Connect with us

Local

ගොවියා චීන ව්‍යාපෘති වල කම්කරුවන් නොකොට කාබනික පොහොර ගැටලුව විසදන්න.. රංජිත් අලුවිහාරේ..

Published

on

වසර ගනනාවක් තිස්සේ විවිධ පාර්ශව විසින් කතාවට පමනක් සීමාකල අහිතකර රසායන භාවිතය ගොවියන් අතරින් ඉවත් කිරීමට අවස්තාවක් දැන් උදා වී ඇත. මෙය රජයේ මූල්‍ය අර්බුදය වසා ගැනීමේ උපක්‍රමයක්ද , එසේත් නැත්නම් රට චීන කොලනි කරනයේ තවත් උගුලක් ලෙස චීන අපද්‍රව්‍ය, කාබනික පොහොර, මුවාවෙන් රට මේ ගෙනයන ගමන අපැහැදිලි නමුත්, මේ උදා වී ඇති රසායනික පොහොර භාවිතය අවසන් කිරීමේ අවස්තාව අපි නිවැරදිව භාවිත කල යුතුව ඇති බව මාතලේ දිස්ත්‍රික්ක හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

කලක් තිස්සේ විවිධ පුද්ගලයන්, සංවිධාන සහ පූජ්‍ය පක්ශ නායකයින් මෙම රසායන පොහොර භාවිතයේ අවධානම හෙලි කර ඇත.දිනපතා ඉහල යන උතුරුමැද පලාතේ ජනතාවගේ වකුගඩු ආබාධ සංඛ්‍යාලේඛන වලින් මෙහි සත්‍ය ජනතාවට අවබෝධ වනු ඇත.

කෙසේ නමුත් රසායනික පොහොර භාවිතය හිටිහැටියේ නවත්වා කාබනික පොහොර භාවිත කරන්න රජය හදිසි වීම පිටුපස ඇත්තේ මේ වෙනුවෙන් ගත් අවංක උත්සාහයක් නොවන බව ඕනෑම අයෙකුට තේරුම් යන්නේ රජය විසින් රසායනික පොහොර නොමිලේ දෙන බවට වූ පොරොන්දුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රාකාශනයේම තිබූ නිසාය.

කෙසේ නමුත් කාබනික වගාවක් කෙරෙහි යොමු කරවීමට රජයේ අවංක උත්සාහයක් ඇත්නම් ඔවුන් කල යුතුව තිබුනේ ක්‍රමාණුකූල ක්‍රමවේදයක් ඔස්සේ ගොවීන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්කිරීමය.එසේ නොකර පොහොර ආනයනය හදිසියේ නවත්වා කාබනික වගාවට ගොවීන් තල්ලු කිරීම පිටුපස කුමක් හෝ මගඩියක් ඇති බව සක් සුදක් සේ පෙනුනත්, මෙහි හානිය රටක් වශයෙන් ගොවියාට මෙන්ම බහුතරයක් සාමාන්‍ය ජනතාවටද බලපානු ඇත. විශේෂයෙන්ම රසායනික භාවිතයට පදම් වූ ගොවි බිම් නැවත කාබනික වගාවට හුරු කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයන් ට රජය අනුගත විය යුතුය.ඒ සදහා ගතවන කාල රාමු මනාව භාවිත කල යුතුය. එමෙන්ම ගොවීන් ඒ සදහා සූදානම් කල යුතුය. එයට ඔවුන්ට සාධාරණ කාලයක් ලබා දිය යුතුය. විශේෂයෙන්ම වෘත්තීය නොවන තාක්ෂණය අතින් දුප්පත් ගොවි ජනතාව මේ නව තත්වය සදහා මානසිකව සූදානම් කල යුතුය. එසේ නොවුනහොත් ඉතිරිව සිටින සුලුතර ගොවි ප්‍රජාවත් ගොවිතැනින් ඉවතට තල්ලු වී චීන ව්‍යාපෘතිවල කම්කරුවන් වීම අනිවාර්යයෙන් සිදුවනු ඇත. රජයේ ඉලක්කය එය නොවේනම් දැන්ම ක්‍රියාමාර්ග ගෙන මෙය වලක්වාගත යුතුය.විශේෂයෙන්ම ගහෙන් වැටුන මිනිහට ගොනා අනින්නා සේ වසංගතය හමුවට තවත් ආහාර හිගයක් නිර්මානය නොකල යුතුය.

අනෙක් වැදගත්ම කාරණය වනුයේ රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් කාබනික පොහොර සැපයුමක් පවත්වාගෙන යන්නේ කුමන ආකාරයටද යන්නය. චීනයේ කාබනික කසල ගෙනවිත් ගොවිතැන කසලගොඩක් නොකර ක්ශේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැනුමද භාවිත කරමින් කාබනික පොහොර නිපදවීමේ ජාතික ක්‍රමවේදයක් ස්තාපිත කල යුතුව ඇත.එමෙන්ම ගොවීන්ට කාබනික පොහොර නිපදවාගැනීමේ ක්‍රම හදුන්වා දිය යුතුය.මේ සදහා කාබනික වගාවන් අතින් ඉහල දැනුමක් ඇති ජපානය වැනි රටවල තාක්ෂණික සහය ලබාගත යුතුය.

විශේෂයෙන්ම හිතකර ක්ශුද්‍රජීවී තාක්ෂණය Effectieve microganism වැනි තාක්ෂණයන් වලට අප යොමුවිය යුතුය. මෙම තාක්ෂණය යොදාගනිමින් කොම්පෝස්ට් නිශ්පාදනය වැනි කරනා සම්බන්ධයෙන් ජපානය අපට සහය වූයේ වසර ගනනාවකට පෙරය.ඉන් නිසි ප්‍රයෝජන මේ වනතුරුත් අප විසින් ගෙන නැතත් දැන් ඒ සදහා අවස්තාවක් උදාවී තිබීම භාග්‍යකි.මා දන්නා පරිදි සර්වෝදය නිර්මාතෘ ඒ ටී ආරියරත්න ශූරීන්ට ත්‍යාගයක් වශයෙන් මෙම හිතකර ක්ශුද්‍රජීවී තාක්ෂණය EM Technology අප රටට ලැබී ඇති අතර සුලුතර ගොවීන් ප්‍රමාණයක් මේ වන විටත් එය භාවිත කරමින් සිටිති. කාබනික පොහොර නිශ්පාදනය සදහා ගතවන දීර්ඝ කාලය අඩුකොට දින 45 කින් පමණ කොම්පෝස්ට් නිශ්පාදන හැකියාවක් මෙම තාක්ෂණය භාවිතයෙන් සාර්ථක කරගෙන ඇත.එමෙන්ම පලිබෝධ පාලනය වැනි අමතර ප්‍රතිලාභද මෙම තාක්ෂණය තුල අන්තර්ගත බවට තොරුතුරු සනාතකර ඇත.

තවත් කල් නොමරා මෙවැනි ක්‍රමෝපායන් සදහා අවශ්‍ය පර්යේෂණ සිදුකරමින් යෝග්‍යතා හදුනාගෙන ගොවියා රැකගනිමින් කාබනික වගාවක් සදහා යොමු වී රටත් ගොවියාත් ආරක්ශා කරගත යුතුමය. හානිකර විදෙස් කසල වෙනුවට දෛනිකව ඉවතලන ටොන් ගනනක් ගොවි නිශ්පාදනම යොදාගනිමින් රට තුලම කාබනික පොහොර නිපදවීමේ රටාව අප ආරම්භ කල යුතුය.

නලින්ද රාජපක්ෂ – මාතලේ

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

පඩි ඉල්ලා විරෝධතා කල ගුරුවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

Published

on

By

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය පිරිමි 26ක් සහ කාන්තාවන් 16ක් එසේ අත්අඩංගුවට ගත් බවයි.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

Continue Reading

Local

ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

Published

on

By

පසුගිය ජුලි 26 දින තංගල්ල නගරයේ පැවති ගුරු – විදුහල්පති උත්ඝෝශනයට සහාභාගි වු  ගුරුවරුන් තිදෙනෙකුට සහා විදුහල්පතිවරයෙකුට කොවිඩි ආසාධනය වි තිබේ.

තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කොවිඩි ආසාධිත සිවිදෙනා ගේ ආශ්‍රිතයින් 51 දෙනෙකු ගේ රැපිඩි ඇන්ටිජන් පරික්ශන ඊයේ(3) දින සිදු කර තිබෙන අතර ඉන් 33 දෙනෙකුට කොවිඩි ආසාධිත බව තහාවුරු ව් තිබේ.

මෙම කොවිඩි රෝගින් 37 දෙනා අම්බලන්තොට පිහිටි කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

– රුචිර ගාර්දියවසම්

Continue Reading

Local

ඇතැම් රසායනික පොහොර ගෙන්වන්න අවසර…

Published

on

By

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට රට යොමු වෙමින් තිබෙන බවත් කෙසේ වෙතත් කළමණාකරණ තීරණ ගන්නා පරිසරය විශ්ලේෂණය කිරීමට සිදු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පැවසීය.

ඒ අනුව ඇතැම් අංශ සදහා ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට යොමු විය නොහැකි බවත් ඒ අනුව එම අංශ සදහා රසායනික පොහොර ආනයනය කිරීමට යම්කිසි නිදහසක් ලබා දී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

නිසි ආර්ථිකයක් තුල ආණ්ඩුව ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් වන විට ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීරණ වෙනස් කිරීමට සිදු වන බවත් සඳහන් කළ ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා,

“අපි ආණ්ඩුවක් ලෙස යහපත් චේතනාවෙන් සමස්ථ ජනතාව විනාශ වෙන්න යන එක බලාගෙන අපි රසායනික පොහොර ගෙන එන එක නවත්වලා කාබනික කෘෂිකර්මයට හැරෙමු කියන යෝජනාව ජනාධිපතිවරයා ගෙනත් හොදින් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ අතර අපිට පේනවා යම් යම් අංශ තිබෙනවා ක්ෂණිකව අපිට කාබනික පැත්තට හැරෙන්න බැරිවෙයි. ඒ නිසා යම්කිසි අංශ වලට යම්කිසි නිදහසක් ලබා දීලා තිබෙනවා යම් ‌ෙපාහොර ප්‍රමාණයක් ආනයනය කිරීමේ හැකියාවක් තිබෙනවාද කියලා බලන්න. අද මේක විවේචනයට ලක්වෙනවා. මේක ජනාධිපතිවරයා කිසිසේත් මේක කරන්නේ නෑ කිව්වට මෙහෙම ඇතැම් අංශ වලට නිදහස් කරලා තිබෙනවා කියලා කියනවා. නිසි ආර්ථිකයක් තුල අපි ගත්ත තීරණ සරල රේඛාවක යන්න බෑ.

පරිසරය වෙනස් වෙනවා. ඔ්නෑම කළමණාකරණ තීරණයක් ගන්නා විට අපි මුහුණ දීලා තිබෙන පරිසරය විශ්ලේෂණය කරන්න වෙනවා. ඒ නිසා පාරසරික වෙනස්කම් වන විට අපි ගත් ඇතැම් තීරණ වෙනස් කරන්න වෙනවා. මේක කළමණාකරණයේ මූලික අංගයක්. ඒ නිසා රසායනික පොහොර ගේන්නේ නෑ. කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට විශාල පිරිසක් ලියාපදිංචි වෙලා කාබනික කෘෂිකර්මය පැත්තට හැරෙමින් තිබෙනවා. නමුත් ගැටලු ප්‍රශ්න තියෙයි.” යනුවෙන්ද සදහන් කළේය.

– ada

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk