Connect with us

Local

පොහොර ආනයනය තහනම ඉවරයි..? බැසිල්ගෙන් නිවේදනයක්..?

Published

on

මෙරටට රසායනික පොහොර ගෙන්වීමට පනවා තිබූ තහනම ඉවත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සියලුම බැංකු වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන්ව ඇති බවයි.

අගෝස්තු මස පළමු වැනිදා සිට පොහොර ආනයනය තහනම් ඉවත් කර ඇති බවත් බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායන පොහොර ගැනීමට හැකි බවත් එම නිවේදනය සඳහන්ව ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රයක් අන්තර්ජාලයේ නොමැති බවද ඔහු කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ඇමති ලොහාන් බීමතින් ආවා.. වෙඩි තියන්න හැදුවත් පත්තු වුනේ නෑ.. සිරකරුවෝ කියති..

Published

on

By

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී සිදු කර ඇතැයි කියන කලබැගෑනිය සත්‍ය එකක් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තියා සිටිති.

අදාළ සිදුවීම ගැන සොයා බැලීම සඳහා එම බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන, රෝහන බණ්ඩාර යන මන්ත‍්‍රීවරන් කියා සිටියේ බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි ඇති අමාත්‍යවරයා පිස්තෝලය සිරකරුවන්ගේ හිසට තබා තර්ජනය කර ඇති බවයි.

උණ්ඩ ලෝඩ් කරන ලද පිස්තෝලය ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූ බවත් බන්ධනාගාර නිලධාරින් විසින් තමන් බේරා ගත් සිරකරුවන් පැවසූ බවද ඔවුන් කියා සිටියහ.

Continue Reading

Local

කොරෝනා පරදමින් සුපිරි ප‍්‍රතිදේහයක් මිනිසුන් තුල වේගයෙන් වැඩේ…

Published

on

By

කොරෝනා වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

මේ වන විට පැතිරෙන සියලුම කොරෝනා ප්‍රභේදයන්ට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි ම මේ ආකාරයේ වයිරස් මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද ඔවුන් සොයාගෙන තිබේ.

මෙයට වසර විස්සකට පමණ පෙර සොයා ගත් ‘සාස්’ රෝගය ඇති කරන මුල් කොරෝනා වෛරසයට ද එහි විපරිත මාදිලියටද එකසේ ප‍්‍රතිචාර දැක්වීමට මෙම සුපිරි ප්‍රතිදේහය ට හැකි වූ බව සනාථ වී ඇත.

මෙම නවතම සොයාගැනීම වාර්තා වන්නේ ඇමරිකාවේ රොකෆෙලර් සරසවියේ පරීක්‍ෂණයකිනි.

මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොරෝනා වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසයක් මට්ටමට පත් වනු ඇතැයි එම සරසවියේ වෛරස වේදීන් පෙන්වා දී තිබේ.

වාර්තාව මෙතනින්

Continue Reading

Local

කිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර..

Published

on

By

දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබේ.

කිරි පිටි ආනයන සමාගම් සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක දී මෙම අනුමැතිය දී තිබේ.

කෙසේ වෙතත් රජයේ මෙම මිල ඉහළ දැමීම නවතන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වෙයි

මුදල් අමාත්‍යංශය හා පැවති සාකච්චිවේදී කිරිපිටි සමාගම් ඉල්ලා ඇත්තේ ලෝක වෙළදපොලේ කිරිපිටි මිල ඉහළ යාම හා විනිමය අනුපාත ඉහල යාම හේතුවෙන් මෙරට කිරි පිටි කිලෝවක් රුපියල් 340 ක් ඉහල දැමිය යුතු බව වුවද සාකච්චාවේදී එකග වී ඇත්තේ රුපියල් 200කින් මිල ඉහල දැමීමටයි.

Continue Reading

Trending