Connect with us

Covid-19

සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයින්.. සෞඛ්‍ය ලොක්කෙකුගෙන් හෙළිදරව්වක්..

Published

on

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

අද (26) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.

එහිදී ඒ මහතා..

“මේ වනවිට අඩු වැඩි ඇතිව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු රෝගීන් ඉන්න පුළුවන් කියන නිගමනයට අපි ඇවිත් තියෙනවා. මේ ප්‍රභේදය ඇති රෝගීන් ඉන්න ප්‍රදේශයක මේ රෝගය බෝ වෙන්න අපි ඉඩ තිබ්බොත් වේගයෙන් මේක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මේ ආසාදිතයින් අවම කරගැනීමට අවශ්‍යයි. මේ ඩෙල්ටා ආසාදිතයින් 68 සාම්පල් ගණනාවකින් ආපු එකක්. නමුත් ඇත්ත වශයෙන්ම මේ 68ට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ ඉන්නවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඊයේ 1,666ක් රෝගීන් වාර්තා වෙනකොට ඒකෙනුත් යම් ප්‍රතිශතයක් මේ ඩෙල්ටා රෝගීන් විය හැකියි. නමුත් ඒ සෑම කෙනෙක්ම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරීක්ෂා කිරීම කාර්යක්ෂම ක්‍රමවේදයක් නොවන නිසා අපි ඒක කරන්නේ නෑ. ඩෙල්ටා පොකුරු බිහිවෙන්න ඉඩ දෙන්න එපා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Covid-19

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස පලවෙනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ..

Published

on

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය මේ මස 21 ඉවත් කිරිමට නියමිතව තිබුණද එය ඔක්තෝබර් මස පලවෙනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේන බව වාර්තාවේ .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පෙරවරුවේ පැවැති කොරෝනා මර්ධන ජනාධිපති කාර්යය සාධන බලකාය මේ මෙම තීරණය ගෙන තිබේ.

පවතින කොරෝනා ව්‍යාප්තියේ තත්ත්වය දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Continue Reading

Covid-19

රුපියල් ලක්ෂ 500ක් වටිනා ජංගම දැඩි සත්කාර ඒකකයක් සෞඛ්‍යට..

Published

on

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අති නවීන අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ වලින් සමන්විත ලොව ඉහළම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය අචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ වෙත බාරදීම අද (14) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණි. අඩි 40 ක දිගකින් හා අඩි 12 ක පළලින් යුත් කන්ටේනර් කොටස් දෙකක් සම්බන්ධ කරමින් රුපියල් ලක්ෂ 500 ක මුදලක් වැයකර නිර්මාණය කර තිබෙන මෙම ජංගම දැඩි සත්කාර ඒකකය ඇඳන් තුනකින් සමන්විය.

මෙහි ඇති ඇඳන් තුනේ ප්‍රතිකාර ලබන රෝගීන් සී.සී.ටි.වී කැමරා පද්ධතියක් මගින් පැය 24 පුරා වෙනත් කාමරයක සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව එය පරිත්‍යාග කළ ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් සමාගම පවසයි. එම සමාගම වසර 18 ක පමණ කාලයක් තිස්සේ මෙරටට වෛද්‍ය උපකරණ සපයා තිබේ. මේ ආකාරයේ ජංගම දැඩි සත්කාර ඒකකයක් ඉතාලියේ ක්‍රියාත්මක වන නමුත් එහි ඇත්තේ ඇඳන් දෙකක් පමණක් බවත් එයට වඩා අති නවීන පහසුකම් වලින් මෙරට ජංගම දැඩි සත්කාර ඒකකය සමන්විත වන බවත් ප්‍රිමියම් ජත්‍යන්තර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත කුලරත්න මහතා කීය. මේ වන විටත් මෙවැනි පහසුකම් සහිත තවත් ජංගම දැඩි සත්කාර ඒකක සහිත කන්ටේනර් දෙකක් ඉදිවෙමින් පවතින බවත් ඒවාද ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ අවශ්‍යතාව වටහා ගනිමින් දේශීය සමාගම් මේ ආකාරයේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම අගය කරන බවත් එය රෝගී ජීවිත බේරා ගැනීමට කටයුතු කරන සෞඛ්‍ය අංශ වලට විශාල ශක්තියක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

පළමු කොවිඩ් රැල්ලේ සිට එය සාර්ථකව මර්දනය කිරීම සඳහා  සෞඛ්‍ය සේවාවන්හි ඉහළම දායකත්වය මෙරට සෑම තරාතිරමකම ජනතාවගේ දැඩි ඇගයීමකට ලක්ව ඇතැයිද   අමාත්‍යවරයා මෙහිදී කීය .

මේ වන විට  මෙරට කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය, මරණ සංඛ්‍යාව ඔක්සිජන් අවශ්‍යතාව සැලකිය යුතු අයුරින් විශාල ලෙස අඩු වෙමින් පවතින බවද සාර්ථක එන්නත්කරණය හා නිවැරැදි  කොවිඩ්  පාලන ක්‍රියාවලිය ඒ සඳහා හේතු වෙමින් තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යෙවරයා මෙහිදී කීය. 

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න,ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති ප්‍රසන්න කුලරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය අංශය)

Continue Reading

Covid-19

සුසන්තිකාටත් කොරෝනා…..

Published

on

හිටපු සුපිරි ධාවන ශූරී ඔලිම්පික් පදක්කම්ලාභීනි සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඇයට අසනීප තත්වයක් හේතුවෙන් සිදුකළ PCR පරීක්ෂණයකින් පසුව කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඇගේ දරුවන් දෙදෙනාටද කොරෝනා වැළඳී තිබෙන අතර ප්‍රතිකාර සඳහා රොහල් ගතවීමට නියමිතයි

Continue Reading

Trending