Connect with us

Local

මහින්ද අස්වෙන්න.. වහෙන් ඔරෝ නොකියා කෙලින් එන්න..

Published

on

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට ධුරයෙන් අස්වෙන්නැයි බලපෑම් කරන්නේ කවුදැයි සොයා ගත යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙසේ කියා සිටියහ.

‘රටේ පැතිරෙනවා අගමැති තුමා අස්වෙලා කියලා ඇහුවා. මං අගමැති තුමාගෙන් ඇහුවා එහෙම දෙයක් තියනවද කියලා. එතුමා දන්නෙත් නෑ. අගමැති තුමා කිව්වා මගේ අස්වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ අස්වෙන්න උවමනාවකුත් නැහැ කියලා.

ඇත්තම අපට හොයන්න ඔ්න අගමැතිතුමාට අස්වෙන්න බල කරන්නේ කවුද කියලා. මොකා බලපෑම් කළත් කවුරු තර්ජන ගර්ජන ගෝරනාඩු පැවැත්වුවත් අගමැතිතුමා අස්වැන්නෑ. අස් වෙනවා නම් අපට කියලයි අස්වෙන්නේ.

අස් කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් අපි ඔවුන්ට කියනවා වහෙන් ඔරෝ නොකියා ‘මහින්ද දැන් හිටිය ඇති වහාම අස්වෙයන්’ කියලා කෙලින් කියන්න.

නමුත් මේ රටේ ජනතාව මහින්ද මහතාට අස්වෙන්න දෙන්නෙත් නෑ. එතුමා අස් වෙන්නෙත් නැහැ’

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending