Connect with us

Local

මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්….

Published

on

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹිණ.

01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.

යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරිණ.

ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබිණ.

රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

පඩි ඉල්ලා විරෝධතා කල ගුරුවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

Published

on

By

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය පිරිමි 26ක් සහ කාන්තාවන් 16ක් එසේ අත්අඩංගුවට ගත් බවයි.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

Continue Reading

Local

ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

Published

on

By

පසුගිය ජුලි 26 දින තංගල්ල නගරයේ පැවති ගුරු – විදුහල්පති උත්ඝෝශනයට සහාභාගි වු  ගුරුවරුන් තිදෙනෙකුට සහා විදුහල්පතිවරයෙකුට කොවිඩි ආසාධනය වි තිබේ.

තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කොවිඩි ආසාධිත සිවිදෙනා ගේ ආශ්‍රිතයින් 51 දෙනෙකු ගේ රැපිඩි ඇන්ටිජන් පරික්ශන ඊයේ(3) දින සිදු කර තිබෙන අතර ඉන් 33 දෙනෙකුට කොවිඩි ආසාධිත බව තහාවුරු ව් තිබේ.

මෙම කොවිඩි රෝගින් 37 දෙනා අම්බලන්තොට පිහිටි කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

– රුචිර ගාර්දියවසම්

Continue Reading

Local

ඇතැම් රසායනික පොහොර ගෙන්වන්න අවසර…

Published

on

By

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට රට යොමු වෙමින් තිබෙන බවත් කෙසේ වෙතත් කළමණාකරණ තීරණ ගන්නා පරිසරය විශ්ලේෂණය කිරීමට සිදු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පැවසීය.

ඒ අනුව ඇතැම් අංශ සදහා ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට යොමු විය නොහැකි බවත් ඒ අනුව එම අංශ සදහා රසායනික පොහොර ආනයනය කිරීමට යම්කිසි නිදහසක් ලබා දී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

නිසි ආර්ථිකයක් තුල ආණ්ඩුව ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් වන විට ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීරණ වෙනස් කිරීමට සිදු වන බවත් සඳහන් කළ ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා,

“අපි ආණ්ඩුවක් ලෙස යහපත් චේතනාවෙන් සමස්ථ ජනතාව විනාශ වෙන්න යන එක බලාගෙන අපි රසායනික පොහොර ගෙන එන එක නවත්වලා කාබනික කෘෂිකර්මයට හැරෙමු කියන යෝජනාව ජනාධිපතිවරයා ගෙනත් හොදින් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ අතර අපිට පේනවා යම් යම් අංශ තිබෙනවා ක්ෂණිකව අපිට කාබනික පැත්තට හැරෙන්න බැරිවෙයි. ඒ නිසා යම්කිසි අංශ වලට යම්කිසි නිදහසක් ලබා දීලා තිබෙනවා යම් ‌ෙපාහොර ප්‍රමාණයක් ආනයනය කිරීමේ හැකියාවක් තිබෙනවාද කියලා බලන්න. අද මේක විවේචනයට ලක්වෙනවා. මේක ජනාධිපතිවරයා කිසිසේත් මේක කරන්නේ නෑ කිව්වට මෙහෙම ඇතැම් අංශ වලට නිදහස් කරලා තිබෙනවා කියලා කියනවා. නිසි ආර්ථිකයක් තුල අපි ගත්ත තීරණ සරල රේඛාවක යන්න බෑ.

පරිසරය වෙනස් වෙනවා. ඔ්නෑම කළමණාකරණ තීරණයක් ගන්නා විට අපි මුහුණ දීලා තිබෙන පරිසරය විශ්ලේෂණය කරන්න වෙනවා. ඒ නිසා පාරසරික වෙනස්කම් වන විට අපි ගත් ඇතැම් තීරණ වෙනස් කරන්න වෙනවා. මේක කළමණාකරණයේ මූලික අංගයක්. ඒ නිසා රසායනික පොහොර ගේන්නේ නෑ. කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට විශාල පිරිසක් ලියාපදිංචි වෙලා කාබනික කෘෂිකර්මය පැත්තට හැරෙමින් තිබෙනවා. නමුත් ගැටලු ප්‍රශ්න තියෙයි.” යනුවෙන්ද සදහන් කළේය.

– ada

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk