Connect with us

Local

මහින්දානන්ද සහ ශෂින්ද්‍ර පොහොර සමාගම් වලට කඩාපනී…

Published

on

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු අද පෙරවරුවේ පැලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසියේ නිරීක්ෂණය කළා. රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය මෙහිදි අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් වූණා. දෛනිකව නිකුත් කළ හැකි පෙහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු වශයෙන් පොහාර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධව අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්න කළා.

පොරාන්දු වු දින වකවානු වලට අවශ්‍ය පොහොර නිකුත් නොකරන්නේනම් රාජ්‍ය පොහොර සමාගම් මඟින් ඒවා බෙදා හැරීමට පියවර ගැනීමට සිදුවන බවයි. අදාළ සමාගම්වලට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ, ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පෙහොර මෙට්‍රික් ටොන් 600 නිකුත් කිරීමට හැකියාව තිබියදී 300ක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදි අදාල නිළධාරින්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා.

පොහොර පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකාච්ජාවේදී පෞද්ගලික පොහාර සමාගම් දිනකට මෙට්‍රික් ටොන් 1000ක් නිකුත් කිරීමට පොරොන්දු වුවත් දින ගණනක් ගතවී ඇතත් එම පොහාර ප්‍රමාණය නිකුත් කර නැති බව අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්නා. පොහාර නොමැති බවට ජනතාව රට පුරා විවිධ ක්‍රියාමාර්ග ගනිද්දි ගබඩාවල මෙසේ රජයේ සනාධාර පොහොර තබාගෙන සිටින්නේ මන්දැයි අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සමාගම් නිළධාරින්ගෙන් ප්‍රශ්න කළා. අදාළ තීරණ අනුව දින 03ක් ඇතුළත ජනතාවට අවශ්‍ය සියලු පොහොර නිකුත් කරන ලෙස සමාගම් නිළධාරින්ට අමාත්‍යවරුන් දන්වා සිටියා. එසේ නොමැති වුව හොත් පෞද්ගලික සමාගම් හරහා සිදුවෙන පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරණ ලෙසයි.

පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරින්ට හා ගොවිජන සේවා නිලධාරින්ට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැනුම් දුන්නේ. ගබඩාවල ඇති පොහොර නිකුත් කිරීමට දින ගණන් ප්‍රමාද කරන්නේ කුමන කරුණක් නිසා දැයි රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙහිදී ප්‍රශ්න කළා. ප්‍රවාහන හා කම්කරු ගැටලු පවතින බවයි අදාළ සමාගම් නිළධාරීන් මෙහිදී අමාත්‍යවරුන්ට කරුණු ඉදිරිපත් කළේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් කම්කරුවන්ගේ ශ්‍රමදායකත්වයන් ලබා දීමට රජයට හැකි බවත් දිවයින පුරා පොහොර බෙදා හැරීම විවිධ කරුණු කියමින් ප්‍රමාද කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරුන් අදාළ සමගම්වල නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කළා. අදාළ පොහොර සමාගම්වල ගබඩාවන් හි පොහාර තොග විශාල වශයෙන් ගොඩ ගසා තිබෙන අයුරු දක්නට ලැබුණා.

– සුජිත් විතානපතිරණ

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

මිල වැඩිකල ප‍්‍රධාන යතුරු පැදි සමාගමකට නඩු.. දඩ ගෙවන්න නියෝග..

Published

on

By

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩයක එක් අවස්ථාවක මිල ලකුණු කිරීමෙන් පසු එම මිල යළි වෙනස් කළ නොහැක. එනම් මිල වැඩි වුවද සටහන් කර ඇති මිලටම පැරණි භාණ්ඩ තොග පාරිභෝගිකයාට අලෙවි කළ යුතුය.

මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ යතුරු පැදි අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගමක් යතුරු පැදි අමතර කොටස්වල, මීට පෙර සටහන් කර ඇති මිල වෙනස් කර අධික ලාභ ඉපයීම සඳහා පැරණි තොග වලද ඉහළ මිල ගණන් යොදා අලෙවි කර ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ පුත්තලම පාරිභෝගික අධිකාරිය වැටලීමක් සිදු කොට පුත්තලම, සමාගමට එරෙහිව අගෝස්තු මස 03 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී සමාගමට දඩ මුදලක් නියම වී ඇත.

මෙම මිල වෙනස් කිරීම් පිළිබඳව අලවි නියෝජිතයන් කිහිප දෙනෙකුටද පුත්තලම සහ ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට නියමිතව ද ඇත.

මෙලෙස පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරනු ලබන සටහන් මිල වෙනස් කිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කය පුරා තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව පුත්තලම පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

– කැලුම් රත්නායක

Continue Reading

Local

සමාජ ජාල තහනම් කල යුතුයි.. කැබිනට් මණ්ඩලයට යෝජනා කෙරේ..

Published

on

By

සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.

චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

Continue Reading

Local

ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…

Published

on

By

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොළඹ ගම්පහ කළුතර පළාත් වල ඩෙල්ටා ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් පැතිරයමින් ඇති බවයි.

මෙම තත්ත්වය මත සංචරණ සීමා දැඩිව පැනවූයේ නැත්නම් රටක් ලෙස මෙය පාලනය කිරීම ඉතා අපහසු බව ද ඇය පෙන්වා දෙයි.

මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම සංචරන සීමා පැනවිය යුතු බවද ඇය අවධාරණය කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පවතින තත්වය සමාලෝචනය කර සමබරව ගෙන යාමට නොහැකි වුවහොත් එම තීරණය ගැනීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇති බවය.

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk