Connect with us

Covid-19

විප්ලවීය REGN-COV2 රටවල් රැසක අනුමතයි.. ශ‍්‍රී ලංකාවටත් බලාපොරොත්තුවක්..

Published

on

කොරෝනා රෝගීන්ගේ ප‍්‍රතිකාරය සඳහා ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන රෝෂ් සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය හදිසි භාවිතාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ස්විට්සර්ලන්තය ඉන්දියාව හා ජපානය යන රටවල අනුමැතිය ලබා ඇත. මෙම ප‍්‍රතිදේහ මිශ‍්‍රණය පසුගිය වසරේ ඔස්තෝම්බර් මස කොරෝනා වෛරසය ආසාධනය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ එකවට ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා හට ප‍්‍රතිකාර කිරීමේදී පවා සාර්ථකව යොදා ගන්නා ලද අතර මේ මිශ‍්‍රණය හරහා කොවිඞ් 19 වෛරසය නිසා රෝහල්ගත වීමේ අනුපාතය 70% ක් දක්වා අවම කිරීමේ හැකියාව ඇති බව සායනිකව ඔප්පු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ජේ්‍යෂ්ඨ විශේෂඥ වෛද්‍ය චින්තක ද සිල්වා මහතා මෙසේ පැවසීය.

”REGN-COV2  ප‍්‍රතිදේහ සංයෝගයේ අන්තර්ගත Casirivimab හා Imdevimab ප‍්‍රතිදේහයන්ට කොවිඞ් – 19 ආසාදිත රෝගීන් හට රෝහල්ගත වීමට හෝ මරණයට පත්වීමට ඇති අවදානම අවම කිරීමට ඇති හැකියාව සායනිකව තහවුරු කර තිබෙනවා. මේ විසඳුම ශ‍්‍රී ලංකාවේ රෝගීන් වෙනුවෙන් හදුන්වාදිය හැකි නම් එය ඉතා වැදගත් පියවරක් වනු ඇති බව නොඅනුමානයි”

REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය මොනෝක්ලෝනල් ප‍්‍රතිදේහ ද්විත්වයක් වන Casirivimab හා Imdevimab භාවිතා කර නිර්මාණය කර ඇති අතර එය වැඩි ජීවිත අවදානමක් ඇති, මෘදු/මධ්‍යස්ථ මට්ටමේ කොරෝනා ආසාධනයක් සිදුව ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනේ. මෙම මොනෝක්ලෝනල් ප‍්‍රතිදේහයන් පර්යේෂණාගාර තුළ නිෂ්පාදිත ප්‍රෝටීන වන අතර ඊට වෛරස් වැනි රෝගකාරක විනාශ කිරීම සඳහා ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති හැකියාව අනුකරණය කිරීමට හැකිය. Casirivimab හා Imdevimab යන ප‍්‍රතිදේහයන් SARS-CoV-2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයට එරෙහිව විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර ඊට වෙරසය මානව සෛලවලට ඇලීම සහ ඇතුළු වීම වැළක්විය හැකිය. මෙම ප‍්‍රතිදේහයන් නිර්මාණය කර ඇති විශේෂ ආකාරය නිසා REGN-COV2 මිශ‍්‍රණය කොවිඞ් 19 වෛරසයේ වෙනස් වෙන නව ප‍්‍රභේදයන් හට සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇති අතර ඒ හැකියාව නව ප‍්‍රභේද කොතෙක් පැමිණියද නොවනස්ව පවතී.

මෙම ප‍්‍රතිදේහ මිශ‍්‍රණය මෘදු/මධ්‍යස්ථ කොවිඞ් 19 වෛරස ආසාධනයක් ඇති වැඩිහිටියන්ට සහ වයස අවුරුදු 12 ට වැඩි, අවදානම් තත්ත්වයට රෝගය පෙරළිය හැකි රෝගීන් සඳහා නිර්දේශිතය. මෙලෙස අවදානම් තත්ත්වයට පත් විය හැකි රෝගීන් වන්නේ වයස අවුරුදු 60 ට වැඩි රෝගීන් හා අඩු ප‍්‍රතිශක්ති හැකියාවක් ඇති, පිළිකා රෝගය සඳහා ප‍්‍රතිකාර ලබන, ඇට මිදුළු බද්ධ කිරීම හෝ වෙනත් අවයව බද්ධ කිරීමක් සිදු වී ඇති හෝ හදවත් රෝග, පෙනහළු රෝග හෝ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ය. රෝෂ් සමාගම විසින් තෙවන අදියරයේ අත්හදා බැලීමේ පර්යේෂණයන්හිදී රෝහල්ගත නොකෙරුණු, දැඩි අවදානම් රෝගීන් 4500 ක් සඳහා අනුමත මාත‍්‍රාව වන මිලිග‍්‍රෑම් 1200 ක (මිලිග‍්‍රෑම් 600) ලබා දෙන ලද අතර එහිදී මරණය හෝ රෝහල්ගත කිරීමට සිදු වීමේ අවදානම 70% කින් අවම වන බවත් රෝග ලක්ෂණ බලපවත්වන කාලය සතියක් දක්වා අවම වීමත් සිදුවන බව තහවුරු වී ඇත. එමෙන්ම තවදුරටත් පරීක්ෂණවලින් තහවුරු වූයේ රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා වෛරස් ආසාදනය 81% කින්ද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්වන තත්ත්වය දක්වා පත්වීම 31% කින්ද අවම වන බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා වෙත REGN-COV2  මිශ‍්‍රණය අත්හදා බැලීමේ අවධියේ පවතිද්දී ඉහළ මාත‍්‍රාවක් ලබා දෙන ලද අතර එය අතිශයින් සාර්ථක බව එහිදී තහවුරු විය.

මෙම REGN-COV2 මිශ‍්‍රණයට හදිසි භාවිතය සඳහා අනුමැතිය රටවල් ගණනාවක හිමි වී ඇත. ඒ සඳහා 2020 නොවැම්බර් මසදී පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ අනුමැතිය හිමි වූ අතර 2021 වසරේ පෙබරවාරි මසදී යුරෝපා ඖෂධ ආයතනයේ අනුමැතිය මානව භාවිතය සඳහා ඖෂධ නිෂ්පාදන (CHMP) කාණ්ඩය යටතේ අනුමැතිය හිමි විය. මෙලෙස අනුමැතිය හිමි වූයේ අවදානම් තත්ත්වය කරා යා හැකි රෝගීන් සහ ඔක්සිජන් ලබා නොදෙන රෝගීන් සඳහා විශේෂිත වූ ප‍්‍රතිකාරයක් ලෙයසි. 2021 වසරේ අප්‍රේල් මසදී REGN-COV2 සඳහා ස්විට්සර්ලන්තයේ ස්විස්මෙඩික් ආයතනයට මෙම ඖෂධය බෙදාහැරීම සඳහා අනුමැතිය හිමි විය.

කොරෝනා වසංගය නිසා ලොව දෙවැනියට වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇති රට වල ඉන්දියාව මැයි මස මුලදී මධ්‍යම ඖෂධ ප‍්‍රමිති පාලන ආයතනය (CDSCO) හරහා REGN-COV2 සඳහා හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව ඉන්දියාව පුරා ප‍්‍රධාන රෝහල්වල සහ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල මෙම ප‍්‍රතිකාරය දැන් ලබා දෙනු ලැබේ. එමෙන්ම ජපානයද කොවිඞ් ප‍්‍රතිකාර සඳහා රෝෂ් සමාගමෙන් මෙම ඖෂධය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අතර ඊට එහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නුදුරේදීම හිමි වීමට නියමිතය.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පුරෝකථනය කරන ආකාරයට REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය කොවිඞ් 19 සඳහා ප‍්‍රතිකාර කිරීමේ විප්ලවයක් සිදුකරනු ඇති අතර ඒ හරහා දැනට ක‍්‍රියාත්මක එන්නත්කරණය කිරීමේ ක‍්‍රියාවලියට දැවැන්ත පිටුබලයක් ලැබෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.

– Thanzyl Thajudeen

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Covid-19

වාතය හරහා පැතිරෙන කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවේ..

Published

on

By

වාතය හරහා පැතිරීම සිදු වන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියි.

එනිසා වෛරසයෙන් ආරක්ෂාව සඳහා සෑම විටම සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිපදින ලෙස ද ඇය දැඩිව ඉල්ලා සිටියාය.

අවවශ්‍ය සෑම විටම මුව ආවරණ පළදින ලෙසද පවසන ඇය නව වෛරස ප්‍රභේදය ආසාදිතයන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් වැඩි යයිද තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවද කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Continue Reading

Covid-19

වහාම ඇදිරි නීතිය පනවන්නැයි දන්වයි.. සංචරණ සීමාවෙන් කිසිදු පලක් නෑ..

Published

on

By

ශ්‍රී ලංකාව තුළ පාලනය කරගත නොහැකි තරමේ කොරෝනා ආසාදිතයන් භාවිතා වීම හේතුවෙන් පසුගිය 25 වන දා සිට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අගුළු දමා තිබුණ ද එය නමට පමණක් සීමා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙසේ සංචාර සීමා පැන වූ අරමුණ කුමක්දැයි බලධාරීන්ටත් මහජනතාවටත් සියලු දෙනාටම අමතක වූ ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නමට පමණක් යැයිද පවසන ඔහු අද වෙද්දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘතව ඇති බවත් බොහෝ පිරිස් මහමග ගමන් කරමින් සිටින බවත් පැවසීය.

‘අත්‍යවශ්‍ය සේවා’ යන ලේබලයට මුවා වී කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයක් සියළු සේවකයන් කැදවා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්වය යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණට කිසිසේත්ම යා නොහැකි බව ද පවතින තත්වය යටතේ එළැඹෙන සතියේ අග වෙද්දි රෝගීන්ගේ අඩු වීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටී.

මේ තත්ත්ව යටතේ දැන් සිදු කළ යුතුව ඇත්තේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ගමන් බිමන් සම්පූර්ණයෙන්ම සීමා කිරීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

Covid-19

රුපියල් 5000ක් අයකර ව්‍යාජ එන්නත් විදිල්ලක්..

Published

on

By

රුපියල් 5000 බැගින් අය කරමින් ලබා දෙන කොරෝනා එන්නතක් මෙරට නොමැති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ මුදල් අයකර ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් වළකින ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ මුදල් ලබාදී එන්නත් ලබා ගැනීමට පෙළඹීමත් තුළින් එවන් පුද්ගලයන් තව තවත් එම කටයුතුවලට උනන්දු වන නිසා එලෙස ලබා දෙන්නේ සැබෑ එන්නත්දැයි බරපතළ ප්‍රශ්නයක් ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම එම එන්නත් තුළින් යම් ආකාරයක ආසාත්මිකතා මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැටලුකාරී බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk