Connect with us

Politics

ලොවට දැනේනන ලෝක බලවතාට රිද්දවු සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 20යි….

Published

on

 ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 254 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 255 වන දිනය).

 අවුරුද්ද අවසන් වීමට තවත් දින 111 ඉතිරිව තිබේ .

2001 වසරේ සැප්තැම්බර් 11 එනම් අදින් වසර විස්සකට එහා පැත්තේ ලෝකය ත්‍රස්තවාදය නිසා බිහිසුණු දිනයක් බවට පත් විය. හරියටම උදෑසන 8.45 (පෙ.ව. 8:46 – පෙ.ව. 10:28 (UTC-4))  ආසන්න වන විට ලෝක පොලිස්කාරයා ලෙස සිටින ඇමරිකානු එක්සත් ජනපදයේ  පෙන්ටගනය හෙවත් ආරක්ෂිත මූලස්ථානයට හා  ලෝක වෙළඳ මධ්‍යස්ථානයට බිල්ලාඩන්ගේ තස්ත්‍රවාදි සංවිධානය ගුවන් ප්‍රහාරයන්  කීපයක්  එල්ල කරන ලදී මෙම  ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස 3000 ආසන්න බවත් ලැබූවන් පිරිස 6000 ට ආසන්න බවක් සැලකේ.

එම වකවානුව වනවිට ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් රැසක විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් තම ත්‍රස්ත ක්‍රියාවන් සඳහා යොදමින් ජනතාව පෙළමින් ජීවත් වූ වකවානුවයි මේ වකවානුවේ අමෙරිකානු ඇතුළු ධනවාදී බොහෝ රටවල් සිය ආයුධ වෙළඳාම පිණිස තවාදීන් පෝෂණය කළ බව එකල කාතුලත් තිබූ පොදු මතයයි. කෙසේ වුව ද ඇමරිකානු ආධිපත්‍යයට ප්‍රහාරයක් එල්ල කළ බිල්ලාඩන් නම් මහ ත්‍රස්ත ඇමරිකානු හදවත බඳු වූ පෙන්ටගනයට හා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කරන්නට යෙදුනේ ඒ අදින් වසර 20ට ඉහතදීය

කවුද  ඇමැරිකාවට ගැහැව්වේ 

අල් ඛයීඩා නමැති අන්තවාදී ඉස්ලාමීය ජාලය, ඇෆ්ගනිස්ථානයේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කළේය. යන්න  පොදුවේ  පිලිගනිති.

මුස්ලිම් ලෝකයේ පවතින ගැටුම් වලට එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාර්ශව වගකිව යුතු බවට ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුක්ත වූ අල් ඛයීඩා සංවිධානය චෝදනා කළේය.

ගුවන් ත්‍රස්වාදින්ගේ  කණ්ඩායමට  19ක් 

ගුවන් යානා පැහැර ගැනීම සඳහා 19 දෙනෙකු ක්‍රියාත්මක වී තිබුණි. ඔවුහු කණ්ඩායම් හතරකට බෙදී කටයුතු කළහ. 

ඒ, පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් තුනක් සහ හතර දෙනෙකුගෙන් යුත් එක් කණ්ඩායමක් ලෙසිනි.    පෙන්සිල්වේනියාවට කඩා වැටුණු යානය පැහැර ගන්නා ලද්දේ හතර දෙනාගෙන් යුත් කණ්ඩායම විසිනි.  මෙම  සෑම කණ්ඩායමකම ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලත් පුද්ගලයෙකු ඇතුළත් කොට තිබුණි. ඔවුන් පුහුණුව ලබා තිබුනේ ද එක්සත් ජනපදයේ වූ ගුවන් යානා පියාසර පුහුණු පාසලකින් බව පසුව සිදුකල පර්යේෂන වලදි  තහවුරු විය .

මෙම ප්‍රහාරකයන් 15 දෙනෙක් සෞදි ජාතිකයෝ වුහ.   බින් ලාඩන් ද උපන්නේ සෞදි අරාබියේ ය. ප්‍රහාරකයන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් විය.   ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු ඊජිප්තු ජාතිකයෙකු වූ අතර අනෙකා ලෙබනන් ජාතිකයෙක්  ලෙසින්  හදුනා ගැනුනි. 

   සැප්තැම්බර්  11  ප්‍රහාරය

සැප්තැම්බර් 11 වනදා උදෑසනම ත්‍රස්තවාදීන් 19 ලොගන් ජාත්‍යන්තර ඩල්ස් ජාක්‍යන්තර සහ හෙවාර්ක් ගුවන් තොටුපලවල්   සිට කැලිෆෝනියා වෙත ගමන් කරමින් සිටි වෙළෙද ගුවන් යානා හතරක්  වලින්   පැහැර ගත්. ත්‍රස්තවාදීන් ඇමරිකන් එයාර් ලයින්ස් ෆ්පයිට් 11 සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ෆ්ලයිට් 175 යන යානා දෙක උතුරු හා දකුණු කුළු‍ණ වෙත පියාසර කරවන ලදී. තවත් ගුවන් කොල්ලකරුවන් පිරිසක් ඇමරිකන් එයාර්ලයින් ෆ්ලයිට් 77 පෙන්ටගනයත්  ප්‍රහාරය  සදහා  යොදැ ගැනුනි    4වන යානාව වන යුනයිටඩ් එයාර්ලයින් ෆ්ලයිට් 93 ඇ.එ.ජ මහ මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ හැපීමට ප්‍රථම පෙනිසිල්වේනියා හී හැන්ක්ස්විල් හිදී අනතුරට පත් වි පිට්ටනියකට කඩා වැටුණි එබවින් එම යානයේ ගමන්ගත්තවුන් මියගියද ? වෙනත් හානි අවම විය

 ˝ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය˝

 වසර  20  කය පෙර සිදුවු ප්‍රහාරවෙන් පසු   ඇමැරිකාව   2021 සැප්තැම්බර් 11 වනදා ප්‍රහාරයට පිළිතුරක් වශයෙන් දියත් කරන ලද හමුදාමය, දේශපාලණමය සහ නිතීමය ක්‍රියාමාර්ග පොදුවේ ˝ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය˝ යනුවෙන් හැදින්වේ. ඇ.එ.ජ ජනපදයට අනුව මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අභිලාෂ වන්නේ ත්‍රස්තවාදී තර්ජන මැඩපැවැත්වීම, ත්‍රස්තවාදී ක්‍රියාවන් වැළැක්වීම සහ අල්-කයිඩා වැනි සංවිධානවල බලපෑමඅවම කිරිමයි. මෙම යුද්ධය සහ එහිදී භාවිතා වන ප්‍රතිපත්තීන් නිරන්තර විවාදයට තුඩු දෙන කාරනා බවට පත්විය

එකල මෙන්ම මෙකලත් . විවේචකයින් තර්ක කරන පරිදි ඒකපාර්ශවීය‍ව සතුරන් නිෂ්ක්‍රීය කරන යුද්ධයක්, මානව අයිතිවාසිකම් උල්ලංගණය සහ වෙනත් ජාත්‍යන්තර නීති උල්ලංගණය සාධාරණීකරණය කිරිමට මෙය යොදා ගෙන ඇත යන්නයි .

ඇමරිකාවේ පමණක් නොව මුළු ලොවටම බලපෑ, ශතවර්ෂය තුළ සිදුවූ දරුණුතම සිද්ධියක් ලෙස එය තවමත් වර්තාගතවේ.

තත්වය මෙසේ තිබියදි   තවදුරටත්   ලොව කොතනක හෝ  ත්‍රස්තවාදය  ක්‍රියාත්මකව  ජනතාව  පීඩනයට පත්කිරිමමනම් නැවැති  නැත..   එසිදුවීම්  සියල්ල  මානව වර්ගයා විනාශයට මානවයා නිර්මිත  අවි යොදාගෙන  වීම   නැවැත නැවැත සැලකිය යුතු නොවේද  ?  

(අන්තර් ජාල තොරතුරු ඇසුරින් )

‍ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි නටබුන්

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

මැයි 9 මනුස්සකම් මරා දමමින් රාක්ෂයා ජයග්‍රහණය කළ රාක්ෂයාගේ දිනයයි.. වාසුට බෑ කියා මහින්ද අමාරුවේ වැටුණු හැටි….

Published

on

By

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර සිටි මහින්ද රාජපක්ෂ මහතා ඔහු වටා සිටිමින් ඔහුගේ තනතුරින් වාසි ප්‍රයෝජන ගත් පිරිසකගේ උවමනාව මත එම ඉල්ලා අස්වීම සිදු නොකළ බවත් අවසානයේ ඉතාම නොගැලපෙන සහ අවනම්බු සහගත ලෙස ධූරයෙන් ඉවත්ව යෑමට ඒ මහතාට සිදු වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ (17) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

මැයි නමවන දා රාක්ෂයාගේ දිනය . මනුස්සකම් මරා දමමින් රාක්ෂයා ජයග්‍රහණය කළ දිනය. දහවලේ රාජ්‍ය ත්‍රස්තවාදය. අදුරත් එක්ක ආවා පුද්ගල ත්‍රස්තවාදය. රාජ්‍ය ත්‍රස්තවාදය වේවා, පුද්ගල ත්‍රස්තවාදය වේවා එහි පාට රතු පාට උනත් කොළ පාට වුණත් නිල් පාට වුනත් මොන පාට වුනත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදය මයි. ඒ ත්‍රස්තවාදය අප පිළිකුලෙන් බැහැර කළ යුතුයි. අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාර නිසා ජීවිත අහිමි වුණු අප හිතවත් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමන් ඇතුළු සියලුම දෙනාගේ පවුල්වලට සංවේගය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

අද අපට ඇහුණා සහෝදරයා මැති ඇමතිවරුන්ගේ කතා. ඔවුන්ගේ කතාවලින් කියවුනේ ජීවිත කාලයක් පුරාවට ඔවුන් ගොඩනගාගත් තමන්ගේ නිවස වාහනය අහිමි වුනු දුක්බර කතා. දේපල හානි සිදුවුණු සහෝදර මන්ත්‍රීතුමන්ලා ට වගේම පාර්ලිමේන්තුවෙන් බැහැරව පහරදීම් දේපළ හානි වීම් වලට ලක් වූ සියලුම දෙනාටත් සංවේගය පළ කරන්න මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

අරගලයට පහරදීම රාජ්‍ය ත්‍රස්තවාදයක් වන්නේ කොහොමද? මේ පහරදීමට පැමිණි සෙනග කැඳවන්නේ ආණ්ඩුවේ ම මන්ත්‍රීවරු. හරියට නාලාගිරි ඇතාට රා පොවලා මත් කළා වගේ මේ ජනතාව තමන්ගේ කතාවලින් කුපිත කරවන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්. මේ සෙනග රැස් කරන්නේ රටේ අගමැතිතුමන්ගේ නිල නිවසට. ඒ වගේම අරගල භූමිය කරා සෙනග මෙහෙයවන්නෙ ආන්ඩුවේ මන්ත්‍රීවරු. මේක රාජ්‍ය ත්‍රස්තවාදය නෙවෙයි නම් වෙන මොකද්ද ?

ඒ වගේ ආරක්ෂක අංශවල වගකීමත් හරියට ඉටු වුණේ නෑ. ආණ්ඩු විරෝධීන් සිටින තැනකට ආණ්ඩුවට සහය දක්වන පිරිසක් එකතු වන විට ගැටුමක් ඇති වන බව හිතාගන්න වත් බැරි බබාලද මේ රටේ ආරක්ෂක අංශ භාරව ඉන්නේ. ගින්දර සහ පුළුන් එක් කළ විට ගිනි ගන්නවා කියලා අප ඉගෙන ගත්තෙ දෙකේ පන්තියේදී. ඒකවත් දන්නැති අය ද මේ රටේ ආරක්ෂාව භාරව ඉන්නේ. අපි දැක්කා පාර්ලිමේන්තුවට වරින්වර දහස් ගණනින් විරෝධතාකරුවන් එනවා. යකඩ වැටවල් දාල යකඩ වැටවල් වලට උල් හයි කරලා කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාර එල්ල කරලා කොහොමහරි සෑම අවස්ථාවකම මේ පාර්ලිමේන්තුවට උද්ඝෝෂකයන් එන එක වලක්වා ගන්න පොලිසිය සමත්වුණා. ඒ සමත්කම ඒ හපන්කම මැයි නම වනදා ක්‍රියාත්මක නොවුනේ ඇයි?

ලෝකයේ සමහර රටවලින් අපවාද අසමින් හදිසි නීතිය පැනය වූයේ හමුදාව අවශ්‍ය වේලාවට යොදවලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලයි. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා ඇහුවා වගේ හමුදාව වෙලාවට යොදවන්න බැරිනම් මේ දාගත්ත හදිසි නීතියෙන් ඇති ඵලය මොකද්ද ?

ගාලු මුවදොර ඉඳන් අරලියගහ මැදුරට කිලෝමීටරයකට වඩා දුරක් තියෙනවා. අරලියගහ මන්දිරයට පැමිණි ජනතාව ගාලු මුවදොර පැත්තට යන එක නවතාගන්නට අවස්ථාව හා කාලය හොඳටම තිබුණා. නමුත් නිසි වෙලාවට පොලිසිය ක්‍රියාත්මක වීමත් සිදු වුණේ නැහැ. පොලිසිය අකර්මණ්‍ය කලේ කවුද ? හමුදාව අකර්මණ්‍ය කලේ කවුද ? පොලිසිය හා හමුදාව අකර්මණ්‍ය කිරීම රාජ්‍ය ත්‍රස්තවාදයේ ම කොටසක් ද කියන එක අපට ප්‍රශ්න කරන්නට වෙනවා.

තමන්ට නිසි ලෙස රාජකාරිය ඉටු කරගැනීමට නොහැකි උනේ තමන්ට ඉහළින් හිටපු නිලධාරීන් දෙන්නෙක් ගේ බලපෑම නිසා යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසමට කළ ප්‍රකාශයේ සටහන් වුණාය කියලා මාධ්‍ය වාර්තා කර තිබුණා. ‍ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ට ඉහළින් සිටින නිලධාරීන් දෙදෙනෙක් ඉන්නේ. පොලිස්පතිෙතුමා ඉන්නවා. මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නවා. ඊට උඩින් ඉන්නේ දේශපාලකයෝ දෙන්නෙක්. එහෙමනම් මේ නිලධාරීන් දෙදෙනා හිතාමතාම මේ ගැටුම ඇති කරගන්නට පරිසරය නිර්මාණය කිරීමේ කටයුත්තට දායක වෙලා රටම ගිනි ගොඩක් අළු ගොඩක් බවට පත් කිරීමේ යටි අරමුණකින් කුමන්ත්‍රණයක යෙදී සිටියා ද කියලා ආණ්ඩුව විසින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.

සමහරුන්ට බලය ලැබුනහම බලයෙන් මත් වෙනවා. තමන්ට කළ නොහැකි දෙයක් නෑ වගේ දෙයක් ඇඟට දැනෙන්නට පටන් ගන්නවා. මේ බලය කවදාවත් අපට නැති වෙන්නේ නෑ වගේ දෙයක් ඇඟට දැනෙන්නට ගන්නවා. බලයෙන් මත් උනාම හැසිරෙන්නේ හරිම නරක විදියට. මේ බලයෙන් මත් වන දේශපාලන සංස්කෘතියට අප දැන්වත් තිත යන්නටම ඕනෑ. එහෙමත් තිත තියා ගන්නට අපට පුළුවන් වුනොත් විතරයි මේ මන්ත්‍රීතුමා ජීවිතය පූජා කිරීමට, අනිකුත් මැති ඇමතිවරු දේපල පූජා කිරීමට රටපුරා ජනතාවට ඇතිවූ පීඩාවට වටිනාකමක් එකතු කරන්නට අපට පුළුවන් වෙන්නේ.

තරාතිරම නොබලා මේ ගැටුම ඇති කිරීමට දායකත්වය දැක්වූ සියලුම දේශපාලකයන් අත්අඩංගුවට ගෙන නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවට අපි මුලින්ම ජනතාවට පෙන්විය යුතුයි. මේක කරහම තමයි ආණ්ඩුවට සුජාතභාවයක් ලැබෙන්නේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියමින් පුද්ගල ත්‍රස්තවාදයෙ යෙදුණු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.

මට අපේ හිටපු ජනපති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් දැවැන්ත සංවේගයක් තිබෙනවා. එතුමා මේ රටට දැවැන්ත සේවයක් කරපු අපි යුග පුරුෂයෙක් විදිහට දැකපු නායකයෙක්. එතුමාට ගෞරවනීය නික්ම යාමක් ලැබිය යුතුව තිබුණා. මේ ගරු සභාව අවසාන වශයෙන් අමතපු දවසේ එතුමා සභාවේ සිටියදී මම මේ පැත්තේ ඉඳන් කිව්වා ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාට ගෞරවනීය නික්ම යෑමකට හිමිකම් තිබෙන නායකයෙක්. ඒ නිසා ඔබතුමාට ගෞරවනීය ලෙස තනතුරට සමු දීමට දැන් කාළය උදාවී තිබෙනවා කියා. වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා මා සමග පැවසුවා එතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතා කරලා දුරකථනයෙන්, එතුමා හමුවෙන්න ගියා. අගමැතිතුමන්ට රටේ තත්ත්වය පැහැදිලි කරලා දීලා ඔබතුමාට ගෞරවනීය නික්ම යෑමක් ලැබීමට නම් වූ වහාම ඉවත්වෙන්න කියලා යෝජනා කළා කියලා වාසුදේව නානායක්කාර මැතිතුමා පැවැසුවා. වසර පනස් පහක පමණ දීර්ඝ මිත්‍රත්වයක් තිබෙන දෙන්නෙක් තමයි මහින්ද සහ වාසු කියන්නේ. එතුමා එකග වෙලා “ හරි වාසු ඔයා කියන දේ මට පැහැදිලියි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා ඉල්ලා අස් වෙනවා” යැයි කියනවා.

නමුත් එතුමාගේ තනතුරේ වාසි ප්‍රයෝජන ලබන පිරිසක්, හරියට මළකුණක් වටකරගෙන සිටින කපුටු රෑනක් වගේ පිරිසක් එතුමා ඉවත්වෙන්න හදපු සෑම අවස්ථාවකම එතුමාගේ ඉවත්වීම අතර කරලා එතුමාට ඉතාම නොගැලපෙන අවනම්බුවක් සහිත නික්ම යෑමක් ලබා දුන්නා.

අපි දන්නවා කතාවක් මෝඩ වඳුරෙක් තමන්ගේ හොඳම යාළුවා විදියට තබා ගත්ත රජකෙනෙක් නින්දට වැටුනා. රජතුමා ගේ ඇඟේ මැස්සෙක් වැහුවම රජතුමාගේ නින්දට බාධා වෙනවා. රජතුමා අතින් ගසමින් මැස්සා එලවා ගන්නට උත්සාහ කරනවා. එතුමාගේ නින්දට මැස්සාගෙන් බාධා වන බව දැක්කම අර වඳුරා පැත්තකින් තියල තිබුන රජතුමාගේ මඟුල් කඩුව අරගෙන මැස්සාට කෙටුවා. මැස්සා බේරුණා. රජතුමා මැරුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෝඩ වඳුරන් පිරිසක් ළඟින් තියාගෙන හිටියේ. ඒ නිසා අර රජ්ජුරුවන්ට ජීවිතය නැති වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට නම්බුව නැති වුණා. ඒ නිසා මේ සිදුවීම මෝඩ මිතුරන්ගෙන් ප්‍රවේසම් වීමට රාජ්‍ය නායකයන්ට හොඳ පාඩමක් කියලා මම විශ්වාස කරනවා.

මැයි නමවනදා මුලින්ම ඇතිවුණා පහරදීම පිළිබද කෝපයක්. දවල් වෙනකොට අපි දැක්කෙ ඒක. හවස වෙනකොට තිබුණේ ඒක නෙවෙයි. දේශපාලන පලිගැනීම්. තමන්ගේ දේශපාලන ප්‍රතිමල්ලවයා හොයාගෙන ගිහිල්ලා පහර දීමේ දේශපාලන පළිගැනීම. තව ටිකක් යනකොට මේක මහා මංකොල්ලයක් බවට පත්වෙනවා. මම කතා කරපු අපේ මැති ඇමැතිවරු විශාල ගණනක් කියපු දෙයක් තමයි ගිනි තියපු දේට වඩා හොරකම් කරගෙන අරගෙන ගිය දේ වැඩියි කියලා.

මැයි නම වනදා වන විට මේ රටේ මොකක්ද දැක්කෙ. සාමය සහජීවනය ගැන දේශනා කරමින් සිටිය පූජකතුමන්ලා සමාජ මාධ්‍ය වලට ඇවිල්ල වෛරය වපුරන්නට ගත්තා. නීතියේ ආධිපත්‍ය යුක්තිය ගැන කතා කරපු කලාකරුවෝ නීති අතට ගන්නට ජනතාවට බල කළා. දැන් ඒ අයගේ ෆේස්බුක් වලට ගිහිල්ලා බලද්දි නම් ඒ දාපුවා දැන් මකළා. හැබැයි අපි ඒවා එකතු කරගෙන තියාගෙන ඉන්නේ. මේ රටේ පූජකවරුන් කලාකරුවන් මේ රටේ ජනතාව කුපිත කරලා දැන් කියනවා සාමකාමී වෙන්න සාමකාමී වෙන්නේ කියලා. එහෙම නම් ජනතාව කුපිත කිරීමට කටයුතු කළ දේශපාලකයන් හොයාගෙන ගිහිල්ලා නීතිය අතට ගෙන කටයුතු කිරීමට පෙළඹ වූ සියලුම දෙනාටත් වහාම අප නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැරදි කිරීමට අනුබල දීමත් අපේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක්.

මැයි නම වන සඳුදා කළු සඳුදාවක්. නැවත මේ මිහිපිට උදා නොවිය යුතු දවසක්. ඒ දවස උදා නොවන බවට වග බලා ගත හැක්කේ එයට විවිධ ආකාරයෙන් දායක වුණු දෙපාර්ශ්වයේම සිටිනා ත්‍රස්තයන් නීතිය ඉදිරියට පැමිණ වීමෙන් පමණයි.

– Media unit

Continue Reading

Local

සජිත් පිලේ තවත් යෝජනාවක් ඡන්දයෙන් පරදී.. ආණ්ඩුව බහුතරයත් පෙන්වයි..

Published

on

By

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ දී එය අත්හිට විය යුතු නැති බවට සම්මත වී තිබේ.

ස්ථාවර නියෝග අත්හිටූවීම් නැති බවට 119 දෙනකු ඡන්දය පාවිච්චි කර තිබූ අතර අත්හිටුවිය යුතු බවට ඡන්දය ලබා දී තිබුනේ 68 දෙනකු පමණි.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට පෙර අවශ්‍ය වූ ස්ථාවර නියෝග අත්හිටුවීමේ සම්බන්ධයෙන් එම ඡන්ද විමසීම පැවැත්විණි.

Continue Reading

Local

අග්‍රාමාත්‍යවරයා අද ජාතිය අමතා සිදු කිරිමට යන විශේෂ ප්‍රකාශය..

Published

on

By

අගමැති රනිල් වික්‍රමසිංහ අද(16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතයි.

ජාතිය ඇමැතීම ඊයේ දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද එය අද සිදු කිරීමට අගමැතිවරයා තීරණය කර ඇති අතර  ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බව ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, පොහොර අර්බුදය, ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව ලබාදීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියමිතයි.

Continue Reading

Trending