අතින් අල්ලා ගත්තේය….
“මාව……කවදාවත්…..අ…ම..ත..ක කරන්න..එපා..හ්…අයියේ….”
ඒ ඇයගේ අවසන් වචන කිහිපයයි.ඇයගේ අත මදාරගේ අතින් ගිලිහුනේ ඇය හුස්ම අවසන් වීමත් සමගය…මිය ගිය ඇයගේ ශරීරය තුරුලු කරගෙන මදාර විලාප තබමින් අඩන්නට වූයේ තමා කොතරම් පව්කාරයෙක්දැයි තමාටම දොස් පවරමිනි….. ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ ආදරය විදින්නට තරම්වත් වාසනාවක් තිබුනේ නැත….. තමීරා අවසන් හුස්ම හෙලුවේ ඔවුන්ගේ ආදර කතාවේ ආරම්භයටම අවසානයක් එක් කරමිනි….

කවදාවත් තරු එලියේ ඉර පායන්නේ නෑ දන්නවා…….
හෙට ආයෙත් තරු එලියේ හඳ පායාවි හිත කියනවා……

ඉඳුසරා කරුණාරත්න (සාරා) 

Click to comment

Leave a Reply

Your email address will not be published.

Woman

රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර… 9 වන කොටස…

Published

on

8 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

💘ස්නේහ වර්ෂා…💘

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර…)

9 වන කොටස…..

දින සති ගෙවෙමින් කාලය ගත වූයේ අධ්‍යාපන කටයුතුවලටද වැඩි අවධානයක් යොමු කරමිනි….පාසලේ අධ්‍යාපන කටයුතු වලට අමතරව භාහිර පන්තිවලද අධ්‍යාපනයටද සියල්ලන්ම කාලය වැය කළහ…..

සාරන්‍යාගේ හිත නොසන්සුන්තාවයක පවතී….ඒ කිසිවෙක් නොමැතිව තනිවම ගමේ සිටින ඇයගේ මව පිළිබඳවයි….පියාත් නොමැතිව ඇය තමාව කොයිතරම් හොඳට බලා ගත්තේ ද….. උපන්දාසිට කෙදිනකවත් තම පියාව නොදුටු තමාට පියාගේ ආදරය ලබා දුන්නේ අම්මා ය.. ඇය හැකි උපරිමයෙන් තමාගේ ඉගෙනීම් කටයුතුවලට උදව් කළාය.. කඩයප්පම් විකුණමින් කෙසේ හෝ එදිනෙදා වියදමට මුදල් සොයා ගත්තාය….සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ විභාගය සඳහා ගමේ පාසලටම යෑමට තමා කැමැති බව කීවත් ඇය පැවසුවේ ඊට වඩා කොළඹ ලොකු ඉස්කෝලෙකට ගොස් තමාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිම කරගන්නා ලෙසටය.. ඒ සඳහා සියලු වියදම් තමා කෙසේ හෝ සොයා දෙන බවට ඇය පොරොන්දු වූ හැටි සාරන්‍යාට මතක් විය… කෙසේ හෝ තම මවගේ බලාපොරොත්තු ඉටු කරන බවට ඇය තරයේ සිතා ගත්තාය….

“මොනවද බං ඔය තරම් කල්පනා කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද…..”
සඳලිගේ හඬින් ඇය පියවි සිහියට පැමිණියාය……
“මුකුත් ප්‍රශ්නයක් නෑ බං…. මට අම්මා මතක් උනා… මෙහෙට ඇවිල්ලා මාව ඇරලලා ගියාට පස්සේ අම්මා ආවෙත් නෑ මට යන්න උනෙත් නෑ ….”
සාරන්‍යා දුක් මුසු ස්වරයෙන් පැවසුවාය…..
“අම්මට කොහොමත් මෙච්චර දුර එන්න බෑනේ…. අනිත් එක තමයි ස්කෝල පටන් අරන් ලොකු කාලෙකුත් නෑ …..”
“ඒක තමයි සඳලි … මට හිතෙනවා අම්මව ගිහින් බලලා එන්න…මේ දවස් වල ක්ලාස් දිගටම …. කිසිම නිවාඩුවක් නෑ…..”
“ඒක නං ඇත්ත බං.. ටර්ම් ටෙස්ට් එකත් ලඟයි නේ ..හැබැයි මේ මාසයේ අන්තිමට දවස් තුනක නිවාඩුවක් තිනවා මං හිතන්නේ… පෝයකුත් එක්කම තමයි නිවාඩුව වැටිල තියෙන්නෙ….. එහෙම වුනොත් අම්මව බලන්න යන්න පුළුවන්… මාත් එන්නං ඕන්නං ඔයත් එක්ක යන්න..”සඳලි සාරාන්‍යා දෙස බලමින් කීවාය..

“ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද මාත් එක්ක ඇවිත්…”
“නෑ සාරන්‍යා …මං එන්නම් කොහොමත් මං ගමේ යන්න හිටියේ… අම්මට කියන්නන් ඔයත් එක්ක ඔයාගේ ගමේ යනවා කියලා… ප්‍රශ්නයක් වෙන එකක් නෑ..”
ඇය කිව්වේ සාරාන්‍යාගේ අතකින් අල්ලා ගනිමිනි…
“අනේ තැන්ක්යූ සඳලි…. දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ…මං හරි බයෙන් හිටියේ…එහෙනන් අපි එහෙම කරමු…”
සාරන්‍යා කීවේ උතුරා යන සතුටකිනි …

සාරන්‍යාට සඳලිව මුණ ගැසුණේ අලුත්
පාසලේ දී ය… සාරන්‍යා නැවතී සිටියේ පාසලට සමීපයෙන් ඇති බෝඩිමකය… එහි තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු නතරවී සිටියහ…මාසිකව බෝඩිමට ගාස්තුවක් ගෙවිය යුතු අතර ආහාර පාන ආදී සියලු පසුකම් ඔවුන්ට ලැබුණි… එසේම ආරක්ෂිතව බවින් උපරිම විය… බෝඩිමේ අයිති කාරිය වූයේ මැදිවයසෙ කාන්තාවකි…ඇයද ඉතා කරුණාවන්ත චරිතයකි.. සඳලි නැවතී සිටියේද එම බෝඩිමේමය. එම නිසා ඔවුන් දෙදෙනා හොඳම යහළුවන් විය……

මේ වන විට පවන් හා සාරන්‍යා බොහෝ සේ ළඟින් ඇසුරු කළ අතර හොඳ මිතුරන් බවට පත් විය…. විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකදීම දෙදෙනා මුණ ගැසී කතා බහ කළහ…

“සාරන්‍යා කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…. අපි කතාබහ කරාට ඔයාගෙ විස්තර මොකුත් මම දන්නේ නෑ.. ගම වන්නියේ කියලා නං දන්නවා.ඒකත් එදා රැග් කරනකොට අරුන් කිව්ව නිසා තමයි ඉතින් දන්නෙ…..”
“වන්නියේ… කවුද කිව්වේ…”
සාරන්‍යා පවන් දෙසට හැරෙමින් ඇසුවාය….
“සඳරැස් කිව්වේ ඇයි නැද්ද…”
“පිස්සුද අනේ….මගේ ගම බිබිලේ ..ඔයාට සඳරැස් බොරු කියලා…”ඇය සිනාසෙමින් කීවාය…
“ඕ රියලී….මුන් ටික මාව අන්දලා එහෙනම්…. සොරි සාරන්‍යා …”
“ඒකට කමක් නෑ මම බිබිලේ… අද දැනගන්නකො හරියට…ලස්සන ගමක අහිංසක කෙල්ලෙක් මං …..”
ඇය හුරතල් ලෙස පැවසුවාය…
“ලස්සනයි කියන එක නං ඇත්ත ….ඒත් අහිංසකයි කියන එක නම් පිළිගන්න අමාරුයි…..”පවන් කීවේ වෙනතක් දෙස බලන ගමන්ය…
“ඇයි මං අහිංසක නැද්ද ?….”
“අනේ මන්දා ඉතින් ඕවා….ඉතින් තව විස්තර ටිකක් කියන්නකො….”
“නෑ ඊට කලින් කියන්නකෝ මං අහිංසක නැද්ද කියලා ….”
“හරි හරි සොරි… අහිංසකයි තමයි..අහිංසක රටක් වටී …”
පවන් කීවේ ඇයගේ නහයටද අතින් තට්ටුවක් දමමිනි….
“දැන් කියන්නකෝ ඉතින් පවුලේ විස්තර…”
“හ්ම්ම්…මම පුංචි ගමක දුප්පත් කෙල්ලෙක් …මට ඉන්නේ අම්මා විතරයි….අම්මා තමයි මගේ මුළු ලෝකෙම.. අපි ඉන්නේ පුංචි ගෙදරක….අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕන නිසා තමයි මම කොළඹ ලොකු ඉස්කෝලෙකට ආවේ….ඒක මගේ කැමැත්තකින් කරපු දෙයක් නෙමෙයි…හැමදේම අම්මා වෙනුවෙන්…”ඇය හිස් අවකාශය දෙසට නෙත් යොමු කරමින් කීවාය…
“එතකොට තාත්තා.. එයා මොකද කරන්නේ…..”
“මං ඒ ගැන කතා කරන්න කැමති නෑ පවන්… ඇත්තම කිව්වොත් ඒ ගැන කතා කරන්න කැමති නෑ නෙවෙයි ඒ ගැන කතා කරන්න දන්නෙ නැහැ….”සාරන්‍යා කීවේ වේදනාත්මක ස්වරයෙනි…
“ඒ මොකද ඒ… තාත්තා ගැන මොකුත්ම දන්නේ නැද්ද…..අඩුම තරමේ නමවත්….”
“නමනන් උප්පැන්න සහතිකේ තියෙනවා…. හැබැයි කවදාවත් දැකලා නෑ… අම්මගෙන් ඇහුව ට අම්මා මොකුත් කියන්නෙත් නෑ…. අම්ම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ… ඉතින් මං අහන්නෙත් නෑ …”
ඇය එක් අතකින් කඳුළු පිසදමන ගමන් කීවාය…

“අනේ මට සමාවෙන්න සාරන්‍යා … මං ඒක එච්චර හිතුවේ නෑ… වැරදි දෙයක් ඇහුවනන් ඇත්තටම සමාවෙන්න මට….”
පවන් ඇය දෙස බලමින් කීවේය…. ඇගේ නෙතින් ගලා යන කඳුළු සීරුවට ඔහුගේ අතින් පිස දැමුවේය….සාරන්‍යාටද එහි කිසිදු අමුත්තක් නොවීය….. ඇයද ඔහුට ඉඩදී අහිංසක ලෙස බලා සිටියාය….
“ඒකට කමක් නෑ පවන්…ඔයා මන් ගැන මුකුත් දන්නේ නෑනේ….”ඇය කීවේ මඳ සිනහවක් මුවේ රඳවාගෙනය…

පවන්ගේ ජිවිත කතාව ද ඇයගේ කතාව මෙන්ම දුක්බර කතාවක් බව ඇය දැන නොසිටියේය…
“ඉතින් කියන්නකො ඔයා ගැනත් විස්තර ටිකක් …..”
“මං කියන්නම් …ඔයාට හිතෙයි මගේ කතාව ඔයාගේ කතාවට වඩා ගොඩක් වෙනස් එකක් කියලා…මං කාත් එක්කවත් මේවා කියන්න ගිහිල්ලා නැහැ ..යාළුවෝ කීප දෙනෙක් ඇරුණම වෙන කවුරුවත් දන්නෑ …ඒ එයාලා අපේ ගෙදර එන නිසා….”
“හ්ම්ම්…මට තේරුම් ගන්න පුළුවන් ….ඔයා කැමතිනම් ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්නම් විතරක් මට කියන්න ….”
“අනිවාර්යෙන් මං ඔයාට කියන්නම් …මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ රට… අම්මව දැකලා තියෙන්නේ ෆොටෝ වලින් විතරයි….තාත්තා නම් මතක ඇති කාලෙක තුන්පාරක් විතර ලංකාවට ඇවිත් ගියා… අම්මව දකින්න ආසයි… මොනවා කරන්නද …තාත්තා කියන විදියට අම්මා අසනීපෙන් ඉන්නේ ..ඒකයි ලංකාවට එන්නේ නැත්තේ ….මට සහෝදර සහෝදරියෝ කවුරුවත් නෑ…. පුංචි කාලේ ඉඳන් මාව බලාගන්න මැගී අම්මා…මට ලංකාවෙන් ඉන්නේ ඉතින් එයා විතරයි….ඔන්න ඕක තමයි මගේ ජීවිත කතාව…පවන් කීවේ දුක් මුසු සිනහවකින් මුව සරසාගෙනය…

පවන්ගේ කතාව ඇසූ පසු සාරන්‍යාට දැඩි දුකක් සිතට දැනුණි …ඇයට අත් වී ඇති ඉරණමටම පවන්ට ද මුහුණ දීමට සිදු වී ඇත ….නමුත් ඇයට අම්මා සිටි අතර දුක සතුට මෙන්ම සෑම කරදරයකදීම ඇයගේ මව ඇය අසලම සිටියාය …නමුත්
පවන් කවදාවත් ඇයගේ මව දැක තිබුණේ නැත…

කෙතරම් යාන වාහන සැප පහසුකම් මාලිගා මෙන් ගෙවල් තිබුණද ඔහුට කිසිදු මානසික සහනයක් ලැබුණේ නැත…දෙමව්පිය ආදරය ද ඔහුට අහිමි වී තිබේ….ඒ හැම පාළුවක් ම නැති කරගැනීමට ඔහු කළේ ගීත ගායනා කිරීමයි …..එය ඔහුගේ ජීවිතයයි…..සංගීතය යනු බොහෝ රිදුනු මිනිසුන්ගේ සිත් සුවපත් කළ ඖෂධයක් බවට නම් සත්‍යයකි….

ඔන්න අද එපියත් ටිකක් වැඩිපුර දුන්නා ඔයාලට…ඊළග එපියෙන් බලමුකෝ සාරන්‍යා මොනවද පවන්ට කිව්වේ කියලා ….මන්නන් හිතන්නේ දෙන්නා සෙට් වෙයි…අනේ මන්දා බලමුකෝ ..හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන අනිද්දා කතාව අරන් එනකන්…..ආදරෙයි හැමෝටම…

ඊළඟ වර්ෂාවෙන් හමුවෙමූ…

ඉඳුසරා කරුණාරත්න✍️

Continue Reading

Woman

රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර … 8 වන කොටස..

Published

on

7 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

❤️ස්නේහ වර්ෂා …..❤️

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර …)

ඔන්න ළමයි අද එපියත් ටිකක් විතර වෙනස්…..හැමෝම ඉතින් ගොඩක් ආස ඉස්කෝලේ කාලෙට නේ….බලමුකෝ ඉතින් නේද පවන්ගේ හිතෙ සාරන්‍යා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා …හැමදාම කියනවා වගේ වැස්සේ තෙමිලා අසනීප නම් වෙන්න එපා ළමයි ……..

8 වන කොටස…..

පවන් පාන්දරින්ම නැගිට කඩිනමින් සූදානම් වූයේ වේලාසනින්ම පාසල වෙත යාමටයි…මැගී අම්මා විසින් සාදා දුන් තේ කෝප්පයද පානය කර විවේක කාලය සඳහා සකස් කර දුන් දහවල් ආහාරයද රැගෙන පාපැදියෙන් පාසල බලා පිටත් විය…ඔහු පාසලේ ශිෂ්‍ය නායක මඩුල්ලේ සාමාජිකයෙක් වීම නිසා පුරුද්දක් වශයෙන් කල් ඇතුවම ඔහු පාසලට ගියේය….ඒ යන විට පාසලේ ප්‍රධාන ගේට්ටුව අසළදී ඔහු දුටු දර්ශනයෙන් තරමක් පුදුමයට පත් විය…
“හායි ගුඩ් මෝර්නින් පවන්….”
“ගුඩ් මෝර්නින් සාරන්‍යා…”
ඔවුන් දෙදෙනා එකිනෙකාට සුභ පැතුම් එක් කර ගත්හ….
“ඔයා මොකද උදේ පාන්දරම කරන්නේ …ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් ඔයාද?…..”
“අම්මෝ නෑ නෑ…මන් ඉතින් කොහොමත් වේලාසනින් එනවා…මියුසික් රූම් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් අස්පස් කරලා දාලා ටයිම් තිබ්බොත් සිංදුවක් ප්‍රැක්ටිස් කරනවා…එහෙම නැත්තන් ඉතින් මීඩියා යුනිට් එකේ වැඩ ටික බලනවා…ඕවා තමයි …”
පවන් කීවේ ඔහු පැළඳ සිටි ඔරලෝසුව දෙස බලන ගමන්ය….
“ඒක නෙවෙයි ඔයා මොකද්ද උදේ පාන්දර කරන්නේ …ගෙවල් ලගද තියෙන්නේ …”
“ඔව් ඔය ඉස්සරහට තියන පාරේ ගියාම චුට්ට දුරයි….මටත් හිතුණා අද උදේම එන්න ඕන කියලා ..ඒ නිසා ලෑස්ති උනා ආවා…යාළුවා තාම කොණ්ඩේ ගොතනවා…අදට විතරක් එයාව දාලා ආවා….”
ඇය සිනාසෙමින් කීවාය…
“මරු යාලුවෝ….එහෙමත් කරනවද?…”
“අපෝ…..ජීවිතේට වෙලාවට වැඩක් කරන්න දන්නේ නැති මනුස්සයෙක් තමයි මගේ යාලුවා…හැමදාම කරේ මිනිස්සු රස්තියාදු කරවපු එක…ඒ නිසා පනිශ්මන්ට් එකක් තියෙන්නත් එපැයි….ඔන්න ඔහේ ආපු දෙන්….”සාරන්‍යා කීවේ ඇඟට පතට නොදැනෙන ලෙසය….
“හරි හරි…ඕවා ඉතින් ගෑණු ලමයින්ගේ ප්‍රශ්නනේ…කොල්ලෝ අපිට අදාළම නෑ…”
පවන් කී දෙයට සාරන්‍යාද සිනාසුණේය….
“මේ ඒක නෙවෙයි …ඔයා කිව්වා නේද මීඩියා යුනිට් එකක් මේ ස්කූල් එකේ තියනවා කියලා ….”
සාරන්‍යා අලුත් පැනයක් පවන් වෙත යොමු කළාය …
“ඔව් තියෙනවා… අපි තමයි ඒක කරන්නේ ..”
“මේ මාත් ආසයි ඒකට ජොයින් වෙන්න ..මාව ගනීද?…..”
“ඔව් අනිවාර්යෙන්ම …මම මීඩියා යුනිට් එක භාර මිස් එක්ක කථා කරලා බලන්නන්….ඔයාට එනවුන්සින් එහෙම පුලුවන්ද……”
“ඔව් පුළුවන් ….තව මට හොඳට ලියන්නත් පුළුවන් …”
“වාව් නියමයිනේ…අපි කතා කරලා බලමූ…එකතුවෙලා හොඳ වැඩක් කරන්න පුලුවන් …”
පවන් කීවේ සාරන්‍යා දෙස බලමින් සිනාසෙමිනි…..
“අනිවාර්යයෙන්…මන්නන් ආසයි ගොඩක්…”සාරන්‍යා කීවේ උතුරා යන ප්‍රීතියෙනි…
“ඒ පවන්…මොකද්ද බන් ඔතන වෙන්නේ…”
සඳරැස්ගේ කෑගැහිල්ලට දෙදෙනාම පිටුපස හැරී ඇතුළුවීමේ දොරටුව ලෙස බැලූහ…සඳරැස් ඔවුන් වෙතට දුවගෙන ආවේය….
“අඩෝ මචන් පවන්…ගුඩ් මෝර්නින්…මොකෝ මේ අද වේලාසනින්…මන් ගෙදරටත් ගියා..මැගී අම්මා කිව්වා උබ ඉස්කෝලෙට ආවා කියලා …”සඳරැස් කීවේ පවන්ගේ කර වටේ අත යවමිනි….
“ඔව් බන්…අද ටිකක් කලින් එන්න හිතුණා…මියුසික් රූම් එක පැත්තේ යන්න හිතාගෙන ආවේ…එනකොට සාරන්‍යව දැක්කා එයත් එක්ක ටිකක් කතා කර කර හිටියා ….”පවන් කීවේ සාරන්‍යා දෙසට නෙත් යොමු කරමිනි….
“අප්පටසිරි …කොල්ලා සිංදු රසවිඳින එක කෙසේ වෙතත් උබ ලස්සන මෙලඩියක් දාන්න වගේ ට්‍රයි කරන්නේ …නයිස් ට්‍රයි මචන්….අපෙනුත් ෆුල් සප් එක….”සඳරැස් සාරන්‍යාට නොඇසෙන පරිදි රහසින් කීවේය …
“හෙලෝ ගයිස්…කට්ටිය මොකද මෙතන කරන්නේ …”විහඟද ඔවුන් සිටි තැනට පැමිණියේය….
“පොඩි කයියක් දාගෙන හිටියා බන්…”
සඳරැස් පිළිතුරු දුන්නේය ….
“එහෙනම් මං ඇතුලට යන්නම් පවන්..ඔයාලා හිමින් සැරේ එන්නකෝ….”
“හරි සාරන්‍යා …අපි එන්නන් ඔයා යන්න…”
සාරන්‍යා ඇයගේ මිතුරියත් සමඟ පන්තිය ඇතුළට ගියාය….
“සිරාවට මොකක්ද මචං මෙතන උනේ …..”
විහඟ අලුත් පැනයක් ඉදිරිපත් කළේය …
“ඒ මොකුත් නෑ බං ….නිකන් කතා කරකර හිටියා ….ඒව වැඩක් නෑ අපි දැන් යමුකෝ …”යැයි කියමින් පවන් පිරිසට එකතු විය…..

උසස් පෙළ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ මුල්ම දිනය එදින විය ….මුල් කාල පරිච්ඡේද හතරෙන් පසුව විවේක කාලය ආරම්භ විය…උදෑසන හමු වූවාට පසුව පවන්ට සාරන්‍යා සමග කතාබහ කිරීමට අවස්ථාවක් උදා නොවීය…විවේක කාලයේ අවසාන වීමත් සමග සිසුන් සියල්ලෝම පන්ති කාමරය තුළට රැස්වූහ …
“ඒ පවන් කියන්නකො ලස්සන සිංදුවක්.. මේ පීරියඩ් එක ෆ්‍රී….. අද පොල්ටිකල් මිස් ඇවිත් නෑ….”සඳරැස් පවන් ගෙන් ඉල්ලීමක් කළේය…
“අන්න මරු අයිඩියා එක අපි දෙන්නන් මියුසික් එක….”
“දැන් සින්දු කියන්න මූඩ් එකක් නෑ බං….”
පවන් ඔවුන්ගේ ඉල්ලීමට අකමැත්ත පළ කළේය …
“අඩෝ මොකක්ද බං…සිංදුවක් කියපන්කො…”
“ඒකනෙ බන් සින්දුවක් කියපන්කෝ….”
ඔවුන් අසළ සිටි සිසුන්ද පවන්ට ඇවටිලි කළහ….
“හරි එහෙනම් කියන්නම්කො ……”
“අන්න නියමයි …ඔව් පිළිගන්න වේදිකාවට යුගයේ කඩවසම්ම පෞරුෂය පවන් සත්සර සේනානායක .. “
පන්තියේ සිසුන් සියල්ලෝම අත්පුඩි සංනාදයක් පැවැත් වූහ….

සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා……..
වෙරළේ රළ මැන්නා……
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී….

කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු …. කඳුළෙන් කටු මත විෂ තිබුණා ….
බිඳුණොත් බඳුනක පිළියම් කරනට…
බැරි කැලලක් මතුවී පෙනෙනා… සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා… වෙරළේ රළ මැන්නා….//

පවකින් පෙර අත් භවයක සිදුවූ …
සිතකින් සිතකට දුක පිරුණා…
මගේ අත දිගු කළ හැකි හැම තැනදී… ඔබ අත මා දුරකින් තිබුනා…
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා….
වෙරළේ රළ මැන්නා…
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී……//

අසංක ප්‍රියමන්ත මහතා විසින් ගායනා කරන ලද ගීතයක් පවන් ඔහුගේ හඬින් සියල්ලෝම ඉදිරියේ ගායනා කළේය …සැබැවින්ම පවන්ගේ කටහඬ ඉතාම මියුරුය… අසන්නන්ගේ සවනට මී පැණි වක් කරන්නාක් මෙන් ඒ හඬ ඉතා කන්කලුය…ගීතය ගායනා කර අවසාන වන තෙක්ම ඔහුගේ ඇස් රැඳුනේ සාරන්‍යා අසළයි…සිසුන් සියල්ලෝම මීයට පිම්බාක් වැනිය….ඔහුගේ හඬට වශී නොවන්නෙකු නැති තරම්ය….සියල්ලෝම වික්ෂිප්තව බලා සිටියි….පවන්ගේ නෙත් තවමත් සාරන්‍යා අසළය…

“මේ කෙල්ල…කොල්ලා සිංදුවනන් කිව්වේ ඔබට තමයි හොඳේ…බලපන් තවමත් බලාගෙන ඉන්නවා මේ පැත්ත….”
සඳලි සාරන්‍යා දෙසට හැරෙමින් පැවසුවාය .
“පිස්සු කියවන්න එපා සඳලි…එයා මොකටද මන් වෙනුවෙන් සිංදු කියන්නේ ..අනික එහෙම කරන්න තරන් සම්බන්දයක් අපි අතරේ නෑනේ….”සාරන්‍යා කීවේ පවන් දෙසට නෙත් යොමු කරන ගමන්ය…
“හරි ඉතින් එහෙම සම්බන්ධයක් පස්සේ හරි ඇති වෙන්න පුළුවන් නේ ….”
“මොන වගේ දෙයක් ගැනද සඳලි උඹ කියන්නේ ….”
“හරි හරි අපි බලමුකෝ….”
“අනේ බලන්නකෝ ඒ කොල්ලගෙ ලස්සන ..හරියට හින්දි ෆිල්ම් වල ඉන්න නළුවෙක් වගේ …හැබැයි සාරන්‍යා ඌව ගැලපෙන්න උඹට නම් තමයි ඔන්න…ආයේ කතා දෙකක් නෑ….”
අමන්දිද සඳලිගේ කතාව තහවුරු කළාය…
“විකාර කියවන්න එපා බං ….අපි මේ ඉස්කෝලෙට ආවෙත් අළුතින්…ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න මම කැමති නැ……”සාරන්‍යා මිතුරියන්ට ඇයගේ විරෝධය පළ කළාය….
“මොනා උනත් සාරා උඹට බය වෙන්නන් දෙයක් නෑ….උබේ තනියට පවන් ඉන්නවා …කෙල්ලට මොනවා හරි උනොත් කොල්ලා එකෙන්ම ගේමට බහිනවා …”අමන්දි සිනාසෙමින් කීවාය…
“උඹලටනන් හොඳටම පිස්සු ….”සාරන්‍යා සිනාව මැඩ ගනිමින් කීවාය…
“බලාගන්න පුළුවන් ඉස්සරහට කාටද පිස්සු කියලා .. නැද්ද? සඳලි …”
“එහෙනන් ඒකත් ජය සිරි මංගලම් කිව්වා..”
“කෑගහන්න එපා බන් කාටහරි ඇහුණොත් වැරදියට හිතයි …..මං යනවා බං ලයිබ්‍රි එකට….”යැයි කියමින් සාරන්‍යා හිඳගෙන සිටි පුටුවෙන් නැගිට පන්තියෙන් පිටත් වූවාය..යෙහෙළියන්ද ඇගේ පිටුපසින්ම පුස්තකාලය වෙතට ගියහ…

අද එපිය ටිකක් වැඩිපුර දුන්නා ඔයාලට…කියවලා බලන්නකෝ කොහොමද දැනෙන්නේ කියලා …ආයෙත් අපි හම්බවෙන්නේ අනිද්දට ..එහෙනන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන..ආදරෙයි ඔක්කොටම….

ඊළග වර්ෂාවෙන් හමුවෙමූ….

ඉඳුසරා කරුණාරත්න✍️

Continue Reading

Woman

රිඳුම් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර…. 7 වන කොටස..

Published

on

6 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

❤️ස්නේහ වර්ෂා….❤️

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර…..)

ඔන්න අද එපියත් කියවලා බලන්නකෝ ළමයි කොහොමද දැනෙන්නේ කියලා ඔයාලට….ඔයාලත් ඉතින් ඉස්කෝලේ යන කාලේ ආදරේ කරලා ඇතිනේ නේද…..සමහරවිට මේ ඔයාලගේ ආදර කතාව වෙන්නත් පුලුවන් …කලින් එපිය මතකයිනේ ඔයාලට.. …

7 වන කොටස……

“අම්මටසිරි…මොකද්ද බන් ඒ උනේ…මොනවා උනත් මන් කරපු වැඩේ හින්දා කොල්ලට හොඳකුත් උනා එහෙනන් …”සඳරැස් සිනාසෙමින් පැවසුවේය…..
“එපා බන් ඔහොම දේවල් කරන්න….උබලා නිකන් මිනිස්සුන්ගෙන් පලිගන්නවා වගේනේ…ඔහොමද බන් ඉස්කෝලෙට අළුතින් ආපු ළමයින්ට සළකන්නේ…පිස්සු වැඩ කරන්න එපා බන්…කෙල්ලෝ අපි වගේ නෙවෙයිනේ….”
පවන් කේන්තියෙන් සඳරැස්ට කෑගැසුවේය….
“අඩේ හරි බන්…විහිලුවක් කරේ ඉතින් …ඒකෙන් අපිට උනේ නරකක් උනාට උබට හොඳක් උනානේ…නැද්ද විහඟ….”
සඳරැස් විහඟ දෙස බලමින් කීවේය…
“ඔව් ඔව් හොඳක්නන් උනා තමයි ..අනේ පලයන් බන් යන්න…”
“මොනවා උනත් කෙල්ල මාර ලස්සනයි බන්..බලපන්කෝ කොණ්ඩේ ..කර්ලි කොණ්ඩයක් තියන කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් පින් කරන්න ඕනලු බන් සෑහෙන්න…බලපන්කෝ සෙක්සි ලුක් එක…කොල්ලෝ ට්‍රයි එකක් දීපන් හොදේ…උබටම තමා සෙට් වෙන්නේ ඒකිව…”
“මොනාද මනුස්සයෝ කියවන්නේ…ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන් වැඩක් කරගෙන…අනේ මන්දා උබලනන්….”
“ඒ ඔහොම ඉදපන් බන් අපිත් එනකන්…”
පවන් එතැනින් ඉවත්ව යනවිට ඔවුන් දෙදෙනාද පවන් පසුපස යන්නට වූයේ පවන් කෝපයෙන් සිටින බව දන්නා නිසාවෙනි….

පවන් නිවසට ළගාවන විට සවස දෙක හමාරට ආසන්න විය…ඔහු නිවසට ගොස් තමා රැගෙන ගිය පොත් බෑගයද පසෙකින් තබා ඇඟපත සෝදාගෙන දහවල් අහාරය ගත්තේ කඩිනමින් ඔහුගේ රාජකාරිය අවසන් කර මිතුරන්ට වුනු පොරොන්දුවද ඉටු කිරීමට අවශ්‍ය නිසාය….පවන් ඔහුගේ ජීවිතයේ වැඩිපුරම කැමති ස්ථානය වූයේ ඔහුගේ සංගීත කාමරයයි…එම කාමරය තුළ විවිධ වර්ගයේ ගිටාර් වර්ග කිහිපයක් හා පියානෝවක් තිබුණි….ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ ගිටාර් වාදනය කිරීමටයි……ගීත නිර්මාණය , භාණ්ඩ වාදනය හා ගීත ගායනය සඳහාද ඔහු සැබෑ දක්ෂයෙකි…ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ කෙදිනක හරි ලංකාවේ නම ගිය ගායකයෙක් වීමයි…ඒ සඳහා ඔහු නිතරම කාලය වෙන් කලේ ඉගෙනීමේ කටයුතුවලටද අවධානය යොමු කරන ගමන්මය…..ඔහු තමන් කැමතිම ගිටාරය රැගෙන වත්ත පහළ වූ අඹ ගස යටට ගියේ සංගීතය රසවිඳීමට නිදහස් වටපිටාවක් සන්සුන් පරිසරයක් අවශ්‍ය බව දන්නා නිසාවෙනි…

ඔහු ගිටාරයේ තත් පිරිමදිමින් ඔහුගේ තාලයට මිහිරි සංගීතයක් ගොඩ නැගුවේය…නමුත් ඔහුට සැරෙන් සැරේ මතකයට නැගෙන්නේ පාසලේදී සිදුවූ සිදුවීම් පෙළයි..සාරන්‍යාගේ හමුවීම ඔහුගේ සිත මඳක් නොසන්සුන්තාවයකට පත් කළේය…ඇත්තටම ඔහුට කුමක් සිදුවෙලාද….පවන් ප්‍රශ්නය තුළ දැවෙමින් සිටියේය….අවසානයේ ඔහු තීරණය කලේ සාරන්‍යාගෙන් ඈත් වී සිටින බවටය…

“පුංචි මහත්තයා මක්කැයි ඔය හැටි කල්පනා කොරන්නේ…”දිගු වෙලාවක් කල්පනාවේ සිටි පවන්ව දැක ඇය ඔහු සමීපයට ආවාය….
“මුකුත් නෑ මැගී අම්මේ…”
“මුකුත් නැතිවෙන්න බෑ…මන් දොර ළග ඉදන් පැය කාලක් තිස්සේ බලන් ඉන්නේ…සිංදු කියනවට වඩා කල්පනා කරන එකනේ කොරන්නේ….”
“එහෙම මුකුත් නෑ මැගී අම්මේ..අනේ මන්දා ඔයත්….”
පවන් මැගීව අතින් ඇද ඔහු ළග තිබුණු පුටුවෙන් වාඩි කරවා ගත්තේය….
“ඔය ඔය තියන දාංගලේ…තව ඩිංගෙන් මන් බිමට වැටෙනවා….”
“හරි හරි මැගී අම්මේ..මන් ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද…හැබැයි ඔන්න මන් ගැන වැරදියට හිතන්න බෑ …..”
පවන් කීවේ මැගීගේ අතක් අල්ලාගනිමිනි..ඒ ඔහුට සිටින එකම යෙහෙලියයි…ඔහුට තමාගේ මව මෙන් දැනෙන්නේ ඇයවයි….ඒ තරමටම ඇය පවන්ට මවක් සේ ලැදිය…කෙදිනකවත් දැක නැති ඔහුගේ මව නැති අඩුව පිරවූයේ මැගී අම්මාය….ඔහු පවන්ව රැකබලා ගත්තේ ඇයගේම දරුවෙකු ලෙස සිතාගෙනය….
“මැගී අම්මා කවදහරි ආදරේ කරලා තියනවද?….”
“අපේ අප්පේ පුංචි මහත්තයෝ…මේ නාකි මගෙන් අහන ප්‍රශ්න…”
මැගී පැවසුවේ කම්මුලට අතක් තබා ගනිමිනි….
“එහෙම කියන්න එපා මැගී අම්මේ…බලන්නකෝ ඔය ඉන්නේ තාම අවුරුදු විස්සේ ගෑණු ලමයෙක් වගේ හැඩට…..කවුද කියන්නේ ඔයා නාකියි කියලා…..”
පවන් කීවේ ඇය අසළ ඇන තියා ඉඳගනිමිනි….
“මන් බැඳලා නෑනේ පුංචි මහත්තයෝ…”
“ඒක මන් දන්නවා මැගී අම්මේ….ඒත් ඇයි ඒ…”
“ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් පුංචි මහත්තයෝ..අපි හිතන පතන දේවල් ඒ විදියටම වෙනවනන් මේ ලෝකේ මීට වඩා කොයිතරන්නන් ලස්සනද?….”ඇය හූල්ලමින් පැවසුවාය….
“ඔයා කාටවත්ම ආදරේ කරලා නැද්ද එතකොට….”
“නැත්තෙමත් නෑ….”
“ආව් ආව් කවුද බොලේ ඒ…..”පවන් කීවේ මුහුණේ සිනහවක් රඳවාගෙනය….
“හිත ගියපු එක්කෙනෙක් හිටියා….එයාව ලැබෙන්නේ නෑ කියලා දැනගත්තට පස්සේ මන් හැමදේම අතෑරලා දැම්මා…”
මැගී පැවසුවේ ඈත අහස දෙසට නෙත් යොමු කරමිනි….
“ඇයි ඒ එයාව ලැබුනේ නෑ කියලා කිව්වේ…”
“ඒක ගොඩක් දිග කතාවක් පුංචි මහත්තයෝ…මන් නිවී සැනසිල්ලේ කියන්නන්කෝ….”
මැගී අම්මා පවන්ගේ හිස අතගාමින් කීවාය….
“හරි එහෙනන් මැගී අම්මා මට කතාව කියන්න ඕන හරිද?….”
“හරි හරි පුංචි මහත්තයෝ…දැන් කර කර හිටපු වැඩේ ඉවර කරන්නකෝ….”
“මට පොඩි ගමනක් යන්න තියනවා මැගී අම්මේ…..”
පවන් කීවේ ගල් මේසය උඩ තිබුණු ගිටාරය අතට ගනිමිනි…
“මේ ගොම්මන් වේ ගෙන වෙලාවේ කොහේ යන්නද….දැන් 5ටත් කිට්ටුයි….”
“හරි හරි මැගී අම්මේ…මන් ටින් ගාලා ගිහින් එන්නන්….”
පවන් කීවේ මැගී අම්මාගේ කම්මුලක් අතින් මිරිකමිනි……
“රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕන හොදේ….ලොකු මහත්තයා අහන ප්‍රශ්න වලට අන්තිමට උත්තර බඳින්න වෙන්නේ මට ඕං….”
“හරි හරි වැඩි වෙලා යන්නේ නෑ…පැය භාගෙන් කොල්ලා ගෙදර ….”
යැයි කියමින් පවන් ඔහුගේ පාපැදියද රැගෙන නිවසින් පිට වූයේ යාලුවන් ඔහු එනතුරු බලා සිටින බව දන්නා නිසාය..ඇත්තෙන්ම ඒ ඔහුගේ විදියයි….පොරොන්දුවක් වුවහොත් ජීවිතේ පරදුවට තියා හෝ එය ඉටු කරයි…සැබවින්ම මෙවැනි චරිත අද සමාජයේ දැකගැනීමට ඇත්තේ අතළොස්සකි…..

පවන් ක්‍රීඩා පිටියට යන විට හවස් වී තිබුණි….මිතුරන් සමඟ කතා බහේ යෙදී සිටීමෙන් අනතුරුව ඔහු නැවතත් තම නිවස බලා පැමිණියේ මැගී අම්මාගේ උපදෙස් අනුවය…..රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව පවන් උඩු මහලට ගියේ ඔහුගේ ප්‍රියතම ගිටාරයද අතැතිවය….උඩු මහලට සඳ කිරණ වැටී තැනින් තැන ආලෝකමත් වී තිබුණි….ඔහු ගිටාරයක් රැගෙන අත්වැට ලගට පැමිණියේ ඔහුගේ සිත මේ වන විට පඹ ගාලක පටලැවී ඇති බව දැණුනු නිසාය…සැබවින්ම තමාට කුමක් සිදුවී ඇතිද..යාලුවන් පැවසූ පරිදි සාරන්‍යා පිළිබඳව තමාගේ හිතේ හැඟීමක් ඇති වෙලාද….එසේනන් තමා කුමක් කරන්නද…මැගී අම්මට සිදුවූ දෙයම තමාටත් වේවිද….ඔහු නොයෙකුත් ප්‍රශ්න වල තෙරපෙන්නට විය…දිගු වෙලාවක් කල්පනාවේ ගැලී සිටි ඔහු චන්ද්‍රයා නොපෙනී යෑමත් සමඟම එතැනින් පිට වූයේ හෙට දිනය ගැන කිසිවක් සිතාගත නොහැකිවය……

සොරි ළමයි ඊයේ දෙන්න බැරි උනා කතාව ….ආයෙත් කතාව දෙන්නේ අනිද්දා ..ඒ නිසා ඉවසීමෙන් ඉන්න හැමෝම..බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා …..පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක්…..

ඊළඟ වර්ෂාවෙන් හමුවෙමු….

✍️ඉඳුසරා කරුණාරත්න

Continue Reading

Trending