Connect with us

Covid-19

සිංගප්පූරුවෙන් නව ක‍්‍රමයක්.. සෙම්ප‍්‍රතිශ්‍යාව, උණ සේ සලකා කොරෝනා නොතකා හරී.. රට පූර්ණව විවෘත කරයි..

Published

on

කොරෝනා වෛරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් සේ සලකා සුපුරුදු ලෙස දෛනික කටයුතු කරගෙන යාමට සිංගප්පූරුව තීරණය කර තිබේ.

ක‍්‍රියාත්මක වන දිනයක් තහවුරු කර නැතත් එරට විසින් නව සාමාන්‍ය කරණය සඳහා මාර්ගෝපදේශ හඳුන්වාදෙමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය කිසිදා ලොවෙන් තුරන් නොවුණු ඇති නිසා කළ යුතු වන්නේ ඊට අනුගත වෙමින් ජීවත් වීම බවත් ය.

ඒ අනුව ඉදිරියේදී සිංගප්පූරුවේ නිරෝධායන ක්‍රියාවලියක් සිදු නොවනු ඇති අතර කාර්යාල ව්‍යාපාර ඇතුළු දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට ද තීරණය කර තිබේ.

එමෙන් ම ජනතාවට කිසිදු බාධාවකින් තොරව ඒකරාශී වීමට ද අවස්ථාව නව මාර්ගෝපදේශ අනුව හිමි වී තිබේ.

ආසාදිතයන්ගේ ආශ්‍රිත හුදෙකලා කිරීමක් හෝ දෛනික ආසාදිතයන් හෝ මරණ වාර්තා කිරීමත් සිදු කරන්නේද නැත.

නමුත් ආරම්භ කර තිබෙන එන්නත් කරන වැඩ පිළිවෙල අඛණ්ඩව ඉදිරියට ද ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

එසේ වුවද සිංගප්පූරුවේ තුළ නිරෝධායනයට යොමු නොකළත් සිංගප්පූරු දේශසීමා ආරක්ෂා කරගනිමින් එරටට පැමිණෙන විදේශිකයින් දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට සිංගප්පූරුවේ ජනගහනයෙන් 36%ක් මාත්‍රා 02ම එන්නත් කර අවසන්ව තිබේ.

Living with Covid endemic in Singapore

MINISTERS Gan Kim Yong, Lawrence Wong and Ong Ye Kung painted this scenario of the new endemic norm in Singapore. 

  • An infected person can recover at home as symptoms will be mostly mild with vaccination. Risk of transmission will be low as others will also be vaccinated. There’ll be less worry about healthcare system being overwhelmed.
     
  • No need for massive contact tracing, quarantining with each new infection. Those with positive results from regular fast and easy tests can confirm with a PCR test and then isolate themselves.
     
  • Instead of daily infection numbers, the focus will be on outcomes: How many fall very sick, how many in ICU, how many need to be intubated, and so on, like how we monitor influenza.
     
  • Progressively, safe management rules to be eased and large gatherings allowed at major events, like the National Day Parade. Businesses will have certainty that their operations will not be disrupted.
     
  • Travel will restart, at least to countries that have also controlled the virus and turned it into an endemic norm. Singapore will recognise each other’s vaccination certificates. Travellers, especially those vaccinated, can get themselves tested before departure and be exempted from quarantine with a negative test upon arrival.

businesstimes.com.sg

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Covid-19

අද ඇස්ටසෙනික් එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න…

Published

on

By

අද දිනයේ බස්නාහිර පළාත තුළ ස්ථාන 20දී ඇස්ටසෙනිකා එන්නත් ලබාදීමට නියමිතව ඇත.

එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අය අදාල කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත ඒ සඳහා රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසයි.

අද දිනයේ එන්නත්කරණය සිදු කරන ස්ථාන මෙහි දැක්වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය එන්නත් ලබාදෙන ස්ථාන.

මොරටුව රෝහල
අතුරුගිරිය රෝහල
නවගමුව රෝහල
පිළියන්දල රෝහල
අවිස්සාවේල්ල රෝහල
හෝමාගම රෝහල
කොස්ගම (සාලාව) රෝහල
තලංගම රෝහල
පාදුක්ක රෝහල
අංගොඩ රෝහල
මුල්ලේරියාව රෝහල
කළුබෝවිල රෝහල

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

විහාරමහාදේවී උද්‍යානය
දියත උයන
යුද හමුදා රෝහල නාරාහේන්පිට
වේරහැර හමුදා කඳවුර
පනාගොඩ බෝධිරාජාරාමය

කොළඹ මහනගර සභා සීමාව

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය
සුගතදාස ක්‍රීඩාංගණය

ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන…

වතුපිටිවල රෝහල
බියගම රෝහල
දිවුලපිටිය රෝහල
දොම්පේ රෝහල සහ රදාවාන රෝහල
ගම්පහ රෝහල
ජාඇළ රෝහල
මීගමුව රෝහල
කිරිබත්ගොඩ රෝහල
උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල
මිනුවන්ගොඩ රෝහල
මීරිගම රෝහල
රාගම රෝහල
විජය කුමාරතුංග රෝහල
පමුණුගම රෝහල

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

මාරිස්ටලා විදුහල මීගමුව
කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත)
ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)

කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන…

අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

පිඹුර ප්‍රාථමික පාසල
තලගල මංගලාරම විහාරස්ථානය
මහාමායා විද්‍යාලය
සණස කාර්යාලය බෝපිටිය

Continue Reading

Covid-19

සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයින්.. සෞඛ්‍ය ලොක්කෙකුගෙන් හෙළිදරව්වක්..

Published

on

By

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

අද (26) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.

එහිදී ඒ මහතා..

“මේ වනවිට අඩු වැඩි ඇතිව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු රෝගීන් ඉන්න පුළුවන් කියන නිගමනයට අපි ඇවිත් තියෙනවා. මේ ප්‍රභේදය ඇති රෝගීන් ඉන්න ප්‍රදේශයක මේ රෝගය බෝ වෙන්න අපි ඉඩ තිබ්බොත් වේගයෙන් මේක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මේ ආසාදිතයින් අවම කරගැනීමට අවශ්‍යයි. මේ ඩෙල්ටා ආසාදිතයින් 68 සාම්පල් ගණනාවකින් ආපු එකක්. නමුත් ඇත්ත වශයෙන්ම මේ 68ට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ ඉන්නවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඊයේ 1,666ක් රෝගීන් වාර්තා වෙනකොට ඒකෙනුත් යම් ප්‍රතිශතයක් මේ ඩෙල්ටා රෝගීන් විය හැකියි. නමුත් ඒ සෑම කෙනෙක්ම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරීක්ෂා කිරීම කාර්යක්ෂම ක්‍රමවේදයක් නොවන නිසා අපි ඒක කරන්නේ නෑ. ඩෙල්ටා පොකුරු බිහිවෙන්න ඉඩ දෙන්න එපා.”

Continue Reading

Covid-19

මාසයක් ඇතුලට රට පුරාම ඩෙල්ටා.. මෙරට 50%කට ආසදනය වනු ඇතැයි දන්වයි..

Published

on

By

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

එම ප්‍රභේදය සුමානයක් වූ මාසයක් වැනි කාලයක් ඇතුළත රට පුරාම පැතිරිය හැකි යැයි සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.

අද වනවිට කොළඹ නගර සභාව තුළ සියයට 30 ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි අපට හිතාගන්න පුළුවන් වෙන්නේ දැනට තියන දත්තවලින්. ඒ ගොල්ලන්ගේ කෙලවල තියන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩියි, ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය බෝවෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩියි අනිත් ඒවට වඩා, ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය වැඩිකල් නොගොස් අපේ රටේ සියයට 50 කට වඩා ජනතාවකගේ වෛරස්වලට හේතු කාරණා වෙලා, ඒක තමයි මූලිකම රෝගය බවට පත්වෙන්නේ කියන එක අපට සැකයකින් තොරයි. රට ඇරලා සාමාන්‍ය විදිහට හැසිරෙනවා නම් එහෙම, මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් මාසයක් ඇතුළදී හරි සුමාන දෙකක් ඇතුළතදී හරි අපේ රටපුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යෙන්ම දන්නවා.

අපේ රටේ වැඩිහිටියන්ම ඉන්නවා සියයට 15 ක් විතර, මේ වෙද්දි සම්පුර්ණ එන්නත්කරණය වෙලා තියෙන්නේ සියයට 08ක් වගේ. ඉතිං ඒකෙන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නත ලබාගෙන නෑ කියන එක. ඒ නිසා එක හේතුවක් එන්නතින් අපට තියන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකියි. සෑම දිනකම රෝගින් 40ක් 50 ක් ප්‍රමාණයක් රටේ ජීවිත්ෂයට පත්වෙනවා. අපි 50 ක් කියන උපකල්පනයකින් ගාණ හැදුවොත් අපි දන්නවා ඒකෙන් කිය වෙනවා සියයට 2 ක් ජීවිතක්ෂයට පත්වෙනවා කිව්වොත් අපේ රටේ දැන් මේ වෙනකොට දහදාහක් රෝගින් ඉන්නවා.

අපේ රෝගීන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තියෙද්දීත් අපි සමහර දේවල් ආරම්භ කිරීමට ඉඩදීලා තියනවා ජීවනෝපාය කියන එකේ වැදගත්කම ගැන කල්පනා කරලා ඉතිං මේ දෙක තුළනය කිරීමේදී රෝගීන් වැඩිවීම අනිවාර්යයි ඒක සිද්ධ වෙනවාමයි දැනටත් ඒක අපි දකිනවා.

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk