Connect with us

Tech

ලබන වසරේදී ටෙස්ලා හියුමනොයිඩ් රොබෝගේ මූලාකෘතිය දියත් කරන බව එලොන් මස්ක් පවසයි..

Published

on

“ටෙස්ලා බොට්” හියුමනොයිඩ් රොබෝ මූලාකෘතිය ලබන වසරේ දියත් කරන බව ටෙස්ලා ඉන්කෝපරේෂන් ප්‍රධාන විධායක එලොන් මස්ක් පැවසීය.
ටෙස්ලාගේ AI දින උත්සවයේදී කතා කරමින් ප්‍රකෝටිපති ව්‍යවසායකයා කියා සිටියේ අඟල් 5 අඟල් 8 ක් පමණ උසැති මෙම රොබෝ යන්ත්‍රයට බෝල්ට් සවි කිරීමේ සිට කාර් වල යතුරක් සවි කිරීම හෝ වෙළඳසැල් වල සිල්ලර බඩු ගැනීම වැනි කාර්යයන් හැසිරවිය හැකි බවයි.

මෙම රොබෝ යන්ත්‍රය මඟින් “ආර්ථිකය සඳහා ගැඹුරු බලපෑමක් ඇති කළ හැකි” බව මස්ක් පැවසීය. යන්ත්‍රය “මිල අධික” නොවන තැනීමක් බව ඔහු පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tech

oxygen නිෂ්පාදනය කරන යන්ත්‍රයක් නව නිපැයුම්කරුවෙක් සාදයි..

Published

on

oxygen කියන්නේ අපි කාටත් නැතිව බැරි දෙයක් ඉතිං අසාධ්‍ය රෝගීන් සදහා කෘතිමව oxygen ලබා දෙනවා කියලා ඔයාලා ‍දන්නවා. ‍ඒ oxygen නිෂපාදනය කරපු ඒවා ඉතිං වර්තමාන covid ත්තවය සමඟ oxygen හිඟයක් ආවා ඒවා යම් රටවල් වලින් අවශ්‍ය oxygen සැපයුම ලබා ගත්තා.

අපේ ලංකාවේ නව නිපැයුම්කරුවෙක් oxygen නිෂ්පාදන කරන යන්ත්‍රයක් සැදිමට සමත් වෙනවා ඒ රවිඳු සමරසිංහ ඔහු විසින් තමා මේ යන්ත්‍රය නිෂපාදනය කරලා තියෙන්නේ. මේ යන්ත්‍රය ඔහුගේ එක් නිෂ්පාදනයක් පමණයි තවත් බොහෝ දේ ඔහු විසින් නිෂපාදනය කරලා තියෙනවා. ඔහු ගැන කතා කලහොත් ඔහු මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචිව සිටිනවා . ඔහුගේ මුලික අධ්‍යාපනය මාතර කොකාවල මහා විද්‍යාලයේ ද උසස් පෙළ සදහා engineering technology විෂය ධාරාවෙන් මාතර මහා විද්‍යාලයේ ඔහු අධ්‍යාපනය හදාරනවා. ඉන්පසු රවිඳු සමරසිංහ රත්මලාන වෘත්තීය තාක්ෂණය විශ්ව විද්‍යාලයේ mechatonics තාක්ෂණවේදි උපාධිය හදාරන දෙවන වසරේ ශිෂ්‍යයෙක් විදිහට දැනට අධ්‍යාපනය හදාරමින් සිටි.

ඔහුට මුලින්ම මේ අදහස මතු වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ ඇතිවුන oxygen හිඟයත් එක්ක ඔවුන්ට අවශ්‍ය වුනා oxygen නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රම ගැන හොයලා ඒවා ලංකාවේ resources වලට ගැලපෙන අයුරින් සංවර්ධනය කිරිමට. ඉතිං මේ project එක මඟින් resources කිහිපයක් සොයා ගැනිමට සමත් වෙනවා.

ඒ සොයාගත් ක්‍රම වලින් සාර්ථක සහ දැනට භාවිතා වන sustainable ක්‍රමය වු PSA තාක්ෂණය වන අතර මෙම ක්‍රමය මගින් වාතයේ ඇති බහුතර නයිටජන් වෙන් කර ඉවත් කිරිමක් තමා සිදුවන්නේ මෙම තාක්ෂණය උපයෝගී කරගනිමින් ඔහු විසින් Medical , Grade oxygen නිෂ්පාදනය කිිරිමට හැකි යන්ත්‍රයක් සාර්ථකව නිර්මාණය කරන්න හැකි වෙනවා. මෙම යන්ත්‍රය ත්ුල ඇති විශේෂත්වය වන්නේ Airborn තත්වයේ ඇති වෛරස විනාශ කිරිමට හැකියාවක් පවතින බවයි. ඒ මගින් රෝගින් හට virus free ඔක්සිජන් ලබා දිය හැකි බවය.

මෙම යන්ත්‍රය වෛද්‍ය භාවිතයන් සදහා laboratory test කිරිමට තිබෙන බවද මෙහි ඉදිරි කටයුතු සඳහා ශ්‍රි ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය සමග කරගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටි. මෙම යන්ත්‍රය ලඟදිම රෝහල් වෙත ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සහ රවිඳු සමරසිංහ ඇතුළු නව නිපැයුම්කරුවන් හට තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරිමට ධෛර්ය වාසනාව ලැබේවා යැයි කියා සමුගනිමි…..

-පසිඳු දම්රිසි-

Continue Reading

Knowledge

අලුත් වන ලෝකයේ සිනමාකරණය සහ කැමරාකරණය ගැන හරියට දැනගමු..

Published

on

ලෝකය හැමදාම අලුත් වෙනවා ඉතිං ඒ වගේම තමා සිනමාකරණය සහ කැමරාකරණය කියන කේෂත්‍රත් දවසින් දවස අලුත් වෙනවා ඉතිං මේවාට කැමති අයට මේවා දැනගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද කියලා ගැටලුවක් ඇති. ඇත්තටම මේකට විසඳුමක් ගෙනල්ලා තියෙනවා කැමරා ශිල්පි සුරංග එදිරිවීර විසින්.

කවුද මේ සුරංග එදිරිවීර කියන්නේ අපි ඔහු ගැන කතා කලහොත් ඔහු මුලික අධ්‍යාපනය ලැබූ පාසල වෙන්නේ මහානාම මහා විද්‍යාලය පානදුර. ඔහු පාසල් අවධියේදී ගායනයෙන් වාදනය සහ කලා කටයුතුවල ද සහභාගි වී දක්ෂතා පෙන්නවා පාසලෙන් පසු ඔහුගේ පලමුව රැකියාව වන්නේ Flim crew ඒකක සමාජිකයෙකු ලෙසය ( film සිනමා pojector) ඉන් අනතුරුව Tele drama and film production house, සහය කැමරා ශිල්පියෙකු වශයෙන් ද ඉන්පසු පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරාකරණයෙන් සහ ආලෝකකරණ ශිල්පීන් වශයෙන් සේවය කර ඔහු, 2010 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එක්වී කැමරා ශිල්පියෙකු වශයෙන් සේවයට බැදුනු ඔහු. මේ දක්වා රාජකාරි කටයුතුවල යෙදී සිටිනවා. ඔහු සිනමා කේෂත්‍රයේ දැවැන්ත කලාකරුවන් එක් තැනකට එකතුවන සරසවි සම්මාන, සුමති සම්මාන, රයිගම් සම්මාන, සිඩ්නි සම්මාන උළෙලවල් ද ඔහුගේ කැමර‍ාකරණයෙන් ද ඔහු රුප ගත කර ඇති බවද ඉන් නොනැවතුණු ඔහු ශ්‍රි ලංකාවට පැමිණි ලෝක රාජ්‍ය නායකන්ගේ විදේස් සමුළු සඳහා කැමරා ශිල්පියකු වශයෙන් දායකත්වය අදටත් ඔහු ලබා දෙනවා. තවද ඔහු ගැන පැවසු‍හොත් ඔහු මැලේසියාවේ පැවැත්වු අපගේ 72 වන නිදහස් උත්සවය නිමිතිකොට ගෙන. ශ්‍රී ලංකාව පිළිබඳ රුපගත කල වර්තාමය වැඩසටහන් කිහිපයක්. ශ්‍රීී ලංකාවේ හිටපු ගුවන්හමුදාපති, වර්තමානයේ ද සිටින. මැලෙසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය දරණ. කපිල ජයන්පති මහතාගේ ඉල්ලිමකට ලබා දුන් වර්තමය වැඩසටහන් ඒ රටේ විශේෂ ඇගයීමකට ලක් වු බවද. ඒම වැඩසටහන් සඳහා කැමරා ශිල්පි සුරංග එදිරිවීර හට විශේෂ සහතික පත්‍රයක් මැලේසියාවේ මහා කොමසාරිස් කාර්යාලය මඟින් පිරිනමා ඇත. ඔහු වසර කිහිපයක සොයා බැලිම් මත ලෝක සිනමාකරණය සඳහා කැමරා උපාංග නිෂ්පාදනය කරන ආයතන වල උදව්වෙන් ඔහු යූ ටියුබ් නාලිකාවක් නිර්මාණය කොට ඇති අතර සිනමාකරණය සහ කැමරාකරණයට කැමැත්තක් ඇති දූදරුවන් වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරිමට සූදානමින් ඔහු සිටිනවා. ඉතිං අද ඉඳලා ඔයාට මේ වැඩසටහන් යු ටියුබ් (Link) එක ඔස්සේ නැරඔිමට හැකියාව ඇත.

Continue Reading

Covid-19

මේවන විට ඔබගේ ජංගම දුරකතනයේ තිබිය යුතුම ඇප් එක ගැන දැනුවත්ද..?

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු ආයතන 3ක් එකතු වී මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇති අතර. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නිවසේ සිටිම පරික්ෂා කිරිම ඉහත මෘදුකාංගය ඔස්සේ  සිදු කර ගත හැකියාව පවතී. මෙය මඟින් ඔබ හුස්ම ගන්නා ආකාරයද හුස්ම තද කරගෙන තබාගන්නා ආකාරයද රේකෝර්ඩින් ඔස්සේ යැවිමට හැකියාව ඇත. තවද ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතිය ද ඔබට බලා ගැනිමට හැකියාව පවතී. යම් විටකදී ඔබගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නම් වෛද්‍ය කණ්ඩායමක් ඔබගේ ලියාපදිංචි වන දුරකතනය සඳහා අමතනවා.

මෙහිදි ඔබ යම් අවදානම් තත්ත්වය සිටි නම් ඔබගේ කැමැත්ත මත ඒ තොරතුරු අදාල අංශවලට ඔවුන් විසින් යොමු කරනු ලබනවා. අද දවස වන විට ඉතා වැදගත් මෘදුකාංගයක් වෙන මේය ඔයාට පහත තියෙන ලින්ක්  එක හරහා ඔයාගේ දුරකතනයට බාගත කර ගැනිමට හැකියාව පවතිනවා.

ඉතිං ඔයාගේ යාලුවන්ටත් මේ ගැන දැනුවත් කරමු. සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කරමු.

APPLE
GOOGLE PLAY

Continue Reading

Trending