Connect with us

Politics

මේ තරමින් හෝ ජනතාව ජීවත් වන්නෙ විපක්ෂයේ කැපවීම නිසා.. රංජිත් අලුවිහාරේ..

Published

on

දිනෙන්දින පිරිහෙන රාජ්‍ය පාලනය හමුවේ ජනතාව දිවි බේරාගෙන සිටින්නේ විපක්ෂයේ කැපවීම හේතුවෙන් බව හිරපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය .පසුගියදා අලුවිහාරේ පැවති තෙල් මිල ඉහල යාම සහ පොහොර හිගයට එරෙහි ජනතා විරෝධතාව අතරතුර වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

ගෝලීය වසංගතය නිසි ලෙස කලමනාකරණය නොකිරීමත් හිතුවක්කාර රාජ්‍ය පාලනයත් හේතුවෙන් අදවන විට ලංකාව ලෝකයේ දුර්වලම රාජ්‍යක් බවට පත්වෙමින් තිබෙනවා.
කුලී මාධ්‍ය කරුවන් කිහිප දෙනෙකු හා ජාවාරම් කරුවන් කිහිපදෙනකුගේ ආශිර්වාදය ඇතුව අටවාගත් ආණ්ඩුව මේ වනවිට ජනතාවට වග නොකියන මෙන්ම අමු අමුවේ ජනතාව මුලාකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා.

කොවිඩ් වසංගතය ලොවම වෙලාගනිමින් තිබූ අවස්තාවක රටට පැමිනි පලමු කොවිඩ් රැල්ලද පාලනය කලා නොව පරන පිනකට පාලනය වූවක් ලෙස අද වන විට ජනතාව තේරුම්ගෙන තිබෙනවා.මුලින්ම හමු වූ චීන ජාතික ආසාදිත කාන්තාව සුවකළ බවට රග දැක්වූ නාඩගමේ සිට දෙවනි රැල්ලක්ද බලෙන්ම රට තුලට ගෙන්වා ගනිමින් බෙහෙත් හට්ටි පැණි බෝතල් පෙන්වමින් රජයේ මැති ඇමැත්තන් නැටූ නාඩගමද එයට නොදෙවෙනි විහිලුවක්.ඒ අවස්තාවේද ජනතාව තම දිවිගලවාගත්තේ ආරක්ශක අංශ සහ සෞඛ්‍ය අංශ වලට පින් සිදු වන්නට මිසක් රජයේ වැඩපිලිවෙල නිසා නොවෙයි .ඒ අවස්තා දෙකේදීම ජනතාව වෙනුවෙන් පෙරමුණ ගනිමින් රජයට මග පෙන්වමින් කටයුතු කලේ විපක්ෂය පමණයි. විශේෂයෙන්ම බලයේ සිටින පිරිස් විපක්ෂයේ සිටියානම් වර්ජන උද්ඝෝෂණ කරමින් ජනතාව නොමග යවමින් රජය අපහසුතාවට පත් කරන් ආකාරය අතීතයේ අත්දැකීම් අනුව සිතාගැනීමට පුලුවන්.

වසංගතය හමුවේ නිසි අවස්තාවේ තීරන නොගෙන ජනතා ජීවිත අනතුරේ හෙලුවා මෙන්ම ව්‍යසන කාලසීමාව තුල ජනතාව රැකබලාගැනීමේ වගකීමද රජය පැහැර හැරියා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමට විපක්ෂය යෝජනා කල රුපියල් විසිදහක දීමනාව වෙනුවට රජය රුපියල් පන්දහසක් පමනක් සීමිත පිරිසකට දෙමින් එය දේශපාලනීකරණයකට ලක් කලා. ඒ වගේම රුපියල් පන්දහසක බඩු මල්ලෙන්ද ගසා කමින් ජනතව රැවටුවා.

මේ හැම අවස්තාවකම ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් විපක්ෂය නැගූ හඩ නිසාම හැරෙන්නට මේ කිසිවක් කිරීමේ අවංක උත්සාහයක් රජයට තිබුනේ නෑ.

රජය උත්සහා කලේ ජනතාව නිවෙස්වලට සීමා කර රටේ සම්පත් විකිනීමට සහ ණය ලබාගත හැකි රටවල් සොයා යමින් ණය ලබාගැනීමට පමණයි.එසේ ලබාගත් ණය මුදල් හෝ නිසි කටයුතු වලට යොදා නොගෙන අනවශ්‍ය මොහොතක කොමිස් ලබාගැනීමේ අරමුන ඇතිව විවිධ ව්‍යාපෘති ආරම්භ කලා.

තවද ගෙවුන වසර තුල කැලෑ හෙලි කරමින් මහ සයුර කෙලසමින් ජනතාවට ජීවත්වීමට තිබෙන සියලු මාර්ග විනාශ කරමින් තමන්ට සැප වාහන ගෙන්වීමට සහ මාධ්‍ය ආයතන අලුතෙන් අරඹා ප්‍රතිරූපය නංවා ගැනීමට රජය උත්සුක උනා.

ගොවියා කබලෙන් ලිපට හෙලමින් පොහොර කප්පාදුවට ලක් කර චීන කසල රට තුල ගොඩ ගැසීමට උත්සාහ කලා. දුප්පතුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම බලපාන අයුරින් ඉන්ධන මිල ඉහල නැංවීමට පියවර ගත්තා.

ජනතාවට ව්‍යාජ තොරතුරු වාර්ථා කරමින් ආර්ථිකය දිනෙන් දින විනාශ මුකයට ඇද දමා එහි පීඩනය ජනතාවගේ කර මත පැටවීමට කටයුතු කලා.

සංචරන සීමා කරමින් ජනතාව නිවෙස්වලට කොටු කරන අතරම විවිධ නීති ගෙන එමින් ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කලා.එපමනක් නොව මේ විනාශකාරී පාලනයට එරෙහිවීමට ඇති සියලු මාර්ග අවහිර කලා.

මෙවැනි පසුබිමක් තුල ඉතිහාසයේ සාර්ථකම විපක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය ජනතාවාදී ව කටයුතු කලා.විපක්ෂ නායක වරයා ඉතාමත් බුද්ධිමත්ව ජනතාව ආරක්ශා කරගැනීමට හැකි සෑම පියවරක්ම ගත්තා.රජයෙන් විය යුතු කටයුතු පෙන්වා දෙමින් ඒවා ක්‍රියාත්මක කරවීමට උපරිම දායකත්වයක් ලබා දුන්නා.ජාත්‍යන්තර සහය ලබා ගැනීමේදී රජයටත් වඩා කාර්‍යභාරයක් ඉටුකලා.එමෙන්ම රට පත්කර ඇති අසීරු තත්වය ලොව හමුවේ වසං කරමින් රටේ ගෞරවය ආරක්ශා කරගැනීමට කටයුතු කලා.
ඒ අතරම තම මන්ත්‍රී කණ්ඩායම හරහා රට පුරා ජනතා ගැටලු සොයමින් ඒවා විසදා ගැනීමට අවශ්‍ය බලපෑම රජයට එල්ල කරා.තුනෙන් දෙකක බලයක් සහ විධායක බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව ඉතිහාසයේ සාර්ථකම විපක්ෂය සහ විපක්ෂ නායකයාගේ භූමිකාව මැනවින් ඉටු කලා.
සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අවංක සහ එඩිතර නායකත්වයෙන් විපක්ෂය මෙලෙස කටයුතු නොකලා නම් රටේ ජනතාව අදවන විට පත්වන තත්වය සිතාගැනීමට වත් නොහැකි වන්නට තිබුනා.

නලින්ද රාජපක්ෂ – මාතලේ

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

කොරෝනාවෙන් මිය යන සෑම ජීවිතයක් ගැනම රජය වගකිව යුතුයි.. රංජිත් අලුවිහාරේ..

Published

on

By

වසරකට වැඩි කාලයක් තිස්සෙ පවතින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වූ රජයේ දුර්වල කලමනාකරණය නිසාම සියලුම ජටේනතාවගේ ජීවිත විශාල අවධානමකට ලක්ව තිබෙනවා. මේ තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුතු වන්නේ ජනපතිවරයා ඇතුලු කැබිනට් මන්ඩලය බව මා තරයේ කියා සිටිනවා.

පලමු දෙවනි රැලි වලදී මෙන්ම මේ අවස්තාවේදීත් රජය කටයුතු කරන්නේ  පුල්ලි ගොනා ගෙට පැන්නා මෙන් කිසිදු වගවීමකින් තොරවයි.

වසංගතය ක්‍රමානුකූලව පාලනය සදහා අවශ්‍ය සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම වෙනුවට රජය මුල සිටම කලේ අත්තනෝමතික හිතුවක්කාරී අන්දමින් රෝගය පැතිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීමයි. එමෙන්ම සංචරණයන් නිසි ලෙස නිසි අවස්තාවේ පාලනය නොකර කඩින් කඩ සීමා පනවමින් වැරදි පූර්වාදර්ශයක රජය කටයුතු කලා.එමෙන්ම  රෝග පාලනය සදහා අවශ්‍ය හදිසි එන්නත්කරන වැඩසහනට කිසිදු පෙර සූදානමක් තිබුනේ නෑ.

අවශ්‍ය තරම් එන්නත් අවශ්‍ය අවස්තාවේදී ආනයන නොකර නිද්‍රාශීලිව පසු උන ආණ්ඩුව එන්නත්කරන වැඩපිලිවෙල හමුදාව මත පටවා දේශපාලනිකව පම්පෝරි ගසමින් තම වගකීම පැහැරහැර  කටයුතු කර තිබෙනවා. එමෙන්ම කිසිදු හදිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාවලියකට සෞඛ්‍ය සේවාව සූදානම් නොකොට එන්නත් කරනයේ සංක්‍යාලේකන භාවිතකරමින් දෛනික රෝගීන් සහ මරන ගනන සගවමින් ජනතාව නොමා යැවීමට කැබිනට් මන්ඩලයම කටයුතු කරමින් සිටිනවා.

මේ වනවිට දිනකට රෝගීන් 2000  ඉක්මවා වාර්තාවන තත්වයක් තුලත් රජය PCR පරීක්ෂණ විදිමත්ව වැඩිකිරීමට කිසිදු පියවරක් අරගෙන නෑ.එමෙන්ම පෙර සිදුකල පරීක්ෂණ ගනනවත් කිරීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සපයා නෑ.

සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් කිසිවක් ගනන් නොගන්නා රජය ඔවුන්ගේ ගරුත්වයත් පරිහානීයට යවමින් සෞඛ්‍ය අංශ කෙරෙහි තිබුන ජනතා විශ්වාසයද බිද හෙලා තිබෙනවා.එමෙන්ම එදා යුද්ධය ජයගෙන රටට කීර්තියක් ගෙනා රනවිරුවන් පිලිබදව තිබූ ජනතා විශ්වාසයද රජයේ මේ වැඩපිලිවෙල නිසා අද බිදවැටෙමින් පවතිනවා.

මා යෝජනා කරන්නේ මේ මොහොතේ හෝ සෞඛ්‍ය අංශවලට කොවිඩ් පාලනය භාර දී රජයේ දේශපාලන ක්‍රියාවලියෙන් එය නිදහස් කරන ලෙසයි.අනෙක් කාරණය නම් එන්නත්කරන වැඩපිලිවෙල ශක්තිමත් කර පාසල් සිසුන් සහ කුඩා දරුවන් මාරයාට බිලිවීම වලක්වා ගන්නා ලෙසයි.රජය නිසි පියවර නොගැනීම හේතුවෙන් මේ වනවිටත් ජීවිත 4500 ක් පමන අපිට අහිමි වී අවසන්. ඒ හැම ජීවිතයක්ම බේරාගත හැකිව තිබූ නමුත් රජයේ දුර්වල කලමනාකරණය නිසා අපිට අහිමි වූ ඒවායි. එබැවින් ඒවාගේ වගකීම භාරගන්නා ලෙසත් ඒ පවුල්වලට යුක්තියක් ඉටුකරන ලෙසත් මා අවධාරණය කරනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා මේ බව පැවසුවේ පසුගියදා දඹුල්ලේ ගොවීන් පිරිසක් හමුවූ අවස්තාවේදීයි.

නලින්ද රාජපක්ෂ – මාතලේ

Continue Reading

Politics

සිරිකොත යළි ඇවිලෙයි.. රනිල් මේ පාරත් අපිව ඇන්දුවා..

Published

on

By

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය තුළ ගිනි පුපුරු මතුවෙමින් තිබෙන බවයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මුල් කොටගෙන.

ඉලක්ක වෙත ළඟා වීමට නොහැකි වීම

පසුගිය මහ මැතිවරණයේදී එ.ජා.ප යට ලැබුණු එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම හරහා බලාපොරොත්තු වූ ඉලක්ක කිසිවක් ළඟාකර ගන්නවා තබා ඒ පිළිබඳව ඉඟියක්වත් පළ නොවීම සම්බන්ධයෙන් එ.ජා.පය තුළම මතයක් නිර්මාණය වෙමින් තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඉතා කෙටි කලකින් අවම වශයෙන් සමගි ජන බලවේගයේ 10 -15 අතර පිරිසකගේ සහය ලබාගෙන සමගි ජන බලවේගය තුළ අර්බුද ඇති කිරිම වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කළ යුතු යැයි යෝජනා සම්මත කළ අයගේ අරමුණ හා ඉලක්කය වුණා.

එක මන්ත්‍රී කෙනෙකුගේවත් සහය නැහැ

එහෙත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට වික්‍රමසිංහ මහතා ගෙන ආ සංශෝධනය සම්මත කර ගැනීමට සමගි ජන බල වේගයෙන් තබා සමස්ත විපක්ෂයෙන්ම මන්ත්‍රීවරයකු සොයා ගැනීමට වික්‍රමසිංහ මහතාට නොහැකි වීම සම්බන්ධයෙන් එ.ජා.පය තුළ බරපතළ කතිකාවතක් ඇති වෙමින් තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

සමගි ජන බලවේගයේ සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වික්‍රමසිංහ මහතා සමග එකතු වන බවට විශේෂයෙන්ම එ.ජා.ප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රසිද්ධියේම කළ ප්‍රකාශයද මේ වන විට එ.ජා.පය තුළ විහිළුවක් බවට පත් වී තිබෙන බවත් වාර්තා වනවා.

යළිත් සුපුරුදු රැවටිල්ල

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට මුල් වී කටයුතු කළ දැනට එ.ජා.පය තුළ ඉතිරිව සිටින ජේෂ්ඨයන්ද පවසන්නේ වික්‍රමසිංහ මහතා යළිත් වතාවක් සුපුරුදු ලෙස තමන්ව රැවටු බවයි.

වික්‍රමසිංහ මහතාව එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමග ඒ සඳහා සුදුසුකම් ලබා සිටි වික්‍රමසිංහ මහතා හා සමාන ජේෂ්ඨත්වයක් ඇති ජෝන් අමරතුංග මහතාද පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඈත් වෙලයි සිටින්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුහුණ දෙන පාස්කු ඉරු දින ප්‍රකාශය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් මැදිහත් වී ඔහු හරහා සමගි ජන බලවේගය තුළ යම් ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහයක මේ දිනවල වික්‍රමසිංහ මහතා නිරතව සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

am.lk

Continue Reading

Politics

මීළඟට එන ආණ්ඩුවක් ගැන මෛත්‍රීගෙන් ඉඟියක්..

Published

on

By

මීළඟ ආණ්ඩුවක් ගැනීම පිළිබඳව ඉඟියක් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළ කර තිබෙනවා.

ඒ රට මුහුණ දී සිටින ආර්ථික අර්බූදයට මීළඟට පැමිණෙන ආණ්ඩුවකට විසඳුම් ලබා දිය හැකිද යන්න තමන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන බව සඳහන් කරමින්.

උදාහරණ සහිතව විසඳුම් පෙන්වීම

ඊට හිටපු ජනපතිවරයා පිළිතුරු දෙන්නේ තමන් ජනපති ධුරය දරද්දී කටයුතු කළ ආකාරය උදාහරණ සහිතව පෙන්වමින්.

එදා තමන්ගේ රජයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණේ තමාට හෝ තමන් දරපු ජනපති ධූරයට නොව තමන් අනුගමනය කළ ප්‍රතිපත්තියට බවයි සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සබඳතාවයේ වැදගත්කම

රට මුහුණ දී සිටින ප්‍රධානම ප්‍රශ්නය වන විදේශ සංචිත හිඟකමට පිළියම් සෙවීමේදී පළමුවෙන්ම අවධානය යොමු කළ යුත්තේ ජාත්‍යන්තර සබඳතා වලට බවයි හිටපු ජනපතිවරයාගේ අත්දැකීම වන්නේ.

ඒ හරහා බොහෝ රටවල් වලින් උදව් උපකාර ගත හැකි බව හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ තම පාලනය යටතේ ඇති වූ පොහොර හිඟයට පාකිස්ථානයෙන් උදව් ලබා ගත් ආකාරය සහ ගෑස් ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ කටාර් රාජ්‍යයෙන් ඊට කඩිනම් විසඳුම් ලබාගත් ආකාරය මතක් කරමින්.

පොහොර හා තෙල් අඩු මිලට

පොහොර හා තෙල් ඉතාමත් අඩු මිලට ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමට හැකිවූයේ තම පාලන කාලයේ බවයි හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ.

හිටපු ජනපතිවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරමින් සිටිනවා.

am.lk

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk