Connect with us

Local

සියළු පලාත් අතර ගමන් කිරීම තහනම් කෙරේ.. ලොක්ඩවුන් ගැනත් තීරණයක්.. ජනාධිපති නිවේදනය මෙන්න…

Published

on

දිවයිනේ සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබේ.

ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප‍්‍රදේශ හුදෙකලා හුදෙකලා කිරීමටද තීරණය කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ මෙම සීමා පැනවීම මැයි මස 30 වැනි දින දක්වා ක‍්‍රියාත්මක බවයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

2021.05.10
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ප්‍රකාශය

උපුටා ගැනීම.

“ කොවිඩ් 19 වසංගතය සමග රට තුළ වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවරය සහ මෙම වසංගත තත්ත්වයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීමට එතුමා සියලු පාර්ශ්වයන් සමග සිදු කළ සාකච්ඡා පිළිබඳව මම ඔබට ගෙනහැර දැක්වීමට සූදානම්.
“ඇස්ට්‍රා සෙනිකා” එන්නත් ලක්ෂ 05ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු අතර, තවත් එන්නත් ලක්ෂ 05ක් රජය මිලදී ගනු ලැබුවා. තවත් එන්නත් දෙලක්ෂ හැට පන්දහසක් අපට ලැබුණා. ඒ අනුව “ඇස්ට්‍රා සෙනිකා” එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැට පන්දහසක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

පළමු එන්නත්කරණය තුළ මාත්‍රා නම ලක්ෂ විසි පන්දහසක් (9,25,000) එන්නත්කරණය සිදු වූ අතර, පසුගියදා ඉන්දියාවේ මතුවූ තත්ත්වය සමග එම එන්නත්කරණ දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේ දී අර්බුදයක් මතු වුණා.

දෙවන එන්නත්කරණය සඳහා “ඇස්ට්‍රා සෙනිකා” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටිනවා.

මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුනේ නැහැ.

කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOm තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.
ඒ අනුව ඊට පසුදිනම “සයිනොෆාම්” එන්නත්කරණය ආරම්භ වූ අතර, දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා.

“සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 03ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

රුසියානු Sputnik එන්නත ද එන්නත්කරණය සඳහා යොදා ගැනීමට, රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් ශ්‍රි ලංකාවට හිමි වුණා.

Sputnik එන්නත් ක්‍රමවේදය අනෙක් එන්නත් භාවිතා කරන ක්‍රමවේදයට වඩා තරමක් වෙනස් බැවින්, අපගේ සෞඛ්‍ය අංශය නව ක්‍රමවේදය සමග අනුගත වෙමින් ගොතටුව ප්‍රදේශයෙන් එන්නත ලබාදීම ආරම්භ කළා.

එහි දෙවන අදියර යටතේ එන්නත් 85,000ක් නුදුරේදීම ලැබීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල් රැසක් මෙම එන්නත්කරණය තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අයුරින්ම අපට ද එන්නත්කරණය තුළින් පවතින තත්ත්වය සාර්ථකව පාලනය කර ගත හැකි බවටත්, ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳවත්, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳවත් ජනාධිපතිතුමා පූර්ණ විශ්වාසය පළ කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය විශේෂයෙන් ඇගයීමට ලක් කෙරුණා.

කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් සමග කොවිඩ් 19 වසංගතය පාලනය සදහා ජනතාවගේ කැපවීම ද ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා .

සියලු ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ලෙස එක් රැස්වීමෙන් වැලකීම වැනි සමාජ වගකීම් පිළිබඳ සියලු පුරවැසියන්ගේ අවධානය යොමු කිරීම නිරෝගීමත් ජාතියක් උදෙසා හේතු වන බව ජනාධිපතිතුමාගේ විශ්වාසයයි.

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,

 සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,
 පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
 වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,
 ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම

වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

රජයේ මෙම වැඩපිළිවෙළ සමග අනුගත වෙමින් රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසයයි.

ස්තූතියි. ”

(උපුටා ගැනීම අවසන්)
ජනාධිපති මාධ්‍ය අංශය

Local

සංචරන මැද මන්ත‍්‍රී නිවසේ කසිප්පු පෙරයි..

Published

on

By

මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක් සිදු කරන බව ද ඇය සමගි බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට පත් කළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බවද කියති.

සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදා කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 20000 ක් ,කසිප්පු මිලි ලීටර් 4750ක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණපොලීසිය භාරයට ගෙන ඇත.

පොලීසිය වෙත ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදු කර තිබේ.

මාතර මාකාවිට පදිංචි 56 හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ගාල්ල තවලම පදිංචි 38 හැවිරිදි ඔහුගේ ගෝලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

– lankadeepa

Continue Reading

Local

ප‍්‍රසන්නගේ ප‍්‍රකාශය බොරු කියමින් මහා මාර්ග අමාත්‍යංශ ලේකම්ගෙන් නිවේදනයක්…

Published

on

By

ගම්පහ දිස්ත‍්‍රික්කය තුල මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිම අත්හිටවූ බවට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් සිදුකරන ලද ප‍්‍රකාශය මහාමාර්ග අමාත්‍යංශය විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.

මේ බව සදහන් කරමින් එම අමාත්‍යංශ ලේකම් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය
මහාමාර්ග අමාත්‍යාංශය

‘ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නැවතෙයි ’ යන ශීර්ෂය යටතේ පල වී ඇති ප්‍රවෘත්ති වාර්ථාව පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සදහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු නිසා පසුගිය දා පැවති අධික වර්ෂාවෙන් ගම්පහ නගරය හා අවට ප්‍රදේශ ගං වතුරෙන් යට වූ බවට වාර්තා පලවිය . මේ සම්බන්ධව මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිතුමන්ලාගේ සහභාගිත්වයෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ , වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිළධාරීන් සමග සාකච්ඡාවක් පවත් වන ලදි.

එහිදී ගම්පහ නගරයත් ඒ අවට ප්‍රදේශයන් ජලයෙන් යටවීම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.එහිදී මතු වු කරුණු අනුව ඉතා කෙටි කාලයකදී මිලි.මී.300 කට අධික වර්ෂා පතනයක් පැවතීමත්, ප්‍රදේශයේ ජලය බැස යාම සදහා ඇති කාණු පද්ධති හා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමත්,දුම්රිය මාර්ගයේ ජලය බැස යාමේ අවහිරතාත් ගං වතුර සදහා හේතු වු ප්‍රධාන කරුණු ලෙස හදුනා ගන්නා ලදී.

එසේ ම එහිදී අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු කරගෙන යාම පිලිබදව එමගින් ගං වතුර ඇති වීමට යම් හැකියාවක් සිදුවූවා දැයි ද සාකච්ඡා කරන ලදී.ඒ අනුව අධිවේගී මාර්ගය තැනීමට ප්‍රථම සිදු කරන ලද සක්‍යතා අධ්‍යනයේ දී සිදු කල ජල කළමනාකරණය අධ්‍යනය (hydrology study) නැවත සමාලෝචනය කිරීමටත් ජලය බැසයන බෝක්කු හා පාලම් සංඛ්‍යාව හෝ ඒවායේ ප්‍රමාණ සංශෝදනය කිරීමට යෝජිත අධ්‍යනයේ දී නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරන ලදී.

එසේ ම ප්‍රදේශයේ ජනතාවට අධිවේගී මාර්ගය තැනීමේ කටයුතු සිදු කිරීම නිසා යම් පීඩාකාරී තත්වයක් ඇතිවී ඇත්නම් හා ඉදිරියේ දී ඇතිවීමේ හැකියාවක් ඇතිනම් ඒවා මග හරවා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරන ලදී.

ඒසේ නොමැතිව කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බව ද දන්වා සිටිමි.

ලේකම්
මහාමාර්ග අමාත්‍යාංශය

Continue Reading

Local

අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්.. පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

Published

on

By

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk