Connect with us

Sports

9 පංතියේ චෙස් පොඩ්ඩා..

Published

on

අද කතා කරන්න යන්නේ ලංකාවේ තවත් දක්ෂ පොඩ්ඩෙක් ගැන ඉතිං මේ පොඩ්ඩා තමන්ගේ හපන්කම් පෙන්නේ චෙස් ක්‍රිඩාවෙන් ඉතිං තවත් විස්තර අවශ්‍ය නැ අපි එයාගෙන්ම අහලා දැනගනිමු.

(1) ඔයා ගැන අපිට පොඩි විස්තරය කියන්න කෝ අපේ පාඨකයන්ට දැනගනත් එක්ක

මම එල්.එච්.ඉෂිත උපේක්ෂ ඉගෙන ගන්නෙ ක/ ඥානෝදය මහා විද්‍යාලයේ 9-C පංතියේ.

(2) ඔයා චෙස් සදහා එකතු වුනේ කොයි කාලේද ඒ ගැන අපිට චුටි විස්තරයක් කිව්වොත්

6 වසරෙදි තමයි මම චෙස් වලට මම සම්බන්ධ වුනෙ ඩිලාන් ඉසුරු ගුරුතුමා තමයි මගේ මුල්ම චෙස් ගුරුතුමා වුනේ චෙස් කියන්නෙ මොකක්ද කියලාවත් නොදන්න මට චෙස් වලින් ඉදිරියට යන්න ලොකු ශක්තියක් වුනේ.

(3) ඔයාගේ ගුරුවරයා ගැන සදහන් කලොත්

ඩිලාන් ගුරුතුමායි පාසල් ගුරුතුමා යටතේ චෙස් කරන ගමන් මගේ දෙවන චෙස් ගුරුතුමා වුනේ සමීර මදුෂාන් ගුරුතුමායි ඒ මගේ පෞද්ගලික චෙස් ගුරුවරයා සමීර ගුරුතුමා සමඟ එකතු වුන මට අද චෙස් වලින් ලොකු දුරක් එන්න හැකි වුනා සමීර ගුරුතුමා වගේ හොඳ ගුරුවරයෙක් ලැබීම මගේ චෙස් ජීවිතයේ ලොකුම පෙරලියක් ඇති වුනා මගේ පාසල් චෙස් ගුරුතුමාටත් සමීර ගුරුතුමාටත් මේ වෙලේ මම අවංකකම ස්තුති වන්ත වෙනවා.

(4) ඔයාට ගෙදරින් හා පාසලෙන් හම්බ වෙන සහයෝගය කොහොමද?

චෙස් වලින් මේවගේ දුරක් මාව රැගෙන ආවට ඒ වගේම මගේ පාසලේ විදුහල්පති තුමා ගෙන් වගේම චෙස් භාරව ඉන්න මල්කා ගුරුතුමිය ඇතුළු මුළු ගුරුමණ්ඩලයෙන්ද මට ලොකු සහයෝගයක් ලැබෙනව ඒ හැමෝටම මම මේ වෙලවෙ ස්තුති වන්ත වෙනව චෙස් ජීවිතය මට තියෙන ලොකුම හයිය තමයි මගේ අම්ම ඇය මගේ හෙවනැල්ල වගේ ඉදගෙන මාව දිරිමත් කරනවා ඒක මට ලොකු ශක්තියක්.

(5)ඔයා චෙස් වලින් අරන් තියෙන තියෙන ජයග්‍රහණය ගැන සදහන් කලොත්

මම චෙස් වලින් දිස්ත්‍රික්ක මට්ටමින් හා පළාත් මට්ටමින් ජයග්‍රහණය ලබාගෙන තියෙනවා සමස්ත ලංකාව තරඟ වලට ඉදිරිපත් වෙලා තියෙනවා ඒ වගේම අද මම බටහිර ආසියානු තරඟ සඳහාත් තේරිල තියෙනවා.

(6) මොකද හිතන්නේ ඔයා මේ ආපු චෙස් ගමන් මඟ පිලිබඳ

මම ලොකු කාලයක් තම චෙස් වල නිරත වෙලා නෑ මොකද මම පාසලේ නව නිමැවුම් අංශයෙන්ද තරඟ වලට ඉදිරිපත් වෙනවා වගේම ජය ලබාගෙන තියෙනවා මේ මොන දේ කලත් චෙස් තමයි මගේ ජීවිතය මම චෙස් වලට ගොඩක් ආදරෙයි මොකද චෙස් නිසා මට ගොඩක් දේවල් මට ලැබිල තියෙනවා මගේ පාසලේ ඉන්න එකම චෙස් රේටඩ් ප්ලේය මමයි ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

(7) අප‍ට ඒ තරඟය ගැන අපිට චුටි විස්තරයක් කිව්වොත්

ඔව් එක ගැන කියනවා නම්, ආසියානු චෙස් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම ඉසව්වට බටහිර ආසියානු රටවල් 15 ක ක්‍රීඩකයින් 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙනවා. එක මේ සැරේ පවත්වන්නේ ඔන්ලයින්. ඉතිං එකට මටත් යන්න අවස්ථාව හම්බ වෙනවා.

(6) ඔයාගෙන් පස්සේ පාසලේ චෙස් වලින් එන්න මල්ලිලා නංගිලා කට්ටියක් ඇති එයාලාට මොකක්ද දෙන උපදෙස

මම කැමතියි මගෙන් පස්සෙ එන නංගිල මල්ලිලා ගෙනුත් මම ඉල්ලන්නෙ පොත පතටම සීමා නොවී අධ්‍යාපනය විතරක් නෙමෙයි ක්‍රීඩාවත් තමන්ගෙ ජීවිතයේ වටිනාම කොටසක් කරගන්න කියලයි මොකද මේ හැමදෙක්ම අපේ ජීවිතය ගොඩනගාගන්න ලොකු ශක්තියක් වෙනව උනන්දුවයි කැපවීමයි තුලින් අපිට යන්න පුලුවන් දුර බොහොමයි. අනාගතේ හොඳ චෙස් ගුරුවරයෙක් වෙලා මගේම පාසලේ අනිත් නංගිල මල්ලිලා වෙනුවෙන් සේවය කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

(7) ඔයාගේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොකක්ද?

අනාගතේ හොඳ චෙස් ගුරුවරයෙක් වෙලා මගේම පාසලේ අනිත් නංගිල මල්ලිලා වෙනුවෙන් සේවය කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

මගේ පාසලේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්යමණ්ඩලයේ ගුරු දෙමාපියන්ටත් පාසලේ චෙස් ගුරුතුමාටත් දැනට මගේ චෙස් ගමනට අත්වැලක් වෙන සමීර ගුරුතුමාටත් මගේ දෙමාපියන්ටත් පාසලේ සහහෝදර සහෝදරියන්ටත් ස්තුතිය වන්ත වෙනව මගේ චෙස් ගමනට ශක්තියක් වෙනවට.


ඉෂිත උපේක්ෂ ඔබ වැනි තරුණ ක්‍රිඩකයින් අපට සම්පතක් බව වෙනව කිව යුතු නැත. ඔබටත් ලංකාවේ අනෙකුත් ක්‍රිඩකයන්ට හට තමන්ගේ ඉදිරි ගමන සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

-පසිඳු දම්රිසි-

-පසිඳු දම්රිසි-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sports

ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කරන්න එන ස්මාර්ට් පන්දුව..!

Published

on

තාක්ෂණික පෙරළියක් කරමින් ක්‍රිකට් ස්මාර්ට් වෙයි. මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඒ වෙනුවෙන්ම නිෂ්පාදිත විශේෂිත ස්මාර්ට් පන්දුවක් භාවිත කරන බවට විදෙස් මාධ්‍ය වර්තාකර සිටී.

‘ස්පොර්ට්කොර්’ නම් සමාගම සහ කලක පටන් ක්‍රිකට් උපකරණ නිෂ්පාදන සමාගමක් වන ‘කොකබුරා’ සමාගම එක්ව මෙම පන්දුව නිර්මාණය කර තිබේ.

මෙම නව ක්‍රිකට් පන්දුව තුළ ඉලෙක්ට්‍රොනික පරිපථයක් සවිකර ඇති අතර එහි සංවේදක මගින් පන්දුවේ වේගය, පන්දුව කැරකෙන වට ගණන මෙන්ම පන්දුවෙන් ජනනය කරන බලය ද ඒ මොහොතේම ගණනය කරගත හැකිය.

එම තොරතුරු පරිගණකයක්, ස්මාර්ට් දුරකතනයක් හෝ ස්මාර්ට් ඔරලෝසුවක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි.

මෙම පන්දුවෙන් ක්‍රිකට් විශ්ලේෂකයින්ට වැඩි වාසියක් සැලසෙන අතර පන්දුව පන්දු යවන්නාගේ අතින් මිදී පතිත වන තුරු කැරකැවෙන වට ගණන, පන්දුව පතිත වීමෙන් අනතුරුව පන්දුව කැරකැවෙන වේගය වැනි දත්ත ද එම පරිපථය මගින් ගණනය කරගත හැකිය.

පන්දුව අතින් නික්මෙන වේගය මෙන්ම පිත්තේ වදින විට පන්දුවේ වේගය ද මෙයින් සටහන් කරගත හැකි අතර පන්දුවේ බලය ද මේ නව ස්මාර්ට් පන්දුව ඔස්සේ දැන ගත හැකි වීමද විශේෂත්වයකි.

පන්දු යවන්නා විසින් පන්දුව යවන විට වැය කරන ශ්‍රමයද, පන්දුවේ බලයද නිරීක්ෂණය කළ හැකි අතර මෙම දත්ත තරග වදින කණ්ඩායම් දෙකට මෙන්ම විකාශන ආයතනය වෙත ද ඒ මොහොතේම ලබා දීමට හැකිය. මෙය ඉතිහාසයේ විශේෂතම සොයා ගැනීමක් ලෙසින් ක්‍රිකට් විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Continue Reading

Sports

2021 බටහිර ආසියානු තරුණ චෙස් ශූරතාවලිය..

Published

on

ශ්‍රී ලංකාව සංවිධානය කරන විශාලතම ඔන්ලයින් චෙස් ශූරතාවලිය මෙය වන අතර 2021 සැප්තැම්බර් 18 සිට 20 දක්වා ටොර්නෙලෝ වේදිකාවේදී සංවිධානය කිරීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සූදානම් ය.

මෙම ඉසව්වට බටහිර ආසියානු රටවල් 15 ක ක්‍රීඩකයින් 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.8, 10, 12, 14, 16 සහ 18 න් පහළ බාලක හා බාලිකා යන වයස් කාණ්ඩ ඉසව් 12 ක් ලෙස එය පැවැත්වේ.මෙම තරඟාවලිය ස්විට්සර්ලන්ත ක්‍රමය යටතේ වට 9 කින් පැවැත්වෙන අතර දිනකට ක්‍රීඩා 3 ක් පැවැත්වේ. අලුතින් අනුමත කරන ලද FIDE ඔන්ලයින් චෙස් රෙගුලාසි අනුගමනය කෙරෙන අතර, කාලය පාලනය කිරීම සෑම පැත්තකටම තත්පර 10 ක වර්ධනයක් සහිතව මිනිත්තු 15 ක කාලයක් වේ. සහභාගී වීම සඳහා ලැප්ටොප්/ ඩෙස්ක්ටොප් පරිගණක වලට පමණක් අවසර දී ඇති අතර, විශාලන රැස්වීම තුළින් බේරුම්කරුවන් විසින් ක්‍රීඩකයින් සමීපව නිරීක්ෂණය කරනු ඇත. ක්‍රීඩකයාට කැමරා දෙකක් තිබිය යුතුය, එක් කැමරාවක්/ වෙබ් කැමරාවක් ක්‍රීඩකයා බැලීමට ඇති අතර අනෙක ඔහු වටා ඇති කැමරාවක් ලෙස දැක ගැනීමට.

විද්‍ර්‍යුත් විවෘත කිරීමේ උත්සවය 2021 සැප්තැම්බර් 18 වෙනිදා පෙ.ව. 11.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ආසියානු චෙස් සම්මේලනයේ සභාපති ෂෙයික් සුල්තාන් බින් කලීෆා අල් නේයාන් සමඟ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

Continue Reading

Sports

ශ්‍රී ලංකාව පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී දකුණු අප්‍රිකාව ලකුණු 14 කින් පරාජය කරමින් තරගය ජයග්‍රහණය කළේය..

Published

on

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය ඊයේ් පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය මෙහිදි ශ්‍රී ලංකාව ලකුණු 300 ට කඩුල් 9 ක් (අවිශ්ක 118, අසලංක 72, මහරාජ් 2-30) ලෙසද දකුණු අප්‍රිකාව ලකුණු 286 ට කඩුලු 6 ක්ද (මාක්‍රම් 96, වැන් ඩර් ඩසන් 59, ධනංජය 2-65) ලකුණු 14 කින් ශ්‍රී ලංකාව කණ්ඩායම දකුණු අප්‍රිකාව පරාජය කළේය.


Continue Reading

Trending