Connect with us

Local

ශ්‍රීලනිපය පොහොට්ටුවෙන් ඉවත් වෙයි..

Published

on

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික්  භික්ෂු පෙරමුණ, තරුණ පෙරමුණ, ගොවි පෙරමුණ, ගුරු පෙරමුණ හා කාන්තා පෙරමුණ ඇතුළු දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන සදහා නව නිළධාරීන් පත් කර ගැනීම සිදු කෙරිණි.

එහිදී තේරී පත් වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙහි ලේකම් සමන් කුමාර මහතා කියා සිටියේ “මෙතනදී ආණ්ඩුව ගැන කථා කලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කලා, අපිත් පුංචි කාළයේ ඉඳලාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරිම ආදරෙයි, අපි මේ මහ ගෙදර දාලා ගිහින් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි දාලා ගිහින් නෑ,එදා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහත්තයා ඔබතුමාව වැළඳගෙන අපිට නියම ආකාරයට සලකනවා කියපු වචනය විශ්වාස කරලා අපි පොහොට්ටුවේ ආණ්ඩුව හදන්න සහයෝගය දුන්නා, හැබැයි අපි කවුරුත් සියඹලා ගෙනල්ලා නැති විදිහටයි ගම තුළත්, ප්‍රාදේශීය සභාව තුළත්, අපි රාජකාරී කරන ආයතන තුළත්, මේ සමාජය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙලා තියෙන තැන, ඒ නිසා මම යෝජනා කරනවා එන මැතිවරණයේදී ජය පැරදුම කොතැන තිබුණත් පක්ෂයක් විදිහට තනියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරමු කියන යෝජනාව මම කරනවා” 

එම යෝජනාවට සභාවේ සිට සියලු දෙනාම අත ඔසවා කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

“වෙනම තරඟ කරන්න අවශ්‍යයි කියනවා නම් අපි ආසන සංවිධායකවරුන් දැනුම්වත් කරනවා, ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරන්න කැමැත්තෙන් කට්ටිය ඉන්නවා නම් ඒ අය සුදුසුද නැද්ද කියලා බලලා ඒ අය මාව මුණ ගස්වන්න. පක්ෂයක් විදිහට අපි පහලම ඉන්න අයට නායකත්වයට එන්න ඉඩ දීලා තියෙන පක්ෂයක්, ඒ නිසා මේ දිස්ත්‍රික්කයෙත් අපි ඒක කරනවා. ඒ සඳහා කැමති අය ඉල්ලුම්පත්‍රයක් සකස් කරලා මට ලැබෙන්න සලස්වන්න” යැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළා.

“අපි පක්ෂයක් විදිහට තීන්දුවක් ගත්තා අපේ සියලුම සංවධාන ප්‍රථිසංවිධාන කළ යුතුයි කියලා.ඒ අනුව දිස්ත්‍රික් හා ආසන මට්ටමින් සියලු සංවිධාන ප්‍රථිසංවිධාන කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයියත් අරගෙන හැට නව ලක්ෂයක් ගත්තාට, ජනාධිපතිතුමාව පත් කර ගත්තාට නිසි සැලකිල්ල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට තියෙනවාද ? නැද්ද ? කියන එක පිළිබඳව අද අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගමේ දේශපාලනය කරන ඔබතුමන්ලාට දැනෙනවා ඇති අපි කරපු කැපකිරීමේ තරම ඒ අයට තේරිලා තියෙනවාද කියලා ඔබතුමන්ලාට අපිට වඩා හොදට දැනෙනවා ඇති. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ආඩම්බර වෙන්න ඕන අපි ගත්ත තීන්දුව පිළිබඳව. මොකද අපිට පක්ෂයක් ලෙස තිබුණේ හොඳ අරමුණක්, අපිට තිබුණේ හොඳ බලාපොරොත්තුවක්. අපි තනතුරු වෙනුවෙන් නෙමෙයි වැඩ කලේ, රට හොඳ තැනකට, හරි තැනකට ගෙන එනවාද නැද්ද කියන එක පිළිබඳව තමයි එදා අපි කථා කලේ, අපි ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ මේ තියෙන ක්‍රමය වෙනස් කරලා, රටේ තියෙන අඩුපාඩුකම් ටික හදලා හැමෝටම සාමකාමීව, බයක් සැකක් නැතිව  ජීවත් වෙන්න පුලුවන්, හැමෝගෙම ආර්ථිකය ශක්තිමත් වෙන යුගයක් උදාවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි උදව් පදව් කලේ, ඒ ඇරෙන්න ඇමතිකම් බලාගෙන, කොන්ත්‍රාත් බලාගෙන නෙමෙයි අපි වැඩ කලේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වැඩ කරලා තියෙන්නේ පක්ෂයක් විදිහට රටක ජයග්‍රහණ ලබා ගැනීමේ අරමුණු වෙනුවෙන්.” යැයි වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

ගෝඨා ගෝ ගමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending