Connect with us

Business

මාතලේ දිසාවේ වෙලදපොලේ මිළ පරික්ෂාවට කන්ඩායම් 11ක්

Published

on

නිරෝධායන ඇදිරි නිතියත් සමග  වෙලදපොලේ අත්‍යවශ්‍ය  ආහාර වල  මිළ ගණන් සම්බන්ධව සෝදිසි කිරිමේ වැඩ පිලිවෙලක්   පාරිභෝගික අධිකාරිය නිලධාරින්  සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  එක්ව මාතලේ දිස්ත්‍රික්කය පුරා  විෂේශ කන්ඩායම් යොදවා පරික්සා කිරිමට ලක් කීරිම ඊයේ (8) සිට ආරම්භ  කලේය .

පවතින ඇදිරි නිතියත් සමග  ජනතාව මාතලේ නගරයට පිවිසිමත් සමග අත්‍යවශ්‍ය ආහාර වල මිල අධික ලෙස ඉහල යාම නිසා පාරිභෝගිකයින්  දැඩි අපහසුතාවයන්ට පත්වන නිසා මෙම වැඩ පිලිවෙල  කන්ඩායම් 11ක් යොදවා  මාතලේ දිස්ත්‍රික්කයේ  සියලුම නගර ආවරනය වන පරිදි  මෙහෙයුම්  දියත් කිරිමට මාතලේ දිස්ත්‍රික් ලේකම්  එස් එම් ජි කේ පෙරේරා මහතා පියවර ගත්තේය .

පාරිභෝගිකයන්ට මේ දිනවල විශේසයෙන් මුහුන දිමට සිදුව තිබු සිනි අල පරිප්පු හාල් බි ළුණු බිත්තර ඇතුලු සියලුම  ආහාරවල මිළ පිලිබදව  පරික්සා කර මේ අවස්තාවේදි පාරිභෝගිකයින්  අපහසුතාවයට ලක් නොකර  සහය වන ලෙසත්  හාල් මිල පිලිබදව සැලකිලිමත් වන ලෙසත් මිල දර්ශන ප්‍රදර්ෂනය කිරිමට උපදෙස් දෙන ලදි .

විවිධ  කම්පැනිවලින් බෙදාහරින අත්‍යවශ්‍ය  කිරි  ආහාර ද්‍රව්‍ය බෙදා හැරිමේදි   වෙලද හිමියා විසින් පාරිභෝගිකයින්ට භාන්ඩ දිමේදි අමතර වෙලද භාන්ඩයක් ලබාදිමට කටයුතු නොකරන ලෙසට   උපදෙස්  ලබාදිමටද කටයුතු කලේය .

මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් එම් ජි කේ පෙරේරා  මහතාගේ  සහ අතිරේක දිසාපති  නිසාන්ත කරුනාතිලක යන අයගේ උපදෙස් මත පාරිභෝගික අදිකාරියේ මාතලේ ප්‍රධානි රේණුක කුමාර මහතා ඇතුලු කණ්ඩායම්  11 ක් දිස්ත්‍රික්කය පුරා මෙහෙයුම් දියත් කරන ලදි .

මාතලේ ප්‍රියන්ත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Business

වාහන ආනයනට යලි අවසර.. ක‍්‍රමවේදය මෙන්න..

Published

on

By

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි.

නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත නිසා සාමාන්‍ය පරිදි වාහන ආනයනය සඳහා අද හෙටම අවසර දීමට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

නමුත් පවතින සාධක අධ්‍යනය කිරීමෙන් පසු ඒ ගැන ඉදිරියේ දී කරැණු සලකා බැලීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

බොහෝ දුරට ඒ ගැන සලකා බැලීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටී.

කෙටි කලක දී රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තමන් දැනටමත් ආරම්භ කර ඇති බවද පැවසූ එම ගමනේ දී සමහරුන්ට සතුටු විය නොහැකි තීන්දුවලට පවා යාමට සිදුවන බවද කියා සිටියේය.

මේ සම්බන්දයෙන් අප වෙත අදහස් පල කල වාහන ආනයනකරුවෙකු කියා සිටියේ කුමන ආකාරයෙන් හෝ වාහන ආනයන ආරම්භ කලහොත් දැනට දේශීය වෙලදපලේ විශාල වශයෙන් ඉහල දමා ඇති වාහන මිල පහල යනු ඇති බවයි.

Continue Reading

Business

සහල් මිල පාලන ගැසට්ටුව අහෝසියි.. කැබිනට් මණ්ඩල තීරණයක්..

Published

on

හාල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (27) තීරණය කළේය.

සුදු කැකුළු සහ රතු කැකළු කිලෝවක් රුපියල් 95/-කටද නාඩු කිලෝවක් රුපියල් 98/- කටද සම්බා කිලෝවක් රුපියල් 103/- කීරී සම්බා කිලෝවක් රුපියල් 125/- කටද උපරීම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

මවෙළඳ පොළේ සහල් මිල ඉහළ යෑම වැළෑක්වීම සඳහා සහල් මෙට්ට්‍රි ටොන් ලක්‍ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තිර්ණය කරඇත.

Continue Reading

Business

අහිතකර වෛරස් අඩංගු කාබනික පොහාර ආනයනය කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ..

Published

on

අහිතකර බැක්ටීරියා සහ වෛරස් අඩංගු කාබනික පොහාර ආනයනය කිරීමටට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සුදානමින් ඒ් අනුව සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 461 ක වගන්තිය යටතේ නඩු පවරණ බවට කෘෂි කර්ම ලේකම්ට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ – මහතා වෙනුවෙන් නීතීඥ හා ප්‍රසිද්ධ නොතාරිස්  ප්‍රසන්න  ලියනආරච්ච්ගේ මහතා නිවේදනයක් ලියාපදිංචි තැපෑලෙන් යවයි.

ඒම ලිපිය පිලිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරණ පාර්බෝගික අයිතින් සුරකිමේ ව්‍යාපාරය පෙන්වා දෙන්නේ

රසායනික පොහොර මෙරටට ආනයනය නොකිරීමට රජය ගත් ක්‍රියාමාර්ග මගින් පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු වන නමුදු ප්‍රමිතියක් නොමැති කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග පාරිභෝගික අයිතීන් කඩවීමට ඉඩ ඇති බැවින් නිසි ප්‍රමිතියක් නොමැති කාබනික පොහොර මෙට්රික් ටොන් 99000 ක් මෙරටට ආනයනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය දැඩිව හෙළාදකිමු.

පොහොර සමාගම් දෙක මගින් මෙරට ප්‍රබල දේශපාලකයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ සහෝදරයකු විසින් මෙහෙය වන සමාගමක් හරහා මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති අතර එම පොහාර තොගය නියදි පරීක්ෂණයේදී අසමත්ව ඇත.

නියදි අසමත් හා එම පොහොර තොගය ලංකාවට ආනයනය කළහොත් මෙරට පසට ශාක වලට හා මිනිස් සිරුරට අහිතකරවන බව විද්වතුන් විසින් මත පළකර තිබියදී ලංකාවට එම පොහාර තොගය ආනයනය කිරීමට කටයුතු සූදානම් කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.

එබැවින් අදාල පොහොර තොගය මෙරටට ආනයනය කිරීම තහනම් කරමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට  අප සංවිධානය කටයුතු කරමින් සිටී.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නීතීඥ හා ප්‍රසිද්ධ නොතාරිස්  ප්‍රසන්න  ලියනආරච්ච්ගේ මහතා මාර්ගයෙන් සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 461 ක වගන්තිය යටතේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාර නිවේදනයක් ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත.

ඒහි සදහන් වන ආකාරයට ලේකම් තුමා අහිතකර පොහොර ගෙන්වීම නතර කරන ලෙසත් ඒසේ නොකරන්නේනම් සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 461 ක වගන්තිය යටතේ නඩු පවරණ බවත් දැක්වේ ‘ අදාල ලිපිය කියවන්න

Continue Reading

Trending