Connect with us

Politics

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වන සංවත්සරය..

Published

on

චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහය නිසා අපට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 15 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වන සංවත්සරය,  වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය සමරන මේ මොහොතේ අපේ උණුසුම් සුබපැතුම් පිරිනමන්න ඕනෑ. එම පක්ෂයේ සියවෙනි සංවත්සරය සමරන මේ වසර ආසියාවේ අප කාටත් ඉතා වැදගත් බව මගේ විශ්වාසයයි.

මිත්‍රවරුනි,

ආසියාවේ නැගිටීම මේ සියවසේ සිදුවන්නේ චීනයේ පිබිදීම මුල්කරගෙන බව අප කාගේත් විස්වාසයයි. ඒ ඓතිහාසික ජය්‍රහණය චීනයට ලබාදුන්නේ මීට වසර සියයකට කලින් 1921 දී දොළොස් දෙනෙක් එක් වෙලා පිහිටවපු කොමියුනිස්ට් පක්ෂය විසින් බව අපි කවුරුත් දන්නවා.

ඒ නිසයි මම කිවුවේ චීන කොමියුනිස්ට් පක්ෂය ආසියාවටම ලොකු වැදගත් කමක් තිබෙන පක්ෂයක් බව.

මිත්‍රවරුනි,

චීනය කියන්නෙ ‍රටක් විතරක් නොවෙයි චීනය කියන්නෙ දැවැන්ත ශිෂ්ටාචාරයක්. චීන රට විවිධ  ආක්‍රමණ වලට ලක් වුනා මිස කවදාවත් චීනය වෙනත් රටවල් ආක්‍රමණය කලේ නෑ. ඒ වගෙම ලෝකයේ විශාලතම ජනතාවක් ස්වයංපෝෂිත ආර්ථිකය ගැන විශ්වාසය තියලා ජීවත් කරවපු රටක්. ඒ විතරක් නොවෙයි කෘෂිකර්මාන්තය ගැන විශ්වාසය තියලා එය පදනම් කරගෙන ගොඩ නැගුණු රටක් හැටියටයි චීනය සලකන්නේ. ඒනිසයි මම කියන්නෙ චීනය දැවැන්තම ශිෂ්ටාචාරයක් කියලා.

මිත්‍රවරුනි,

චීන කොමියුනිස්ට් පක්ෂය ඒ ශිෂ්ටාචාරයේ ලකුණ හඳුනාගෙන කටයුතු කළ නිසා තමයි අද චීනය ලෝකෙ බලවතෙක් විදියට දියුණු කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. චීනයත් අපිත් අතරෙ තියෙන්නෙ ඓතිහාසික සමානකමක්. චීනය චීන මහා ප්‍රාකාරය ඉදිකරනකොට අපේ දේවානම්පියතිස්ස මහ රජතුමා අනුරාධපුර මහමෙව්නා උයන පිහිටවනවා. එදා ඉදන් එකම රාජ්‍යයක් භාෂාවක් ආගමක් අඛණ්ඩව පවත්වාගෙන ගියේ, අපිත් චීනයත් බව මම බොහොම ආඩම්බයෙන් කියන්න ඕනෑ. අපේ ඓතිහාසික සමානකම වගේම මිත්‍රකමත් ඉතාම බලවත්.

චීනය බලවත් රටක් හැටියට අපේ ස්වාධීනත්වය රැක ගන්න විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. ආර්ථික වශයෙන් ගොඩ නැගෙන්න අපිට උදව් කරලා තියෙනවා.

චීන සහල් රබර් ගිවිසුම ශ්‍රී ලාංකිකයින්ට තවමත් මතකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් චීනය කළ සේවය අපිට කවදාවත් අමතක කරන්න බෑ. චීනයට මම කවදත් කිව්වෙ

අපේ ඓතිහාසික මිත්‍රයා කියලා. මම කියනවා ඓතිහාසික කරුණු අනුව සලකා බලලා චීනය අපේ කල්‍යාණ මිත්‍රයා කියලා.

මිත්‍රවරුනි,

අපේ සම්භාව්‍ය ග්‍රන්ථයක තියෙනවා

“මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී. බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිතී” කියලා.  චීනයත් අපට ඒ වගේ මිතුරෙක්.

චීන කොමියුනිස්ට් පක්ෂය අපට මෙතරම් සමීප කලේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය.

අතීතයේ චීනයත් ලංකාවත් සම්බන්ධ කලේ බුදුදහම. නිදහසින් පසු අපි අතර සබඳතාවය ගොඩ නගන්න මුල් වුනේ කොමියුනිස්ට් පක්ෂයයි. චීන කොමියුනිස්ට් පක්ෂය වගේම ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් ලංකාවේ ශිෂ්ටාචාරය මත පදනම් වුනු බොහෝ දේට ගරු කරනවා.

ජාතික ආර්ථිකයක් ස්වාධීන රටක් කෘෂිකර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත පද්ධතියක් කෙරෙහි විශ්වාසය තබනවා.

මට මතකයි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙ නිර්මාතෘවරයා

වුණ එස්.ඒ.වික්‍රමසිංහට  කෘෂිකර්මාන්තයේ දියුණුව ගැන ලොකු උනන්දුවක් තිබුණා.එතුමා ඉදිරිපත් කළ, නිල්වලා ගඟ ව්‍යාපෘතිය, වමේ නායකයෙක් කෘෂිකාර්මාන්තය ගැන ඉදිරිපත් කළ වැදගත්ම ව්‍යාපෘතිය. මේ වගේ අදහස් දරපු කොමියුනිස්ට් පක්ෂය නිසා අපට චීනයත් සමඟ අතීත සම්බන්ධය තවත් තහවුරු කර ගන්න පුලුවන් වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුලු වාමාංශික පක්ෂ එකට වැඩ කළ සිරිමාවෝ මැතිනියගෙ කාලෙ අපේ චීනයත් එක්ක සබඳතා ඉතා විශිෂ්ට වුණා. අපිට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකෙ නැගී සිටින්න උපකාරී උනේ චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහායත් නිසා බව මම කියන්න ඕනෑ.   අපත් කොමියුනිස්ට් පක්ෂය ඇතුලු වමේ පක්ෂත් එකට වැඩ කළ ආණ්ඩුවක් යටතේ තමයි අපි බෙදුම්වාදී  ත්‍රස්තවාදී යුද්ධය නිමා කළේ. ඒ යුද්ධය තිබුණ කාලෙත් ඉන් පසුවත් චීන රජය අපේ ස්වාධීනත්වය වෙනුවෙන් කළ කැපකිරීම් අපි සදහටම අගය කරනවා. ඒක චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයේ  ආසියාවේ රටක ස්වාධීනත්වය වෙනුවෙන් කළ විශිෂ්ට උපකාරයක්.

මිත්‍රවරුනි,

මේ මොහොතේ ලංකාවෙ කොමියුනිස්ට් පක්ෂයත් අපිත් අතර තිබෙන බැඳීම ගැන

මම මතක් කරන්න ඕනෑ.   ලංකාවෙ කොමියුනිස්ට් පක්ෂයට දැන් වසර 78 සම්පුර්ණ වනවා.

සහෝදරවරුනි,

කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමී නායකයා වුණ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා දකුණෙන් ආව කෙනෙක්. මගේ ලොකු තාත්තා වුණ ඩී.එම් රාජපක්ෂ වගේම මගේ පියා වුණ ඩී.ඒ රාජපක්ෂ මැතිතුමත් දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මැතිතුමා සමඟ

ඉතා ළඟින් දේශපාලන සම්බන්ධතා පවත්වපු අය. ඒ වගේම මමත් මගේ ලොකු තාත්තා, මගේ පියා වගේම දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන චරිතයට ඉතාම ආදරයෙන් ගරු කරන කෙනෙක් බව මේ මොහොතේ කියන්න ඕනේ.

ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයා වුණ වික්‍රමසිංහ මැතිතුමාගේ පොදුජන දේශපාලන සටන් මඟ මගේ ජීවිතයටත් ඉතාම ආදර්ශයක් හැටියට බලපෑ බව කියන්න ඕනේ. පීටර් කේනමන්, රාජා කොල්ලුරේ සරත් මුත්තෙට්ටුවේගම, අද නායකත්වය දරන වීරසිංහ අපට සමීප එකට දේශපාලන සටන් බිමේ හිටපු අය. ඒ වගේම කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ඩිව් ගුණසේකර මැතිතුමා එදා ඉඳන් අද වන තුරු මගේ ඉතා කිට්ටු සමීප මිත්‍රයෙක්. ඒ නිසා කොමියුනිස්ට් පක්ෂය මගේ ඉතාම සමීප වමේ දේශපාලන පක්ෂයක් හැටියට මම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

මිත්‍රවරුනි,

ලෝකය වෙනස්වෙලා. අපේ රටත් වෙනස්වෙලා. කාර්මික විප්ලවය පසුකරලා තාක්ෂණ විප්ලවයත් පසුකරලා

අද සයිබර් යුගයේ තරුණ පරපුරක් ඉන්නෙ. එදා තිබුණ දේශපාලන අදහස් නෙමෙයි අද තියෙන්නේ. නමුත් අපි මතක තියාගන්න ඕනේ අද අපි භුක්තිවිඳින සියලු අයිතීන් දිනා දෙන්න, අතීතයේ ප්‍රගතිශිලී දේශපාලන බලවේග කොමියුනිස්ට් පක්ෂය වාගෙ වාමාංශික ව්‍යාපාර  අසීමිත ලෙස සටන් වැදුණු බව. ලෝකය කෙතරම් වෙනස් වුනත් එකක් අපි මතක තබාගත යුතුය.  කොමියුනිස්ට් පක්ෂය හැමදාම පෙනීසිටියෙ සමානාත්මතාවය වෙනුවෙන්.

අදත් සමානාත්මතාවය පිළිබඳ අදහස ලෝකයේ වලංගුව පවතිනවා. ඒ වෙනුවෙන් දැවැන්ත කැප කිරීමක් කළ චීන කොමියුනිස්ට් පක්ෂය ලෝකයේ සමානාත්මතාවය වෙනුවෙන් අනාගතයේත් කැප වන බව මට විශ්වාසයැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Politics

කොරෝනාවෙන් මිය යන සෑම ජීවිතයක් ගැනම රජය වගකිව යුතුයි.. රංජිත් අලුවිහාරේ..

Published

on

By

වසරකට වැඩි කාලයක් තිස්සෙ පවතින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වූ රජයේ දුර්වල කලමනාකරණය නිසාම සියලුම ජටේනතාවගේ ජීවිත විශාල අවධානමකට ලක්ව තිබෙනවා. මේ තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුතු වන්නේ ජනපතිවරයා ඇතුලු කැබිනට් මන්ඩලය බව මා තරයේ කියා සිටිනවා.

පලමු දෙවනි රැලි වලදී මෙන්ම මේ අවස්තාවේදීත් රජය කටයුතු කරන්නේ  පුල්ලි ගොනා ගෙට පැන්නා මෙන් කිසිදු වගවීමකින් තොරවයි.

වසංගතය ක්‍රමානුකූලව පාලනය සදහා අවශ්‍ය සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම වෙනුවට රජය මුල සිටම කලේ අත්තනෝමතික හිතුවක්කාරී අන්දමින් රෝගය පැතිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීමයි. එමෙන්ම සංචරණයන් නිසි ලෙස නිසි අවස්තාවේ පාලනය නොකර කඩින් කඩ සීමා පනවමින් වැරදි පූර්වාදර්ශයක රජය කටයුතු කලා.එමෙන්ම  රෝග පාලනය සදහා අවශ්‍ය හදිසි එන්නත්කරන වැඩසහනට කිසිදු පෙර සූදානමක් තිබුනේ නෑ.

අවශ්‍ය තරම් එන්නත් අවශ්‍ය අවස්තාවේදී ආනයන නොකර නිද්‍රාශීලිව පසු උන ආණ්ඩුව එන්නත්කරන වැඩපිලිවෙල හමුදාව මත පටවා දේශපාලනිකව පම්පෝරි ගසමින් තම වගකීම පැහැරහැර  කටයුතු කර තිබෙනවා. එමෙන්ම කිසිදු හදිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාවලියකට සෞඛ්‍ය සේවාව සූදානම් නොකොට එන්නත් කරනයේ සංක්‍යාලේකන භාවිතකරමින් දෛනික රෝගීන් සහ මරන ගනන සගවමින් ජනතාව නොමා යැවීමට කැබිනට් මන්ඩලයම කටයුතු කරමින් සිටිනවා.

මේ වනවිට දිනකට රෝගීන් 2000  ඉක්මවා වාර්තාවන තත්වයක් තුලත් රජය PCR පරීක්ෂණ විදිමත්ව වැඩිකිරීමට කිසිදු පියවරක් අරගෙන නෑ.එමෙන්ම පෙර සිදුකල පරීක්ෂණ ගනනවත් කිරීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සපයා නෑ.

සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් කිසිවක් ගනන් නොගන්නා රජය ඔවුන්ගේ ගරුත්වයත් පරිහානීයට යවමින් සෞඛ්‍ය අංශ කෙරෙහි තිබුන ජනතා විශ්වාසයද බිද හෙලා තිබෙනවා.එමෙන්ම එදා යුද්ධය ජයගෙන රටට කීර්තියක් ගෙනා රනවිරුවන් පිලිබදව තිබූ ජනතා විශ්වාසයද රජයේ මේ වැඩපිලිවෙල නිසා අද බිදවැටෙමින් පවතිනවා.

මා යෝජනා කරන්නේ මේ මොහොතේ හෝ සෞඛ්‍ය අංශවලට කොවිඩ් පාලනය භාර දී රජයේ දේශපාලන ක්‍රියාවලියෙන් එය නිදහස් කරන ලෙසයි.අනෙක් කාරණය නම් එන්නත්කරන වැඩපිලිවෙල ශක්තිමත් කර පාසල් සිසුන් සහ කුඩා දරුවන් මාරයාට බිලිවීම වලක්වා ගන්නා ලෙසයි.රජය නිසි පියවර නොගැනීම හේතුවෙන් මේ වනවිටත් ජීවිත 4500 ක් පමන අපිට අහිමි වී අවසන්. ඒ හැම ජීවිතයක්ම බේරාගත හැකිව තිබූ නමුත් රජයේ දුර්වල කලමනාකරණය නිසා අපිට අහිමි වූ ඒවායි. එබැවින් ඒවාගේ වගකීම භාරගන්නා ලෙසත් ඒ පවුල්වලට යුක්තියක් ඉටුකරන ලෙසත් මා අවධාරණය කරනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා මේ බව පැවසුවේ පසුගියදා දඹුල්ලේ ගොවීන් පිරිසක් හමුවූ අවස්තාවේදීයි.

නලින්ද රාජපක්ෂ – මාතලේ

Continue Reading

Politics

සිරිකොත යළි ඇවිලෙයි.. රනිල් මේ පාරත් අපිව ඇන්දුවා..

Published

on

By

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය තුළ ගිනි පුපුරු මතුවෙමින් තිබෙන බවයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මුල් කොටගෙන.

ඉලක්ක වෙත ළඟා වීමට නොහැකි වීම

පසුගිය මහ මැතිවරණයේදී එ.ජා.ප යට ලැබුණු එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම හරහා බලාපොරොත්තු වූ ඉලක්ක කිසිවක් ළඟාකර ගන්නවා තබා ඒ පිළිබඳව ඉඟියක්වත් පළ නොවීම සම්බන්ධයෙන් එ.ජා.පය තුළම මතයක් නිර්මාණය වෙමින් තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඉතා කෙටි කලකින් අවම වශයෙන් සමගි ජන බලවේගයේ 10 -15 අතර පිරිසකගේ සහය ලබාගෙන සමගි ජන බලවේගය තුළ අර්බුද ඇති කිරිම වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කළ යුතු යැයි යෝජනා සම්මත කළ අයගේ අරමුණ හා ඉලක්කය වුණා.

එක මන්ත්‍රී කෙනෙකුගේවත් සහය නැහැ

එහෙත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට වික්‍රමසිංහ මහතා ගෙන ආ සංශෝධනය සම්මත කර ගැනීමට සමගි ජන බල වේගයෙන් තබා සමස්ත විපක්ෂයෙන්ම මන්ත්‍රීවරයකු සොයා ගැනීමට වික්‍රමසිංහ මහතාට නොහැකි වීම සම්බන්ධයෙන් එ.ජා.පය තුළ බරපතළ කතිකාවතක් ඇති වෙමින් තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

සමගි ජන බලවේගයේ සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වික්‍රමසිංහ මහතා සමග එකතු වන බවට විශේෂයෙන්ම එ.ජා.ප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රසිද්ධියේම කළ ප්‍රකාශයද මේ වන විට එ.ජා.පය තුළ විහිළුවක් බවට පත් වී තිබෙන බවත් වාර්තා වනවා.

යළිත් සුපුරුදු රැවටිල්ල

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට මුල් වී කටයුතු කළ දැනට එ.ජා.පය තුළ ඉතිරිව සිටින ජේෂ්ඨයන්ද පවසන්නේ වික්‍රමසිංහ මහතා යළිත් වතාවක් සුපුරුදු ලෙස තමන්ව රැවටු බවයි.

වික්‍රමසිංහ මහතාව එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමග ඒ සඳහා සුදුසුකම් ලබා සිටි වික්‍රමසිංහ මහතා හා සමාන ජේෂ්ඨත්වයක් ඇති ජෝන් අමරතුංග මහතාද පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඈත් වෙලයි සිටින්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුහුණ දෙන පාස්කු ඉරු දින ප්‍රකාශය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් මැදිහත් වී ඔහු හරහා සමගි ජන බලවේගය තුළ යම් ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහයක මේ දිනවල වික්‍රමසිංහ මහතා නිරතව සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

am.lk

Continue Reading

Politics

මීළඟට එන ආණ්ඩුවක් ගැන මෛත්‍රීගෙන් ඉඟියක්..

Published

on

By

මීළඟ ආණ්ඩුවක් ගැනීම පිළිබඳව ඉඟියක් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළ කර තිබෙනවා.

ඒ රට මුහුණ දී සිටින ආර්ථික අර්බූදයට මීළඟට පැමිණෙන ආණ්ඩුවකට විසඳුම් ලබා දිය හැකිද යන්න තමන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන බව සඳහන් කරමින්.

උදාහරණ සහිතව විසඳුම් පෙන්වීම

ඊට හිටපු ජනපතිවරයා පිළිතුරු දෙන්නේ තමන් ජනපති ධුරය දරද්දී කටයුතු කළ ආකාරය උදාහරණ සහිතව පෙන්වමින්.

එදා තමන්ගේ රජයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණේ තමාට හෝ තමන් දරපු ජනපති ධූරයට නොව තමන් අනුගමනය කළ ප්‍රතිපත්තියට බවයි සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සබඳතාවයේ වැදගත්කම

රට මුහුණ දී සිටින ප්‍රධානම ප්‍රශ්නය වන විදේශ සංචිත හිඟකමට පිළියම් සෙවීමේදී පළමුවෙන්ම අවධානය යොමු කළ යුත්තේ ජාත්‍යන්තර සබඳතා වලට බවයි හිටපු ජනපතිවරයාගේ අත්දැකීම වන්නේ.

ඒ හරහා බොහෝ රටවල් වලින් උදව් උපකාර ගත හැකි බව හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ තම පාලනය යටතේ ඇති වූ පොහොර හිඟයට පාකිස්ථානයෙන් උදව් ලබා ගත් ආකාරය සහ ගෑස් ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ කටාර් රාජ්‍යයෙන් ඊට කඩිනම් විසඳුම් ලබාගත් ආකාරය මතක් කරමින්.

පොහොර හා තෙල් අඩු මිලට

පොහොර හා තෙල් ඉතාමත් අඩු මිලට ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමට හැකිවූයේ තම පාලන කාලයේ බවයි හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ.

හිටපු ජනපතිවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරමින් සිටිනවා.

am.lk

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk