Connect with us

Local

විනිසුරු රථයට අසභ්‍ය සංඥා කරමින් ගමන් කල පිරිසක් අල්ලයි..

Published

on

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ මාර්ගයක ගමන් කරමින් සිටි කාර් රථයට බාධා කොට අසෝබන ලෙසින් හැසිරුණු තරුණයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ නෙල්අඩි ප්‍රදේශය දෙසට ගමන්කරමින් තිබූ කාර් රථයක් ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝද රථයක සිටි පිරිසක් විසින් මහේසත්‍රාත් කාර් රථයට ධාවනය කිරීමට බාධාවන අයුරින් ත්‍රී රෝද රථය ධාවනය කොට ඇත.

පසුව ත්‍රී රෝද රථයේ සිටි තරුණයින් තිදෙනෙකු විසින් අශෝබන ලෙසින් හස්ත සංඥා යොදා ගනිමින් කාර් රථයේ සිටි පිරිස් අපහසුතාවයන්ට පත්කොට ත්‍රී රෝද රථයෙන් පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදී පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් කාර් රථයද ගමන් කිරීම ඒ පිළිබඳව ඉදිරියේ පිහිටි පොලිස් මාර්ග බාධකයකට දැනුම්දීමෙන් අනතුරුව ත්‍රී රෝද රථයේ ගමන්ගත් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉනුවිල්, නෙල්ලිඅඩි සහ වව්නියාව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 31,33, සහ 36 වයස්හි පසුවන අයවන අතර ඔවුන් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending