Connect with us

Local

‘රට ඉවරයි.. ඉතුරු ටිකවත් බේරගන්න පන්ඩිතයිනි මෙහෙම කරන්න..’ ගම්පහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් බියකරු හෙලිදරවුවක්…

Published

on

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥවරයෙකු වෙත යොමු කළ පණිවිඩයක් උපුටමින් ගම්පහ ලීසන්ස් රෝහලේ විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතා විසින් තමන් සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

රට ඉවරයි. ඉතුරු ටිකවත් බේරගන්න පන්ඩිතයිනි මෙහෙම කරන්න

මෙම පණිවිඩය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යතිරුමාවලවන් මහතාගේ මුහුණුපොත වෙත යොමු කල පණිවිඩය සිංහලෙන් මෙසේය.

උපුටා ගැනීම ආරම්භය

“ගම්පහ රෝහලේ තත්වය නරක තත්වයෙන් ඉතා නරක තත්වයට හැරෙමින් පවතී. සාමාන්‍ය වාට්ටුවේ පවා ඔක්සිජන් අත්‍යවශ්‍ය රෝගීන් 14ක් සිටිනවා තවම යන්ත්‍ර අවශ්‍ය නැහැ ඒ අයට
ඊයේ වෙනතුරු බිත්ති ඔක්සිජන් යන්ත්‍ර නොතිබුනි.ඊයේ එය සකස් කර ගත්තේ යම් අනුග්‍රාහක පිරිසකගේ පිහිටෙනි.මෙවැනි අනුග්‍රහයන් මගින් තව බොහෝ දේ කල යුතුව ඇත.

මාගේ ඒක රෝගියයෙකුට යන්ත්‍රයක් අවශ්‍ය නිසා ICU දැමිය යුතුව ඇත. නමුත් ICU පිරිලා නිසා ඔහු පෝලිමේ සිටියි. රටේම ICU පෝලිමට දමා ඇත. ඔහු එහි 14 වෙනියාය.
මම ඊයේ මුලු වාට්ටුව පුරාම රෝගීන් බැලුවෙමි. මෙම ලෙඩුන් බලා ගැනීමට අවශ්‍ය තරම් පිරිස නැති බව දැක කණගාටු වුනෙමි. ඔවුන්ගේ පෝෂණය ලබාදීම්, සනීපාරක්ෂාව,ලබාදීම ඉතා අසීරුය.

ඊයේ වයස්ගත රෝගියෙකු මියගිය අතර ඊට පෙර දින දෙදෙනෙකු මිය ගියා. අපට මේ සියලු 50 කට ආසන්න රෝගීන් සඳහා අධි වේගී ඔක්සිජන් සපයන යන්ත්‍ර දෙකක් ඇති අතර NIV (බට ඇතුලට නොදමා ඔක්සිජන් ලබා දෙන යන්ත්‍ර) එකක් ඇත. මෙම සියලු රෝගීන් ගෙන් 20% පමණ ඔක්සිජන් ගැලවීමට නොහැකිය. ගැලවු විගස ඔවුන් මියයනවා.

ඊයේ එකක් රෝගියෙකු පෙනහලු ගර්ථයක් පුපුරා අසාධ්‍ය විය. මෙම ක්‍රමය තුල විශේෂ ICD (හද ගැස්ම නිරීක්ෂනය කරන ගමන් වෙනසක් ආ විට විද්‍යුත් තරංග යවා එය නිවැරදි කරන)දමා නිරීක්ෂනය කිරීම සිහිනයකි. අපිට ඇති රිදී රේඛාවක් නම් ඉතා මහන්සියෙන් කැපවීමෙන් නොකඩවා වැඩකරන නිර්භය ජ්‍යෙෂ්ඨ ලේඛාධිකාරි විශේෂඥ වෛද්‍ය වරු දෙදෙනෙකු හදිසි ප්‍රතිකාර සේවයට ලැබී තිබීමයි. ඔවුන් ගෙන් එක් අයෙකුගේ සහෝදරියක් එංගලන්තයේ සිටින අතර මේ තත්වය අසා දැනගත් ඇය ඔක්සිජන් සිලින්ඩරයට ගසා ඔක්සිජන් ලබා දෙන පාලක උපකරණ දහයක් මිලදී ගැනීමට වහාම ඊයේ රාත්‍රියේම මුදල් එව්වාය. එසේ නොවුවා නම් අපට මහා ව්‍යසනයක් විය හැකිව තිබුනි”

– උපුටා ගැනීම අවසන්

කොවිඩ් පැතිරීම වළක්වා ගෙන රට ආරක්ෂා කර ගැනීමට පසුගිය වසර පුරාම මාගේ මුහුණු පොතේ සහ වෙබ් පුවත්පත් වල සිය ගනන් ලිපි පලකලත්, අවශ්‍ය තැන් වලට යොමු කළත් ඒවාට නිසි අවධානයක් නොලැබ නොදුටු, නොඇසූ ආකාරයට සිටි සෞඛ්‍ය බලධාරීන් ඔවුනොවුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කලා මිස රට බේරා ගැනීමට ක්‍රියාකලා දුටුවේ නැත. එය දැන් ඇස් ඉදිරිපිට ඔප්පු වී හමාරයි. දැන් අප ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය බලමු ඉන්දියාව අපට හොඳම ආදර්ශයයි.

කොවිඩ්රෝගය පැතිරීම වැලැක්වීමට අපි අසමත් වූවෝ වෙමු. රට වහලා බැහැ කියපු අය දැන් රටේත් නැත. දැන් අපි මේ සිදුවන මරණ වළක්වමු.

1. පොසිටිව් රෝගියෙකු ගැන දැන්වීමට පොදු අංක තුනේ දුරකතන අංකයක් වෙන් කරන්න. එතැනින් අවශ්‍ය දිසාවට පණිවිඩය යවන්න සලසන්න.

2. රෝගීන් ප්‍රවාහනය සඳහා සුදුසු වාහන බහුල ලෙස සකස් කරමු. ගිලන් රථ විතරක් නොව වෑන් වුවද සකසා ගමු. ඒවාට මුදල් ගෙවා ලබා ගත හැකි අයට එසේ කරන්න ඉඩ දෙමු. පොසිටිව්වුනත් ස්වසන අභහසුතා නැති අය ගෙදර තියමු. තද නිරෝධායනය නීති ක්‍රියාත්මක කරමු.ස්වසන අපහසුතා ඇති රෝගියෙකු ගැන දැන්වූ විට එම රෝගියා ස්වසන අපහසුතා වලින් පෙලෙයි නම් වාහනයක් එවා කලින් සූදානම් කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කට යැවිය යුතුය. වාහන රාශියක් අවශ්‍යයි.රෝහලුත් රාශියක් අවශ්‍යයි.

3. හමුදාවේ ඇඳන් වැඩි කිරීමේ ආකල්පය නිසා නිසා අපට ඉන්දියාවේ මෙන් ඇඳක් ලබා ගැනීමට මග වැතිරී, කාර්වල හෝ ත්‍රිරෝද රථවල දිග ඇදී විලාප දෙමින් ආයාචනා කරමින් සිටිය යුතු නොවේ. හැකි තරම් රෝගි ලක්ෂණ ඇති අපහසුතා ඇති රෝගීන්ට පමණක් ඇඳක් ලබා දෙමු. තූත්තුකුඩියෙන් හෝ ඇඳක් දෙමු. එනිසා අසීමිත ලෙස දහස් ගනන් වලින් ඇඳන් වැඩි කරමු.දැනට ඒ සඳහා රණවිරුවන් කරන සේවය අගයමු.

4. හැකි තරම් ඔක්සිජන් නිපදවා හෝ ආනයනය කර අසීමිතව ගබඩා කර තබා ගනිමු. හැකිනම් ඔක්සිජන් ප්ලාන්ට් එම රෝහල් පරිශ්‍රයේ ම සවිකර නිපදවනු. සුළු පරිමාණයේ ඔක්සිජන් නිපදවන්නන් ගෙන් තත්ව පරික්ෂා කල ඔක්සිජන් ලබා ගමු.

5. හැම ඇඳකටම ඔක්සිජන් සිලින්ඩර් එක බැගින්ද ඒවාට සවිකරන ඉහත සදහන් කල පාලක උපකරණයක් බැගින්ද සූදානම් කරමු.

6. දිවයින පුරා ඇති ICU ඇඳන් ගැන , සජීවිකරණ වාර්තා තබා ගමු. හිස්වෙන තැන්, හිස් වෙන අයුරු දිස් කර ගනිමු. Uber එසේ කරනවා නම් අපිට බැරි ඇයි. ඒ සඳහා තාක්ෂණ වේදී සහය ගමු.

7,අධි වේගී හා බිත්ති ඔක්සිජන් ලබා ගැනීමට, ICUඇඳන් හැකිතරම් වැඩිකර ගැනීමට අනුග්‍රහය දක්වන අය සොයා ගැනීමට මාධ්‍යවල පිහිට පතමු. මේ නිර්ලජ්ජිත මාධ්‍ය දැන්වත් මෙයට උදව් කරනවාද කියා බලමු.රෝගය පතුරවන්න විවිධාකාර කෝලම් සූදානම් කල ඔවුන් මෙසේ රෝගීන්ට බේරාගැනීමට උදව් නොකලොත් ඔවුන් මනුෂ්‍යවර්ගයාගේ සතුරන් ලෙස සලකමු. මේ කෝලම් වැඩ සටහන් නවත්වා, දේශපාලකයින්ගේ කෙරුම් හා කයිවාරු නවත්වා මේ දේවල් කරන්න. ඔවුන්ගෙන් කොවිඩ් මර්ධනයට ලැබුනේ ඇල්පෙනෙතිතක තරම් සේවයකි බොරු නම් පසුගිය වසර පුරා ඔවුන්ගේම ප්‍රවෘත්ති ආපසු බලන්න. දේශපාලකයන්ගේ කෙරුම් හා වාද විවාද හා මිනිසුන් සැබෑ ලෝකයෙන් වෙන් කර සිහින ලෝකවල රඳවන වැඩ සටහන් හැර මේ රෝගය ගැන වැඩ සටහන් තිබුනේ කීයද?පක්ෂ විපක්ෂවල ධනවතුන්ටත් දැන් පුලුවන් රට වටා ගොස් මේ උදව් උපකාර වැඩි දියුණු කරන්න. ඔවුන්ගේ හැකියාව පරිත්‍යාග ශීලි බව දැන් පෙන්වන්න

8.කොවිඩ් තව දුරටත් පැතිරීම වැලැක්වීමට මේ අයුරින් තද ලොක්ඩවුන් කරමින් දුප්පත් අයගේ පිහිටට ආධාර ලබාගනු. සියලු වියදම් නවත්වා මාසයක කාලයක් මෙලෙස ලොක්ඩවුන් කලොත් වෛරසය අක්‍රිය වී එය පාලනය කල හැකි මට්ටමකට පැමිනේ.

9. ඒ අතර එන්නත් ලබා දීමේ වත්මන් ක්‍රමය වහා නවතා ආරක්ෂා කාරී ලෙස ඔන් ලයින් ක්‍රමයකට ඒවා ලබා දීමට කටයුතු කරන්න . නැතිනම් රෝගය තවත් පැතිරේවි. මෝඩ ලෙස ක්‍රමයක් නොමැතිව සෙනග රැස් කිරීම භයානක බව අමනයන්ට නොපෙනේද?තව තවත් එන්නත් මිලදී ගැනීමට උත්සාහ කරන්න. හැකිනම් පුද්ගලික අංශයට හැකි අයුරකින් ඒවා ලබා ගැනීමට ඉඩ දෙන්න.ඇෆ්ලටොක්සින් පොල්තෙල් මෙන් නොව තත්ව පරික්ෂා කර ඒවා ගෙන්වීමට අවසර දෙන්න.

10. මා නිතර නිතර කියු ලෙස පුටු රත්කරන නිද්‍රාශීලී සෞඛ්‍ය බලධාරින් එලවා, සක්‍රියව බිම් මට්ටමේ සිට වැඩ කල හැකි අය පත්කර ගන්න. එහෙයියෝ නොව සටන් කාමින් රටට හොඳය.

11 ඔක්සිජන් දෙන්න පුහුනු හෙදියන්ම අපට නැහැ. වැඩ කරන හැටි කියල දීල පුහුණු වන හෙදි, හමුදා අයට මේක බාර දෙමු. ඉන්දියාවෙ නම් වටේ ඉන්න අය දෙන්නෙ. ඒ විතරක් නොවේ හෘද මසාජ් දෙන්නෙත් වටේ ඉන්න අය.

මේ රට ඉවර වෙන්න ඇත්තේ තව ටිකයි. විපක්ෂ පක්ෂ සියලු දෙනාටයි මේ පණිවිඩය. අරහෙම කලා නම් හොඳයි, වැරැද්ද මෙයාගෙ, අපි හිටියනං මෙහෙම වෙන්නෙ නැහැ වගේ පුහු වහසිබස් නොදොඩා සියල්ලන් එකමුතුවී රට බේරා ගැනීමට දැන් වැඩ නොකලොත් ඔය ලොකු ලොක්කෝ, පක්ෂ විපක්ෂ හා අපි ඔක්කොම ලඟදීම දුම් රොටු ලෙස අහසට යාවි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

දරුවන්ට Online අධ්‍යාපනය නොමිලේ….

Published

on

By

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදිම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

2021 ජුලි 21 දින වන විට මුල් අදියර ලෙස පාසල් 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත (Online) පන්ති e-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

විවිධ යෙදුම් හරහා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ දී දත්ත සඳහා දරුවන්ට වැයවන සැපයුම් සේවා ගාස්තු මෙන්ම අනෙකුත් දුෂ්කරතා මගහැරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ දී අවධානය යොමු විය.

රජය විසින් දැනටමත් විධිමත්ව ස්ථාපිත කර ඇති e-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක් ලෙස යොදාගත හැකි බව මෙම හමුවේ දී තීරණය කෙරිණි.

ඒ අනුව මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ට ලංකා රාජ්‍ය මේඝය තුළ ප්‍රමාණවත්තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කරදෙමින් දැනට වඩා විශාල සිසුන් පිරිසකට එකවර ඊට ප්‍රවේශවිය හැකි අවස්ථාව සලසන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දුන්නේය.

අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනී නාලිකාවක් සහ ගුවන්විදුලි සේවාවක්පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. එවැනි රූපවාහිනි හා ගුවන් විදුලි සේවාවක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය දැනටමත් සංඛ්‍යාත ලබාගෙන ඇති බව මෙහිදී හෙළිවිය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයතනයන්හි දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිත කර අදාළ සේවාවන්ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

සන්නිවේදන කුලුණු අලුතින් ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වනවිටත් මාර්ගගත අධ්‍යාපනය ලැබීමේ දී අන්තර්ජාල ආවරණ බාධා,ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම් නොමැතිව අසරණව සිටින දරුවන්වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් අවශ්‍ය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

ඒ අනුව ආර්ථීක දුෂ්කරතා මැද මාර්ගගත ඉගෙනීම් කටයුතුවල නිරත දරුවන්ගේ අධ්‍යාපනය සදහා සුදුසු ජංගම දුරකතන මෙවලමක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස්කර ඒ පිළිබදව තමන් දැනුවත් කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අන්තර්ජාල ආවරණය පිළිබද දැනට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් e -තක්සලාව මගින් ඉගැන්වීම තහවුරු කිරීම සඳහා ග්‍රාමීය වශයෙන් හඳුනාගත්මධ්‍යස්ථාන (උදා: ප්‍රජා ශාලා, නැණසල විහාරස්ථාන සහ පරිගණක සම්පත් මධ්‍යස්ථාන), “ e-තක්සලාව ඉගෙනුම් මධ්‍යස්ථාන ”ලෙස කුඩා සිසු කණ්ඩායම් සඳහා ඉගෙනුම් අවස්ථා සලසන මධ්‍යස්ථාන බවට පත්කරන්නැයි ද අමාත්‍ය නාමල්රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

අදාළ කටයුත්තේ දී ඉගෙනුම් අවස්ථා ලබාදීමට අවශ්‍ය මධ්‍යස්ථාන හඳුනාගැනීමේ කාර්යය සහ පරිගණක උපාංග ලබාදීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස්, අධ්‍යපනප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත්, කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරු සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

– midea unit

Continue Reading

Local

ඥාණසාර හිමිට V8 රථයක් කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජූලි 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ එය පක්ෂයට නැවත ලබා දිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

ඒ සඳහා රතන හිමියන් පොරොන්දු වු බවත් එය පක්ෂය සමග ඇතිකරගත් එකඟතාවයක් බවත්් ඥානසාර හිමියෝ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන්ට ජීප් රථයක් මිලට ගැනීමට මුදල් දුන්නේ ඇමෙරිකාවේ සිටින ව්‍යාපාරිකයෙක් බවද පැවසූ ඥානසාර යනු ඒ සඳහා සාක්ෂි ලෙස හඬ පට ද ඉදිරිපත් කරන ලදී.

රතන හිමියන් විසින් එම වාහනය ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ රතන හිමියන් විසින් තමන් වහන්සේට ප්ලේන්ටියක් වත් ලබා දී නැතැයිද කියා සිටිති.

Continue Reading

Local

වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ජාතික රෝහලේදී ගහලා..

Published

on

By

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි.

වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ලෙස හදුන්වමින් 13000 කට එම ස්ථානයේ එන්නත්කරණය කළ බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම කොළඹ ආසන්න තවත් රෝහල් කිහිපයකම ඒ ආකාරයේ එන්නත් කරණ සිදු කර තිබෙන බවද පැවසූ ඔහු එසේ තිබියදී උණවටුනේ පමණක් සිදුවීමට පරීක්ෂණ කරන්නේ කුමන නීතියකින්දැයි ප‍්‍රශ්න කලේය.

පරීක්ෂණ කරන්නේ නම් සියලු ස්ථානයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk