Connect with us

Entertainment

ලංකාවේ පළවෙනි යූ ටියුබ් මිනි සිරීස් එක මෙන්න..

Published

on

ජෑම් කියන්නේ ලබන 25 වෙනිදා ඉදලා යූ ටියුබ් එකෙන් බලලා රස විදින්න පුලුවන් මිනි සිරීස් එකක්.ඉතින් මං හිතන්නේ ලංකාවේ පළවෙනි යූ ටියුබ් මිනි සිරීස් එක මේක.ඊට කලින් කොළොම්බියා කියලා සිරීස් එකක් යූ ටියුබ් එකේ ගියා. නමුත් මේ general එකේ සිරීස් එකක් නෙමෙයි කොළොම්බියා කියන්නේ. ඒ වුනත් ඉතාම හොද වැඩක් ඒකත්. ඉතින් ජෑම් ගැන කථා කරනවනං මේක ඉතාම පරිස්සමින් කරපු improvisation ඝණයේ බොහොම සියුම් පර්යේෂණාත්මක වැඩක්.මේක අයිති වෙන category එක ගත්තොත් experimental ,drama ,thriller කියන category එකට තමයි මේ නිර්මාණය අයිති වෙන්නේ. මේකට සම්බන්ධ වෙන ශිල්පීන් සියල්ලම පාහේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ ,සම්මානලාභී තරුණ පිරිසක් වීම තමයි විශේෂත්වය.උදාහරණයක් විදියට කුසල් මධුරංග රාජ්‍ය සම්මානලාභී නළුවෙක් මේ දිනවල “පාර දිගේ” ටෙලි නාට්‍යේ බණ්ඩා ගේ චරිතය නිරූපණය කරන්නේ ඔහු.තිලංකා වික්‍රමසිංහ ඇයත් රාජ්‍ය සම්මානලාභී දක්ෂ නිළියක්,ශානක උදාර,දුලංජ දිල්ශාන්.මෙහි රංගනයට දායක වන සියළුම පිරිස සම්මානයට පාත්‍ර වූ නලු නිළියන්.

ඒ වගේම මෙහි අධ්‍යක්ෂකවරයා ශානක උදාර ඔහු සම්මානලාභී වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්,අධ්‍යක්ෂකවරයෙක් සහ රංග වින්‍යාස ශිල්පියෙක්. මෙම නිර්මාණය යූ ටියුබ් හරහාම විකශනය කරන්න හේතුවක් තියෙනවා ඒ තමයි නිර්මාණ ශිල්පීන්ට,රංගන ශිල්පීන්ට තමන්ගේ ස්වාධීනත්වය රැකගෙන කටයුතු කරන්නට පුලුවන් ප්ලැට්ෆෝම් එකක් හදන එක.ඒක තරමක් ලොකු process එකක්.නමුත් රූපවාහිනී මාධ්‍ය තුළ ශිල්පීන්ට ලැබිය යුතු නිදහස සහ ස්වධීන්තවය අහිමි වෙමින් තිබෙන මෙවැනි යුගයක.රැල්ලට නොයා මෙවැනි විකල්ප අත්හදා බැලීම් වලට පෙළඹීම ඉතා හොද කාරණයක් ලෙස තමයි පෙනෙන්නේ.

ඉතිං මම හිතනවා රසිකත්වය තිබෙන මන්ද බුද්ධික නොවන ඕනම පුද්ගලයෙකුට මෙම මිනි සිරීස් එක රස විදින්න පුලුවන්.තව එකක් කියන්න තියෙනවා ලංකාවේ යූ ටියුබර්ස් ලා ගැන ලොකු පොඩි මතිමතාන්තර ගොඩක් තිබෙනවා.නමුත් මෙය පැහැදිලිවම කිව යුතුයි .ජෑම් යනු විහිලුවක් නොවේ එය තුළ යම් යම් තැන් වල හාස්‍ය තිබුණත් එය Thriller category එකේ ඉතාම සංකීර්ණව නූතන තරුණයා පෙළෙන සමාජීය ප්‍රශ්න පිළිබද බොහොම විෂ්ලේශණාත්මකව බොහොම පරිස්සමින් කරපු මිනි සීරීස් එකක්.එහෙනම් ජෑම් වෙන්නෙ නැතුව ලබන 25 වෙනිදා ඉදලා යූ ටියුබ් එකෙන් බලලා රස විදින්න කියලා මම ආරාධනා කරනවා.

Facebook Youtube

Click to comment

Leave a Reply

Your email address will not be published.

Entertainment

නලින් පෙරේරාගේ අලුත්ම ගීතය ‘ඔය ඇස් ආදරෙන්’ අන්තර්ජාලයට…

Published

on

By

මෙරට කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් තමයි මේරියන්ස් සංගීත කණ්ඩායම කියන්නේ.

නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම එදා සිට ගැයූ ගීත සියල්ලම අදටත් ජනප්‍රියයි.

පසුගිය දා මේරියන්ස් සංගීත කණ්ඩායමේ සංවත්සරයද යෙදී තිබුණ අතර නලින්ගේ අලුත්ම ගීතයත් පසුගිය දවසක අන්තර්ජාලයට මුදා හැර තිබුණා.

මේ ගීතය තමයි ‘ඔය ඇස් ආදරෙන්’ කියන්නේ.

නලින් පෙරේරාට මේ ගීතය රචනා කර තිබෙන්නේ නාමල් ජයසිංහ විසින්. ඒ වගේම ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය කනිෂියාස් ප්‍රනාන්දු සිදු කර තිබෙනවා.

Continue Reading

Entertainment

රැළි

Published

on

                  වෙසක් අහවර වී, පොසොන් ද පසු වී, දැන් සරුංගල් වාරය ඇවිදින්ය. වෙසක් කාලයට වෙසක් කූඩු ලංකාව පුරා දැක ගත හැකිය. දැන් බලන බලන අත ගමේ මෙන්ම කොළඹ අහසේ ද සරුංගල් ය. වෙසක් කූඩු වල රැලි වලින් පසු දැන් සරුංගල් පස්සේ එල්ලාගත් රැලි දැක ගැනීමට වැඩි ඉඩක් ඇත. ඉස්සර අපට ගමේ දී දැකගත හැකි වූයේ ද මෙවැනි රැලි වර්ගයි. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ සිවුරේ රැළි, හුලං වැඩි දවස් වලට ගමේ වැව් තාවුල්ල ට එන දියරැළි, අලුත කොටපු හේනක නගින දුම් රැලි, ලොකු නංගී ඉස්කෝලෙට යන්න කලින් සුදු ගවුමේ ලස්සනට උජාරුවට මැදලා තියන සුදු රැලි, දැකපු අපිට එහෙන් මෙහෙන් ටෙලිවිෂන් එක හරහා මැයි රැළි ද දැක ගත හැකි විය.

                     කලකට ඉහත අපි කොළඹ ආවෙමු. දැන් ඒ රැලි නැත. මුහුදු රැලි දැක ගත් අපි සියැසින්ම මැයි රැළි ද දැක ගත්තෙමු. රැළි ගොස් ඒ වීරවරු නිවසට ගිය පසු ඒ රැළි වලින් ඉතුරු වූ කුණු කඳු අදින කම්කරුවන් ද දුටුවෙමු. කෙසේ හෝ අද රැළි සංස්කෘතිය වෙනස් වෙලා ය. අද මුහුදු රැලි, චිත්‍රපට රැලි, නව ගීත රැළි, අභිබවා “ජන රැළි” කොළඹ වසා ගනිමින් පවතී.

“රැළි නගා ගලන ගංගා දියේ”

“මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ”

“රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ”

“වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා”

              අදට වඩා එළිය හදක් හෙට පායා වී යැයි සිතමින්, ගීත ගයමින්, ඝෝෂා කරමින්, ජනරැල්ල කොළඹට එයි. බුලත්විට සපමින්, කෑකෝ ගසමින්, ජය පාඨ කියමින්, ඇඹිලිපිටියෙන්, මාතරින්, මොනරාගලින්, අනුරාධපුරයෙන්, මහියංගනයෙන්, එන මහජන රැලි වල මුහුණු මත සිනහ රැළි අප දකින්නේ එදාටම පමණය. තාප්පවල ලයිට් කණුවල ඇලවී සිටින අපේ පාලක ඇත්තන්ගේ සිනහ රැළි නම් එදත්, අදත්, හෙටත් එලෙසම තිබෙනු ඇත, අස්වනු නෙලන දාට ගමේ පියසේන මාමගෙ මුහුණේ තිබෙන සිනහ රැල්ලත් දැන් දැන් මැකී ගොස් ය. කන්නක් තිස්සේ මිලදීගත් බඩු වලට ණය හිලව් පිය වූ පසු, මාමා ආයෙත් ඊළඟ කන්නයේ ණය බේරෙන තෙක් මුදලාලිගේ කඩෙන් ණයට කෑ යුතුය. මහජන රැලි රාජ්‍ය බලය වෙනස් කළා අපි දුටුවෙමු. ඉදිරියටත් එසේ වනු ඇත. ෆේස්බුක් ප්‍රචාරණ රැලි ලොකුවටම ගසනු ඇත. සියල්ල සෝදාපාළුවට ලක් කර අලූත් රජයක් පිහිටවනු ඇත. ජනතාවට සෙතක් සැලසෙනු ඇත. රට සුඛිත මුදිත වනු ඇත. ගොවියාට වස බොන්නට සිදු නොවනු ඇත. සිනමාහල් නොවැසෙනු ඇත. කලාව ඔප් නැංවී, රට සහලින් ස්වයංපෝෂිත වී, ලංකාව ආසියාවේ ආශ්චර්යය වනු ඇත. අවසන අපි සිහිනෙන් අවදි වනු ඇත. රට තවමත් තිබූ තැනම තිබෙනවා දැක ගත හැකි වනු ඇත.

           අපි සියල්ලෝම සිහින දකිමු. ජීවත්විය නොහැකි රටක සිට වුවද, ඔබත් මමත් සිහින දකිමු. මතු දිනෙක එය සැබෑ වේ යයි අපි සිතමු. අනවශ්‍ය මාර්ග තදබද නැති, පොල් ගෙඩිය, හාල් කිලෝව, කිරිපිටි පැකට්ටුව එදාට මෙතරම්ම මිල නොවනු ඇත. ඡන්ද අපේක්ෂකයන් වෙනුවෙන් ජනතාව දෙපිලකට බෙදී ඔවුනොවුන්ට ගුටි බට ඇණ නොගනු ඇත. බත් පැකට් එකකට හෝ රුපියල් දාහකට නැතිනම් අරක්කු බෝතලයකට වහල්වී ඈත ගම් දනව් වල සිට චාරිකා යනවා සේ තම තමන්ගේ ගෙදර දොර එදිනෙදා වැඩකටයුතු අතහැර දමා කොළඹ නොයනු ඇත. ජනතාව රැල්ලක් මෙන් නැගී සිට, රට ජාතික ප්‍රතිපත්තියක් කරා මෙහෙයවිය යුතු බවට හඬගා කියනු ඇත. දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වී, ඝෝෂා කරමින්, මඟ දෙපස තම පන්තියේම ජනතාවට හිස් බෝතල් වලින් ගසමින්, කුඩා දරුවන්ට පෙනෙන ලෙස කෑකෝගසමින්, තිරිසන් ලෙස හැසිරෙමින්, බස් රථ වලට ගොඩ වී, නිකරුණේ කොළඹ විත් තම වටිනා කාලය කා නොදමනු ඇත.

          තම දරු මල්ලන්ට ද ආශිර්වාදයක් වී, ඔවුන් වැඩිවිය පැමිණි කළ “පොල් ගෙඩිය රු1000” යන මැයින් ලියවුණු බෝඩ් ලෑල්ලක් මුදලාලි තම කඩේ එල්ලා ගන්නට පෙර, රටට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ව ගම් දනව් වල සිටම සිතනු ඇත. එසේනම් අප කඩේ යා යුත්තේ අපට ම නොවේද. රටේ ජීවත් වන්නේ අපිමය. තෙල් මිල, බඩු මිල පීඩා කරන්නේද අපිටම ය. මහා ජන රැල්ලක් ලෙස ගොඩනැගී සිටිය යුත්තේ තවෙකෙක් වෙනුවෙන් නොව අප විසින් අප වෙනුවෙන් ම ය. අපේ දරු පරපුර වෙනුවෙන් ම ය. හැකි ඉක්මනින් ජනරැල්ල ජනතාව වෙනුවෙන්ම නැගී නොසිටියහොත්, ඉන්දියන් සාගරයේ මුතු ඇටය කෙසේවෙතත්, සාගරේ නිකංම නිකං ‘ඇටයක්’ තරමටවත් රටක් අපට ඉතිරි නොවනු ඇත.

    -අනුරාධ විජේසිංහ-

Continue Reading

Entertainment

චිත්‍ර කලාවට උපන් හපන්කම් දක්වන දිල්මි ප්‍රමෝද්‍යා..

Published

on

කලාව කියන්නේ හරි දෙයක්, අපිට කලාව කියන්නේ මේකයි කියලා කියන්න බැ එත් අපිට කලාවේ වීවීධ අංශ තියෙනවා ඒ සංගීත කලාව, නර්තනය , නාට්‍ය කලාව වගේම චිත්‍ර කලාව ඉතිං අද අපි මේ කියන තරුණිය දක්ෂකම් පෙන්නේ චිත්‍ර කලාවෙන් ඉතිං වැඩි කතා අවශ්‍ය නැ අපි ඇයගෙන්ම විස්තරය දැනගමු…

(1) ඔයා ගැන අපිට විස්තර ටිකක් කිව්වොත් එහෙම

මගේ නම දිල්මි ප්‍රමෝද්‍යා හෙට්ටිආරච්චි, සාමාන්‍යපෙළ හා උසස්පෙළ හදාරන්නෙ කළුතර බාලිකා විද්‍යාලයෙන්, මගේ පවුලෙ විස්තර අම්මයි තාත්තයි අයියලායි තමයි.

(2) දැනට ඔබ මොනවාද කරන්නේ

උසසපෙළ හදාරලා ගෙදරට වෙලා ඉන්නවා මුලින් විනෝදාංශයක් විදියට තමයි art වැඩ පටන් ගත්තෙ

(3) දැනට ඔබ මොනවාද කරමා දන්නා විදිහට ඔබ විවිධ දක්ෂතා තියෙන කෙනෙක් අපිටඒ ගැන චුට්ටක් මුලින් කියමු.

මම පුංචි කාලෙ ඉදලම චිත්‍ර අදින්න, නිර්මාණ කරන්න එහෙම හරි ආසයි, මම පාසල් තුනකට ගිහින් තීනවා, පාසල් තුනේදිම art වලින් කැපී පෙනෙන ශිෂ්‍යාවක් වෙන්න පුලුවන් උනා, මට මතකයි එක වතාවක් පාසලේදි කරන්න දීපු නිර්මාණයක් මම කුඩා කාලෙදි කරගෙන ගිහින් ඒ විෂයට අදාල මිස්ට දුන්නම ඒ නිර්මාණෙ පිළිගත්තෙ නෑ විසි කලා මේසෙන් එහාට ඒ නිර්මාණය මම නෙමෙයි කලේ කියලා, එදානම් මට ටිකක් දුක හිතුනා ඒත් අදනම් මට ඒක මතක්වෙද්දි හරි සතුටුයි.

(4) ඔයා මේ නිර්මාණය කරන අපුරැ නිර්මාණ වල ආරම්භය ගැන කිව්වොත්

ආරම්භය ගැන කිව්වොත් මම පාසලක් වශයෙන් art වලට වැඩි තැනක් දීලා වැඩ කරලා තරග වලට සහභාගි වෙලා තිබුනෙ කුඩා කාලෙ grade 3 -5 වෙනකම් ගිය පයාගල සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලෙදි, කළුතර බාලිකා විද්‍යාලෙදිත් මම ගොඩක් වැඩ කලා, o/l වෙනකන්ම මම චිත්‍ර විෂය තමයි හැදෑරුවෙ, හැබැයි ඉතිම් ලොකු වෙද්දි චිත්‍ර විෂයට සහභාගි වෙනවට වඩා මම පීරියඩ් එක cut කරලා තියෙනවා.
මම කරන මැටි නිර්මාණ, මම අදින චිත්‍ර වලට සහ අනෙකුත් නිර්මාණ වලට ගොඩක් ලොකු අත්වැලක් උනා මම grade 6-7 චිත්‍ර ක්ලාස් එකකට ගියා අසංක සර් ලගට, ඒකෙදි තමයි ගොඩක්ම චිත්‍ර වලට වඩා මගේ අනෙකුත් දක්ෂතාවයන් ගැන මට මුලින්ම අදුනාගන්න ලැබුනේ.

(5) ඔයාට සමාන්‍යයෙන් එක් නිර්මාණයක් සදහා කෙතරම් කාලයක් යනවාද?

ගතවන කාලයනම් එක එක නිර්මාණ වලට එක එක විදිහයි, හැබැයි නිර්මාණ කරන්න පටන්ගත්තම කාලෙට වඩා ඉක්මනින් දැන් මට නිර්මාණයක් ඉවර කරන්න පුලුවන්, ඉස්සරහට ඒක තව වැඩි දියුණු වෙයි කියලා හිතනවා.

(6) ඔබ දැනට කර තිබේන නිර්මාණ ගැන පැවසුවොත්..

• මම පෙන්සිල් art එකක් කලොත් මට ඊලග නිර්මාණයත් pencil art එකක්ම කරන්න හිතෙන්නෙ නෑ. මම කැමති වෙනස් වෙනස් නිර්මාණ කරන්න, මම දැනට විවිධ නිර්මාණ කරලා තියෙනවා, දැනට කරලා තිබෙන නිර්මාණ ටිකක් තමයි,
° pencil arts
° wood burning
° stone arts
° කැටයම්
° මැටි මූර්ති
° Microsoft paint drawing
° 3D arts
° cardboard toy car
° wall arts
° Art pieces sets

(7) ඔයාට අමතක කරන්න බැරි සුන්දරම නිර්මාණය මොකක්ද කිව්වොත්..

සුන්දරතම නිර්මාණය කියන්නෙ මම හරිම ආසයි stone එකක මම චූටි කිටියෙක්ව ඇන්දා, ඒක මගෙන් මිලදී ගන්නත් ගොඩක් අය ඉල්ලුවා, මට ඒක දෙන්න හිතෙන්නෙත් නෑ මගෙ ලග තියාගන්නමයි හිතෙන්නෙ.

(8) ඔයාට මේ නිර්මාණ සදහා ලැබේන ප්‍රතිචාරයන් කොහොමද?

ප්‍රතිචාරනම් මම හිතුවටත් වඩා ගොඩක් ලැබෙනවා, මට වැඩිපුරම ප්‍රතිචාර ලැබුනෙ microsoft paint එකේ මම කරපු arts ටිකකට 10000 කට වඩා likes ලැබුනා ශ්‍රී ලංකා චිත්‍ර කලාව group එකෙන්. කට්ටියගෙන් Like, comment, share කරලා මගෙ මහන්සියට වටිනාකමක් ලැබෙනකොට ඊට වඩා සතුටක් නෑ ඉතිම්, මාරම සතුටක් දැනෙන්නෙ.

(9) ලංකාව තුල මෙම නිර්මාණකරැවන් හට නිසි තැනක් හම්බ වෙනවාද?

නිසි තැනක් ලැබෙනවද කියන එකනම් මටත් ප්‍රශ්නයක්, ලංකාවෙ දක්ශයො ගොඩක් ඉන්නවා, මගේ මතයනම් හැකියාවයි උනන්දුවයි මහන්සියයි තියෙනවනම් ජාත්‍යන්තරයට උනත් යන්න පුලුවන් උදාහරණ මේ දවස් වල තියෙනවනෙ, ඉතින් ලංකාවට බැන බැන ඉනවට වඩා මමනම් හිතන්නෙ දක්ෂතාවෙන් හරියට ප්‍රයෝජනයක් ගත්තොත් ඉස්සරහට යන්න පුලුවන්.

(10) ලංකාවේ මෙම නිර්මාණයන් සදහා නියම මිලක් නියම වෙනවාද ඒ ගැන කිව්වොත්..

මිල ගැන කිව්වොත් ඕනම චිත්‍ර ශිල්පියෙකුට මේ අත්දැකීමනම් ඕන තරම් ඇති “කඩදාසියක ඇදපු චිත්‍රයක් ඇයි මේ තරම් ගණන්?” ඔය විදියට ඕන තරම් කට්ටිය අහලා ඇති, ඒත් ඒකට වෙන මහන්සිය, කාලය, පිරිවැය ගැන දන්නෙ චිත්‍ර ශිල්පියා පමණයි. වෙන අයෙකුට එය නිකන්ම නිකන් කොළයක ඇදපු චිත්‍රයක් වෙන්න පුලුවන්, ඉතින් සමහර නිර්මාණ වලට ඇතැම් පිරිස්ගෙන් ලැබැන වටිනාකම හිතාගන්න පුලුවන්නෙ.

(11) මං දැක්කා ඔබ විසින් ඩිජිටල් ආට් කරලා තියෙනවා ඒ ගැන සදහන් කලොත්..

මම ඩිජිටල් arts ගැන වැඩි දුරටත් හදාරන්න බලාපොරොත්තිවෙන් ඉන්නෙ, දැනට මට ලැබුනු වැඩිම ප්‍රතිචාර ලැබුනෙත් මම කරපු ඩිජිටල් ආර්ට්ස් ටිකකට.

(12) ඔයාගේ මේ නිර්මාණයන් වෙන කාට හරි මිල දී ගන්න පුළුවන් ද කොහොමද?

ඔව් මම customer orders වලට pencil portrait කරනවා, තව මැටි නිර්මාණ gift items විදියට හදනවා customer ඉල්ලන විදියට, ඊට අමතරව මම දැනට කරලා තියෙන නිර්මාණ වගේ දේවලුත් ඉල්ලනවා, ඒවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

(13) ඔයාගේ ඉදිරි බලාපොරොත්තු මොකක්ද ?

ඉදිරි බලාපොරොත්තුවත් කලා ක්ෂෙත්‍රයෙන්ම ඉදිරියට යන්න තමයි

ලංකාවේ මෙවැනි දක්ෂ තරුණ, තරුණියන් ඉතා සම්පතකි ඒ ඔවුන්ගේ දක්ෂතා මඟින් ලංකාව තුල කලාව ඉදිරියට මෙන්ම වර්ධනයට ලක්වන බැවින්ය. දිල්මි ප්‍රමෝද්‍යා ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් මම අදට සමු ගනිමි………………

-පසිඳු දම්රිසි-

Continue Reading

Trending