Connect with us

Local

පක්ෂක ලොකු කුඩා බව නොවෙයි දේශපාලනය දී වැදගත් වෙන්නේ අරමුණයි .. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

Published

on

ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය පාලනය කරද්දී දේශපාලන කටයුතු අත නොහැරිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගුරු වැඩ වර්ජනය මෑත කාලයේ මෙතරම් දුරදිග ගියේ දේශපාලන කටයුතුවලින් ඈත් වීම නිසා බවද ඒ මහතා පැවසීය.

අද ගොවි උද්ඝෝෂණ වුවද මෙතරම් බරපතල විදියට ඇදී යන්නේ ඒ අය අතරේ වැඩ නොකරන නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සම්මේලනය අද කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අමතමින් අග්‍රාමාත්‍වරයා මෙසේ පැවසීය.

‘අපට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්වයක. මේ වගේ කාලවල නොකල වැරදි වලට වුවත් ජනතාව බනින්නේ ආණ්ඩුවට.

අද ජනතාව විරෝධතා කලත්, පඹයන් පිච්චුවත් අපි ජනතාව අතරට යා යුතුයි.

සමහර පක්ෂ වලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන් පක්ෂ කුඩා වෙන්න පුළුවන් ලොකු කුඩා නොවෙයි දේශපාලනය දී වැදගත් වෙන්නේ අරමුණයි වැදගත් වන්නේ.

මේ හැමෝම අපිත් එක්ක එක මග යන අය. අපේ දුෂ්කර අවස්ථාවල අපිත් එක්ක එක පිල හිටපු අය. ඒ කවුරුත් අපට ඈත් කරන්න බැහැ. එය අය අපේ ආධාරක නොවේ කිහිලිකරු නොවේ. ඒ අය අපත් එක්ක එකම අරමුණකට ගමන් කරන එකම අය. ඒ නිසා එ් සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕන. ඒ සමගිය රැකීම ප්‍රධාන පක්ෂ වන අපේ වගකීමක්.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වැදීම අපේ පක්ෂයට විශාල ආශිර්වාදයක් වුණා. මෙතෙක් ඡන්දපොළට නොගිය විශාල තරුණ පිරිසක් එතුමාව විශ්වාස කරලා අපට ඡන්දය දුන්නා.

මට මතකයි අපි ජයග්‍රහණය කළ මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුනන තරුණයන් තම නම් ගම් නොලියා චිත්‍ර ඇන්දා. ඒ අය රටට ආදරය කරන තරුණයන් ඔවුන්ට කාගෙවත් ඇනවුමක් තිබුණේ නෑ.

අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහෙද කියලා අපි දන්නේ නෑ. අද රට හැර යන්න පාස්පෝට් පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න ඕනා. ඔවුන් ඒ පාස්පෝට් පෝලිමේ ඉන්නවා නම් නැවතත් මෙරටට කැඳවා ගත හැකි අන්දමේ දේශපාලනයක අපි දෙන්න ඕනෑ. ඒක තමයි පොදුජන පෙරමුණේ අපට තියන ඓතිහාසික අනාගතවාදී කාර්යය’

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending