Connect with us

Covid-19

කොරෝනා එන්නත්කරණයට වෙලාව වෙන් කිරීම අන්තර්ජාලයෙන්.. අලුත්ම ක‍්‍රමය මෙන්න…

Published

on

කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්තාවක් වෙන්කර ගැනීම   හා එන්නත ලබාගත් පුද්ගලයන්  සදහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත්කිරීමේ කොවිඩ්-19 පුරවැසි ද්වාරය (COVID-19 Citizen Portal) අන්තර්ජාල වෙබ් සේවාවක් ආරම්ඹ   කිරීමට සෞඛය අමාත්යංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවරගනියි .

එහි සමාරම්බය  (19) යුධහමුදා රෝහලේදී සිදුවිය.

මෙම සේවාව  මහජනතාව සදහා ඉදිරි දිනකිපයතුල දී ලබාදීමට අපේක්ෂා කෙරේ. මෙය සදහා වෙබ්  අඩවියකට පිවිසීමෙන් ලියාපදිංචි වියහැකියි. ලියාපදින්චි විමත්  සමග එන්නත ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වෙලාවක් ස්වයන්ක්රියව ලැබෙනු ඇත.

එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකුට ඒ පිළිබද විස්තර සහතික කල  QR කේතයක් සහිත ප්‍රතිශක්තිකරණ  සහතිකයක් සෞඛය අමාත්යංශය  මගින් නිකුත්කෙරේ. ලබාගත් එන්නත් වර්ගය ඇතුළු අත්‍යයාවශ්‍ය   තොරතුරු එහි අඩංගුවේ. එය ශ්‍රී  ලංකාවට අනන්ය QRකේතයක්  වන අතර ලෝකයේ ඕනෑම රටකින් අදාළ අංශවෙත ඉදිරිපත්කර මෙම වෙබ් අඩවිය හරහා  තහවුරුකරගත හැකයි.

මෙම සහතිකය අන්තර් ජාලයෙන් බාගතකරගත හැකි අතර අනන්‍යතාව  තහවුරු කිරීම ජංගම දුරකථනය මගින් සිදුකෙරේ. අවශ්යනම් එක දුරකථන අංකයකින් පව්ලේ සැමට ලියාපදිංචි විය හැකියි. සහතිකපත් වෙන්වෙන්ව නිකුත්කෙරේ.

මෙම ඩිජිටල් වැඩසටහන මගින් එන්නත් මධ්යස්ථානවල තදබදය අවම කිරීමත් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුට ලැබෙන සංචරණ පහසුකම් බාදාවකින් තොරව ලබාගැනීමටත් හැකිවනු ඇතිබව තොරතුරු හා සන්නිවේදන සන්නිවේදන  නියෝජිතායතනයේ ප්රකාශකයෙක්  සදහන් කරනලදී .

මෙම අවස්තාවට සෞඛයඅමාතයංශයේ  ලේකම් වෛද්‍ය එස් එච් මුණසිංහ  යුධහමුදා රෝහල් අධ්‍යක්‍ෂ කර්නල් චම්පික අත්තනායක ,තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ  සභාපති මහාචාර්ය ලලිත් ගමගේ . ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි හේරත්  ඇතුළු පිරිසක් සහ බැගිවුහ.

– T.M.G Chandrasekara

Covid-19

වාතය හරහා පැතිරෙන කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවේ..

Published

on

By

වාතය හරහා පැතිරීම සිදු වන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියි.

එනිසා වෛරසයෙන් ආරක්ෂාව සඳහා සෑම විටම සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිපදින ලෙස ද ඇය දැඩිව ඉල්ලා සිටියාය.

අවවශ්‍ය සෑම විටම මුව ආවරණ පළදින ලෙසද පවසන ඇය නව වෛරස ප්‍රභේදය ආසාදිතයන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් වැඩි යයිද තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවද කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Continue Reading

Covid-19

වහාම ඇදිරි නීතිය පනවන්නැයි දන්වයි.. සංචරණ සීමාවෙන් කිසිදු පලක් නෑ..

Published

on

By

ශ්‍රී ලංකාව තුළ පාලනය කරගත නොහැකි තරමේ කොරෝනා ආසාදිතයන් භාවිතා වීම හේතුවෙන් පසුගිය 25 වන දා සිට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අගුළු දමා තිබුණ ද එය නමට පමණක් සීමා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙසේ සංචාර සීමා පැන වූ අරමුණ කුමක්දැයි බලධාරීන්ටත් මහජනතාවටත් සියලු දෙනාටම අමතක වූ ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නමට පමණක් යැයිද පවසන ඔහු අද වෙද්දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘතව ඇති බවත් බොහෝ පිරිස් මහමග ගමන් කරමින් සිටින බවත් පැවසීය.

‘අත්‍යවශ්‍ය සේවා’ යන ලේබලයට මුවා වී කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයක් සියළු සේවකයන් කැදවා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්වය යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණට කිසිසේත්ම යා නොහැකි බව ද පවතින තත්වය යටතේ එළැඹෙන සතියේ අග වෙද්දි රෝගීන්ගේ අඩු වීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටී.

මේ තත්ත්ව යටතේ දැන් සිදු කළ යුතුව ඇත්තේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ගමන් බිමන් සම්පූර්ණයෙන්ම සීමා කිරීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

Covid-19

රුපියල් 5000ක් අයකර ව්‍යාජ එන්නත් විදිල්ලක්..

Published

on

By

රුපියල් 5000 බැගින් අය කරමින් ලබා දෙන කොරෝනා එන්නතක් මෙරට නොමැති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ මුදල් අයකර ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් වළකින ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ මුදල් ලබාදී එන්නත් ලබා ගැනීමට පෙළඹීමත් තුළින් එවන් පුද්ගලයන් තව තවත් එම කටයුතුවලට උනන්දු වන නිසා එලෙස ලබා දෙන්නේ සැබෑ එන්නත්දැයි බරපතළ ප්‍රශ්නයක් ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම එම එන්නත් තුළින් යම් ආකාරයක ආසාත්මිකතා මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැටලුකාරී බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk