දඹුල්ල මහ නගර සභාව විසින් 2022 වර්ෂයේදි බදු අයකරගැනිමට අදාල ක්‍රමවේදයට අනුව 2022 ජනවාරි සිට නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුනකයින් සදහා බලු බද්දක් යෝජනා කරමින් ඉදිරිපත්කල පත්‍රිකාව ඇසුරු කරගෙන ඒ පිලිබදව මාධ්‍ය වාර්තා පල කිරිම පිලිබදව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව විසින් පරීක්ෂණ අරඹා ඇත.
ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් තිදෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ විමර්ෂණ ඒකකයේ පෙනි සිටින ලෙස දඹුල්ල පොලිසියේ ස්ථානාධිපති මගින් කැද වීම් කර ඇත.
මෙසේ කැදවීම් කර ඇත්තේ විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් වාර්තා කරුවන් තිදෙනෙක වන මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර යන මාද්‍යවේදින් තිදේනාටයි.
අපරාධ පරික්ෂන දෙපාර්තමෙන්තුවෙන් විමසිමේදි පැවැසුවේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සිදුකල පැමිණිල්ලක් පිලිබදව මෙසේ විමර්ෂන සිදුකරණ බවයි.
ඒ අනුව 8, 9, 11, 10 දිනයන්වල පරික්ෂන පැවැත්වෙන බව දන්වා ඇතත් මාධ්‍ය වෙදින්ගේ ඉල්ලිම මත එම දින නොවැම්බර් 12 හා 16 යලි දින ලබා දි ඇත.