Connect with us

Politics

ලංකාවේ පිහිටීම අනුව පැය 05ක් තුල ලෝකයේ භූමි ප්‍රමාණයෙන් අඩක් ආවරණය කල හැකියි..

Published

on

චීනය, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් ලොව ආර්ථික කුණාටුවලට සාර්ථකව මුහුණ දෙන්නේ ඔවුන් අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත සිය රටවලට ආකර්ෂණය කරගෙන ඇති නිසා බව පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාව ද එවැනි අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කර ගැනීමට නම් එම දැනුමෙන් සන්නද්ධ මානව සම්පතක් කඩිනමින් නිර්මාණය කළ යුතු බවත් එහි මුල් පියවර ලෙස දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ (25) කඩුවෙල මහනගර සභාව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය එක්ව ඇරඹූ පරිගණක තාක්ෂණ පුහුණු පාසල විවෘත කිරීමෙන් අනතුරුව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අද ලෝකයේ තිබෙන බල ගැටුම් අනුව ඇමරිකා එක්සත් ජනපදය, ජපානය ඇතුළු වෙනත් බොහෝ රටවල චීනය තුළ ස්ථාපිත කර තිබූ අධි තාක්ෂණික කර්මාන්ත බොහෝමයක් චීනයෙන් ඉවත් කරගෙන වෙනත් රටවල් කරා රැගෙන යමින් තිබෙනවා. ඇමරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන වෙළඳ ගැටුම හේතුවෙන් චීනය තුළ ස්ථාපිතව තිබූ අධි තාක්ෂණික කර්මාන්ත වියට්නාමයට හෝ වෙනත් රටවලට රැගෙන යාමට ඇමරිකාව පෙළඹී තිබෙනවා. ඒ අධි තාක්ෂණික කර්මාන්ත අපේ රටට ආකර්ෂණය කර ගැනීමට තිබෙන විශාලතම බාධාව තමයි ඒ අධි තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ ප්‍රජාවක් අපි ගොඩනඟාගෙන නැතිකම. එවැනි පරපුරක් නිර්මාණය කරගෙන තිබුණා නම් ඉහත වෙළඳ ගැටුම හේතුවෙන් ඇති වන නව අවකාශය අත්පත් කර ගැනීමේ අවස්ථාව අපේ රටට ඕනෑවටත් වඩා තිබෙනවා.

‘ අධි තාක්ෂණික දැනුමට පෙරවදනක්’

අපේ රටේ පිහිටීම අනුව පැය 05ක් ඇතුළත ලෝකයේ භූමි ප්‍රමාණයෙන් අඩක් ආවරණය කිරීමේ ඉඩකඩ තිබෙනවා. මෙවැනි සුවිශේෂී පිහිටීමක තිබෙන රටක මානව සම්පතට තොරතුරු තාක්ෂණය පමණක් නොවෙයි සියලු අධි තාක්ෂණික දැනුම ලබා දීම පාලකයන් හැටියට අප සියලුදෙනාගේම වගකීමක් සේ ම යුතුකමක්. අද කඩුවෙල මහා නගර සභාව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමග එක්වී අද මේ සිදු කරන්නේ ඉහත අධි තාක්ෂණික දැනුම අනාගත පරපුරට දායාද කිරීමේ මෙහෙයුමට පෙරවදනක් ලිවීමයි. අධි තාක්ෂණික දැනුම ලබා ගැනීමට නම් අපේ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කළ යුතුයි.

‘ අධි තාක්ෂණික කර්මාන්ත ආකර්ෂණය’

දකුණු කොරියාව වැනි රටවල් අද ආර්ථිකමය වශයෙන් ඉහළින් සිටින්නේ අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කර ගැනීමට එම ප්‍රජාවට හැකිවූ නිසයි. චීනය, වියට්නාමය වැනි රටවල් ද අද ලෝකය ඇතැම් ආර්ථික සුළි කුණාටුවලට මුහුණ දෙන්නෙ අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කරගෙන සිටින නිසයි. අද අපටත් ඇති අභියෝගය අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්තයන් ආකර්ෂණය කර ගැනීම. ඒක කරන්න නම් ඒ පිළිබඳ හැකියාවන්ගෙන් අනූන මානව සම්පතක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍යයි.

මම හිතනවා, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වැනි ආයතන සහ මෙවැනි කුඩා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන, යන මේ සියල්ලෙන්ම මෙරට දරුවන් එම අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත සඳහා අවශ්‍ය හැකියාවන් ලබා ගැනීමේ දිසාවට පොළඹවනු ලබනවා, කියා. එම පෙළඹවීම සඳහා තබන ලබන සෑම පියවරක්ම අප හමුවේ වන ඉහත අභියෝගය ජය ගනු ලැබීම පිණිස තබන පියවරක් වනු ඇති. මා ඉතා සතුටු වෙනවා කඩුවෙල මහ නගර සභාව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අද ගනු ලැබූ ප්‍රශස්ත පියවර පිළිබඳව. පසුගිය වසර තුනක පමණ කාලය තුළ සම්ප්‍රදායික න්‍යාය පත්‍රයෙන් එළියට ගිහිල්ලා පක්ෂ පාට භේදයෙන් තොරව කඩුවෙල මහ නගර සභාවේ සියලු මහජන නියෝජිතයන් එකතු කර ගනිමින් විශාල වැඩ කටයුත්තක් සිදුකරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරමින් මෙම පරිගණක පුහුණු පාසල මේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ඉහත කී අධි තාක්ෂණික දැනුම ලබා ගැනීමට අවශ්‍ය පෙරවදනක් වනු ඇති බව ද පෙන්වා දීමට කැමතියි.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරු සහ කඩුවෙල නාගරික කොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්.. පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

Published

on

By

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.

Continue Reading

Local

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

Published

on

By

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය උද්ගත කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ වන විට ආණ්ඩු බලය දරන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් ඒ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Continue Reading

Local

සුපිරි වාහන 227 ආනයනය නතර කරන්න බැරිනම් ගෙනාවට පසුව ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්න – JVP

Published

on

By

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සදහා සුඛෝපබෝගී වාහන 227 ක් ආනයනය කිරීම සදහා කර ඇති ඇණවුම අහෝසි කිරීමට නොහැකිනම් එම වාහන මෙරටට ආනයනය කළ පසුව ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දමා එම මුදල් මහජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

රුපියල් කෝටි 5 බැගින් වූ සුඛෝපබෙගී ජීප් රථ 227ක් රජය විසින් මන්ත්‍රිවරුන් වෙනුවෙන් ඇණවුම් කර ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

මන්ත්‍රීවරුන් සදහා සුඛෝපබෝගී වාහන ගෙන්වීම පිටුපස විශාල මූල්‍ය වංචාවක් සිදුවන බවටද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී චෝදනා කර සිටියා.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk