Connect with us

Local

සැප නිවසක වහලය මත නීති විරෝධී කසිප්පු පෙරලා..

Published

on

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දීප ව්‍යාප්තව මෙහෙයුම් කාර්යාලයේ නිලධාරීන්ට මහජනතාවගෙන් ලද තොරතුරක් මත   2021/9/4 වන දින  රාත්‍රි  පොල්ගස්ඕවිට- හල්පිට ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී ඉතා රහසිගතව සුඛෝපභෝගී නිවසක වහලයේ සිවිලිමත   පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී කසිප්පු නිෂ්පාදනාගාරයක් සාර්ථක ලෙසින්  වටලා නීති විරෝධී ලෙස නිපදවන ලද කසිප්පු  ගෝඩා   මිලි ලීටර් 365,000 සමඟ ඒවා නිෂ්පාදනය කළ සහ ළග තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

 මෙහි මෙම මහා පරිමාණ නීති විරෝධී ස්ප්‍රිත්තු හෙවත් කසිප්පු නිෂ්පාදනාගාරය සඳහා යොදාගත් දගර , බැරල්  ඇතුළු උපකරණ රැසක් ද ස්ප්‍රීඩ්තු හා   ගෝඩා වලට අමතරව අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකිවිය. අත්අඩංගුවට ගත් ස්ථානයේ තිබූ භාණ්ඩ වල සමස්ත වටිනාකම දෙලක්ෂ විසිපන් දහසක් පමණ වන බව සුරාබදු නිලධාරීන් පවසයි

සුරාබදු කොමසාරිස් ජෙනරාල් M.J ගුණසිරි මහතාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ගාමිණි  අධිකාරි මහතාගේ මගපෙන්වීම යටතේ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාලයේ ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක රමේෂ් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් යුතු සුරාබදු පරීක්ෂක අකිල සුරාබදු කෝප්‍රල් 823 පනාගොඩ 825 මංජුල 922 සංජය සහ සුරාබදු නියාමන 1 රමික සහ සුරාබදු රියදුරු අසංක සහ මනමේන්ද්‍ර නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

සේනක ගමඇතිගේ 

Click to comment

Leave a Reply

Your email address will not be published.

Local

‘ගෝඨා ගෝ ගම’ නමට තැපෑලෙන් ලියුම් එයි…

Published

on

By

කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරියේ ගාලු මුවදොර පිටිය පිහිටුවා ඇති විරෝධතා භූමියට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලිපි ලැබී තිබේ.

විශේෂත්වය වන්නේ එහි ‘ගෝඨා ගෝ ගම’ ලෙස ලිපිනයේ සඳහන් කිරීමයි.

Continue Reading

Local

අන්තරේට කදුළු ගෑස් හා ජලප‍්‍රහාර ගසා පන්නයි…

Published

on

By

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

Continue Reading

Local

රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ.. අගමැති..

Published

on

By

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

Continue Reading

Trending