Connect with us

Local

බීමත් විහාරාධිපති හා භික්‍ෂූ පිරිසක් පුද්ගලයෙකුට පහර දෙයි…

Published

on

ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩ සිටින තරුණ භික්ෂුන් වහන්සේලා පස් නමක් තමන්ට පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියෙන්මෙතෙක් තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවු බව පහර කැමට ලක් වුවේ යැයි කියන ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර සම්පත් ලියනගේ (36) නැමති එක්දරු පියා පවසයි.

විහාරස්ථානයට යාබදව පිහිටි පෞද්ගලික ආයතනයක තමන් ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදි ඉකුත් (15) දින තම ආයතනය දෙසට බිමත්ව පැමිණි භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා ඇයි මෙහෙම බිගෙන මේ වගේ අසභ්‍ය වචන කියන්නේ යනුවෙන් විමසු විට භික්ෂුන් වහන්සේලා සියළු දෙනා එක් වි තම අතෙහි තිබු විදුලි පන්දම උදුරාගෙන තමන්ට පහර දි තුවාල සිදු කල බවයි පහර කැමට ලක් වු පුද්ගලයා කියා සිටියේ.

පහර දිමෙන් තුවාල ලැබු තමන් ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබු බවත්, පහර දිම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කලද පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන තෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවු බවත්, පහර කැමට ලක් වුවේ යැයි කියන තුෂාර සම්පත් ලියනගේ කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

‘ගෝඨා ගෝ ගම’ නමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending