Connect with us

Local

චීනයේ සිනොවැක් එන්නතෙනුත් ඉහළ ශක්‍යතාවක්..

Published

on

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට කොරෝනා එන්නත් මාත්‍රා විසිහය කෝටි තිස් එක්ලක්ෂයක් ලබාදී ඇති බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කළා.

ඒ අතුරෙන් පහලොස් කෝටි තිස් හතර ලක්ෂ 48,000 කට වැඩි සංඛ්‍යාවක් අවම වශයෙන් පළමු එන්නත් මාත්‍රාව ලබා ඇති අතර, එකලොස් කෝටි හැටපන් ලක්ෂ 76,000 ක් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටිනවා.

ඒ අනුව, ඇමෙරිකානු ජනගහනයෙන් සියයට 32 ක් පමණ මේ වනවිට අවම වශයෙන් පළමු කොරෝනා එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලැබූ ප්‍රතිශතය සියයට 25 කට අධිකයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සිය වැසියන්ට ලබා දෙන්නේ ෆයිසර්, ෆයිසර් මොඩර්නා සහ එක් මාත්‍රාවක් පමණක් ලබාදිය යුතු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත්.

මේ අතර, චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම මගින් නිෂ්පාදිත කොරෝනා එන්නත ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුක්ත බව ඉන්දුනීසියාවේ එන්නත්කරණයෙන් තහවුරු වී තිබෙනවා.

ජකර්තා අගනුවර සෞඛ්‍ය සේවකයන් 25,374 දෙනෙකුට සිනොවැක් එන්නත ලබාදී ඇති අතර, එමගින් ඔවුන් කොරෝනා ආසාදනයෙන් මියයාම සියයට සියයකින් වළක්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම, එන්නත ලබාදී දින 7 කට පසු ඔවුන් රෝහල් ගත කිරීමේ අවශ්‍යතාව ද සියයට 96 කින් වළක්වා තිබෙනවා.

කෙසේ නමුත්, චීනයේ – බීජිං නුවර සිනොවැක් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දුනීසියානු ප්‍රතිඵල තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

සංචරන මැද මන්ත‍්‍රී නිවසේ කසිප්පු පෙරයි..

Published

on

By

මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක් සිදු කරන බව ද ඇය සමගි බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට පත් කළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බවද කියති.

සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදා කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 20000 ක් ,කසිප්පු මිලි ලීටර් 4750ක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණපොලීසිය භාරයට ගෙන ඇත.

පොලීසිය වෙත ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදු කර තිබේ.

මාතර මාකාවිට පදිංචි 56 හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ගාල්ල තවලම පදිංචි 38 හැවිරිදි ඔහුගේ ගෝලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

– lankadeepa

Continue Reading

Local

ප‍්‍රසන්නගේ ප‍්‍රකාශය බොරු කියමින් මහා මාර්ග අමාත්‍යංශ ලේකම්ගෙන් නිවේදනයක්…

Published

on

By

ගම්පහ දිස්ත‍්‍රික්කය තුල මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිම අත්හිටවූ බවට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් සිදුකරන ලද ප‍්‍රකාශය මහාමාර්ග අමාත්‍යංශය විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.

මේ බව සදහන් කරමින් එම අමාත්‍යංශ ලේකම් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය
මහාමාර්ග අමාත්‍යාංශය

‘ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නැවතෙයි ’ යන ශීර්ෂය යටතේ පල වී ඇති ප්‍රවෘත්ති වාර්ථාව පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සදහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු නිසා පසුගිය දා පැවති අධික වර්ෂාවෙන් ගම්පහ නගරය හා අවට ප්‍රදේශ ගං වතුරෙන් යට වූ බවට වාර්තා පලවිය . මේ සම්බන්ධව මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිතුමන්ලාගේ සහභාගිත්වයෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ , වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිළධාරීන් සමග සාකච්ඡාවක් පවත් වන ලදි.

එහිදී ගම්පහ නගරයත් ඒ අවට ප්‍රදේශයන් ජලයෙන් යටවීම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.එහිදී මතු වු කරුණු අනුව ඉතා කෙටි කාලයකදී මිලි.මී.300 කට අධික වර්ෂා පතනයක් පැවතීමත්, ප්‍රදේශයේ ජලය බැස යාම සදහා ඇති කාණු පද්ධති හා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමත්,දුම්රිය මාර්ගයේ ජලය බැස යාමේ අවහිරතාත් ගං වතුර සදහා හේතු වු ප්‍රධාන කරුණු ලෙස හදුනා ගන්නා ලදී.

එසේ ම එහිදී අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු කරගෙන යාම පිලිබදව එමගින් ගං වතුර ඇති වීමට යම් හැකියාවක් සිදුවූවා දැයි ද සාකච්ඡා කරන ලදී.ඒ අනුව අධිවේගී මාර්ගය තැනීමට ප්‍රථම සිදු කරන ලද සක්‍යතා අධ්‍යනයේ දී සිදු කල ජල කළමනාකරණය අධ්‍යනය (hydrology study) නැවත සමාලෝචනය කිරීමටත් ජලය බැසයන බෝක්කු හා පාලම් සංඛ්‍යාව හෝ ඒවායේ ප්‍රමාණ සංශෝදනය කිරීමට යෝජිත අධ්‍යනයේ දී නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරන ලදී.

එසේ ම ප්‍රදේශයේ ජනතාවට අධිවේගී මාර්ගය තැනීමේ කටයුතු සිදු කිරීම නිසා යම් පීඩාකාරී තත්වයක් ඇතිවී ඇත්නම් හා ඉදිරියේ දී ඇතිවීමේ හැකියාවක් ඇතිනම් ඒවා මග හරවා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරන ලදී.

ඒසේ නොමැතිව කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බව ද දන්වා සිටිමි.

ලේකම්
මහාමාර්ග අමාත්‍යාංශය

Continue Reading

Local

අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්.. පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

Published

on

By

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk