රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් මුල්කරගෙන ගනු ලබන පළමු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 29 කෑමපැයේ උද්ගොෂණයක නිරත වීමට නියමිතය.
ජනපතිට ලියා දැන්නුවද , ගත්තු ක්‍රියා මාර්ගයක් නැහැ වෘතිය සමිති 33ක් එකාබද්ධව අරගලයට යොමුවු බව සමිති සම්මේලනය කියයි . රාජ්‍ය සේවකයෝ වැටුප් මුල්වු අරගලයට යොමුවීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය (27) දින නාරාහේන්පිට ලංකා වෘත්තීය සමිති සම්මේලන ශාලාවේදී පවත්වන ලදී.
එහිදි මුළිකව
- රාජ්‍යසේවකයින් ජිවත්වෙන්න සදුසු අවම රුපියල් 10000 වැටුප් වැඩිකිරිමක් හෝ දීමනා වැඩීකිරිමක් ලබාගැනිම
2 . රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස 65ක් දක්වා දීර්ඝ කිරීමේ තිරිණය අහෝසිකරණු
3 . රාජ්‍ය නිලධාරි භාෂණ ලේකන නිදහස සිමා කරමින් පලකල චක්‍රලේකනය අහොසිකරණු
- “රාජ්‍ය සේවකයින් රටට බරක්” යැයි ප්‍රකාශය ඉල්ලා අස්කරගනු
ප්‍රධාන කාර්ණ 4 මුල්කරගෙන රටපුරාම උද්ගොෂණ සිදුකිරමට තිර්ණය කර ඇති අතර ඒ අනුව අද 29 සදුදා කෑම පැයේදි උද්ගොෂණයක නිරත විමට කටුතු සම්පාදනය කර ඇති බව ශ්‍රිලංකා රාජ්‍යසේවා වෘතිය සමිති සම්මේලනය පවසා සිටි. ඒ අනුව දිවයින පුරාම දිස්ලේකම් කාර්යාල ප්‍රාදේශිය ලේකම්කාර්යාල කොළඹ මහනගර සභාව ඇතුලු සියලු පලාත්පාලන ආයථන වල නිලධාරින් ගොවිජනසේවා දුම්රිය , තැපැල් ඇතුලු රාජ්‍ය ආයථන වල රාජ්‍ය සේවා නිලධාරින් එකතු වීමට නියමිතය
මේ පිලිබදව දීර්ඝ වශයෙන් පසුගිය 27 සිදුකල සාකච්ඡාවට රාජ්‍ය සේවයේ විවිධ අංශවල වෘතිය සංවිධන එකතුවු අතර ඒ අතර සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරි, කළමනාකරණ සේවා නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ, නිෂ්පාදන සහකාර නිලධාරි, සියලු ක්ෂේත්‍ර නිලධාරින්, තැපැල් හා දුම්රිය ඇතුළු රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් සම්බන්ධ විය.
මේ අනුව, ‘වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව’ වශයෙන් සිදුකරණ ප්‍රධාන උද්ගොෂණය කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතා දැක්වීමේ ක්‍රියාමාර්ගයත් එයට සමගාමි උද්ගොෂණ සියලු දිස්ත්‍රික්වල රාජ්‍ය කාර්යාල දේපාර්තමෙන්තු ඉදිරිපිට නොවැම්බර් 29 දිනට සිදුකිරිමටත් යොදාගෙන ඇති බව රාජ්‍ය නිලධාරි වෘතිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බි.ඒ. ප්‍රදිප් බස්නායක මහතා නිවේදනක් නිකුත්කරමින් දන්වා සිටිති .