Connect with us

Uncategorized

ගෙදරදීම කොස් බයිට් හදමු..

Published

on

කොස් බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සිහින්ව කැපු කොස්
  • පෙති කැපූ කොස් ඇට
  • රට කජු
  • කරපිංචා
  • වියළි මිරිස් කරල්
  • ලුණු කුඩු සහ ගම්බිරිස් අවශ්‍ය පදමට
  • පොල් තෙල්

සාදන ආකාරය:
තෙල් භාජනයකට දමා ලිපේ තියා රත් වු පසුව එයට කරපිංචා, මිරිස්කරල් දමා බැදගන්න.පසුව කොස් කැබැලි සහ සිහින්ව කැපූ කොස් ඇටද රට කපුද වෙන වෙනම රන්වන් පැහැ වන තුරැ බැද ගන්න. පසුව එයට උණුවෙන් තිබියදී ලුණු කුඩු සහ ගම්බිරිස් කුඩු දමා හොඳින් කලවම් කර ගන්න. නිවුණාට පසු එය බෝතලයකට දමා ඔබට අවශ්‍ය අවස්ථාවකදී ගැනීමටද හැකිය.

-ප්‍රමුදි උමේෂිකා-

Click to comment

Leave a Reply

Your email address will not be published.

Politics

කොරෝනා මැද ගොඩගිය එකම ව්‍යාපාරය විමල් කියයි…

Published

on

දේශීය දැව කර්මාන්තයට අත්‍යවශ්‍ය තාක්ෂණික පරිවර්තනයක් පිණිස නොබියව ආයෝජනය කිරීමෙන් A Wood Lanka ආයතනය එම කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පසුගියදා පන්නිපිටියේ පිහිටි ‘A Wood Lanka” ආයතන පරිශ්‍රයේදී නව කර්මාන්ත ශාලාවකට මුල්ගල තැබීමේ සහ දැව පදම් කිරීමේ නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍රය පණගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“යම් කර්මාන්තයක් ඉදිරියට යන විට එයට නව තාක්ෂණය එකතු කිරීමෙන් තමයි එහි යම් හැරවුමක්, සන්ධිස්ථානයක් සනිටුහන් වන්නේ. අද දවස මෙරට දැව කර්මාන්තයේ යම් හැරවුමක්, සන්ධිස්ථානයක් සනිටුහන් කරන දවසක්. අනුර සතරසිංහ මහතා සහ ඔහුගේ පුතණුවන් ඇතුළු පිරිස අපේ රටේ දැව කර්මාන්තයේ අත්‍යවශ්‍ය තාක්ෂණික පරිවර්තනයක් සඳහා ආයෝජනය කර තිබෙනවා. එම තාක්ෂණය මෙරට රැගෙනවිත් තිබෙනවා. එමගින් මේ රටේ පමණක් නොවෙයි, වෙනත් රටවල දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය දියුණු තත්ත්වයේ දැව සැපයීමේ හැකියාව අත්පත් කර ගෙන තිබෙනවා.

දැව කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක්!

මේ රටේ දැව කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් නිර්මාණය කෙරුම පිණිස නොබියව ආයෝජනය කිරීම පිළිබඳව අපි මේ අවස්ථාවේ අනුර සතරසිංහ මහතා ඇතුළු පිරිසට ගෞරවය සහ ප්‍රණාමය පුදකර සිටිය යුතුයි. මේ විදිහට තාක්ෂණය අත්පත්කර ගැනීමෙන් පමණයි දැව ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ අපට පිම්මක් පැනීමට හැකි වන්නේ. මට පෙර අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසූ ආකාරයට අපි අද පසු කරමින් ඉන්නේ අපේ ජීවිත කාලයේ ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. අප වැනි රටවල ආර්ථිකයන් පමණක් නොවෙයි ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ද ආර්ථිකයන් බිඳ වැටෙමින් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම යාචකයන් පිරිසක් වාර්තා වන්නේ මේ දිනවල යි. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මිලියන ගණනක් ජනතාව රැකියා අහිමි වීමෙන් හිඟා කන තත්ත්වයට පත්ව සිටිනවා. ඒ රටේ මාධ්‍යයන් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙත් එම රජයට උත්තර සොයා ගන්න බැරිව අසරණ වෙලා තිබෙනවා. එක්තරා ආකාරයකට අපි මේ ඉන්නේ ලෝක ආර්ථිකය එක් ගමනක සිට තවත් ගමනකට පරිවර්තනය වෙමින් තිබෙන වෙලාවක. කොවිඩ් වසංගතයට පෙර පැවති ආර්ථික වාතාවරණය ක්‍රමානුකූලව අපෙන් ඈත් වෙමින් යනවා. වෙනස් අභියෝගාත්මක වාතාවරණයකට අපට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ මොහොතේ ගල්අඟුරු නිෂ්පාදනයේ සිදුව ඇති බිඳවැටීම නිසා චීනයේ පවා ඇතැම් ප්‍රාන්ත විදුලි බලය රහිතව පවතින තත්ත්වයකට පත්ව තිබෙනවා.

‘නිෂ්පාදන ආර්ථිකයකට බර තැබීම’

මේ හැම අභියෝගයක්ම අවසානයේ අපට කියන්නේ, ‘දේශීය වශයෙන් අපේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා හැකිතාක් දුරට කැප වෙන්න’ කියායි. ඒ අභියෝගය අද අපි ඉදිරියේ තිබෙනවා. ඒ නිසා තමයි අද අපි සේවා ආර්ථිකයට වඩා නිෂ්පාදන ආර්ථිකයක් ගැන බර තබා ක්‍රියාත්මක වන්නේ. නිෂ්පාදන ආර්ථිකය පැත්තෙන් අවශ්‍ය ඉලක්ක ජයග්‍රහණය කළොත් පමණයි ලෝක පරිමාණව ඇතිව තිබෙන මේ කුණාටුවට අඩුම හානියක් සහිතව අපට මුහුණ දීමට හැකි වන්නේ. බන්දුල ගුණවර්ධන මැතිතුමන් මෙහිදී පෙන්වා දුන්නා, නැව් ගාස්තු 300%කින් ඉහළ ගිහිල්ලා, කන්ටේනර් ගාස්තුත් ඉහළ ගිහිල්ලා, අපේ ඩොලර් ආදායම සැලකිය යුතු වශයෙන් බිද වැටිලා ඇති බව. මේ තත්ත්වය මත කොවිඩ් අර්බුදයත් සමග සෙසු අර්බුදයන්ට මුහුණ දෙන්න බැරිව මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දුෂ්කරතාවන්ට පත්වෙලා. මේ නිසා තමයි මම මහ බැංකු අධිපතිතුමන්ට යෝජනා කළේ, ‘බැංකුවලට උපදෙස් දෙන්න, මග පෙන්වන්න අඩුම වශයෙන් අවුරුදු දෙකක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට බැංකුවලින් එල්ල වන පීඩනය අවම කරන්න. ඒ වගේම ඉදිරි අවුරුදු 02 තුළ ඔවුන්ට යථා තත්ත්වයට පත්වීමට ඉඩ හැරලා බැංකුවලට ඔවුන්ගේ අයකර ගැනීම් සිදු කරගැනීමට මඟ පෙන්වන්න’කියා.

නොවැටුණු එකම ව්‍යාපාරය බැංකුවයි

මේ කොවිඩ් වසංගතය නිසා අද නොවැටුණු එකම ව්‍යාපාරය බැංකුවයි. 2020 මේ මාස හය සමඟ 2021 මේ මාස 06 සසඳා බැලුවොත් සමහර බැංකුවල ආදායම 100%කින් තවත් සමහර බැංකුවල ආදායම 150%කින් වැඩි වී තිබෙනවා. හැම ව්‍යාපාරයක්ම, කර්මාන්තයක්ම අර්බුදයට යද්දි බැංකුවලට පමණක් ඉතා ශක්තිමත්ව ආදායම් උපයාගන්න හැකිවී තිබෙනවා. තිබෙන්නේ දැන්වීම්වල කියන ආකාරයේ සුහද හදක් ඇති බැංකු නම් මේ වෙලාවේ මේ රටේ පොදු ජනතාව දෙස විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙස මීට වඩා සාධාරණ ලෙස බැලිය යුතුයි. එසේ බලන දිශාවකට බැංකු පරිවර්තනය කරන්න, ඊට අදාළ නිසි බලධාරියා වන මහ බැංකුවට පුළුවන් විය යුතුයි. කර්මාන්ත අමාත්‍යාංශයේ දැව ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ උපදේශක කමිටුව ද නියෝජනය කරන අනුර සතරසිංහ මැතිතුමන් දැව කර්මාන්තයේ ඉදිරි ගමනට ලබාදී ඇති ශක්තිය පිළිබඳව නැවතත් කෘතවේදීත්වය පළ කරනවා”

මෙම අවස්ථාවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, A Wood Lanka ආයතනයේ අධිපති අනුර සතරසිංහ, දැව ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති කසුන් ගුණවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

Continue Reading

Entertainment

තමාගේම ශබ්ධාගාරයක් තුල සින්දු නිර්මාණය කරන තරුණයා..

Published

on

සංගිතය කියන්නේ හරි අපුරු විෂයක්. මේ අපුරු විෂය තුල අපුරු තරුණ, තරුණියන් ඉන්නවා ගිය දවසක් ඒ වගේ ගායිකාවක් ගැන කිව්වා අදත් ඒ වගේම ගායකයෙක් ගැන තමා කියන්නේ එත් මොහු ගායකයෙක් වගේම ඔහුටම හිමි ශබ්ධාගාරයක් තිබෙනවා ඉතිං අපි ඔහුලෙන්ම විස්තර දැන ගමු..

(1) අපිට ඔබ ගැන විස්තරයක් කිව්වොත්.

මම චමත් දිසානායක. මගේ පාසල කලුතර මහා විද්‍යාලය. මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අම්මා, අප්පච්චී, අයියා සහ මම.

(2) දැනට ඔබ මොනවාද කරන්නේ.

මම ආත්මා ලියනගේ සංගීත ශිල්පියාගේ,  Athma With Feather සංගීත කන්ඩායමේ Bass Guitar වාදන ශිල්පියා ලෙස කටයුතු කරනවා. ඒත් සමගම කලාකරුවෙක් වශයෙන් මගේම ගීත නිර්මානයන් නිකුත් කරනවා.

(3) අපි දන්න විදිහට ඔබ සංගීත කේෂ්ත්‍රයේ හපන්කම් දක්වන්නෙක් සංගීත ගමනේ ආරම්භය ගැන කිව්වොත්.

මගේ සංගීත ජීවිතේ ගැන කිව්වොත්, මම කුඩා කාලයේ ඉදන්ම සංගීතයට ලැදී. ඒ කියන්නේ මං සංගීතය කියන දේ ඉගෙන ගන්නේ 2 වසරේ වගේ පොඩි කාලෙදි. මං මුලින්ම වාදනය කරන්න පුහුනු උනේ Piano එක. 6 වසරෙදී වගේ මං පාසල්  සංගීත තරඟ වලට සහභාගී වීමත් සමගම මේ හැකියාවත් ටිකෙන් ටික දියුනු උනා. ඇත්තටම කිව්වොත් මං මේ Music Industry එකට පැමිනියේ 2018 මාර්තු මාසයේදී. ඒ කාලේ මං Whiteleaf කියන Company එකත් වැඩ කලා. ඒ මගේ හොඳම යාලුවා විදුර විශ්වජිත් ගේ ආයතනය සමග.  “කිරි කෝඩු හිතට” කියන ගීතයේ Cover Version එකක් තමයි මං Release කරේ. එදා තමයි මාත් මගේ පවුලේ අයත් සහ මගේ හිත මිත්‍රාදීන් දැන ගත්තේ මට ගායනා කරන්නත් හැකියාවක් තියෙනවා කියලා. නමුත් ඊට සති දෙකක් ගියේ නෑ මගේ ජීවිතේ මට ලොකු දේකට මුහුන දෙන්න සිද්ද උනා. ඒ මගේ ජීවිතේ හොඳම කාලෙදී. ඒ සිදු වීමත් සමගම අවුරුදු 2ක වගේ කාලයක් ඒ දේ නිසා මං දුක් වින්දා. හැම තිස්සෙම ඒ දේ ගැන හිතලා දුක් උනා. ඒ කාලේ මගේ Peak Time එක නිසා මගේ අතින් නිර්මාණය උනු  අලුත්ම නිර්මාණ නැතිඋනා. නමුත් ජීවිතේ අමාරු කාලයන් පහු කරලා මං ආයෙමත් මගේ වැඩ පටන් ගත්තා. අද වෙද්දී මගේම ගීත 10 කට වඩා නිර්මාණය කරලා අවසන්. මගේ ගීත නිර්මාණය සඳහාම නව ශබ්ධාගාරයක් නිර්මාණය කලා. එදා මට මුහුන දෙන්න උන දේවල් ගොඩාක් පාඩම් මට කියලා දුන්නා.

(4) ගෙදර අයගෙන් සහ අනිත් අයගෙන් සංගිතය සදහා හම්බ වෙන සහයෝගය ගැන කිව්වොත්.

මගේ අප්පච්චී සංගීතයට ලැදි මනුස්සයෙක්. මගේ සීයා සංගීතය හදාරලා තියෙනවා. සීයගෙන් අප්පච්චිට ලැබුනු දේ මටත් ලැබුනා. ගෙදර අයගෙන් අප්පච්චිගෙන් තමා ගොඩාක්ම සහයෝගයක් මට ලැබෙන්නේ. මං නිර්මානය කරන සමහර ගීත වලට පවා Concept එකක් දෙන්නේ අප්පච්චී තමයි. මේ තැනට එන්න මුල ඉඳලම අත අල්ලගෙන වැටෙන්න දෙන්නේ නැතුව මේ දේ කරන්න මෙහෙම කරොත් හරියයි, අපි මෙහෙම කරමු කියලා මාව දිරි ගන්වලා වැඩ කරේ අප්පච්චී තමයි. ඒ වගේම මගේ අම්මා, මගේ අයියා මේ හැමෝම මට උදවු කරනවා.

(5) සංගීතය ගැන ඔයාට දැනේන්නේ කොහොමද?

ඇත්තටම සංගීතය කියන්නේ මං හිතන විදියට මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක්. මං අදහස් කරේ.. සංගීතය රසවිදින්නාට සංගීතය ලබා දෙන්නා දෙවියෙක්. හැමෝම සංගීතයට ආසයි. ආදරෙයි. මිනිස්සු 1000ක් ගත්තොත් ඒකෙන් 999ක් ම සාමන්‍ය මින්ස්සු. හැබැයි එක්කෙනෙක් කලාකරුවෙක්. එයා මේ ලෝකෙට බිහි වෙන්නේ ඔය 999 දෙනාව පිනවන්න. මේ කලාව උපතින්ම අපිට ලැබෙන දෙයක්.

(6) අපි දකිනවා ඔබේ මුල් music එක සහ අද වර්තමානයේ ඔබ විසින් කරන music   ඒ ගැන අපි චුට්ටක් කතා කලොත්.

ඔව්, මං 2019 අවසානයේදී වගේ ගීත නිර්මාණයට මුල් තැන දෙනවා. ඒ වෙද්දී මට සංගීතය නිර්මානය කිරීමට මුදල් තිබුනේ නෑ. ඒ කාලෙදී මගේ හොදම යාලුවොත් එක්ක එකතු වෙලා අපිට පුලුවන් විදියට දන්න දෙයින් තමයි ගීත නිර්මානය කලේ. නමුත් මං 2018 මැද බාගයේදී Music Oven Institute එකේ ලහිරු පෙරේරා යටතේ Audio Engineering කරා. මට ඒ ලැබුනු දේ එක්ක තමයි මේ හැම දේම වෙනස් උනේ. අපි එන්න එන්න වෙනස් උනා. අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. International Music කියන දේ අපි අපේ ඔලුවට දා ගත්තා. ඒ දේ නිසා තමා මගේ මේ වන විට කරපු නිර්මාණ සාර්ථක උනේ. අපි International Sound එකකට එන්න තාමත් උත්සාහ කරනවා. ලඟදීම අලුත් නිර්මානෙකින් ඒ දේ ලබා දෙන්නත් කටයුතු කරනවා.

(7) ඔබට හම්බ වෙන ප්‍රතිචාරය කොහොමද ඒ ගැන කිව්වොත්.

දැන් වෙද්දී මුල ඉඳලම බලද්දී මං ආපු පාර ගැන මං ගොඩාක් ආඩම්බර වෙනවා. අද වෙද්දී සෑහෙන පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉස්සරනම් ගීතයක් එලියට දැන්මම යාලුවෝ සහ නෑදෑයෝ ටික විතරයි බලන්නේ නමුත් අද වෙද්දී සෑහෙන පිරිසක් මාව අදුරගෙන ඉවරයි. සුභ පැතුම් එක් කරලා මගේ ගීත වලට ආස කරන මින්ස්සු ඒ දේට බැඳිලා ඉන්නවා. අද වෙද්දී ලංකාවේ පිලිගත්ත කලාකරුවන් පවා දුරකථන ඇමතුම් මගින් සුභ පතනවා.

(8) ඔබේ සංගිත ඔබේම ශබ්ධාගාරයක් තුලයි නිර්මාණය වෙන්නේ ඒ ගැන අපි කතා කලොත් ටිකක්.

ඔව් ඇත්තටම කිව්වොත් මගේ ගීත සියල්ලම නිර්මාණය වෙන්නේ මගේ ශබ්ධාගාරය තුලයි. Cycle Studios කියනේ මගේ ශබ්ධාගාරය. අද වෙද්දී මේ ශබ්ධාගාරය තුල ගීත 40 කට ආසන්න ප්‍රමාණයක් නිර්මානය කල අවසන්. Mix n’ Master කරපු ගීත 80 කට ආසන්න ගීත ප්‍රමානයක් නිකුත් කරලා අවසන්. මගේම ගීත 10 කට වඩා නිර්මාණය උනේ මෙතන. තවත් ගීත 12 ක් ඒ කියන්නේ ගීත Album එකක් නිර්මානය වෙමින් පවතිනවා. අද වෙද්දී මගේ ගීත වල Record Label එකත් මගේ ශබ්ධාගාරයේ නමින්ම නිකුත් වෙනවා.

(9) ඔබේ සංගිත.අතරින් වඩාත් ජනප්‍රය සංගිතය හා  ආසම සංගීතය ගැන කතා කලොත්.

මේ වෙද්දී මගේ හොඳම නිර්මාණයක් තමයි Rafflesia ගීතය. මේ ගීතයේ පද නිර්මානය සහ Rap ගායනය Lakshitha Mihiran විසින් ගායනා කරනු ලබනවා. මේ ගීතය තමයි මගේ ආසම ගීතය. මේ ගීතය ප්‍රථම වරට එලිදැක්වූයේ සිරස නාලිකාවෙන්. සහ තවත් නාලිකා කිහිපයකම Top Chart වල තිබ්බා. අද වෙද්දී ගොඩාක් මිනිස්සු ප්‍රමානයක් මේ ගීතය වැලඳගත්තා. මේක මං ලබපු ඉතාමත් සතුටුදායීම ජයග්‍රහණයක්.

(10) ලංකාවේ සංගීත කලාව ගැන මොකද හිතන්නේ.

ලංකාවේ සංගීත කලාව මීට අවුරුදු කීපයකට කලින් පොඩි පසුබෑමක් දැක්කා. අතීතයේ සංගීත ශිල්පීන්ගේ දක්ශකම ගැන ඇත්තටම මට විස්තර කරන්න පුලුවන් පොතක් ඉවර වෙනකන්ම. ඒ තරම් වටින ඉතිහාසයක් තියෙන සංගීත කලාවක් අපිට තිබ්බේ.

වර්තමානයේදී අලුතින් කලාකරුවන් සහ සංගීත නිර්මාණ ශිල්පීන් බිහිවෙලා තියෙනවා. අපේ ලංකාවේ සංගීත කලාව පිලිබද බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ දැන්නම්. ගොඩාක් දක්ශයෝ දැන් බිහිවෙලා.

(11) ඔයාගේ අනාගත හා ඉදිරි බලාපොරොත්තු මොකද්ද?

මගේ ඉදිරි බලාපොරොත්තුව තමයි, ලංකාවේ සංගීත කලාව International Level එකෙන්ම ප්‍රචලිත කරන්න. මගේ එකම බලාපොරොත්තුව ජාත්‍යන්තරය කරා අපේ ගීත ගෙනියන්න. අපිට පුලුවන් වේවි. දැනටමත් ඒ දේ වෙමින් පවතිනවා.

(12) ඔබ අවසාන වශයෙන් අපිට මොනවාද කියන්න තියෙන්නේ.

බොහෝම ස්තූතියි. තව කලාකරුවෝ ඉන්නවා මේ රටේ තමන්ගේ දක්ශ තාවයන් පෙන්න ගන්න බැරුව, Pattare.lk එකෙන් කරන මේ දේ ගැන මං ගොඩාක් ආඩම්බර වෙනවා. තවත් අපේ සංගීත කලාව දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.

ලංකාවේ මෙවැනි දක්ෂ තරුණ, තරුණියන් ඉතා සම්පතකි ඒ ඔවුන්ගේ දක්ෂතා මඟින් ලංකාව තුල කලාව ඉදිරියට මෙන්ම වර්ධනයට ලක්වන බැවින්ය. චමත් දිසානායක ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මම අදට සමු ගනිමි………………

-පසිඳු දම්රිසි-

Continue Reading

Uncategorized

ගොවියෝ අසරණ කරන්නැතුව පොහොර ප්‍රථිපත්තිය ආපසු හරවන්න .. “43 බලකා කෘෂිසභාව”

Published

on

රසායනික පොහොර තහනම් කිරීම සඳහා රජය ගත් ප්‍රථිපත්ති තීර්ණයෙන් ගොවි ජනතාව අසිරුතාවයට පත්ව ඇති බවත් රජය ආපසු පොහොර ප්‍රථිපත්තිය අකුලාගතයුතු බව “සරුබිම ජාතික කෘෂි සභාව” ඊයේ (2021 /9 /22 ) කොළඹ පැපිළියාන 43 සේනාංකය ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවත් පවත්වමින් පවසා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වීම “සරුබිම ජාතික කෘෂි සභාව” වෙනුවෙන් බස්නානාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා , නීතීඥ වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල , ව්‍යාපාරික තීක්ෂණ ගම්මන්පිල ආදින් අදහස් දැක් ටීය

පසුගිය අප්‍රේල් 27 වෙනිදා රසායනික පොහොර තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් කෘමිනාශක, පළිබෝධනාශක, දිලීර නාශක, තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් පසු අපේ ගොවිතැනට, අපේ බව බෝග වගාවන්ට, කණ කොකා හඬන්නට පටන් ගත් බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

“මේ ගත්ත තීරණයත් එක්කම රටපුරා විශාල වශයෙන් ගොවීන්ගෙන් විරෝධතා මතුවුණා. උද්ඝෝෂණ ඇති වුණා. ගොවියෝ ගොවිබිම් වල ඉඳගෙන මේ ගත්ත තීරණයට විරෝධය පළ කළා.”

එමෙන්ම මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් විශේෂඥවරුන්, ආචාර්ය මහාචාර්යවරුන්, විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල ඉන්න කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ ඉන්න ප්‍රවීණයන් දිගින් දිගටම මේ ගත්ත තීරණයේ තිබෙන අදූරදර්ශී බව අවධාරණය කළහ. මේ තීරණය හේතුකොටගෙන අපේ කෘෂිකර්මාන්තයට විය හැකි වින්නැහිය පිළිබඳව දිගින් දිගටම, දිගින් දිගටම කරුණු අවධාරණය කළ බව ද වර්ණසිංහ මහතා පෙන්වා දුන්නේය.

“නමුත් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත්, කෘෂිකර්ම ඇමතිවරයාත්, ඒ වගේම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු බලධාරීන් සහ නිලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරා. අද වෙනකොට අපිට පේනවා මේ ප්‍රතිපත්තිය හේතුකොටගෙන සම්පූර්ණයෙන්ම අපේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා.”

වගාවන්ට අවශ්‍ය පොහොර ටික ලබා ගැනීමට නොහැකි වීමත්, තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකි වීමත් සමග ගොවීන් අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබේ.

“ඊළඟ මහ කන්නේ වගා කරනවද? නැද්ද? කියලා තවම අ ගොවියන්ට නිශ්චිත අදහසක් නෑ. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි මාර්ගෝපදේශයක් නෑ.

“ආණ්ඩුව ගත්ත මේ මෝඩ තකතීරු තීරණය නිසා අද අපේ රටේ ආහාර නිෂ්පාදනය විතරක් නෙමෙයි ආහාර බෙදා හැරීම මේ සියල්ල විශාල අර්බුදයකට ගමන් කරමින් තියෙනවා.

“දැන් මුලින් ආණ්ඩුව මොකක්ද කිව්වේ? රසායනික පොහොර තහනම් කරනකොට, කෘමිනාශක, පළිබෝධ නාශක දිලීර නාශක තහනම් කරනකොට කිව්වේ මොකක්ද? මේ සියල්ල අපි අපේ රට ඇතුළේ නිෂ්පාදනය කරනවා කියලා තමයි කිව්වේ. මේ සියල්ල රට ඇතුළේ නිෂ්පාදනය කරනවා කියලා. එහෙමනම් අද මේවා මාස ගණනාවක් දැන් ගිහිල්ලා තියෙනවා. මේවා නිෂ්පාදනය කරන්න පුළුවන් වුණාද? ගොවියෝ මේකට යොමු වුණාද? “ යනුවෙන් වර්ණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

“කරුණාකරලා දැන්වත් ගොවියෝ අසරණ කරන්නැතුව කෘෂිකර්මාන්තය අපේ වගාවන්, භවභෝග මේ සියල්ල ව්‍යසනයකට ඇද දාන්නැතුව කරුණාකරලා සිහි බුද්ධියෙන් කටයුතු කරලා මේ ප්‍රතිපත්තිය පස්සට හරවන්න කටයුතු කරන්න කියලා අපි මේ වෙලාවේදී සියලුම මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන්ගෙන් බලධාරීන්ගෙන් හෘද සාක්ෂියක් තියෙන සියලු දෙනාගෙන් අපි කශේරුකාවක් තියෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ රට ආහාර හිඟයකින් පෙළෙන රටක් බවට පත් කරන්න එපා කියන ඒ ඉල්ලීම අපි මේ අවස්ථාවේදී කරන්න කැමතියි. සරුබිම ජාතික කෘෂි සභාව විදිහට.”

43 සේනාංකයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක නීතීඥ වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ 1818 රොබට් බ්‍රවුන්‍රිග් ආණ්ඩුකාරවරයාගෙන් පසුව ගොවි ජනතාව වඩාත් අපහසුතාවයට පත් කළ ආණ්ඩුව වන්නේ වර්තමාන ආණ්ඩුව බවය.

ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ, වසර දහයක වැඩපිළිවෙලක් ඔස්සේ කාබනික වගාවට යොමුවන බව යැයි පෙන්වා දුන් වෛද්‍ය ප්‍රියංකර මහතා අද එක් රැයකින් මේ ප්‍රතිපත්තිය ගෙනැවිත් ගොවීන්ගෙන් සහ කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ උපදෙස් ලබා නොගෙන එක්තරා ‘ලොකු දොස්තර’ මහතෙකුගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව ද පෙන්වා දුන්නේය.

“කොහෙවත් කියලා නෑ කෘෂි රසායන වලින් පිළිකා හැදෙනවා කියලා. ඉතින් මේ බොරු මතයක් අතිශයෝක්තියෙන් සමාජගත කරේ මොකද, ආණ්ඩුවේ වුවමනාව ඉෂ්ට කරන්න. මොකද මුදල් නැති නිසා පොහොර ගේනවා, ගේන්න බැහැ කියන එක නෙමෙයි, කියන්න ඕන වුණේ, මේ ආදරේට මේක කරනවා කියලා. අන්තිමට දැන් මොකක්ද උනේ? දැන් අපි ද්‍රෝහියෝ වුණා. අපිට දොස් කිව්වා. නමුත් අපි කියන කාරණා එකින් එක දැන් ඉෂ්ට වෙමින් පවතිනවා. අපි ඒකට සතුටු වෙන්නෑ. අපිට දුකයි මේ කාරණාව මේ සමාජය මෙච්චර කියද්දී මේ පාලකයෝ බීරි අලින්ට වීරා වාදනය කරනවා වගේ බලන් ඉන්නවා. අපි කිව්වා කාබනික පොහොර මේ රටේ වගාවට අවශ්‍ය කාබනික පොහොර මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි. අපි නෙමෙයි. අපි මේ විද්වතුන්ගෙන් අහලා කියන්නේ. අපි ඒ සම්බන්ධව විශේෂඥයින්ගෙන් අහලා කිව්වේ, මෙන්න මේ ප්‍රමාණයක් ඕන වෙනවා. මේ කාබනික පොහොර මේ ප්‍රමාණය රටේ හදන්න බෑ. හදන්න බැරි නිසා ආනයනය කරන්න වෙනවා, ආනයනය කරද්දි ගැටලු මතුවෙනවා. නෑ හදන්න පුළුවන් කිව්වා. කිව්වා. රාවණා යුගයක් ගැන කිව්වා. අතීතයේ කාමය ගෙනල්ලා, මෙහෙ හිටපු අපේ සමහර මිනිසුන්ගේ ඇස් වැහුවා. වහලා ඉවරවෙලා කිව්වා, නෑ අපි හදලා දෙනවා කිව්වා. දැන් යල කන්නයට ලැබුණද? යල කන්නෙට ලැබුණද? ලැබුණේ නැත. පොහොර ලැබුන් නෑ සමහර ගොවි ව්‍යාපාර වලට. ලැබුණේ පරක්කු වෙලා, පරක්කු වෙලා ලැබුණම මොකක්ද වෙන්නේ කියලා ගොවියො දන්නවා. ලැබුණේ ප්‍රමාණාත්මකව අඩුවෙන්.”

 මේකේ ප්‍රතිඵලය වෙන්නේ අවසානෙට විශාල ගොවින් ප්‍රමාණයක් ගොවිතැනින් ඈත් වෙලා. මහ කන්නයෙන් පසු රටේ සාගතයක් එන්න ඉතාමත්ම වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා සියලුම රාජ්‍ය නිලධාරීන්, කෘෂි නිලධාරීන් සහ මේකේ ගැටලුව අවබෝධයක් තියෙන තමුන්නාන්සේලා මේ හඬ අවදි කරලා අපි ගොවීන්ට මේ සාධාරණය වෙන්නත්, රටේ අනාගත ස්වයංපෝෂිත භාවය වෙනුවෙනුත් එකතුවෙලා වැඩ කරමු කියන එක තමයි යෝජනා කරන්න තියෙන්නේ. හතළිස් තුන සේනාංකය විදිහට. “ යනුවෙන් වෛද්‍ය මහගම්මුල්ලගේ වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ මාතලේ දිස්ත්‍රික් 43 සේනාංක සම්බන්ධීකාරක තීක්ෂණ ගම්මන්පිල මහතා;

“මම පෞද්ගලිකව දන්න තරුණ ගොවි මහත්තයෙක් එක්ක මං කතාබහ කරා. මං ඇහුවා මේ දවස් වල ගොවිතැන කොහොමද කියලා. ඇත්තටම ඒ ගොවි මහත්තයා කිව්වා අපේ වගාවට අලියෝ ගැහුවා. ඌරෝ පැනලා මේ අපේ වගාව නාස්ති කරා. කුරුල්ලෝ අපේ ඵලදාව අරගෙන ගියා. හැබැයි මගේ ජීවිත කාලේ මගේ ජීවිත කාලේ කියන්නේ මේ තරුණ ගොවි මහත්තයාගේ ජීවිත කාලේ නෙමෙයි. එතුමාගේ සීයා, තාත්තත් ඔක්කොම ටික මේ ගොවිතැන කරේ. මගේ ජීවිත කාලේ ජනාධිපති කෙනෙක් ගොවිතැනට කෙළිය මේ මේ පළවෙනි පාර කිව්වා. මගේ ජීවිත කාලේ කෘෂිකර්ම ඇමති කෙනෙක් මේ ගොවිතැනට කෙළියේ පළවෙනි පාර කියලා කිව්වා. මෙන්න මේක තමා අද තත්වය. අද මේ තරුණ ගොවියෝ, ඒ වගේම ගොවිතැන් කරන, තැන් අතඇරලා දාලා වෙන තැන්වල ගිහිල්ලා මේසන් බාස්ලට අත් උදව් දෙනවා. ත්‍රීවිල් පදිනවා. දැන් වෙන වෙන වෘත්තිය හොයාගන්නවා. මොකද මේ රජය මේ ආණ්ඩුව සැලසුම් සහගතව මේ ගොවි තැන නැති කරන්න කටයුතු කරන හින්දා. ටික කාලයක් යනකොට මේ ඉඩම් ඔක්කොම පුරන් වෙනවා. පුරන් උනාට පස්සේ මම හිතන්නේ එන්. ජී. ඕ. වලට මේ ඉඩම් ඕන වෙනවා. ඒ ඕන උනහම අවුරුදු අනූ නවයේ බද්දට මේ ආණ්ඩුව මේ ඉඩම් ටික දෙන්න පුළුවන්. මම මේ කියන්නේ මේ රජයේ තියෙන අභ්‍යන්තර සැලසුමක් ගැන.”

මේ ආණ්ඩුව පත් කරන්න මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති කරන්න. ජාතික සංවිධාන එකමුතුව කියලා සංවිධානයක් කටයුතු කරලා තියෙනවා. මේ සංවිධානය ඇතුලේ තියෙනවා ජාතික ගොවිජන එකමුතුව කියලා සංවිධානයක්. සංවිධානයේ සභාපති අනුරුද්ධ තෙන්නකෝන් කියන මහත්තයා. මේ විසි වෙනිදා හවස හතට ගිය සිරස ටීවී නිව්ස් එකේ එතුමා කියනවා මේ පොහොර ආනයනය කරන වැඩේ හතර දෙනෙක්ගේ කල්ලියක් විසින් කරන්නේ. ආණ්ඩුව පත් කරන්න කැප වෙච්ච සිවිල් සංවිධානයක නියෝජිතයෙක් කියන්නේ. ඔවුන් විවාදයකට ආරාධනා කරනවා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේට. මේ ආණ්ඩුවට පක්ෂග්‍රාහීව හිටිය පිරිසක්. ඇමතිවරයාට විවාදෙකට ආරාධනා කරන්න ඔවුන්ට හැකියාව තියෙනවා. මම කියන්නේ සිරස ආයතනය මේ විවාදයට අවස්ථාව දුන්නොත් හොඳයි. මොකද මේ විවාදෙන් බලාගන්න පුළුවන්. ඇත්ත කතාව මොකක්ද කියලා.

අපි කලින්ම කිව්වා මේ කාබනික ගොවිතැන මේ ගොවිතැනට යොමු වෙද්දී මේ ක්‍රමිකව වෙන්න ඕන දෙයක්. සැලසුම් සහගතව වෙන්න ඕන දෙයක්. නමුත් ඒ දේවල් වෙලා නෑ. නමුත් ඉදිරියටත් අපි පෙනී හිටිනවා. මේ අද වෙද්දි මේ රටේ මිනිස්සුන්ගේ මොනවද පිදුරු අස්වැන්න තමා වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේ වගාව කරන ගොවියා වෙනුවෙන් තවදුරටත් පෙනී හිටිනවා. ආණ්ඩුව කෘෂිකර්මය මුවාවෙන් කරන මේ ජඩ වැඩ වංචා, ජාවාරම් හිතවතුන්ට මේ මුදල් ගන්ඩ හදන ව්‍යාපෘති සියල්ලටම එරෙහිව අපි පෙනී හිටිනවා. ගොවියත් අපිත් සමග එකතු වෙන්න” යනුවෙන් ගම්මන්පිල මහතා ගොවීන් ගෙන් ඉල්ලීමක් ද කළේය.

මාධ්‍ය විමසු ප්‍රශ්ණ හමුවේ පිලිතුරු දුන් නිශාන්ත මහතා මෙසේද පැවසිය උගතුන්ගේ අංණ්ඩුවක් කිව්වාට නිතියේ පාලනය නැති වෙමින් යනවා උදාහාරයක් පසුගිය 17 දා බාර් ඇරපු ඒක බාර් ඇරපු කෙනා තවම දන්නේ නැහැ.. කොළම ඉන්න පාරිබෝගියන් මිනිසුන් හිතන්න ඔ්න ගොවියා නැතිනම් කන්න වෙන්නේ නැහැ කියන ඒක ආහාර නිෂ්පානය දිරි දිම මිස ඒය නැවැත්විමිම නොකල යුතුයි රට දුරුභික්ෂයක් කරා යමින් පවතිනවා මේක කෘෂිකාර්ම අමාත්‍යංශය දන්නවා නිහඩව ඉන්නවා ආණ්ඩුවට ලැජ්ජා වෙන්න දෙයක් නැහැ මේ ගත්තු තිර්ණය ආපස්සට ගන්න නැතිනම් අනාගතයේ පිදුරු අස්වැන්ක් බලා පොරොත්තු වෙන්න පුලුවන් ඒ් සමගම ගොවි නිෂ්පාදන අලවි කිරිමේදි පාලන මිලක් පැනවීමෙන් ගොවියා අධෛරියමත් වෙනවා ඒ්කෙන් වෙන්නේ ගජමිතුරු මුදලාලිලා කීපදෙනෙකු පොහොසත් වීම විතරයි ..

Continue Reading

Trending