Connect with us

Politics

බැසිල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමතිකමක්..?

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බවත් අන්තර්ජාල මාධ්‍ය ගණනාවක්ම වාර්තා කර ඇත.

ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කල නොහැකි නිසා 19 සංශෝධනය අහෝසි කිරීමෙන් පසු රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු එනු ඇති බවත් ඉන් පසු ඇමති ධුරයක් දරනු ඇති බවත් එම වාර්තාවල සදහන්ය.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට ඒම සඳහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස් වනු ඇතැයිද එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තු පැමිනීමට අවශ්‍ය යයි ඔහු සිතන්නේ නම් වඩා පහසු ක‍්‍රම ඇති බවයි.

විපක්‍ෂය මේ උත්සාහ කරන්නේ 19 සංශෝධනය අහෝසි කිරීමේ වැදගත්කම වෙනත් සාකච්චාවකට ගෙන ගෙන ගොස් බාල්දු කිරීම බවද ඔහු සදහන් කලේය.

Local

අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්.. පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

Published

on

By

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.

Continue Reading

Local

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

Published

on

By

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය උද්ගත කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ වන විට ආණ්ඩු බලය දරන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් ඒ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Continue Reading

Local

සුපිරි වාහන 227 ආනයනය නතර කරන්න බැරිනම් ගෙනාවට පසුව ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්න – JVP

Published

on

By

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සදහා සුඛෝපබෝගී වාහන 227 ක් ආනයනය කිරීම සදහා කර ඇති ඇණවුම අහෝසි කිරීමට නොහැකිනම් එම වාහන මෙරටට ආනයනය කළ පසුව ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දමා එම මුදල් මහජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

රුපියල් කෝටි 5 බැගින් වූ සුඛෝපබෙගී ජීප් රථ 227ක් රජය විසින් මන්ත්‍රිවරුන් වෙනුවෙන් ඇණවුම් කර ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

මන්ත්‍රීවරුන් සදහා සුඛෝපබෝගී වාහන ගෙන්වීම පිටුපස විශාල මූල්‍ය වංචාවක් සිදුවන බවටද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී චෝදනා කර සිටියා.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk