Connect with us

Local

බලවත් රටවල්වලට වඩා හොඳින් අපි කොරෝනා පාලනය කලා.. MR..

Published

on

මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 05 දින පැවසීය.

කෙරවළපිටියේ ඉඳිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක් එක්වන මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු මාස 21ක් තුළ නිමා කිරීමට නියමිතය. එම අදියරේ දී මෙගාවොට් 220ක් ද තවත් මාස 12ක් තුළ අවසන්වන මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී මෙගාවොට් 130ක් ද ජාතික විදුලිබල පද්ධතියට එක්වීමට නියමිතය.

පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

අප රට භාරගෙන ටික දවසක් යන්න කළින් “කොරෝනා වසංගතයට” මූණ දෙන්න වුණා. බලවත් රටවල්වලට වඩා හොඳින් අපි එය කළමනාකරණය කළා. ඉන් නොනැවතී අප ඉදිරියේ පවතින සියලු අභියෝගවලටද වගකීමෙන් යුතුව මුහුණ දෙනවා.

පසුගිය යහපාලන ආණ්ඩුව සංවර්ධන කටයුතු කළේ නැහැ. අපි ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතීනුත් නතර කළා. වසර 5කට ආසන්න කාලයක් රට සංවර්ධනයෙන් ආපස්සට ගියා.

රටත් ජනතාවත් වෙනුවෙන් අප නැවතත් සංවර්ධනයේ යෝධ පිම්ම ආරම්භ කරල ඉවරයි.

ලෝකෙම අද තීන්දු ගන්නේ බලශක්තියට ප්‍රමුඛතාවය දීලා. ඒ තරමට අපේ ජීවිතවලට බලශක්තිය වැදගත්.

බලශක්ති ක්ෂේත්‍රයේ සිදු විය හැකි අර්බුද ගොඩක් කළින් දැක්ක නිසයි ජල විදුලිය ගැන පමණක් විශ්වාස නොතබා ගල්අඟුරු බලාගාරය නොරොච්චෝලේ අපි ඉදිකළේ. ඒකට විවිධ කතා කිව්වත්, කටකතා හැදුවත් පසුගිය කාලයේ ඇති වූ මහා නියඟයන් ජයගන්න ඒක මහා පිටු බලයක් වුණා.

අපි එතනින් නැවතුණේ නෑ. සුළං බලාගාර, තාප බලාගාර සහ පසුගියදා විවෘත කළ ඝණ අපද්‍රව්‍ය බලාගාරය වගේම  සූර්ය ශක්තිය මගින්ද දේශය බලගන්වන වැඩ පිළිවෙල දියත්කළා. ජනතාවට අඩු වියදමින් විදුලිය ලබා දීමටයි අපි මේ හැමදේම කරන්නේ. ‍

ලෝකයේ පවතින ඉහළම තාක්ෂණය යොදාගෙන අද සිට ඉදිවන්නේ මෙගාවොට් 350ක ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරයයි. මේක මේ රටේ බලශක්ති නිෂ්පාදනයේ යෝධ පිම්මක්.

අපි හැමවිටම ලංකාවේ බලශක්ති නිපදවීම් සඳහා නව ක්‍රමවලට ගියා. ප්‍රථම ගල් අඟුරු බලාගාරය, ප්‍රථම තාප බලාගාරය, ප්‍රථම සුළං බලාගාරය, ඒ විතරක් නෙවෙයි පසුගියදා අපි විවෘත කළේ ප්‍රථම ඝණ අපද්‍රව්‍ය බලාගාරයයි.

මේ වන විට අපි අපේ විදුලිබල පද්ධතිය පෝෂණය කරමින් සිටිනවා. අද මේ බලාගාරය අරඹන්නෙත් ලංකාවේ ප්‍රථම ද්‍රව වායු (LNG) බලාගාරය ලෙසයි. අපි ප්‍රථමයා වුණේ වැඩවලින් මිස කථාවෙන් නොවෙයි.  අපේ රජයන් පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්නයි. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකයි අපිට බලය දෙන්නේ.

මේ  බලාගාරය මාස 21ක් වැනි කාලයක් තුළ පළමු අදියර නිමා කරන බව විදුලිබල අමාත්‍යංශය මා සමග පැවසුවා. පළමු අදියරේදි මෙගා වොට් 220ක් එමගින් නිපදවීමට අපේක්ෂා කරනවා.

නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ අතිදක්ෂ දේශීය ඉංජිනේරුවන් ගැන විශ්වාසය තියල ඔවුන්ට සම්පූර්ණ වගකීම පැවරුවොත් එය ඉටු කරන්න පුළුවන්. දෙවන අදියර වසරකින් අවසන් කරනවා. දෙවන අදියර මගින් මෙගා වොට් 130ක් නිපදවීමට අපේක්ෂා කරනවා. ඉදිරි වසර 4 තුළ මෙරට බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණයෙන් සපයන්න අපි කටයුතු කරනවා.

අද කෙරවලපිටියේ ඉදිකිරීම් අරඹන පරිසර හිතකාමී ස්වභාවික ද්‍රව වායු (LNG)  විදුලි බලාගාරය මෙරට විදුලි ඉල්ලුමෙන් 13%ක් සම්පූර්ණ කරනවා. මේක තමයි රටක දියුණුව කියන්නේ. අපි සංවර්ධනයේදී ජාතික ප්‍රමුඛ අවශ්‍යතා හඳුනා ගත යුතුයි.

එහෙම නැතුව එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතා මත ජාතික වැඩ පිළිවලක් ගොඩනගන්න බෑ.

අපි රට බාරගෙන කෙටි කාලයකින් විදුලි බලාගාර 03ක් ජාතියට දායාද කරල ඉවරයි. වැඩ ආරම්භ කරල අතරමග නවතා දමපු, කිසිවක් දේශපාලන පටු පරමාර්ථයෙන් නවත්වන්නේ නෑ. ඒ සියල්ල ඊටත් වඩා හොඳින් කඩිනමින් අවසන් කිරීම අපේ දැක්ම වෙලා තියෙන්නේ.

විදුලිබිල අඩු කරමින් ජනතා සහනය ලබාදීමට මේ මගින් හැකි වෙනවා. වේගවත් සංවර්ධනයේ නියමුවා බලශක්තිය බව ලෝකය ඉදිරියේ අද ඔප්පු කරල හමාරයි. අඛණ්ඩ විදුලි සැපයුම රජයක වගකීමක් ලෙස මම දකිනවා.

ලං.වී.ම(ලංකා විදුලිබල මණ්ඩලය) ජනහදට ලංවීමට මෙවැනි ව්‍යාපෘති විශාල පිටිවහලක් වෙනවා. ඒකට අපි සූදානම්.

අපි මේ වන විට මේ රටේ 99.8%කට විදුලිය ලබා දිලා තියෙනවා. තව අපිට ඉතුරුවෙලා ඉන්නේ 84 000ක් පමණ පිරිසක්. අපි මේ වසර අවසන්වන විට මෙරට විදුලි ලබා දීමේ වැඩ පිළිවෙල 100% කින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

පහුගිය කාළේ අපිට මතකයි මොනතරම් විදුලි කප්පාදු විම් සිදුවුණාද කියලා, ඔවුන්ට ඒ කිසිවක් ගැන හැඟීමක් තිබුණ කියල පෙනුනෙ නෑ. තාක්ෂණය මගින් විදුලිය සම්බන්ධ සියලු ගැටළු පාරිභෝගිකයාව දැනුවත් කිරීමට පහසුකම් සැලසීමත් අපි ආරම්භ කළේ අනාගතයේ වේගවත් සංවර්ධන සඳහා බලශක්තිය අත්‍යවශ්‍ය වෙන නිසයි.

මිනිසාගේ මූලික අවශ්‍යතා ලේඛනයේ මුල් අංක අතරට විදුලිබලය තීන්දුවෙලා තියන මොහොතක අපේ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා විදුලි වේගෙන් වැඩකරන එක අපිට මහත් ශක්තියක්.

“මහින්ද චින්තන” ඉදිරි දැක්ම යථාර්ථයක් කරමින් “සෞභාග්‍යයේ දැක්ම” තුළින් වැඩකරන රටක් උරුමකර දීම අපගේ එකම අභිලාශයයි.

රොහාන් වැලිවිට,

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Local

සංචරන මැද මන්ත‍්‍රී නිවසේ කසිප්පු පෙරයි..

Published

on

By

මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක් සිදු කරන බව ද ඇය සමගි බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට පත් කළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බවද කියති.

සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදා කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 20000 ක් ,කසිප්පු මිලි ලීටර් 4750ක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණපොලීසිය භාරයට ගෙන ඇත.

පොලීසිය වෙත ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදු කර තිබේ.

මාතර මාකාවිට පදිංචි 56 හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ගාල්ල තවලම පදිංචි 38 හැවිරිදි ඔහුගේ ගෝලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

– lankadeepa

Continue Reading

Local

ප‍්‍රසන්නගේ ප‍්‍රකාශය බොරු කියමින් මහා මාර්ග අමාත්‍යංශ ලේකම්ගෙන් නිවේදනයක්…

Published

on

By

ගම්පහ දිස්ත‍්‍රික්කය තුල මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිම අත්හිටවූ බවට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් සිදුකරන ලද ප‍්‍රකාශය මහාමාර්ග අමාත්‍යංශය විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.

මේ බව සදහන් කරමින් එම අමාත්‍යංශ ලේකම් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය
මහාමාර්ග අමාත්‍යාංශය

‘ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නැවතෙයි ’ යන ශීර්ෂය යටතේ පල වී ඇති ප්‍රවෘත්ති වාර්ථාව පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සදහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු නිසා පසුගිය දා පැවති අධික වර්ෂාවෙන් ගම්පහ නගරය හා අවට ප්‍රදේශ ගං වතුරෙන් යට වූ බවට වාර්තා පලවිය . මේ සම්බන්ධව මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිතුමන්ලාගේ සහභාගිත්වයෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ , වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිළධාරීන් සමග සාකච්ඡාවක් පවත් වන ලදි.

එහිදී ගම්පහ නගරයත් ඒ අවට ප්‍රදේශයන් ජලයෙන් යටවීම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.එහිදී මතු වු කරුණු අනුව ඉතා කෙටි කාලයකදී මිලි.මී.300 කට අධික වර්ෂා පතනයක් පැවතීමත්, ප්‍රදේශයේ ජලය බැස යාම සදහා ඇති කාණු පද්ධති හා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමත්,දුම්රිය මාර්ගයේ ජලය බැස යාමේ අවහිරතාත් ගං වතුර සදහා හේතු වු ප්‍රධාන කරුණු ලෙස හදුනා ගන්නා ලදී.

එසේ ම එහිදී අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු කරගෙන යාම පිලිබදව එමගින් ගං වතුර ඇති වීමට යම් හැකියාවක් සිදුවූවා දැයි ද සාකච්ඡා කරන ලදී.ඒ අනුව අධිවේගී මාර්ගය තැනීමට ප්‍රථම සිදු කරන ලද සක්‍යතා අධ්‍යනයේ දී සිදු කල ජල කළමනාකරණය අධ්‍යනය (hydrology study) නැවත සමාලෝචනය කිරීමටත් ජලය බැසයන බෝක්කු හා පාලම් සංඛ්‍යාව හෝ ඒවායේ ප්‍රමාණ සංශෝදනය කිරීමට යෝජිත අධ්‍යනයේ දී නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරන ලදී.

එසේ ම ප්‍රදේශයේ ජනතාවට අධිවේගී මාර්ගය තැනීමේ කටයුතු සිදු කිරීම නිසා යම් පීඩාකාරී තත්වයක් ඇතිවී ඇත්නම් හා ඉදිරියේ දී ඇතිවීමේ හැකියාවක් ඇතිනම් ඒවා මග හරවා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරන ලදී.

ඒසේ නොමැතිව කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බව ද දන්වා සිටිමි.

ලේකම්
මහාමාර්ග අමාත්‍යාංශය

Continue Reading

Local

අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්.. පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

Published

on

By

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk