Connect with us

Local

පොහොට්ටුවේ ජාතික ලයිස්තුව එජාපයට.. රනිල්ට කැමති අය පත් කරන්න දෙයි..

Published

on

රටට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් ලබා දීම පිළිබඳ කිසිදු ගැටළුවක් නැතැයි එම පක්ෂය ප්‍රකාශකයෙක් උපුටමින් මව්බිම පුවත්පත සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා පරිණත දේශපාලනඥයෙක් නිසා රටේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඊට සහාය දෙන බව ද මේ අවස්ථාවේදී රට ශක්තිමත් කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකඟ විය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

පක්‍ෂයේ අඩුපාඩු ඇත්නම් ඒවා සකස් කරගෙන ඉදිරි මැතිවරණයට මුහුණ දීමට සූදානම් බව ද සඳහන් කර ඇති එම ප්‍රකාශකයා පක්ෂයට මේ මොහොතේ අවශ්‍ය පක්ෂය දියුණු කරගැනීමට වඩා රටේ අර්බුද විසඳීම වෙනුවෙන් ප්‍රමුඛත්වය දීම බවද සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී තම පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි. ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා නව අග‍්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙලට සහාය දෙන බව ද ඔහු සඳහන් කළේය.

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending