Connect with us

Local

ගුරු අරගලය දැඩි වෙයි.. සාපෙළ ලියූ සිසුන්ට practical නෑ..

Published

on

මෙරට පාසල් ගුරුවරුන් විසින් පවත්වනු ලබන වර්ජනය තව තවත් දැඩි වෙමිත් තිබෙනවා.

මේ වන විටත් ගුරුවරුන් විසින් මාර්ගගත අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්වී සිටින අතර උද්ඝෝෂණ මාලාවන්ද ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

ගියවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සෞන්දර්ය විෂයන් කළ සිසුන්ට තවමත් ප්‍රායෝගික පරික්ෂණ පවත්වා නොමැති අතර එම කටයුතුවලින්ද ගුරුවරුන් ඉවත් වීමට නියමිතයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝස්ප් ස්ටාලින් විසින් ප්‍රකාශ කර සිටියේ මෙම අරගලය ක්‍රමානුකූලව යම් ක්‍රියාමාර්ග හරහා ත්‍රිව්ර කරන බවට පෙර සිටම ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම ඊයේ (23) දිනයේ සිට ගුරු අරගලයට නව ක්‍රියාමාර්ගයක් එකතු කරමින් ගියවර පැවැති සා පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරික්ෂණ සහ සෙසු ප්‍රයෝගික පරික්ෂණ ඇතුළු සියලු ප්‍රායෝගික පරික්ෂණ ක්‍රියාවලියන්ට ගුරුවරුන් සම්බන්ධ වීම නතර කිරීමට තීන්දු කළ බවද ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියා.

මේ සම්බන්ධව විභාග කොමසාරිස්වරයාටත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාටත් දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

‘ගෝඨා ගෝ ගම’ නමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending