Connect with us

Local

ට්‍රිලියනයක මුදල් අච්චු ගහලා.. බඩු මිල 50%කින් ඉහලට.. බැංකු ගිණුම්වලට අත තියන්න ආණ්ඩුව සූදානම්…

Published

on

ඇති හැකි අයට දැවැන්ත බදු සහනයන් ලබා දී රාජ්‍ය ආදායමෙන් සියයට තිහක් අහිමි කරගැනීමට කටයුතු කළ ආණ්ඩුව දැන් රාජ්‍ය සේවකයාගේ වැටුපට, විශ්‍රාම වැටුපට, අර්ථ සාධකයට අත තබන්නට සූදානම් වන බව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ එකදු රාජ්‍ය ආයතනයක්වත් රාජපක්ෂ පාලනය විසින් ගොඩ නොගත් බවයි.

පසුගිය රජය සමයේ ලාභ ලැබූ රාජ්‍ය ආයතන ද, මේ රජය විසින් පාඩු ලබන තත්ත්වයට පත් කර ඇති බව පෙන්වා දුන් රණවක මහතා  රට තුළ නිෂ්පාදනයකින් තොරව රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම නිසා භාණ්ඩ මිල සියයට පනහකින් පමණ ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය.

නවලිබරල්වාදීන් ලෙස චෝදනාවට ලක් වූ යහපාලන ආණ්ඩුව මගින් රටේ වැඩ කරන ජනතාවට රුපියල් දහදාහක දීමනාවක් ලබා දී 20% බැගින්  සෑම වසරකම මූලික වැටුපට එකතු කිරීමට කටයුතු කළ බව ද රණවක මහතා පෙන්වා දුන්නේය.

ගුරු විදුහල්පතිවරුන් ඇතුළු පිරිස සඳහා 2020 ජනවාරි මාසයේ සිට  වැටුප් වර්ධක ලබා දීමට නිර්දේශ කොට තිබියදී වර්තමාන ආණ්ඩුව විසින් එය අත් හිට වූ බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප ට එකතු විය යුතු මුදල් සියල්ලම ආණ්ඩුව විසින් අයුතු ලෙස අත් කර ගත් බව ද පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

” රාජ්‍ය සේවකයාට ලැබිය යුතු වැටුප් වර්ධක සියල්ලම නතර කරලා, එතනින් නොනැවතී අද කැපවීම් කරන්න කතා කරනවා. හැබැයි, මේ කාලේ තරම් වංචා, දූෂණ, මහා පරිමාණයෙන් වෙච්ච කාලයක් නැති බව අපි දන්නවා. සීනි වංචාව පොල්තෙල් වංචාව කළා. ඒ වගේම ඩොලර් හිඟයක් ඇති කළා.

මේක මම අවධාරණය කරලා කියනවා පොහොර ගෙන්නන්න බැරි උනේ අප්‍රේල් මාසෙද ඩොලර් හිඟයක් ඇති වෙච්ච නිසා. ඒ පොහොර ගෙන්නන්න ඩොලර් හිඟය ඇති වුණේ මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච දැවැන්තම වංචාව වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට දෙදාස් දොළහ, දහතුන කාලේ ගැනීමට ගිහිල්ලා සිදුකරගත්තා වූ දැවැන්ත වංචාව. ඒ වංචාවේ ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්නයි කියලා කෝප් කමිටුව ඉදිරියට ආපු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාම පිළිගත්තා. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල් බිලියන දෙසීයකට අධික ප්‍රමාණ්‍යක දැවැන්ත පාඩුවක්. එහෙම විනාශයක් කරපු ශ්‍රී ලංකන් එකට ඩොලර් මිලියන පන්සීයක් ලබා දෙන්න තීරණය කළා මාර්තු මාසෙදි, කැබිනට් මණ්ඩලය. ඒකෙන් දෙසිය හතළිහක් දුන්නා. මේ තමන්ගේ ඥාතියා කරපු ජාවාරම යටගහන්න. මොකද උනේ? පොහොර ගෙන්න සල්ලි නැති වුනා. ඒ අනුව තව මාසෙකින් අපිට බලාගන්න පුළුවන් තේ කොළවල අස්වැන්න දැනටම අඩු වෙලා තියෙනවා. පොල් අස්වැන්න අඩු වේගෙන යනවා. රබර් අස්වැන්න කුරුදු අස්වැන්න අඩු වේගන යනවා. එළවළු, පලතුරු අස්වැන්න අඩු වේගන යනවා.

ඊළඟ මහ කන්නයේදී අපිට පෙනෙයි කුඹුරු අස්වැන්නට වෙන දේ. ඒ නිසා තමන්ගේ ජාවාරම්කාර ඥාතියා ආරක්ෂා කරන්න රටේ වටිනා විදේශ විනිමය පාවිච්චි කරලා තමයි අද තියෙන මේ සාගතය ඇති කළේ. ඒ නිසා කැපවීම් කරන්න කියන්න කිසිම සදාචාරාත්මක අයිතියක් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නැති බව ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා අපි මේ රටේ වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා ඔබේ ශ්‍රමයෙන්, ඔබේ දහඩියෙන් මේ රජයේ බොහෝ සේවාවන් අදටත් ගෙනියන්නේ ඔබ. බොහෝ දෙනා අනතුරට ලක් වෙලා තියෙනවා, ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා මේ කොරෝනා එක නිසා ඔබේ දූ දරුවෝ ඇතුළු සියලු පිරිස් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඔබේ පඩියෙන් අද යාන්තමටවත් ජීවත් වෙන්න නොහැකි තත්ත්වෙට ඔබව පත් කරලා තියෙනවා, ඔබේ ජන්දය සියට හැත්ත පහක් ලබා දුන්නේ මේ ආණ්ඩුවට, මේ නායකයට, හැබැයි ඔබ ගැන කිසිම කම්පනයක්, සහකම්පනයක් ඔවුන්ට නෑ. ඒක නිසා අපි ඔබෙන් ඉල්ලනවා මේ අවස්ථාවේදී දේශපාලන භේදයෙන් තොරව සංවිධානය වෙන්න.

මේ එන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ එන්නේ ඉදිරියේදී රජයේ සේවකයාගේ වැටුපට විශ්‍රාම වැටුපට, ඒ වගේම බැංකුවල දාල තියෙන අපේ යම් යම් ගිණුම්වලට අත තියන්න රාජපක්ෂලා මේ එන්නේ. ඊළඟ පියවරවල් ටික ඒකයි. ඒක නිසා ඒක ගැන මනා අවබෝධයකින් යුතුව සංවිධානය වෙලා කටයුතු කරමු කියන එක මුළු රාජ්‍ය සේවකයන්ගෙන්ම ඉල්ලා හිටිනවා.  මේ කාරණයේදී ඔබ සියලු දෙනාගේම සංවිධානය අත්‍යාවශ්‍යයි”

– media unit

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending