Connect with us

Sports

මොකක්ද මේ කරන්නේ.. ඇයි පරණ මැච් තාම බලන්නේ.. සනත්ට කේන්ති යයි…

Published

on

දැනට වසර විස්සකට විසි පහකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ජයග්‍රහි තරග නැරඹීම තවදුරටත් ප්‍රායෝගික නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි ආරම්භක පිතිකරු සනත් ජයසූරිය සඳහන් කරයි.

ඔහු කියා සිටින්නේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඒ ආකාරයෙන් ආඩම්බර විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් ක‍්‍රිකට් බලධාරීන් මෙන්ම ක්‍රීඩකයන්ගේ පැත්තෙන්ද කැපකිරීම බොහෝ ප්‍රමාණයක් සිදු කළ යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් ද ඉතා දක්ෂ ක්‍රීඩකයන් බවත් ඔවුන් නිසි ලෙස කළමනාකරණය කිරීම කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

තමන් ඇතුළු පිරිසගේ කාලයේ ශ‍්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩා තරග පෙන්වීම ගැන අකමැත්තක් නැති නමුත් වත්මන් කණ්ඩායම ද ඉහල තත්ත්වයට ගෙන ආ යුතු බවද ඔහු පැවසීය.

සිරස රූපවාහිනිය සමග පැවති වැඩසටහන අදහස් පළ කරන ලදී.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sports

කුසල් දික්වැල්ල ධනුෂ්කට සහනයක්.. නිර්දේශිත දඬුවම් ලිහිල් කරයි.. නියම කල දඬුවම් මෙන්න..

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක‍්‍රීඩකයන්ට නිර්දේශ කරන ලද දඬුවම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔවුන්ට එල්ල වී ඇති විනය විරෝධී චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටු නිර්දේශ මත පදනම්ව ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් තීරණය කර ඇත්තේ ඔවුන්ට මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි.

  • රුපියල් මිලියන 10ක් බැගින් දඩ
  • වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක්
  • වසරක ජාත්‍යන්තර තරග තහනමින් පසුව තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත
  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනය

කෙසේ වුවද ඔවුන් එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුල බිඳිමින් විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කිරීමට පත් කර තිබූ විනය කමිටුව විසින් නියම කර කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලක වසර දෙකක ක්‍රිකට් තහනමක්ද නිරෝෂන් දික්වැල්ල මාස සඳහා 18ක ක්‍රිකට් තහනමක් ද ඔවුන් තිදෙනාට එක් අයෙකුට ඩොලර් 25,000 බැගින් දඩයක් ද ලෙසයි.

කෙසේ වෙතත් අවසන් බලධාරියා වන ක්‍රිකට් විධායක කමිටුව විසින් එම නිර්දේශිත දඬුවම් තරමක් ලිහිල් කර ඇත. නමුත් ඔවුන්ට පනවා ඇති දඩය ලක්ෂ 50 කින් පමණ ඉහළ දමා ඇත.

Continue Reading

Sports

ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංඡනය ඇදුමට දාන්න බෑ කියති…

Published

on

By

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු කරද්දී ශ්‍රී ලංකාවේ ලාංඡනය එම ඇඳුම් වලට එක් කිරීමට විරෝධය පල කර ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තු අත්සන් කිරීමට නීතිඥයන් හරහා වර්තමාන ක්‍රීඩකයන් කොන්දේසි දමා ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කණ්ඩායමේ හතර පස් දෙනෙක් නායකත්ව බල තණ්හාව පෙරේත කම නිසා හැමෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී ඇතැයි ද ඔහු පැවසීය.

නායකයා වීමට එක එක්කෙනා ඇණ කොටා ගන්නා බවද එක්කෙනාගෙ කකුලෙන් අදින බව ද ඒ මහතා කියයි.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

තමන් ක්‍රීඩා කරන කාලයේ නායකත්වයට කිසිවෙකු අතර බල පෙරේතකමක් නොතිබුණු බවත් තමන්ට වඩා කනිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන නායකත්වයට පත් වූ අවස්ථාවේ තමන් ඇතුළු සියලු දෙනාම ඔහුට සහාය දුන් බව ද මුරලිදරන් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ද ප්‍රසිද්ධියේම සමාජ ජාල මගින් චෝදනා කර ගැනීම මෙරට ක්‍රිකට් පරිහානියට හේතු වී ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පෙන්වා දුන්නේය.

Continue Reading

Sports

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල සංගක්කාර.. අර්ජුන..

Published

on

By

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.

2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk