Connect with us

Politics

මහින්ද රාජපක්ෂගෙන් ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්..

Published

on

කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිට තිබෙන්නේ තංගල්ලේ නිවසේ.

අදාළ සංශෝධනය පිළිබඳව එය සිදුවීමට පෙර මෙන්ම පසුවද ඇමතිවරු කිහිපදෙනෙකු තංගල්ලේ සිටි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවත් දැනගන්නට තිබෙනවා.

අටුවා කතාව අගමැතිට ගිය හැටි

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු සෞඛ්‍ය ධුරයෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමු ගැනීමේ උත්සවයේදී කළ මතභේදාත්මක “රජාගේ සහ පුරෝහිතගේ” අටුවා කතාව ගැන ඇතමුන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කොට තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා දී තිබෙන්නේ අපූරු පිළිතුරක්.

මේ තනතුරු තාවකාලිකයි

“ඔය සංශෝධන වලට කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ.අපි කවුරුත් හැමදාම ඇමතිකම් කරන්න ආවේ නැහැ.ඒ නිසා මේ ඇමතිකම් තාවකාලික බව හැමදෙනාම තේරුම් ගන්න ඕනේ.මම මීට වඩා දේවල් වලට මුහුණ දීලා තියෙනවා.චන්ද්‍රිකාගේ කාලේ.දේශපාලනයේ හැටි ඔහොම තමයි.”

අග්‍රාමාත්‍යවරයා කැබිනට් සංශෝධනය ගැන කලකිරිච්ච අමාත්‍යවරුන්ට දෙන පණිවිඩය එයයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යධූර වෙනස් කළ ඇමතිවරුන් පමණක් නොව අලුතින් කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටි පිරිසද යම් කලකිරීමක සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

am.lk

Local

ජනපති අගමැති දෙදනා පිටරට කතානායක මහින්දට මෙරට රාජ්‍යනායක බලය හිමිවේ..

Published

on

මෙරට 7 විධායක ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා අද 18 ඇමැරිකාව බලා පිටත්ව යෑමත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලි සංචාරක නිරත විමත් නිසාවෙන් මෙරට ආණ්ඩුක්‍රම විවස්ථාවට අනුව මෙරට රාජ්‍ය නායකත්වය පාර්ලිමෙන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත වෙත හිමිව ඇත.

එ අනුව රාජ්‍ය නායකයින්ගේ නැවැත පැමිණිම තෙක් මෙරට ත්‍රිවිධ හාමුදා පොලිසිය ඇතුලු සියලු විධායක බලතල මහින්දයපා වෙත හිමිවනු ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මෙවැනි වාතාවරණයක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි.

Continue Reading

Local

එ.ජා.ස 76 අමතන්න ජනපති ගෝටාභය රටෙන් පිටව ඇමැරිකා යයි..

Published

on

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන පලමු අවස්ථාව මෙන්ම එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සමුළුව අමතන පළමු අවස්ථාව ද මෙය වේ.

Continue Reading

Politics

එලොවටත් නෑ මෙලොවටත් නෑලූ.. කොළඹ පොහොට්ටු හටනක්..

Published

on

By

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ ඇමතිවරුන් දෙදෙනෙකු හා මන්ත්‍රීවරයෙක් ගැටුමකට මුල පුරා ඇති බවට වාර්තා වේ.

ඒ පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම හේතුව මතයි.

මෙම ස්ථාන මාරුව මුල් කොටගෙන ජගත් කුමාර මන්ත්‍රීවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ගාමිණී ලොකුගේ හා සරත් වීරසේකර යන අමාත්‍යවරුන් සමග ගැටුමකට මුල පුරා ඇත.

මේ වන විට ජගත් කුමාර මන්ත්‍රීවරයා පාදුක්ක සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරන ලද්දේ ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ උවමනාවට විෂය භාර සරත් වීරසේකර අමාත්‍යවරයා බවටයි ජගත් කුමාර මන්ත්‍රීවරයා චෝදනා කරයි.

හිටපු පොලිස් ස්ථානාධිපති වෙනුවට ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ හිතවතෙකු මේ වන විට පාදුක්ක පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර තිබෙන බවත් ජගත් කුමාර මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

මේ කුපාඩි වැඩේ නොකරන ලෙස තමා සරත් වීරසේකර මහතාගේ ඉල්ලා සිටියත් ඔහු එය ගණන් නොගෙන ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සමග එකට එකතු වී තමාට එරෙහිව ප්‍රහාරයක් දියත් කර ඇති බවටයි මන්ත්‍රිවරයා තොරතුරු හෙළිදරව් කරයි.

එළැඹෙන 27 වැනි දිනට පෙර මේ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැතිනම් තමා දැඩි පියවරක් තබන බවට අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා.

තවද ජගත් කුමාර මන්ත්‍රීවරයා සිද්ධියට සම්බන්ධ ලොකුගේ හා වීරසේකර අමාත්‍යවරුන් දෙදෙනා හඳුන්වන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති ඇමතිවරුන් දෙදෙනෙක් ලෙසයි.

Continue Reading

Trending