Connect with us

Woman

ප්‍රේමය පරිත්‍යාග කිරීම අයිති කරගැනීමට වඩා උසස්ය..

Published

on

කඳුලු වර්ෂා

සිව්වන කෙටි කතාව

සත්‍ය කතාවක් ඇසුරෙන් ලියමි…….

ගොඩක් අය කියන්නේ මට මගේ ආදරේ හම්බුනා මන් එයාව හැමදාටම මගේ කර ගත්තා කියලා….ඒත් ඒ අතරේ සමහර අය ඉන්නවා තමන්ගේ ආදරේ ලබා ගන්න අයිති කරගන්න බැරි වෙච්ච අය… එහෙම අය ගොඩක් වෙලාවට අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් තමන්ගේ ආදරේ පරිත්‍යාග කරනවා……..ඒක ඇත්තටම ලොකු දුකක් තමයි………එහෙම අය ඇත්තටම උත්තරීතරයි……එහෙම ආදරයක් ඇත්තටම පූජනීයයි…… ඒ වගේම යාලුකම නිසා තමන්ගෙ ආදරය පරිත්‍යාග කරපු එක අය ඕනතරන් ඇති…එහෙම චරිතයක් අදටත් ඒ මතකයන් එක්ක තාම විඳවනවා…..

“හලෝ මචන් සිහින….අද මොකෝ වේලාසනින්ම…මොකක් හරි ස්පෙශල් වැඩක්ද?…..”
“පිස්සුද දිනෙත්…මට මොන ස්පෙශල් වැඩද බන්….නිකන් ආවා ඉතින්….”
“ක්ලාස් පටන් ගන්න තව වෙලා තියනවා නේද?…..”
“ඔව් බන්….තව පැය භාගයක් විතර තියනවා…”
“මේ….මොකෝ කියන්නේ…යමන්ද සයිවර් කඩේ පැත්තේ….තෝසයක් කාලා ප්ලේන්ටියක් ගහමූ….”
“අඩේ….මරු අයිඩියා එක…..යමන් යමන්…”
“අද මන් ගානේ….”
ඒ තමයි හොදම යාලුවෝ….පුංචි කාලේ ඉදන්ම තිබුනු යාලුකම ඒ විදියමයි ….කොහොමහරි ඒ ලෙවල්ස් කරද්දිත් දෙන්නා සෙට් උනා…හැමදේම කරේ එකට…. හරියට ඉඳි කටුවයි නූලයි වගේ…..සමහර යාලුකම් තියනවා ඒවා හරියට ආත්ම ගානක ඉදන් පතාගෙන එන යාලුකම්….මේ යාලුකමත් අන්න ඒ වගේ…

ඔහොම කාලය ටික ටික ගෙවිලා යනකොට සිහිනගේ හිතේ ගෑනු ලමයෙක් ගැන කැමැත්තක් ඇති උනා…..වයසේ වැරැද්ද ඉතින්…..ඔය කාලෙට ඔහොම අදහස් එනවා තමයි……ඉතින් සිහින ඒ කෙල්ලට ගොඩක් ආදරේ කරා….ඒත් එයාගේ හිතේ තිබුණු ආදරේ ගැන ඒ ගෑනු ලමයට කියාගන්න බැරුව එයා ගොඩක් අසරණ උනා……අපි ඔය වචනෙන් කියන්නේ…..ඇත්තටම ඒක සිරා ලව් එකක්….
“මචන්….මට ඒ කෙල්ලට කියන්න ඕන බන් මන් එයාට ඇත්තටම ආදරෙයි කියලා…..”
“හරි ඉතින් අපි කියමූ…..මට පෙන්නන්නකෝ ඔය කියන ගෑනූ ලමයව….”
“හරි මචන් මන් උබට පෙන්නන්නන්….”
“මේ..අපේ ක්ලාස් එකේද?…..”
“ආ….නෑ බන් අපේ ක්ලාස් එකේ නෙවෙයි…”
“හරි හරි මට කෙල්ලව පෙන්නන්න..ඊට පස්සේ බලමූ මොකද්ද කරන්න පුලුවන් කියලා…..මොකක් හරි ගේමක් ගහමූ….”
“මචන් මට ඒකිව සෙට් වෙයි නේද?…”
“මොනවද බන් මේ කියන්නේ….උබට මොනවද අඩු….එකෙන්ම උබ එල කොල්ලෙක්…මොන කෙල්ලද කියපන් උබට අකමැති වෙන්නේ…..අනිත් එක කෙල්ලෝ කීයක්නන් උබට ලයින් දැම්මද…”
“උබගේ කතාව ඇත්ත බන්…ඒත් මගේ හිත නතර උනේ එයා ලග…මට එයාව කොහොමහරි ඕන බන්….”
“ට්‍රයි කරමූ අපි…බැරි වෙන එකක් නෑ….උබට ඕන දේකට මන් ඉන්නවනේ…මාව විස්වාස කරපන්….”
“උබ මගේ පොඩි කාලේ ඉදන්ම යාලුවා…මට උබව විස්වාසයි….”
“අන්න එහෙම වරෙන්….උබ කිව්වොත් මැරෙන්න වරෙන් කියලා එකෙන්ම මන් උබ ලග….”
“එකෙන්ම උබ එල කොල්ලෙක්..මන් දන්නවනේ උබ ගැන…..”

සමහර යාලුවෝ ඉන්නවා අනිත් කෙනා වෙනුවෙන් මැරෙන්න උනත් ඉදිරිපත් වෙන යාලුවෝ…..ඇත්තටම අද කාලේ එහෙම යාලුවෝ ගොඩක් අඩුයි…..යාලුකම වෙනුවෙන් ඒ වගේ අයට කරන්න බැරි දෙයක් නැති තරන්….සමහර යාලුකම් මැද්දට තුන්වෙනියෙක් එනවට ඇත්තටම හොදම යාලුවෝ කැමති වෙන්නේ නෑ…ස්පෙශල් ආදරයක් වගේ දෙයක්………..මොකද ආදරේදී ගොඩක් මිනිස්සු ආත්මාර්ථකාමී…….
“මචන් සිහින….කොහොමද දැන් ලව් එක….”
“මොන ලව්ද බන්…මට තාම කෙල්ලට කියන්නවත් බැරි උනානේ…අඩුම තරමේ එදා දැක්කට පස්සේ තාම දැක්කේ නෑ…”
“මචන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නේ නෑ නේද…..”
“මන් හිතන්නේ නෑ.. හොයලා බැලුවා..එහෙම එකක් නෑ එයාට….”
“එහෙනන් අවුලක් නෑ ඉතින්…අපි කොහොමහරි කෙල්ලට කියන්න බලමූ….”
“ඒක තමයි බන් මටත් කරන්න බැරි…”
“එහෙම කියලා හරියන්නේ නෑනේ බන්…අපි කොහොමහරි කෙල්ලට ඒක කියන්න ඕන….”
“මටනන් බෑ මචන්..මොකද්ද වගේ එයා මොනා හරි හිතුවොත්….”
“මොනා හිතන්නද බන්…ගොන් බූ## යකෝ කියපන් උබේ හිතේ තියන එක….”
“මට හෙල්ප් එකක් දීපන්කෝ…උබ කියපන්කෝ එයාට මන් කැමතියි කියලා…..”
“මොකක්….උබට පිස්සුද බන්…මන් කියලා හරියනවද?….”
“අනේ මචන්…උබ මගේ බොක්කනේ…මන් වෙනුවෙන් කියපන්කෝ….”
“අනේ මන්දා බන් උබත් මට දාන තොප්පි…”
“හරි හරි බන්…උබ මගේ සහෝදරයනේ…මේ උදව්වවත් කරනවකෝ…..”
“උබ හැමදාම මාව අසරණ කරන්නේ ඕක කියලනේ….”
“සහෝදරයෝ උනාම එහෙම තමයි…”
සිහිනගෙයි දිනෙත්ගෙයි යාලුකම හරිම පුදුමාකාරයි…..ඇත්තටම මෙහෙම යාලුකම් අඩුයි….

“මචන් සිහින…එහෙනන් අද හරිනේ….මන් එන්නන් හරියටම 2කට….උබට ශුවර්නේ ක්ලාස් ඉවරවෙන්නේ ඒ වෙලාවට කියලා…..”
“ඔව් බන්…මන් දවස් ගානක් එයාව ෆලෝ කරා….”
“කෙල්ල ශුවර් එකටම එයි නේද?….”
“ඔව් බන්…අද එනවා…උබ ඇවිත් මට කෝල් එකක් දාපන්කෝ…මන් මාමගෙන් බයික් එක ඉල්ලන් එතන්ට එන්නන්…”
සිහින දිනෙත් එක්ක ගියේ ගෑනු ලමයව හම්බවෙලා සිහිනගේ හිතේ තියන දේ එයාට කියන්න…..ඒත්…….
“මන් බලාගෙන හිටියේ උබගෙන් කෝල් එකක් එනකන්…”
“මාත් දැන් ආවේ බන්…කෝ කෙල්ල ආවද?….”
“දැන් එයි මචන්….ක්ලාස් ඇරෙන්නත් වෙලාව හරි…..”
“මචන් අන්න එනවා බන්…..එයා තමයි මන් කියපු ගෑනු ලමයා…දැක්කත් ඇස් දෙක පිරෙනවා බන්…..”
“ම….ච….න්…..සි..හි..න…..”
“මොකෝ බන් උබ බය වෙලා වගේ ගොත ගහන්නේ…උබටත් එයාව දැක්කම අහන්න බය හිතුනද?….
“එහෙම දෙයක් නෙවෙයි මචන්….ම..න් කියන එක චුට්ටක් අහපන්කෝ….”
“මොකද්ද අවුල….ඉක්මනට කියපන්…නැත්තන් කෙල්ල මිස් වෙනවා….”
“මන් කොහොමද සිහින උබට මේක කියන්නේ….මන් අසරණයි බන්…”
“දි..නෙ..ත්…මොකක් ගැනද උබ කියන්න හදන්නේ…..”
“ම….ච…න්…..උබ ආදරේ කරන කෙල්ලට මාත් ආදරේ කරනවා බන්…..”
“මො….ක…ද්…ද…උබ කියන්නේ….අනේ රත්තරන් මේ වෙලාවේ ජෝක් කරන්න එපා බන්…මගේ පපුව පැලිලා මැරෙයි….”
“මන් ඇත්තටමයි බන් කියන්නේ….ඔය ගෑනු ලමයට මන් ආදරේ කරන්නේ ගොඩක් කාලෙක ඉදන්….”
“ඉතින් උබ මට කිව්වේ නෑනේ මුකුත්…මේකද අපි දෙන්නගේ යාලුකම…නියමයි උබ….ඇත්තටම සතුටුයි….”
“මන් උබට කියන්න තමයි හිටියේ…උබගේ ලව් එක සෙට් කරගත්තට පස්සේ….ඒත් ඉතින්….”
“උබනන් මහ ද්‍රෝහියෙක් බන්….උබත් එක්ක මට කිසි කතාවක් නෑ…අදින් පස්සේ අපේ යාලුකම ඉවරයි……”
“සිහින….මොනාද උබ මේ කියන්නේ…..මට උබව නැති කරගන්න බෑ බන්…මන් මොකද්ද කරන්නේ…මන් අසරණයි බන්…”

“ඒ….මචන්….මේ අහපන්කෝ…මන් විහිලුවක් කරේ….උබට ඒ ගෑනු ලමයව නැති වෙන්නේ නෑ බන්……උබලා දෙන්නා හැමදාම සතුටින් ඉදියි…..”
“උ….බ…සිරාද කියන්නේ….ඇත්තටම මට එයාව හම්බවෙයිද?…….”
“ඔව් බන්….මන් උබලා දෙන්නට උදව් කරන්නන්……”
“ඒ….ත් සිහින..උබ ඒ කෙල්ලට ආදරේ කරානේ බන්…මන් ඒක දන්නවා…කොහොමද උබ ඒ කෙල්ලව අමතක කරන්නේ……”
“මට වඩා උබව තමයි එයාට ගැලපෙන්නේ…..අනිත් එක මන් පරක්කු වැඩියි බන් කොහොමත්…..උබලා දෙන්නා හොදට ගැලපෙනවා….”
“මට මේක හීනයක් වගේ බන්…මන් හිතුවා මේක ඇහුවම උබ මාත් එක්ක සදහටම කතා නොකර ඉදී කියලා…..”
“හරි හරි දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි…පලයන් ගිහින් කතා කරපන් කතා කරලා ඔක්කොම විස්තරේ කියපන්……කෙල්ල උබට අනිවාර්යයෙන් කැමති වෙයි…”
“උබනන් සහෝදරයෙක් විතරක් නෙවෙයි බන් දෙවි කෙනෙක්…..”
“මේ….මේ…දෙවිවරුන්ටත් ප්‍රියන්බිකාවෝ හිටියා හරී…..හැබැයි දෙවිවරුත් මන් වගේනන් නැති වෙයි….”
“තෑන්ක්ස් මචන්….මේ දේ මන් කවදාවත් අමතක කරන්නේ නෑ…..” “හරි ඉතින් කතා කර කර හිටියා ඇති….වැඩේ කන්ෆෝර්ම් කරන් වරෙන්කෝ….”

දිනෙත් සිහිනව වැලඳගෙන එයාගේ හිතේ තිබුනු සතුට සිහිනත් එක්ක බෙදා ගත්තා…හැබැයි එවෙලේ සිහිනගේ හිතට දැනුනු වේදනාව අඩලා දිනෙත් එක්ක බෙදා ගන්න ඕනකමක් තිබුනත් සිහින ඒවෙලාවේ නිහඬ උනා…තමන් පණ වගේ ආදරේ කරපු කෙනා දැන් වෙන කෙනෙක්ගේ වෙන්න යන්නේ…කොහොමද ඒක දරා ගන්නේ….මේක ඇත්තටම යාලුකම ගැන පරීක්ශාවක් කියලා සිහින හිතුවේ……යාලුකම වෙනුවෙන් සිහින කරේ හරි දෙයක් කියලා එයාට හිතුනා….යාලුකම ගැන ප්‍රශ්නෙදි එයා දිනුම්…හැබැයි එයාගේ ආදරෙන් එයා පරාද උනා….හැමදේම කරේ යාලුවා වෙනුවෙන්…ඇත්තටම මෙහෙම යාලුවෝ අද හොයාගන්නත් අමාරුයි….සිහින දැනගෙන හිටියා එයාගේ යාලුවා එයාගේ ආදරේ හැමදාටම පරිස්සමෙන් බලාගනී කියලා……

වසර කීපයකට පසු…..

“මචන් සිහින….උබ එනවනේ එන්ගේච්මන්ට් එකට….අනිවා එන්න ඕන ඔන්න හොදේ…මන් බලන් ඉන්නවා….”
“හරි මචන් මන් එන්නන්….”
දිනෙත්ගේ ආරාධනාව පිලිගන්නවා ඇරෙන්න සිහිනට කරන්න කිසි දෙයක් නෑ….කොහොමද තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක්ගේ වෙනවා බලන්නේ….ඒ ඇස් වලට ඉනුව කඳුලුවලට වටිනාකමක් නෑ කියලා සිහින තේරුන් ගත්තා…..කතාවටත් කියන්නේ ආදරේ ලැබෙනවා කියලා දැනෙනවනන් එතන සදහටම නතර වෙන්න කියලා…..ඒත් ඒ හැමදේම වෙනස් උනේ එක තප්පරේකින්…ආදරේදි මිනිස්සු ආත්මාර්ථකාමී කියලා කිව්වට මේ කතාවෙද ඒ අදහස සම්පූර්ණයෙන්ම අයින් කරන්න වෙනවා…..

“මචන් සිහින…..තෑන්ක්ස් බන් මන් වෙනුවෙන් කරපු හැමදේටම….මන් උබව කවදාවත් අමතක කරන්නේ නෑ….උබ වගේ හොද මිනිස්සු අඩුයි බන්….උබට ගැලපෙන කෙනෙක් හම්බවෙයි…මාව විස්වාස කරපන්….”
“ඇති ඇති බන් වර්ණනා කරා….ලැජ්ජ කරන්න එපා මට….උබලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන…එච්චරයි…”
සිහින දිනෙත්ට හදවතින්ම සුභ පැතුම් එකතු කලා…. සිහිනගේ ආදර කතාව ඒ විදියට ඉවර උනේ ආරම්භයක්ද නැතුවමය…….

(ඇත්තටම හරි පුදුම කතාවක්…..සමහරවිට මේක ඇත්තම කතාවක්ද කියලා හිතා ගන්න බැරුවඇති….ඇත්ත…මේ කතාව මන් දැනගත්‍ත වෙලාවෙත් ගොඩක් පුදුම උනා…ඇත්තටම විස්වාස කරන්න අමාරුයි නෙවෙයි කොහෙත්ම බෑ….අදටත් මේ චරිතය ඒ පරණ මතකයන් එක්ක තාම විඳවනවා ඒ තනියම…..හිතා ගන්න අමාරුයි……යාලුකම නිසා තමන්ගේ ආදරේ පරිත්‍යාග කරපු අය ගැන මමනන් අහලා නෑ….එහෙම අය ඇති……ඇත්තටම මේක මහ පුදුමාකාර පරිත්‍යාගයක්…කතාවේ අයිතිකාරයා මගෙන් ඉල්ලුවේ…”ඔයා මගේ කතාව ලියන්න….හැබැයි මටනන් කියවන්න එවන්න එපා කියලා….”එයා ඇත්තටම වටින කෙනෙක්…එහෙම අය අඩුයි….අදටත් ඒ චරිතය අතීතය ගැන මතක් කර කර තාමත් විඳවනවා….. හැබැයි අදටත් එයාලා හොදම යාලුවෝ එදා තිබුණු යාලුකම තාමත් ඒ විදියටම පරිස්සමට එයාලා ලග තියනවා……..)

හීනයක් වගේ දැන් සෙනෙහස කඳුලු වෙලා…
නොහඬා හඬමී ඉවසාගනු බැරිම නිසා…..
මතකය රිඳවයි ආගිය තැන් කියලා………..
පපුවට බර ඇයි දුක එතරන් පරණ
වෙලා…..

✍ඉඳුසරා කරුණාරත්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Woman

රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර… 9 වන කොටස…

Published

on

8 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

💘ස්නේහ වර්ෂා…💘

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර…)

9 වන කොටස…..

දින සති ගෙවෙමින් කාලය ගත වූයේ අධ්‍යාපන කටයුතුවලටද වැඩි අවධානයක් යොමු කරමිනි….පාසලේ අධ්‍යාපන කටයුතු වලට අමතරව භාහිර පන්තිවලද අධ්‍යාපනයටද සියල්ලන්ම කාලය වැය කළහ…..

සාරන්‍යාගේ හිත නොසන්සුන්තාවයක පවතී….ඒ කිසිවෙක් නොමැතිව තනිවම ගමේ සිටින ඇයගේ මව පිළිබඳවයි….පියාත් නොමැතිව ඇය තමාව කොයිතරම් හොඳට බලා ගත්තේ ද….. උපන්දාසිට කෙදිනකවත් තම පියාව නොදුටු තමාට පියාගේ ආදරය ලබා දුන්නේ අම්මා ය.. ඇය හැකි උපරිමයෙන් තමාගේ ඉගෙනීම් කටයුතුවලට උදව් කළාය.. කඩයප්පම් විකුණමින් කෙසේ හෝ එදිනෙදා වියදමට මුදල් සොයා ගත්තාය….සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ විභාගය සඳහා ගමේ පාසලටම යෑමට තමා කැමැති බව කීවත් ඇය පැවසුවේ ඊට වඩා කොළඹ ලොකු ඉස්කෝලෙකට ගොස් තමාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිම කරගන්නා ලෙසටය.. ඒ සඳහා සියලු වියදම් තමා කෙසේ හෝ සොයා දෙන බවට ඇය පොරොන්දු වූ හැටි සාරන්‍යාට මතක් විය… කෙසේ හෝ තම මවගේ බලාපොරොත්තු ඉටු කරන බවට ඇය තරයේ සිතා ගත්තාය….

“මොනවද බං ඔය තරම් කල්පනා කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද…..”
සඳලිගේ හඬින් ඇය පියවි සිහියට පැමිණියාය……
“මුකුත් ප්‍රශ්නයක් නෑ බං…. මට අම්මා මතක් උනා… මෙහෙට ඇවිල්ලා මාව ඇරලලා ගියාට පස්සේ අම්මා ආවෙත් නෑ මට යන්න උනෙත් නෑ ….”
සාරන්‍යා දුක් මුසු ස්වරයෙන් පැවසුවාය…..
“අම්මට කොහොමත් මෙච්චර දුර එන්න බෑනේ…. අනිත් එක තමයි ස්කෝල පටන් අරන් ලොකු කාලෙකුත් නෑ …..”
“ඒක තමයි සඳලි … මට හිතෙනවා අම්මව ගිහින් බලලා එන්න…මේ දවස් වල ක්ලාස් දිගටම …. කිසිම නිවාඩුවක් නෑ…..”
“ඒක නං ඇත්ත බං.. ටර්ම් ටෙස්ට් එකත් ලඟයි නේ ..හැබැයි මේ මාසයේ අන්තිමට දවස් තුනක නිවාඩුවක් තිනවා මං හිතන්නේ… පෝයකුත් එක්කම තමයි නිවාඩුව වැටිල තියෙන්නෙ….. එහෙම වුනොත් අම්මව බලන්න යන්න පුළුවන්… මාත් එන්නං ඕන්නං ඔයත් එක්ක යන්න..”සඳලි සාරාන්‍යා දෙස බලමින් කීවාය..

“ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද මාත් එක්ක ඇවිත්…”
“නෑ සාරන්‍යා …මං එන්නම් කොහොමත් මං ගමේ යන්න හිටියේ… අම්මට කියන්නන් ඔයත් එක්ක ඔයාගේ ගමේ යනවා කියලා… ප්‍රශ්නයක් වෙන එකක් නෑ..”
ඇය කිව්වේ සාරාන්‍යාගේ අතකින් අල්ලා ගනිමිනි…
“අනේ තැන්ක්යූ සඳලි…. දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ…මං හරි බයෙන් හිටියේ…එහෙනන් අපි එහෙම කරමු…”
සාරන්‍යා කීවේ උතුරා යන සතුටකිනි …

සාරන්‍යාට සඳලිව මුණ ගැසුණේ අලුත්
පාසලේ දී ය… සාරන්‍යා නැවතී සිටියේ පාසලට සමීපයෙන් ඇති බෝඩිමකය… එහි තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු නතරවී සිටියහ…මාසිකව බෝඩිමට ගාස්තුවක් ගෙවිය යුතු අතර ආහාර පාන ආදී සියලු පසුකම් ඔවුන්ට ලැබුණි… එසේම ආරක්ෂිතව බවින් උපරිම විය… බෝඩිමේ අයිති කාරිය වූයේ මැදිවයසෙ කාන්තාවකි…ඇයද ඉතා කරුණාවන්ත චරිතයකි.. සඳලි නැවතී සිටියේද එම බෝඩිමේමය. එම නිසා ඔවුන් දෙදෙනා හොඳම යහළුවන් විය……

මේ වන විට පවන් හා සාරන්‍යා බොහෝ සේ ළඟින් ඇසුරු කළ අතර හොඳ මිතුරන් බවට පත් විය…. විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකදීම දෙදෙනා මුණ ගැසී කතා බහ කළහ…

“සාරන්‍යා කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…. අපි කතාබහ කරාට ඔයාගෙ විස්තර මොකුත් මම දන්නේ නෑ.. ගම වන්නියේ කියලා නං දන්නවා.ඒකත් එදා රැග් කරනකොට අරුන් කිව්ව නිසා තමයි ඉතින් දන්නෙ…..”
“වන්නියේ… කවුද කිව්වේ…”
සාරන්‍යා පවන් දෙසට හැරෙමින් ඇසුවාය….
“සඳරැස් කිව්වේ ඇයි නැද්ද…”
“පිස්සුද අනේ….මගේ ගම බිබිලේ ..ඔයාට සඳරැස් බොරු කියලා…”ඇය සිනාසෙමින් කීවාය…
“ඕ රියලී….මුන් ටික මාව අන්දලා එහෙනම්…. සොරි සාරන්‍යා …”
“ඒකට කමක් නෑ මම බිබිලේ… අද දැනගන්නකො හරියට…ලස්සන ගමක අහිංසක කෙල්ලෙක් මං …..”
ඇය හුරතල් ලෙස පැවසුවාය…
“ලස්සනයි කියන එක නං ඇත්ත ….ඒත් අහිංසකයි කියන එක නම් පිළිගන්න අමාරුයි…..”පවන් කීවේ වෙනතක් දෙස බලන ගමන්ය…
“ඇයි මං අහිංසක නැද්ද ?….”
“අනේ මන්දා ඉතින් ඕවා….ඉතින් තව විස්තර ටිකක් කියන්නකො….”
“නෑ ඊට කලින් කියන්නකෝ මං අහිංසක නැද්ද කියලා ….”
“හරි හරි සොරි… අහිංසකයි තමයි..අහිංසක රටක් වටී …”
පවන් කීවේ ඇයගේ නහයටද අතින් තට්ටුවක් දමමිනි….
“දැන් කියන්නකෝ ඉතින් පවුලේ විස්තර…”
“හ්ම්ම්…මම පුංචි ගමක දුප්පත් කෙල්ලෙක් …මට ඉන්නේ අම්මා විතරයි….අම්මා තමයි මගේ මුළු ලෝකෙම.. අපි ඉන්නේ පුංචි ගෙදරක….අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕන නිසා තමයි මම කොළඹ ලොකු ඉස්කෝලෙකට ආවේ….ඒක මගේ කැමැත්තකින් කරපු දෙයක් නෙමෙයි…හැමදේම අම්මා වෙනුවෙන්…”ඇය හිස් අවකාශය දෙසට නෙත් යොමු කරමින් කීවාය…
“එතකොට තාත්තා.. එයා මොකද කරන්නේ…..”
“මං ඒ ගැන කතා කරන්න කැමති නෑ පවන්… ඇත්තම කිව්වොත් ඒ ගැන කතා කරන්න කැමති නෑ නෙවෙයි ඒ ගැන කතා කරන්න දන්නෙ නැහැ….”සාරන්‍යා කීවේ වේදනාත්මක ස්වරයෙනි…
“ඒ මොකද ඒ… තාත්තා ගැන මොකුත්ම දන්නේ නැද්ද…..අඩුම තරමේ නමවත්….”
“නමනන් උප්පැන්න සහතිකේ තියෙනවා…. හැබැයි කවදාවත් දැකලා නෑ… අම්මගෙන් ඇහුව ට අම්මා මොකුත් කියන්නෙත් නෑ…. අම්ම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ… ඉතින් මං අහන්නෙත් නෑ …”
ඇය එක් අතකින් කඳුළු පිසදමන ගමන් කීවාය…

“අනේ මට සමාවෙන්න සාරන්‍යා … මං ඒක එච්චර හිතුවේ නෑ… වැරදි දෙයක් ඇහුවනන් ඇත්තටම සමාවෙන්න මට….”
පවන් ඇය දෙස බලමින් කීවේය…. ඇගේ නෙතින් ගලා යන කඳුළු සීරුවට ඔහුගේ අතින් පිස දැමුවේය….සාරන්‍යාටද එහි කිසිදු අමුත්තක් නොවීය….. ඇයද ඔහුට ඉඩදී අහිංසක ලෙස බලා සිටියාය….
“ඒකට කමක් නෑ පවන්…ඔයා මන් ගැන මුකුත් දන්නේ නෑනේ….”ඇය කීවේ මඳ සිනහවක් මුවේ රඳවාගෙනය…

පවන්ගේ ජිවිත කතාව ද ඇයගේ කතාව මෙන්ම දුක්බර කතාවක් බව ඇය දැන නොසිටියේය…
“ඉතින් කියන්නකො ඔයා ගැනත් විස්තර ටිකක් …..”
“මං කියන්නම් …ඔයාට හිතෙයි මගේ කතාව ඔයාගේ කතාවට වඩා ගොඩක් වෙනස් එකක් කියලා…මං කාත් එක්කවත් මේවා කියන්න ගිහිල්ලා නැහැ ..යාළුවෝ කීප දෙනෙක් ඇරුණම වෙන කවුරුවත් දන්නෑ …ඒ එයාලා අපේ ගෙදර එන නිසා….”
“හ්ම්ම්…මට තේරුම් ගන්න පුළුවන් ….ඔයා කැමතිනම් ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්නම් විතරක් මට කියන්න ….”
“අනිවාර්යෙන් මං ඔයාට කියන්නම් …මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ රට… අම්මව දැකලා තියෙන්නේ ෆොටෝ වලින් විතරයි….තාත්තා නම් මතක ඇති කාලෙක තුන්පාරක් විතර ලංකාවට ඇවිත් ගියා… අම්මව දකින්න ආසයි… මොනවා කරන්නද …තාත්තා කියන විදියට අම්මා අසනීපෙන් ඉන්නේ ..ඒකයි ලංකාවට එන්නේ නැත්තේ ….මට සහෝදර සහෝදරියෝ කවුරුවත් නෑ…. පුංචි කාලේ ඉඳන් මාව බලාගන්න මැගී අම්මා…මට ලංකාවෙන් ඉන්නේ ඉතින් එයා විතරයි….ඔන්න ඕක තමයි මගේ ජීවිත කතාව…පවන් කීවේ දුක් මුසු සිනහවකින් මුව සරසාගෙනය…

පවන්ගේ කතාව ඇසූ පසු සාරන්‍යාට දැඩි දුකක් සිතට දැනුණි …ඇයට අත් වී ඇති ඉරණමටම පවන්ට ද මුහුණ දීමට සිදු වී ඇත ….නමුත් ඇයට අම්මා සිටි අතර දුක සතුට මෙන්ම සෑම කරදරයකදීම ඇයගේ මව ඇය අසලම සිටියාය …නමුත්
පවන් කවදාවත් ඇයගේ මව දැක තිබුණේ නැත…

කෙතරම් යාන වාහන සැප පහසුකම් මාලිගා මෙන් ගෙවල් තිබුණද ඔහුට කිසිදු මානසික සහනයක් ලැබුණේ නැත…දෙමව්පිය ආදරය ද ඔහුට අහිමි වී තිබේ….ඒ හැම පාළුවක් ම නැති කරගැනීමට ඔහු කළේ ගීත ගායනා කිරීමයි …..එය ඔහුගේ ජීවිතයයි…..සංගීතය යනු බොහෝ රිදුනු මිනිසුන්ගේ සිත් සුවපත් කළ ඖෂධයක් බවට නම් සත්‍යයකි….

ඔන්න අද එපියත් ටිකක් වැඩිපුර දුන්නා ඔයාලට…ඊළග එපියෙන් බලමුකෝ සාරන්‍යා මොනවද පවන්ට කිව්වේ කියලා ….මන්නන් හිතන්නේ දෙන්නා සෙට් වෙයි…අනේ මන්දා බලමුකෝ ..හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන අනිද්දා කතාව අරන් එනකන්…..ආදරෙයි හැමෝටම…

ඊළඟ වර්ෂාවෙන් හමුවෙමූ…

ඉඳුසරා කරුණාරත්න✍️

Continue Reading

Woman

රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර … 8 වන කොටස..

Published

on

7 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

❤️ස්නේහ වර්ෂා …..❤️

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර …)

ඔන්න ළමයි අද එපියත් ටිකක් විතර වෙනස්…..හැමෝම ඉතින් ගොඩක් ආස ඉස්කෝලේ කාලෙට නේ….බලමුකෝ ඉතින් නේද පවන්ගේ හිතෙ සාරන්‍යා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා …හැමදාම කියනවා වගේ වැස්සේ තෙමිලා අසනීප නම් වෙන්න එපා ළමයි ……..

8 වන කොටස…..

පවන් පාන්දරින්ම නැගිට කඩිනමින් සූදානම් වූයේ වේලාසනින්ම පාසල වෙත යාමටයි…මැගී අම්මා විසින් සාදා දුන් තේ කෝප්පයද පානය කර විවේක කාලය සඳහා සකස් කර දුන් දහවල් ආහාරයද රැගෙන පාපැදියෙන් පාසල බලා පිටත් විය…ඔහු පාසලේ ශිෂ්‍ය නායක මඩුල්ලේ සාමාජිකයෙක් වීම නිසා පුරුද්දක් වශයෙන් කල් ඇතුවම ඔහු පාසලට ගියේය….ඒ යන විට පාසලේ ප්‍රධාන ගේට්ටුව අසළදී ඔහු දුටු දර්ශනයෙන් තරමක් පුදුමයට පත් විය…
“හායි ගුඩ් මෝර්නින් පවන්….”
“ගුඩ් මෝර්නින් සාරන්‍යා…”
ඔවුන් දෙදෙනා එකිනෙකාට සුභ පැතුම් එක් කර ගත්හ….
“ඔයා මොකද උදේ පාන්දරම කරන්නේ …ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් ඔයාද?…..”
“අම්මෝ නෑ නෑ…මන් ඉතින් කොහොමත් වේලාසනින් එනවා…මියුසික් රූම් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් අස්පස් කරලා දාලා ටයිම් තිබ්බොත් සිංදුවක් ප්‍රැක්ටිස් කරනවා…එහෙම නැත්තන් ඉතින් මීඩියා යුනිට් එකේ වැඩ ටික බලනවා…ඕවා තමයි …”
පවන් කීවේ ඔහු පැළඳ සිටි ඔරලෝසුව දෙස බලන ගමන්ය….
“ඒක නෙවෙයි ඔයා මොකද්ද උදේ පාන්දර කරන්නේ …ගෙවල් ලගද තියෙන්නේ …”
“ඔව් ඔය ඉස්සරහට තියන පාරේ ගියාම චුට්ට දුරයි….මටත් හිතුණා අද උදේම එන්න ඕන කියලා ..ඒ නිසා ලෑස්ති උනා ආවා…යාළුවා තාම කොණ්ඩේ ගොතනවා…අදට විතරක් එයාව දාලා ආවා….”
ඇය සිනාසෙමින් කීවාය…
“මරු යාලුවෝ….එහෙමත් කරනවද?…”
“අපෝ…..ජීවිතේට වෙලාවට වැඩක් කරන්න දන්නේ නැති මනුස්සයෙක් තමයි මගේ යාලුවා…හැමදාම කරේ මිනිස්සු රස්තියාදු කරවපු එක…ඒ නිසා පනිශ්මන්ට් එකක් තියෙන්නත් එපැයි….ඔන්න ඔහේ ආපු දෙන්….”සාරන්‍යා කීවේ ඇඟට පතට නොදැනෙන ලෙසය….
“හරි හරි…ඕවා ඉතින් ගෑණු ලමයින්ගේ ප්‍රශ්නනේ…කොල්ලෝ අපිට අදාළම නෑ…”
පවන් කී දෙයට සාරන්‍යාද සිනාසුණේය….
“මේ ඒක නෙවෙයි …ඔයා කිව්වා නේද මීඩියා යුනිට් එකක් මේ ස්කූල් එකේ තියනවා කියලා ….”
සාරන්‍යා අලුත් පැනයක් පවන් වෙත යොමු කළාය …
“ඔව් තියෙනවා… අපි තමයි ඒක කරන්නේ ..”
“මේ මාත් ආසයි ඒකට ජොයින් වෙන්න ..මාව ගනීද?…..”
“ඔව් අනිවාර්යෙන්ම …මම මීඩියා යුනිට් එක භාර මිස් එක්ක කථා කරලා බලන්නන්….ඔයාට එනවුන්සින් එහෙම පුලුවන්ද……”
“ඔව් පුළුවන් ….තව මට හොඳට ලියන්නත් පුළුවන් …”
“වාව් නියමයිනේ…අපි කතා කරලා බලමූ…එකතුවෙලා හොඳ වැඩක් කරන්න පුලුවන් …”
පවන් කීවේ සාරන්‍යා දෙස බලමින් සිනාසෙමිනි…..
“අනිවාර්යයෙන්…මන්නන් ආසයි ගොඩක්…”සාරන්‍යා කීවේ උතුරා යන ප්‍රීතියෙනි…
“ඒ පවන්…මොකද්ද බන් ඔතන වෙන්නේ…”
සඳරැස්ගේ කෑගැහිල්ලට දෙදෙනාම පිටුපස හැරී ඇතුළුවීමේ දොරටුව ලෙස බැලූහ…සඳරැස් ඔවුන් වෙතට දුවගෙන ආවේය….
“අඩෝ මචන් පවන්…ගුඩ් මෝර්නින්…මොකෝ මේ අද වේලාසනින්…මන් ගෙදරටත් ගියා..මැගී අම්මා කිව්වා උබ ඉස්කෝලෙට ආවා කියලා …”සඳරැස් කීවේ පවන්ගේ කර වටේ අත යවමිනි….
“ඔව් බන්…අද ටිකක් කලින් එන්න හිතුණා…මියුසික් රූම් එක පැත්තේ යන්න හිතාගෙන ආවේ…එනකොට සාරන්‍යව දැක්කා එයත් එක්ක ටිකක් කතා කර කර හිටියා ….”පවන් කීවේ සාරන්‍යා දෙසට නෙත් යොමු කරමිනි….
“අප්පටසිරි …කොල්ලා සිංදු රසවිඳින එක කෙසේ වෙතත් උබ ලස්සන මෙලඩියක් දාන්න වගේ ට්‍රයි කරන්නේ …නයිස් ට්‍රයි මචන්….අපෙනුත් ෆුල් සප් එක….”සඳරැස් සාරන්‍යාට නොඇසෙන පරිදි රහසින් කීවේය …
“හෙලෝ ගයිස්…කට්ටිය මොකද මෙතන කරන්නේ …”විහඟද ඔවුන් සිටි තැනට පැමිණියේය….
“පොඩි කයියක් දාගෙන හිටියා බන්…”
සඳරැස් පිළිතුරු දුන්නේය ….
“එහෙනම් මං ඇතුලට යන්නම් පවන්..ඔයාලා හිමින් සැරේ එන්නකෝ….”
“හරි සාරන්‍යා …අපි එන්නන් ඔයා යන්න…”
සාරන්‍යා ඇයගේ මිතුරියත් සමඟ පන්තිය ඇතුළට ගියාය….
“සිරාවට මොකක්ද මචං මෙතන උනේ …..”
විහඟ අලුත් පැනයක් ඉදිරිපත් කළේය …
“ඒ මොකුත් නෑ බං ….නිකන් කතා කරකර හිටියා ….ඒව වැඩක් නෑ අපි දැන් යමුකෝ …”යැයි කියමින් පවන් පිරිසට එකතු විය…..

උසස් පෙළ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ මුල්ම දිනය එදින විය ….මුල් කාල පරිච්ඡේද හතරෙන් පසුව විවේක කාලය ආරම්භ විය…උදෑසන හමු වූවාට පසුව පවන්ට සාරන්‍යා සමග කතාබහ කිරීමට අවස්ථාවක් උදා නොවීය…විවේක කාලයේ අවසාන වීමත් සමග සිසුන් සියල්ලෝම පන්ති කාමරය තුළට රැස්වූහ …
“ඒ පවන් කියන්නකො ලස්සන සිංදුවක්.. මේ පීරියඩ් එක ෆ්‍රී….. අද පොල්ටිකල් මිස් ඇවිත් නෑ….”සඳරැස් පවන් ගෙන් ඉල්ලීමක් කළේය…
“අන්න මරු අයිඩියා එක අපි දෙන්නන් මියුසික් එක….”
“දැන් සින්දු කියන්න මූඩ් එකක් නෑ බං….”
පවන් ඔවුන්ගේ ඉල්ලීමට අකමැත්ත පළ කළේය …
“අඩෝ මොකක්ද බං…සිංදුවක් කියපන්කො…”
“ඒකනෙ බන් සින්දුවක් කියපන්කෝ….”
ඔවුන් අසළ සිටි සිසුන්ද පවන්ට ඇවටිලි කළහ….
“හරි එහෙනම් කියන්නම්කො ……”
“අන්න නියමයි …ඔව් පිළිගන්න වේදිකාවට යුගයේ කඩවසම්ම පෞරුෂය පවන් සත්සර සේනානායක .. “
පන්තියේ සිසුන් සියල්ලෝම අත්පුඩි සංනාදයක් පැවැත් වූහ….

සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා……..
වෙරළේ රළ මැන්නා……
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී….

කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු …. කඳුළෙන් කටු මත විෂ තිබුණා ….
බිඳුණොත් බඳුනක පිළියම් කරනට…
බැරි කැලලක් මතුවී පෙනෙනා… සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා… වෙරළේ රළ මැන්නා….//

පවකින් පෙර අත් භවයක සිදුවූ …
සිතකින් සිතකට දුක පිරුණා…
මගේ අත දිගු කළ හැකි හැම තැනදී… ඔබ අත මා දුරකින් තිබුනා…
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා….
වෙරළේ රළ මැන්නා…
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී……//

අසංක ප්‍රියමන්ත මහතා විසින් ගායනා කරන ලද ගීතයක් පවන් ඔහුගේ හඬින් සියල්ලෝම ඉදිරියේ ගායනා කළේය …සැබැවින්ම පවන්ගේ කටහඬ ඉතාම මියුරුය… අසන්නන්ගේ සවනට මී පැණි වක් කරන්නාක් මෙන් ඒ හඬ ඉතා කන්කලුය…ගීතය ගායනා කර අවසාන වන තෙක්ම ඔහුගේ ඇස් රැඳුනේ සාරන්‍යා අසළයි…සිසුන් සියල්ලෝම මීයට පිම්බාක් වැනිය….ඔහුගේ හඬට වශී නොවන්නෙකු නැති තරම්ය….සියල්ලෝම වික්ෂිප්තව බලා සිටියි….පවන්ගේ නෙත් තවමත් සාරන්‍යා අසළය…

“මේ කෙල්ල…කොල්ලා සිංදුවනන් කිව්වේ ඔබට තමයි හොඳේ…බලපන් තවමත් බලාගෙන ඉන්නවා මේ පැත්ත….”
සඳලි සාරන්‍යා දෙසට හැරෙමින් පැවසුවාය .
“පිස්සු කියවන්න එපා සඳලි…එයා මොකටද මන් වෙනුවෙන් සිංදු කියන්නේ ..අනික එහෙම කරන්න තරන් සම්බන්දයක් අපි අතරේ නෑනේ….”සාරන්‍යා කීවේ පවන් දෙසට නෙත් යොමු කරන ගමන්ය…
“හරි ඉතින් එහෙම සම්බන්ධයක් පස්සේ හරි ඇති වෙන්න පුළුවන් නේ ….”
“මොන වගේ දෙයක් ගැනද සඳලි උඹ කියන්නේ ….”
“හරි හරි අපි බලමුකෝ….”
“අනේ බලන්නකෝ ඒ කොල්ලගෙ ලස්සන ..හරියට හින්දි ෆිල්ම් වල ඉන්න නළුවෙක් වගේ …හැබැයි සාරන්‍යා ඌව ගැලපෙන්න උඹට නම් තමයි ඔන්න…ආයේ කතා දෙකක් නෑ….”
අමන්දිද සඳලිගේ කතාව තහවුරු කළාය…
“විකාර කියවන්න එපා බං ….අපි මේ ඉස්කෝලෙට ආවෙත් අළුතින්…ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න මම කැමති නැ……”සාරන්‍යා මිතුරියන්ට ඇයගේ විරෝධය පළ කළාය….
“මොනා උනත් සාරා උඹට බය වෙන්නන් දෙයක් නෑ….උබේ තනියට පවන් ඉන්නවා …කෙල්ලට මොනවා හරි උනොත් කොල්ලා එකෙන්ම ගේමට බහිනවා …”අමන්දි සිනාසෙමින් කීවාය…
“උඹලටනන් හොඳටම පිස්සු ….”සාරන්‍යා සිනාව මැඩ ගනිමින් කීවාය…
“බලාගන්න පුළුවන් ඉස්සරහට කාටද පිස්සු කියලා .. නැද්ද? සඳලි …”
“එහෙනන් ඒකත් ජය සිරි මංගලම් කිව්වා..”
“කෑගහන්න එපා බන් කාටහරි ඇහුණොත් වැරදියට හිතයි …..මං යනවා බං ලයිබ්‍රි එකට….”යැයි කියමින් සාරන්‍යා හිඳගෙන සිටි පුටුවෙන් නැගිට පන්තියෙන් පිටත් වූවාය..යෙහෙළියන්ද ඇගේ පිටුපසින්ම පුස්තකාලය වෙතට ගියහ…

අද එපිය ටිකක් වැඩිපුර දුන්නා ඔයාලට…කියවලා බලන්නකෝ කොහොමද දැනෙන්නේ කියලා …ආයෙත් අපි හම්බවෙන්නේ අනිද්දට ..එහෙනන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන..ආදරෙයි ඔක්කොටම….

ඊළග වර්ෂාවෙන් හමුවෙමූ….

ඉඳුසරා කරුණාරත්න✍️

Continue Reading

Woman

රිඳුම් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර…. 7 වන කොටස..

Published

on

6 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

❤️ස්නේහ වර්ෂා….❤️

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර…..)

ඔන්න අද එපියත් කියවලා බලන්නකෝ ළමයි කොහොමද දැනෙන්නේ කියලා ඔයාලට….ඔයාලත් ඉතින් ඉස්කෝලේ යන කාලේ ආදරේ කරලා ඇතිනේ නේද…..සමහරවිට මේ ඔයාලගේ ආදර කතාව වෙන්නත් පුලුවන් …කලින් එපිය මතකයිනේ ඔයාලට.. …

7 වන කොටස……

“අම්මටසිරි…මොකද්ද බන් ඒ උනේ…මොනවා උනත් මන් කරපු වැඩේ හින්දා කොල්ලට හොඳකුත් උනා එහෙනන් …”සඳරැස් සිනාසෙමින් පැවසුවේය…..
“එපා බන් ඔහොම දේවල් කරන්න….උබලා නිකන් මිනිස්සුන්ගෙන් පලිගන්නවා වගේනේ…ඔහොමද බන් ඉස්කෝලෙට අළුතින් ආපු ළමයින්ට සළකන්නේ…පිස්සු වැඩ කරන්න එපා බන්…කෙල්ලෝ අපි වගේ නෙවෙයිනේ….”
පවන් කේන්තියෙන් සඳරැස්ට කෑගැසුවේය….
“අඩේ හරි බන්…විහිලුවක් කරේ ඉතින් …ඒකෙන් අපිට උනේ නරකක් උනාට උබට හොඳක් උනානේ…නැද්ද විහඟ….”
සඳරැස් විහඟ දෙස බලමින් කීවේය…
“ඔව් ඔව් හොඳක්නන් උනා තමයි ..අනේ පලයන් බන් යන්න…”
“මොනවා උනත් කෙල්ල මාර ලස්සනයි බන්..බලපන්කෝ කොණ්ඩේ ..කර්ලි කොණ්ඩයක් තියන කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් පින් කරන්න ඕනලු බන් සෑහෙන්න…බලපන්කෝ සෙක්සි ලුක් එක…කොල්ලෝ ට්‍රයි එකක් දීපන් හොදේ…උබටම තමා සෙට් වෙන්නේ ඒකිව…”
“මොනාද මනුස්සයෝ කියවන්නේ…ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන් වැඩක් කරගෙන…අනේ මන්දා උබලනන්….”
“ඒ ඔහොම ඉදපන් බන් අපිත් එනකන්…”
පවන් එතැනින් ඉවත්ව යනවිට ඔවුන් දෙදෙනාද පවන් පසුපස යන්නට වූයේ පවන් කෝපයෙන් සිටින බව දන්නා නිසාවෙනි….

පවන් නිවසට ළගාවන විට සවස දෙක හමාරට ආසන්න විය…ඔහු නිවසට ගොස් තමා රැගෙන ගිය පොත් බෑගයද පසෙකින් තබා ඇඟපත සෝදාගෙන දහවල් අහාරය ගත්තේ කඩිනමින් ඔහුගේ රාජකාරිය අවසන් කර මිතුරන්ට වුනු පොරොන්දුවද ඉටු කිරීමට අවශ්‍ය නිසාය….පවන් ඔහුගේ ජීවිතයේ වැඩිපුරම කැමති ස්ථානය වූයේ ඔහුගේ සංගීත කාමරයයි…එම කාමරය තුළ විවිධ වර්ගයේ ගිටාර් වර්ග කිහිපයක් හා පියානෝවක් තිබුණි….ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ ගිටාර් වාදනය කිරීමටයි……ගීත නිර්මාණය , භාණ්ඩ වාදනය හා ගීත ගායනය සඳහාද ඔහු සැබෑ දක්ෂයෙකි…ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ කෙදිනක හරි ලංකාවේ නම ගිය ගායකයෙක් වීමයි…ඒ සඳහා ඔහු නිතරම කාලය වෙන් කලේ ඉගෙනීමේ කටයුතුවලටද අවධානය යොමු කරන ගමන්මය…..ඔහු තමන් කැමතිම ගිටාරය රැගෙන වත්ත පහළ වූ අඹ ගස යටට ගියේ සංගීතය රසවිඳීමට නිදහස් වටපිටාවක් සන්සුන් පරිසරයක් අවශ්‍ය බව දන්නා නිසාවෙනි…

ඔහු ගිටාරයේ තත් පිරිමදිමින් ඔහුගේ තාලයට මිහිරි සංගීතයක් ගොඩ නැගුවේය…නමුත් ඔහුට සැරෙන් සැරේ මතකයට නැගෙන්නේ පාසලේදී සිදුවූ සිදුවීම් පෙළයි..සාරන්‍යාගේ හමුවීම ඔහුගේ සිත මඳක් නොසන්සුන්තාවයකට පත් කළේය…ඇත්තටම ඔහුට කුමක් සිදුවෙලාද….පවන් ප්‍රශ්නය තුළ දැවෙමින් සිටියේය….අවසානයේ ඔහු තීරණය කලේ සාරන්‍යාගෙන් ඈත් වී සිටින බවටය…

“පුංචි මහත්තයා මක්කැයි ඔය හැටි කල්පනා කොරන්නේ…”දිගු වෙලාවක් කල්පනාවේ සිටි පවන්ව දැක ඇය ඔහු සමීපයට ආවාය….
“මුකුත් නෑ මැගී අම්මේ…”
“මුකුත් නැතිවෙන්න බෑ…මන් දොර ළග ඉදන් පැය කාලක් තිස්සේ බලන් ඉන්නේ…සිංදු කියනවට වඩා කල්පනා කරන එකනේ කොරන්නේ….”
“එහෙම මුකුත් නෑ මැගී අම්මේ..අනේ මන්දා ඔයත්….”
පවන් මැගීව අතින් ඇද ඔහු ළග තිබුණු පුටුවෙන් වාඩි කරවා ගත්තේය….
“ඔය ඔය තියන දාංගලේ…තව ඩිංගෙන් මන් බිමට වැටෙනවා….”
“හරි හරි මැගී අම්මේ..මන් ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද…හැබැයි ඔන්න මන් ගැන වැරදියට හිතන්න බෑ …..”
පවන් කීවේ මැගීගේ අතක් අල්ලාගනිමිනි..ඒ ඔහුට සිටින එකම යෙහෙලියයි…ඔහුට තමාගේ මව මෙන් දැනෙන්නේ ඇයවයි….ඒ තරමටම ඇය පවන්ට මවක් සේ ලැදිය…කෙදිනකවත් දැක නැති ඔහුගේ මව නැති අඩුව පිරවූයේ මැගී අම්මාය….ඔහු පවන්ව රැකබලා ගත්තේ ඇයගේම දරුවෙකු ලෙස සිතාගෙනය….
“මැගී අම්මා කවදහරි ආදරේ කරලා තියනවද?….”
“අපේ අප්පේ පුංචි මහත්තයෝ…මේ නාකි මගෙන් අහන ප්‍රශ්න…”
මැගී පැවසුවේ කම්මුලට අතක් තබා ගනිමිනි….
“එහෙම කියන්න එපා මැගී අම්මේ…බලන්නකෝ ඔය ඉන්නේ තාම අවුරුදු විස්සේ ගෑණු ලමයෙක් වගේ හැඩට…..කවුද කියන්නේ ඔයා නාකියි කියලා…..”
පවන් කීවේ ඇය අසළ ඇන තියා ඉඳගනිමිනි….
“මන් බැඳලා නෑනේ පුංචි මහත්තයෝ…”
“ඒක මන් දන්නවා මැගී අම්මේ….ඒත් ඇයි ඒ…”
“ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් පුංචි මහත්තයෝ..අපි හිතන පතන දේවල් ඒ විදියටම වෙනවනන් මේ ලෝකේ මීට වඩා කොයිතරන්නන් ලස්සනද?….”ඇය හූල්ලමින් පැවසුවාය….
“ඔයා කාටවත්ම ආදරේ කරලා නැද්ද එතකොට….”
“නැත්තෙමත් නෑ….”
“ආව් ආව් කවුද බොලේ ඒ…..”පවන් කීවේ මුහුණේ සිනහවක් රඳවාගෙනය….
“හිත ගියපු එක්කෙනෙක් හිටියා….එයාව ලැබෙන්නේ නෑ කියලා දැනගත්තට පස්සේ මන් හැමදේම අතෑරලා දැම්මා…”
මැගී පැවසුවේ ඈත අහස දෙසට නෙත් යොමු කරමිනි….
“ඇයි ඒ එයාව ලැබුනේ නෑ කියලා කිව්වේ…”
“ඒක ගොඩක් දිග කතාවක් පුංචි මහත්තයෝ…මන් නිවී සැනසිල්ලේ කියන්නන්කෝ….”
මැගී අම්මා පවන්ගේ හිස අතගාමින් කීවාය….
“හරි එහෙනන් මැගී අම්මා මට කතාව කියන්න ඕන හරිද?….”
“හරි හරි පුංචි මහත්තයෝ…දැන් කර කර හිටපු වැඩේ ඉවර කරන්නකෝ….”
“මට පොඩි ගමනක් යන්න තියනවා මැගී අම්මේ…..”
පවන් කීවේ ගල් මේසය උඩ තිබුණු ගිටාරය අතට ගනිමිනි…
“මේ ගොම්මන් වේ ගෙන වෙලාවේ කොහේ යන්නද….දැන් 5ටත් කිට්ටුයි….”
“හරි හරි මැගී අම්මේ…මන් ටින් ගාලා ගිහින් එන්නන්….”
පවන් කීවේ මැගී අම්මාගේ කම්මුලක් අතින් මිරිකමිනි……
“රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕන හොදේ….ලොකු මහත්තයා අහන ප්‍රශ්න වලට අන්තිමට උත්තර බඳින්න වෙන්නේ මට ඕං….”
“හරි හරි වැඩි වෙලා යන්නේ නෑ…පැය භාගෙන් කොල්ලා ගෙදර ….”
යැයි කියමින් පවන් ඔහුගේ පාපැදියද රැගෙන නිවසින් පිට වූයේ යාලුවන් ඔහු එනතුරු බලා සිටින බව දන්නා නිසාය..ඇත්තෙන්ම ඒ ඔහුගේ විදියයි….පොරොන්දුවක් වුවහොත් ජීවිතේ පරදුවට තියා හෝ එය ඉටු කරයි…සැබවින්ම මෙවැනි චරිත අද සමාජයේ දැකගැනීමට ඇත්තේ අතළොස්සකි…..

පවන් ක්‍රීඩා පිටියට යන විට හවස් වී තිබුණි….මිතුරන් සමඟ කතා බහේ යෙදී සිටීමෙන් අනතුරුව ඔහු නැවතත් තම නිවස බලා පැමිණියේ මැගී අම්මාගේ උපදෙස් අනුවය…..රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව පවන් උඩු මහලට ගියේ ඔහුගේ ප්‍රියතම ගිටාරයද අතැතිවය….උඩු මහලට සඳ කිරණ වැටී තැනින් තැන ආලෝකමත් වී තිබුණි….ඔහු ගිටාරයක් රැගෙන අත්වැට ලගට පැමිණියේ ඔහුගේ සිත මේ වන විට පඹ ගාලක පටලැවී ඇති බව දැණුනු නිසාය…සැබවින්ම තමාට කුමක් සිදුවී ඇතිද..යාලුවන් පැවසූ පරිදි සාරන්‍යා පිළිබඳව තමාගේ හිතේ හැඟීමක් ඇති වෙලාද….එසේනන් තමා කුමක් කරන්නද…මැගී අම්මට සිදුවූ දෙයම තමාටත් වේවිද….ඔහු නොයෙකුත් ප්‍රශ්න වල තෙරපෙන්නට විය…දිගු වෙලාවක් කල්පනාවේ ගැලී සිටි ඔහු චන්ද්‍රයා නොපෙනී යෑමත් සමඟම එතැනින් පිට වූයේ හෙට දිනය ගැන කිසිවක් සිතාගත නොහැකිවය……

සොරි ළමයි ඊයේ දෙන්න බැරි උනා කතාව ….ආයෙත් කතාව දෙන්නේ අනිද්දා ..ඒ නිසා ඉවසීමෙන් ඉන්න හැමෝම..බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා …..පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක්…..

ඊළඟ වර්ෂාවෙන් හමුවෙමු….

✍️ඉඳුසරා කරුණාරත්න

Continue Reading

Trending