Connect with us

Politics

විමල්ගෙන් පොස්පේට් ගැලෙවුවාට වාසු විරෝධය පායි.. චමල්ගෙන් වාරිමාර්ග ගලවා කෘෂිකර්මයට දෙන්න කියයි..

Published

on

වත්මන් ආණ්ඩු බලය හොබවන සංධානය නියෝජනය කරන්න සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ඇතිකර තිබෙන තත්ත්වයන් යුක්තිසහගත නැති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතාගේ යටතේ තිබූ පොස්පේට් සමාගම අලාභ ලබන තත්ත්වය සිට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබියදී එය ඉවත් කිරීම කුඩා පක්ෂ මත ඇති කරන ලද පීඩනයක් හා සිත් රිදවීමක් යයිද ඇමතිවරයාගේ අදහසයි.

කෘෂිකර්මයට පොහොර අවශ්‍ය නිසා පොස්පේට් සමාගම තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නම් ඒ අර්ථයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ බවත් එනිසා දැනට චමල් රාජපක්ෂ මහතා යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා පැවරිය යුතු බවත් ඔහු කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

රජයේ වියදම් දැඩිව සීමා කරමින් මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්.. ආර්ථික අර්බුදය තව හිරවෙයි..

Published

on

By

රජයේ ආයතනවල වියදම් ඉදිරි මාස හයක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රජයේ ආයතනවල අතිරේක වියදම් වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් සියළුම රාජ්‍ය ආයතන ද දැනුම් දී ඇත.

එමෙන්ම රාජ්‍ය ආයතන වලටත් නව සේවකයන් බඳවා ගැනීම නතර කරන ලෙස දන්වා ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමඟ රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෑතකදී පළාත් ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පසුගියදා කොළඹට කැඳවා දැනුම් දී ඇත්තේ වියදම් සීමා කරන ලෙසයි. රාජ්‍ය ආයතන වල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයන් බඳවා නොගන්නා මුදල් ඇමතිවරයා එහිදී දන්වා තිබේ.

Continue Reading

Local

රෝහලේ සිට බදියුදීන් රහස් පොලිසියට ගෙන යයි.. දීර්ඝ ප‍්‍රශ්න කිරීම්..

Published

on

By

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටි දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නැවතත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යන ලදී.

ඒ කොළඹ ජාතික රෝහලේ දින කිහපයක් තිස්සේ සිදුකරන ලද පරීක්ෂණ අවසන් වීමෙන් පසුවය.

රහස් පොලිසිය විසින් ලබාගන්නා ලද රැඳවුම් නියෝග මත මන්ත්‍රීවරයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටියි.

Continue Reading

Local

(EXCLUSIVE) විමුක්ති කුමාරතුංග දේශපාලනයට.. නව පක්ෂය ඔහු සඳහායි..

Published

on

By

විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලාංකීය දේශපාලනයට ඉතා ලඟදීම පැමිණීමට නියමිතයි.

මීට පෙරද විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට පැමිණෙන බවට ප්‍රකාශ වූ නමුත් ඒ සියල්ලම ඔහුගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ප්‍රතික්ෂේප කලා.

මූලික වැඩ කටයුතු සූදානම්

එහෙත් මෙවර විමුක්ති විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලනයට අවතීර්ණ වීම ස්ථිර ලෙසම සිදු වන බවත් ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විටත් විවිධ පාර්ශව හරහා සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා “අපි ශ්‍රී ලංකා” නමින් නව පක්ෂයක් ගොඩ නැගීමට කටයුතු කරන්නේ විමුක්ති කුමාරතුංග මහතාට දේශපාලනයට පිවිසීම සඳහා අවශ්‍ය කරන වේදිකාවක් සැකසීමට බවයි දැනගන්නට තිබෙන්නේ.

“අපි ශ්‍රී ලංකා” පක්ෂය ලියාපදිංචි කිරීමටද වෙල්ගම මන්ත්‍රීවරයා උත්සාහ කළ මුත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එම පක්ෂය සමග බැඳී එම නමම ඇති සංවිධානයක් විසින් විරෝධය දැක්වීම හේතු කොටගෙන එය තාවකාලිකව නතර වී තිබෙන්නේ.

නව පක්ෂය විමුක්ති සඳහා

වෙල්ගම මන්ත්‍රීවරයා සතුව නව ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් තිබියදීත් “අපි ශ්‍රී ලංකා” නමින් තවත් නව පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරන්නේ එම පක්ෂය හරහා හැම අතින්ම බණ්ඩාරනායකවරුන් බිහි කළ ශ්‍රී.ල.නි.ප යට සමගාමීව කටයුතු කිරීමේ පදනම මත බවද දැනගන්නට තිබෙනවා.

දේශපාලනයට පැමිණීම පිළිබඳව විමුක්ති කුමාරතුංග මහතාගේ කැමැත්ත ඔහුගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විටත් ගෙන තිබෙන බවයි වෙල්ගම මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මේ වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විමුක්ති කුමාරතුංග මහතා ජීවත්වෙන එංගලන්තය බලා ගොස් සිටින අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔහු සමඟ සාකච්ඡා කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

දේශපාලනයට පැමිණීමට සුදුසුම කාලය

මේ වන විට 38 වැනි වියේ පසුවන විමුක්ති කුමාරතුංග මහතාට මෙරට දේශපාලනයට පිවිසීමට සුදුසුම කාල වකවානුව වත්මන් කාල වකවානුව බවයි කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමට කටයුතු කරන පිරිසගේ විශ්වාසය වන්නේ.

විමුක්ති කුමාරතුංග මහතා සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ ජනප්‍රියතම රංගධරයා මෙන්ම සැබෑ මානව හිතවාදි දේශපාලඥයෙකු වූ විජය කුමාරතුංග මහතාගේ පුත්‍රයා වන අතර දිවංගත එස්.ඩබ්ලිව්ආර්.ඩී බණ්ඩාරනායක අමාත්‍යවරයාගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ මුණුපුරාද වනවා.

am.lk

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk